(විමුක්ති එස් රුද්‍රිගු)
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීමත් සමග පුරප්පාඩු වන පාප් ධුරය සඳහා මීළඟ සුදුස්සා තෝරා පත්කර ගැනීම අවම වශයෙන් දින 15 කට පසුව සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නව පාප් වහන්සේ කෙනෙක් තෝරා පත්කර ගන්නා තෙක් කතෝලික පල්ලියේ වැඩ බලන ප්‍රධානියා ලෙස පාප් තුමාගේ මූල්‍ය ලේකම් සහ භාණ්ඩාගාරික කාදිනල් කෙවින් ෆැරල් පියතුමන් කටයුතු කරනු ඇති බවත් ඔහුට සීමාසහිත බලතල ප්‍රමාණයක් හිමිවනු ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.
නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීමේදී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ වයස අවුරුදු 80 ට අඩු කාදිනල්වරුන්ට පමණක් බවද විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඒ අනුව දැනට ජීවත්ව සිටින කාදිනල්වරුන් 252 න් 138 කට නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඡන්ද විමසීම සිස්ටයින් දේවස්ථානය තුළදී සිදුවනු ඇති බවත් බොහෝ දුරට කාදිනල්වරයෙක් නව පාප් වහන්සේ ලෙස තේරී පත්වීමට ඉඩ තිබෙන බවත් බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය. නව පාප් වහන්සේ කෙනකු සඳහා තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ලැබෙන තෙක් කාදිනල්වරුන්ට සිස්ටයින් දේවස්ථානයෙන් පිටව යාම හෝ තාක්ෂණය වෙත ප්‍රවේශ වීම තහනම් වේ.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නව පාප් වහන්සේ තේරිම දින 15කට පසු
ප්‍රියන්ත Monday, 21 April 2025 04:39 PM
මීලග පාප් තුමා මෙම පින් බිමෙන් බිහිවේවා!