IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නව රජය ගාල්ලේ පාරක් අරියි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී සුළු වේලාවකින් ගාල්ල නගරයේ සිට වක්වැල්ල දෙසට යන මාර්ගයේ වසා තිබූ මං තීරුව විවෘත කැරිණි. පැවති රජයේ දේශපාලන බලපෑම් හේතුවෙන් මේ මාර්ගයේ වක්වැල්ල දෙසට ධාවනය වන මං තීරුව වසරකට වැඩි කාලයක් වසා දමා තිබිණි. එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වූ වහාම වක්වැල්ල මාර්ගයේ වසා ඇති මං තීරුව විවෘත කරණ බව වජිර අබේවර්ධන මහතා ගාල්ලේ ව්‍යාපාරිකයන්ට පොරොන්දු වී තිබිණි.

IMG_7218 IMG_7231



අදහස් (0)

නව රජය ගාල්ලේ පාරක් අරියි

පියල් Friday, 21 August 2015 08:22 AM

පෙර තිබුන ක්‍රමය මගීන්ට පහසුවක් (ම)

:       0       0

දිමුත් Friday, 21 August 2015 08:28 AM

ලොකු උදව්වක්! (ම)

:       0       0

ප්‍රියංකර Friday, 21 August 2015 04:05 PM

බොහෝ වෙලාවට 'වන්වේ' කරන්නේ වාහන තදබදය නැතී කරනවට වඩා පොලිසියේ වැඩ අඩු කරගන්නද කියලා හිතෙනවා, සමහර පාරවල් දැක්කහම. කොහොම වුණත් වටෙන් යනකොට වැයවෙන්නේ ඉන්ධන වලට රටේ සල්ලි (නි)

:       0       0

මහින්ද Saturday, 22 August 2015 07:00 AM

ගාල්ලේ මේකද මුලින්ම කරන්න ඕනෑ කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 21 August 2015 08:45 AM

දින 100 දී කරන්න බැරි වුණේ මොකද ? (ම)

:       0       0

මහින්ද Saturday, 22 August 2015 07:08 AM

දළදා මාළිඟාව අසළ පාර අරින්නේ ඇයි? (නි)

:       0       0

චරිත Friday, 21 August 2015 08:47 AM

කරුණාකර කඩවත පාරත් අරින්න , වාහන තදබදය එක ගොඩක් අඩුවේවි .(ම)

:       0       0

මනෝජ් Saturday, 22 August 2015 07:10 AM

හොඳයි වැඩේ. මිනිසුන්ට දැන් හරි පහසුයි (නි)

:       0       0

අතුල Saturday, 22 August 2015 07:35 AM

මෙන්න වෙනස! (නි)

:       0       0

නීල් Saturday, 22 August 2015 07:39 AM

මේ වැඩේ කටිටියකට හොඳ වෙන්නත් පුලුවන්. කටිටියකට නරක් වෙන්නත් පුලුවන්.අැයි වැහුවේ? මෙ වැඩේ බාරදෙන්න ඕනෑ පොලිසියට. ස්වාධීනව නිරික්ෂණය කර හරි දේ කළයුතුයි. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 22 August 2015 07:39 AM

හොඳයි (නි)

:       0       0

රවි Friday, 21 August 2015 09:18 AM

මම දන්න විදිහටනම් මේ පාර වහල තිබුනෙ වාහන තදබදය අඩුකරන්න. (ම)

:       0       0

නිශාන්ත Friday, 21 August 2015 05:37 PM

හොඳ වැඩක් (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 22 August 2015 08:27 AM

අනේ මන්දා! සමහරු කැමතියි. සමහරු අකමැතියි.ඉතින් කොහොමද කරන්නේ. (නි)

:       0       0

එරන්ද Saturday, 22 August 2015 09:15 AM

කරුණාකර ඉහළ ඩික්සන් පාරෙත් ගෙවල් හිමියන්ට වාහනයක් නවත්වන්න දෙන්න. (නි)

:       0       0

අමිත් Friday, 21 August 2015 10:18 AM

නියමයි, මේ සම්බන්ධයෙන් බොහොමත්ම ස්තුතියි (ම)

:       0       0

තාරක Friday, 21 August 2015 10:28 AM

අන්න කරනවානම් වැඩ .. මනුෂ නානායක්කාරට නේද ඔය වැඩේ පිටිපස්සේ ඉන්නේ .. ගාල්ලේ දී කෙනෙක් කියනවා ඇහුනා (ම)

:       0       0

දයාන් Friday, 21 August 2015 10:41 AM

තිබුන විදිය හොඳයි හොඳ දේවල් වෙනස් කරන්න යන්න එපා (ම)

:       0       0

ඉමාක් Friday, 21 August 2015 11:00 AM

පාර විවෘත කළ එක නම් ලොකු දෙයක් (නි)

:       0       0

විජේ Friday, 21 August 2015 11:03 AM

නුවර මාළිගාව ඉස්සරහ පාරත් ඇරියොත් නරකද. (නි)

:       0       0

සහන් Tuesday, 25 August 2015 03:32 AM

දැන් නැවතත් පරණ තදබදයම ඇතිවේවි. යහපාලනය ව්‍යාපාරිකයන්ට ඕනෑ දේ නොව ජනතාව ගැනද සිතිය යුතුයි. ව්‍යාපාරිකයන්ට උන පොරොන්දු ගැන විතරක් සලකන්න එපා. අපි මේ පාරේ උදේ හවස යන අය දැන් තද බදය වැඩියි. කලින් තිබුන විදිහ හොඳයි. (නදී)

