IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


නව මහබැංකු අධිපති ජනපති හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයෙන් මහ බැංකු අධිපති ධූරයට නම් කැරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති හමු වී සුහද පිළිසඳරක නිරත විය.

1950 අප්‍රේල 03 වැනි දින උපත ලැබූ කුමාරස්වාමි මහතා කොළඹ රාජකීය විද්‍යාලයෙන් හා බ්‍රිතාන්‍ය හැරෝ විද්‍යාලයේන් මූලික අධ්‍යාපනය ලැබූවෙකි.

කීර්තිමත් තානාපතිවරයකු වූ රාජු කුමාරස්වාමි මහතාගේ පුත්‍රයකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මානව හිමිකම් ක්‍රියාධාරිනියක වන රාධිකා කුමාරස්වාමිගේ සහෝදරයෙක් ද වේ.

ඔහු සිය මූලික උපාධිය බ්‍රිතාන්‍ය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් අතර ආචාර්ය උපාධිය බ්‍රිතාන්‍ය සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇත

අන්තර්ජාතික ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය කුමාරස්වාමි මහතා1973 වසරේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව සමග සම්බන්ධ වී ඇති අතර ආර්ථික පර්යේෂණ, සංඛ්‍යාලේඛන සහ බැංකු අධීක්ෂණ කොට්ඨාශ නිලධාරියෙකු ලෙස 1989 වසර දක්වා සේවය කර ඇත.

1981 සිට 1989 කාලයේ මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශයට ද අනියුක්ත කොට තිබූ කුමාරස්වාමි මහතා 1990 සිට 2008දක්වා බි‍්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් ද මහලේකම් වරයාගේ කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබේ. පසුව නැවතත් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ සේවයට එක් වන ඒ මහතා සමාජ ප‍්‍රතියෝජන වැඩසටහන් අංශයේ අන්තර්වාර අධ්‍යක්ෂක වශයෙන් ද කටයතු කළේය.

කුමාරස්වාමි මහතාගේ බිරිය තාරාය. ඔවුනට පුත්තු දෙදෙනෙක් සිටිති.

දක්ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු 1974 දී ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ නායකත්වයද දරා ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයේ රගර් කණ්ඩායමේද නායකයා වූ ඔහු කේම්බ්‍රිජ් සරසවියේ ක්‍රිකට් කණ්ඩායමේද සාමාජිකයෙකි.

 

im

(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (0)

නව මහබැංකු අධිපති ජනපති හමුවෙයි

රෝහණ Sunday, 03 July 2016 12:36 AM

රටෙත් ජාතියේත් ගෞරවය රැකගෙන රාජකාරි කරන්න. අයුතු ප්‍රතිලාභ වලට යටවෙන්න එපා. විනිවිදබාවය ක්‍රියාවෙන් ඔප්පුකරන්න. මම ඔබතුමාට සුබ පතමි. (නි)

:       0       0

නලීන් Sunday, 03 July 2016 02:53 AM

ඔබතුමා විශ්‍රාමික වයසට පැමිණි විද්වතෙක්. විදේශගතවෙලා ලේ දහදිය හෙළා කීයක්හරි හොයාගෙන ස්ථිර තැන්පත් ගිණුමක් ඇරලා බැංකු පොළියකින් පිනක් දහමක් කරගෙන යාන්තමට කාලා ඇඳලා ජීවතේ ගෙව්ව අපිට පහුගිය ආණ්ඩුවත් මහබැංකු ලොක්කත් අපිට ලැබුණ පොළිය 50 % කින්ම කපලා අපිව කබළෙන් ළිපට දැම්ම. අද හෙට අලුතින් අච්චුගහන සල්ලි කොලවල ඔබතුමාගෙයි ජනාධිපතිතුමාගෙයි අත්සන් සඳහන්වෙලා ඒවා ඉතිහාසගත වේවි. ඒවා පෙරකළ පින්. ඒවාට අපි සුභ පතනවා. උද්දමනය අහස උසට ගිය මේ සුන්දර යුගයේ අපේ පොළිය ටිකක්වත් වැඩිකරලා අපේ අවසාන කාලයේදී වැට් බද්දටත් දායකවෙලා අපි බොන බෙහෙත් ටිකවත් ගන්න පොඩි උදව්වක්වත් කළොත් ඔබ දෙපළටම පින්! (නි)

