ශ්‍රී ලාංකික රස කලාවට නව පිටුවක් එක් කරමින් නිව් වයිට් ඕෂනික් අවන්හල් ජාලයේ 6 වැනි ශාඛාව ශ්‍රී ලංකාවේ කටාර් තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතා අතින් පසුගියදා ආසියානු නගරයේදී විවෘත විය.
එහිදී වයිට් ඕෂනික් අවන්හල් ජාලයට සිය සුබ පැතුම් එක් කළ කරුණාදාස මහතා පැවැසුවේ මෙවැනි අවන්හල් මගින් කටාර් හි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට මහත් ප්‍රතිලාභයක් අත්වන බවයි.
නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ආරාධිත අමුත්තන් සහ කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් රැසක්ම සහභාගි විය.
එහිදී පැමිණ සිටි පිරිස ඇමැතූ නිව් වයිට් ඕෂනික් අවන්හල් ජාලයේ අධිපති දේශමාන්‍ය ටෙනිසන් ද සිල්වා මහතා පැවැසුවේ කටාර් රාජ්‍යය තුළ සිදුවන සංවර්ධන කටයුතු නිසා ශාඛා 4 ක් අහිමි වුවද, අනෙකුත් ශාඛාවලට සාපේක්ෂව තරමක් ඔබ්බට යමින් සිය 6 වැනි ශාඛාව ආසියානු නගරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටිය අසළ නව මුහුණුවරකින් යුතුව ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව තමා බෙහෙවින් සතුටට පත්වන බවය.
එසේම සිය නව ශාඛාවට පැමිණ නියම ශ්‍රී ලාංකික ආහාර වේලක රස විඳින ලෙසටද ඔහු සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කළේය.
අවන්හල් ජාලයේ ඉදිරි ගමන වෙනුවෙන් නිරන්තරයෙන්ම සහයෝගය ලබාදෙන නිව් වයිට් ඕෂනික් සේවක මණ්ඩලයට, ශ්‍රී ලංකා තානාපතිතුමන් ඇතුළු ආරාධිත අමුත්තන්ට මෙන්ම කටාර් රාජ්‍යයටද තම ස්තුතිය පිරිනමන බව ටෙනිසන් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිව් වයිට් ඕෂනික් 6 වැනි ශාඛාව ආසියානු නගරයේදී විවෘත වෙයි
ලලීන් Thursday, 04 August 2016 12:23 AM
අපෙන් සුබ පැතුම්! (නි)