:       0       0

සුභාෂ් Friday, 21 August 2015 11:22 AM

නියමයි (නි)

:       0       0

සමීර Saturday, 22 August 2015 01:06 AM

දැන් නැවතත් පරණ තදබදයම ඇතිවේවි. යහපාලනය ව්‍යාපාරිකයන්ට ඕනෑ දේ නොව ජනතාව ගැනද සිතිය යුතුයි. (නි)

:       0       0

සිසිර Friday, 21 August 2015 11:27 AM

කලින් වහලා තිබුනේ මොකක්හරි හේතුවක් ඇතුව වෙන්න ඇති. (නි)

:       0       0

ශ්‍යාමා Friday, 21 August 2015 11:28 AM

හොඳයි වැඩේ. මිනිසුන්ට දැන් හරි පහසුයි (නි)

:       0       0

විල්මා Friday, 21 August 2015 12:02 PM

කවුරු කළත් හොඳ දේ අගය කරන්න ඕනෑ (නි)

:       0       0

ජිනදාස Friday, 21 August 2015 12:02 PM

ඉතාම හොඳ දෙයක්.ගාල්ලේ වෙසෙන අයෙකු ලෙස මමද මෙය අගය කරමි (නි)

:       0       0

ලක්මාල් Friday, 21 August 2015 12:12 PM

යහපාලනය යනු ජනතාවට යහපතක් කිරීමයි. නමුත් ඔවුන් කළදේම මොවුන්ද කරයි නම් එය අවාසනාවකි. පදිකයෙක් හා රියදුරෙක් ලෙස මේ වෙනස ගැන අප්‍රසාදය පළකරමි. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 22 August 2015 02:02 AM

මේ පාර ඇරියේ කාටද?පාරක් අයිති කාටද?එදා මාර්ගයක් ඇරඹුනේ මගියාගෙන්.එය අඩි පාරක්. එම අඩි පාර ක්‍රමක් ක්‍රමයෙන් දියුණුවී අද ඇති මහා මාර්ග බවට පත්වුණි. අත් කරත්තෙන්.ගොන් කරත්තෙන් පටන්ගෙන අද තිබෙන වේගයෙන් ගමන් කරන මෝටර් රථය දක්වා පැමිණීමේදී මාර්ගය තැනු මගියාට වුනේ අසාධාරණයකි. එය වටහා ගත් මිනිසා මෝටර් රථ සදහා වෙනම මාර්ග ඉදිකළ අතර එය මගියාට තහනම් විය.එහි අරුත වුයේ අනෙකුත් සියලුම මාර්ග අයිතිය මගියා සතුවීමය.එසේනම් මාර්ගයක අධික තදබදයක් ඇත්නම් එය මගියාට අවහිරයක්නම් ඒ සදහා නිසි පියවරක් ගත යුතුය, එහිදී වෙළෙන්දා හෝ ඉන්දන ගැන සිතීම මගියා නොසලකා හැරීමකි.බල ලෝබී දේසපාලුවන් තමන්ට මූල්‍ය ආදාර දුන් වෙළෙන්දාට හා තමන්ගේ පන්තියේ එකා ගේ මනදොල පිනවීම මිස මෙහිදී අහිංසක මගියා ගැන තුට්ටුවකට මායිම් කර නැත. (බ)

:       0       0

ගාල්ලගේ Friday, 21 August 2015 12:14 PM

පාර 'වන් වේ' කරලා තිබුනේ වාහන තදබදය අඩු කරන්නනේ (නි)

:       0       0

ජෝන් Friday, 21 August 2015 12:16 PM

'වන් වේ' කළේ තදබදය අඩුකරලා වාහන ධාවනය විධිමත් කරන්න. එහෙනම් කොළඹ කොච්චර පාරවල් වල මෙහෙම කරලා තිබෙනවද? ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර වගේ ඒවා වැහුවා කියලා ඒ ව්‍යාපාර වැහුනද? (නි)

:       0       0

සිසිර Saturday, 22 August 2015 05:41 PM

එහෙම කරලා තිබුනෙ පහසුවට. කලින් තිබුන විදිය හොඳයි.... (නි)

:       0       0

හෙළ විකුම් Saturday, 22 August 2015 02:49 AM

මේක මහා මෝඩ වැඩක් දැන් අපහු වාහන තද බදය ඇතිවේවි (ම)

:       0       0

අරුණ Friday, 21 August 2015 01:52 PM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

පතිරන Saturday, 22 August 2015 04:20 AM

මේවට තීරණ ගන්න නගර නිර්මාණ ශිල්පීන් හා පසුගිය මාර්ග දත්ත අධ්‍යයනය කළයුතුයි. ආණ්ඩු මාරුවුණාට මේ වගේ දේවල් මාරුකරන්න බැහැ (නි)

:       0       0

තිසුර Friday, 21 August 2015 02:36 PM

මේක හොඳ තීරණයක්.මේ පාර වහලා තිබුන එකෙන් වුනේ තදබදය වැඩි වුණ එක විතරයි. අනික මේ පාර වහන්න හේතු වුණේ කාගේ බලපෑමක්ද කියල ගාල්ලේ මිනිස්සු හොඳට දන්නවා. (ම)

:       0       0

දුමින්ද Friday, 21 August 2015 08:09 AM

ජනවාරි 9 සිට එජාප රජයක් ,,,,,,,,,,,,,,,,,,, (ම)

:       0       0

උදය කරලියැද්ද Saturday, 22 August 2015 05:24 AM

දලදා මන්දිරය පාරත් විවෘත කළ යුතුයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 72 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1092 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1800 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 789 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 194 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 529 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site