:       0       0

පද්මිණී‍ Monday, 04 July 2016 04:02 AM

මහා බැංකු අධිපති විගණනයට බඳුන් කරන්න බැරිබවක් අසා තිබෙනවා. එසේ නම් නීතිය වෙනස් කළයුතුයි. ජනපතිතුමා ගැන විශ්වාස කරමි. (නි)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 03 July 2016 05:20 AM

පෙනුමනම් විල්සන් ගුණරත්න වගේ (බ)

:       0       0

ක්‍රිස්ටෝ ඕස්ට්‍රේලියා Sunday, 03 July 2016 05:22 AM

මාගේ කාලයේ නොවේ වුනත් ,මා ගිය පාසලින්ම අධ්‍යාපනය පටන් ගත් ( රාජකීය විද්යාලය ) මෙතුමාට මාගේ උණුසුම් සුබ පැතුම් , රටට සේවයක් ලැබෙනවා කියා සිකුරුය (බ)

:       0       0

අනුර Sunday, 03 July 2016 05:35 AM

කිසිම චෝදනාවකට ලක් නොවූ මෙතුමා අවංක නිලධාරියෙක් රාජ්‍ය සම්පත් අවභාවිත නොකරන ලද මෙතුමා සොයමින් රැස් කළේ විශ්ව දැනුම පමණි ඉන් රටට සේවයක් කිරීමට අවස්ථාව උදා වී ඇත (බ)

:       0       0

අනුර Sunday, 03 July 2016 05:36 AM

ශ්‍රීමාලි පළපුරුද්ද ඉතා වැදගත් වයස නොවේ මොහු ඉතා උගත් අවංක පුද්ගලයෙක් දේශපාලනය කරපු අයෙක් නොවේ (බ)

:       0       0

අනිල් Sunday, 03 July 2016 07:48 AM

ඔබතුමාට අපගේ උණුසුම් සුබ පැතුම්.(හේ)

:       0       0

ගාමිණී Sunday, 03 July 2016 09:28 AM

කලින් හිටපු කෙනාටත් ඔය වගේ අදහස් පළවුනේ බලමු (බ)

:       0       0

රාමා Sunday, 03 July 2016 11:00 AM

අපි දන්නා හැටියට රටේ සුදුසු මිනිස්සු නැත්නම් තම රැකියා පිට රටට දෙන්නේ. මෙච්චර සුදුසු අය ලංකාවේ ඉද්දි ඇයි අර්ජුන් මහේන්ද්‍රන් ට මේ රැකියව දුන්නේ? (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 03 July 2016 11:18 AM

ජනාධිපතිගේ තීරණයට ජයශ්‍රී (බ)

:       0       0

අංජන කරුණාරත්න Sunday, 03 July 2016 11:40 AM

කොටි ඩයස්පෝරාවට ඕන විදියට තමයි අපි ඔක්කොම නැටවෙන්නේ (බ)

:       0       0

සෑම් Saturday, 02 July 2016 10:36 AM

ආදී රාජකීයයෙකු වන ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රතාප් Saturday, 02 July 2016 11:03 AM

හොරකම් කළ ඉතිහාසයක්, හොර ව්‍යාපාර වලට සම්බන්ධවෙලා නැත්නම් රටේ වාසනාව. රෑ වැටුන වළේ දවල් වැටෙන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

