IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘නව රජය සමග වෘත්තීයවේදීහු පෙරට එති‘

යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමත් රට ගොඩනැඟීමේ ජාතික කර්තව්‍යට සහය වීමටත් සම්මුතිවාදය ගොඩනැඟීමටත් සහාය වන මෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට අනුව නව ආණ්ඩුවේ සම්මුතිවාදයට සහයෝගය දක්වන ලෙසත් සියලුම ක්ෂේත්‍රයන් නියෝජනය කරන වෘත්තීයවේදීන් පෙරට විත් නව ආණ්ඩුවට සහයෝගය දක්වන ලෙස ද තරුණ වෘත්තීයවේදීන්ගේ එකතුව වන 2021 සංවිධානය ඉල්ලා සිටියි.

එහි ප්‍රධාන ලේකම් තිලක් සෙනෙවිරත්න මහතා අගමැතිවරයා ජාතිය අමතමින් කළ ඉල්ලීම උපුටා දක්වමින් පවසනුයේ සියලු වෘත්තීයවේදීන් ද සංවර්ධන කාර්ය සඳහා එක්ව නව රජයට සහයෝය දැක්විය යුතු බවයි.

දේශපාලන පක්ෂ භේද නොසලකා දුක් විඳින අයට යහපත ඉටුකරන්නට වෘත්තියවේදීන්ගේ දැනුම ද නොඅඩුව ලබාදීමට කැපවෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි. නව ආණ්ඩුවට වෘත්තීයවේදීන් රැසක් මන්ත්‍රීවරුන් ලෙස පත්වීම පිළිබඳවද සතුටු වන බවත් රජය දෙනු ලැබු පොරොන්දු හා ඉටු කරනු ලබන සියලු කාර්යයන් විමර්ශනාත්මකව අවධානයට ලක්කරන බවද එම සංවිධානය පෙන්වා දෙයි.

 



අදහස් (0)

‘නව රජය සමග වෘත්තීයවේදීහු පෙරට එති‘

ටිහාන් Wednesday, 19 August 2015 10:11 AM

බොහොම හොඳයි (නි)

:       0       0

සත්‍යා Wednesday, 19 August 2015 03:33 PM

මහඡන මුදලින් ඉගෙනගත් දැනුමෙන් බුද්ධියෙන් රටට සේවයක් කරන්ඩ උගතුන්ට බුද්ධිමතුන්ට අවස්ථාවක් ලබා දිම ඉතා වැදගත්. ජනතාවගේ මුදලින් ඔවුන් ලත් අධ්‍යාපනයට නැවත ජනතාවට සේවයක් කර ආත්ම තෘප්තියක් ලැබිමටත් හැකි වන්නේ එවිටයි. නැතිනම් ඔවුන් ඡනතාවට ණය ගැතියන්වී මෙලොවටත් එලොවටත් කිසිම සේවයක් නොකළ අයකු ලෙසයි මිය යාමට සිදු වන්නේ. (බ)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 19 August 2015 10:21 AM

හැදෙන ගහ දෙපැත්තෙන් පෙනේ. ඔහොම යමු (නි)

:       0       0

ජයසේන Wednesday, 19 August 2015 04:04 PM

පක්ෂ බේද අමතකකර හොඳ ප්‍රතිපත්ති හා රට සංවර්ධනය කිරීමේ අගමැතිගේ හා ජනාධිපතිතුමාගේ ඒකාබද්ධ වැඩපිළිවෙළට සියලු දෙනා සහය දියයුතුය. (නි)

:       0       0

ලලිත් Wednesday, 19 August 2015 04:15 PM

ලංකාවේ බොහොමයක් උගත් පළපුරුදු නිලධාරීන් පසුගිය යුද්ධ කාලෙත්, ඉන්පසුව තිබුණු අවිචාරවත් පාලන සමයේත් තමන්ගේ සහ තම දරුවන්ගේ අභිවෘද්ධියත් ආරක්ෂාවත් පතා විදේශගත වුණා. ඉන් බොහොම දෙනෙක් දැනටමත් එම රටවල අධි තාක්ෂණික පුහුණුවක් සහ පළපුරුද්දක් ලබා ඒ රටවල් වලම පුරවැසිකම් ලබා ජීවත්වෙනවා. පසුගිය සමයේ පවුල්වාදීන්ට මේ විදේශගත වූ උගතුන් බුද්ධිමතුන් සහ ව්‍යාපාරිකයින් පෙනුනේ සතුරන් පිරිසක් විදියටයි. ඒ පිරිස සතු දැනුම සහිත පිරිසක් රට තුළ බිහිකිරීමට කාලයක් ගතවෙනවා. ඒ නිසා කඩිනම් සංවර්ධනයකට විදේශිකයින්ගේ සේවය ගැන සිත බැලීමට පෙර එම විදෙස්ගතවූ පුරවැසි කොටස් වල සහය ලබන්නේ නම් එය වඩාත් ඉක්මන් සහ ලාභදායක විකල්පයක්. ඉන් සමහර පිරිස් මවුබිම තුළ යෝජනා ඇරඹීමට සිතා සිටිනවා විය හැකියි. ඒ නිසා මෙම විදේශගතවූ ලාංකිකයින්ට රටේ සංවර්ධනයට හවුල්වීමට හැකි ක්‍රමවේදයක් ක්ෂණිකව ඇතිකිරීම ඉතාම වැදගත්. ඔවුන්ද තම මවුබිමෙට තම ණය ගෙවාදැමීමට දැන් කාලය එළඹ තිබෙනවා. (නි)

:       0       0

නානයක්කාර Wednesday, 19 August 2015 10:48 AM

අපි කැමතියි. ක්‍රමවේදයක් සකස් කරන්න. (ම)

:       0       0

ආනන්ද ආර්. Wednesday, 19 August 2015 06:39 PM

උගතුන් හා බුද්ධිමතුන්ට සවන්දෙන රජයක් බිහිවීම සතුටක්. (නි)

:       0       0

සුනිල් Wednesday, 19 August 2015 11:16 AM

දැන්වත් පක්ෂ භේද අමතක කර හරි දේ කරන්න හරි දේට එක්වෙන්න. (ම)

:       0       0

මහින්ද Wednesday, 19 August 2015 12:06 PM

එහෙම වෙන්න දෙන්න බැහැ.අප්පච්චි අගමැති වෙනතුරු අපේ සටන දිගටම... (නි)

:       0       0

දමිත් Thursday, 20 August 2015 03:50 AM

දැන් අණ්ඩුවේ වගකිම නියම කැබිනට් මණ්ඩලක් පත්කර ගැනීමයි. එහිදී අදාළ විෂය පිළිබඳ අවබෝධයක් ඇති අය කැබිනට්ටුවට පත් කිරිම අනිවාර්යෙන් සිදු කළ යුතුය.(ම)

:       0       0

දාස Wednesday, 19 August 2015 01:33 PM

ඔව් සුනිල්, දැන්වත් පක්ෂ බේදය මෙරටින් තුරන් කරන්න වැඩපිළිවෙලක් සකස් කළයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 121 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 65 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 112 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 943 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1219 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 80 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14607 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 201 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site