උපාලි Saturday, 02 July 2016 11:26 AM

යහපාලනය තහවුරු වූ බව දැකීම සතුටට කරුණක්. ඒ කිව්වේ අර යෝජනා වී තිබුන නම් වලින් කෙනෙකුත් නොවී අහවලා සම්ප්‍රාප්ත වනතුරු බලා සිටීමකුත් නැතුව සුදුස්සාට නිසි තැන හිමිකරදීම නිසයි. (නි)

:       0       0

ලලිත් Sunday, 03 July 2016 01:48 PM

කොයි තරම් හොඳ බෙර කාරයෝ ගෙනාවත් නැටුම නටන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පරම්පරාගත පරණ නැට්ටුවොමනේ? (බ)

:       0       0

විහඟ Saturday, 02 July 2016 11:43 AM

සතු‍ටුයි මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 02 July 2016 11:40 AM

මොකුත් පළකරන්නත් බැහැ ජාතිවාදය ඉස්මතුවෙන නිසා. ජාතියේ කොඳු නාරටිය ටිකෙන් ටික කැඩෙමින් පැවතීම ගැන නම් කියන්න බොහෝ දේවල් තිබුනත් නොකියාම සිටිමි (නි)

:       0       0

මෙරිල් Saturday, 02 July 2016 11:50 AM

ඔබට සාර්ථක අනාගතයකට ආසිරි! (නි)

:       0       0

ජයසිරි Saturday, 02 July 2016 12:22 PM

ඔහු හොඳ සුදුස්සකු යැයි සිතේ. (නි)

:       0       0

ධම්ම Saturday, 02 July 2016 02:02 PM

තේරීම එතුමාගේ, තීරණය මෙතුමාගේ වගෙයි. කවුරු වුණත් කමක් නැහැ රටට යහපතක් වෙනවා නම්. (නි)

:       0       0

නිම්මි Saturday, 02 July 2016 03:09 PM

ඔහු සුදුස්සෙක් බව පේනවා. (නි)

:       0       0

ප්‍රබෝද Sunday, 03 July 2016 05:21 PM

කලින් එක්කෙනා නුසුදුසු වුණේ ඇයි කියලා ඔයගමන්ම කිව්වා නම් හරි. ඔහු ගැන තිබුණ චෝදනා තහවුරු වුණාද? මුදල් වංචාවක් වෙලා නම් ඒවා අයකරන්නේ කොහොමද? බදු ගෙවන ජනතාව වන අපට මේවා ගැන දැනගන්න අයිතියක් තියෙනවා. (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 02 July 2016 05:57 PM

ඔබතුමාට අපි මුලු සිතින්ම සුබ පතමු! (නි)

:       0       0

ශ්‍රීමාලි Saturday, 02 July 2016 06:51 PM

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව රජයේ සේවකයන් අවුරුදු 60 න් පසු විශ්‍රාම යායුතුයි. මෙම පත්කිරීම ගැන මට වටහාගැනීමට බැහැ (නි)

:       0       0

විද්‍යා Saturday, 02 July 2016 07:28 PM

බුද්ධිමතෙක් බව මුහුණෙන්ම පේනවා. (නි)

:       0       0

ටෙෂාන් Saturday, 02 July 2016 08:29 PM

අපේ අහිංසක බලාපොරොත්තු නැතිකරන්න එපා (නි)

:       0       0

සුසිල් ප්‍රියන්ත Monday, 04 July 2016 09:45 AM

මට මතකයි කලින් හිටිය මහා බැංකු අධිපති වර්ණසේන රාසපුත්‍රම් , අපිට නං ජාතිබේදයක් තිබ්බේ නෑ. මේ පාරත් ප්‍රශ්නයක් නෑ , නමුත් තත්වය වෙනස්. (බ)

:       0       0

අසෝකා Saturday, 02 July 2016 08:58 PM

අපි හිතුවා යහපාලනයෙන්වත් දේශපාලන පත්වීම් නතර කරයි කියලා (නි)

:       0       0

රොෂාන් Monday, 04 July 2016 12:42 AM

අපි බලමුකෝ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 241 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 849 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 664 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 352 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2643 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 986 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site