IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘නව ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ නෑ‘

රටේ දියුණුවට ඔබේ දියුණුවට ඇති කරන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළු රටම එකතු කරගත යුතු යැයි අරලියගහ මන්දිරියේදී අද (17) විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැති කීවේය.

දේවදත්තයා බුදු ගුණ ගායනා කරන ආකාරයෙන් මහාචාර්ය ජී.ඇල්.පීරිස්ගේ ජුන්ටාවේ මත වලට වඩා සියලුම පක්ෂ හා සංවිධාන සමග සාකච්ඡා කර මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම අරමුණ බවත් ඔහු කීවේය.

ලොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට සමාජ ජාල වෙබ් අඩවි යොදා ගන්නා මුල්ම අවස්ථාව මෙය විය හැකි බවත් 21 වැනි සියවසට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතු බවත් රට බෙදීමක් රටේ ඒකීය භාවය වැනසීමක්  හෝ බුද්ධාගමට හිමි තැන අහිමි කිරීමක් රජයේ යෝජනාවලට අඩංගු නොවන බවද ඕනෑම කෙනකුට ඕනෑම පක්ෂයකට සංශෝධන ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ අදහස් පමණක් නොව සියලු පක්ෂවල අදහස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ලබාගැනීමට සූදානම් බවත් විශේෂයෙන්ම අනාගතය බාර ගැනීමට සිටින තරුණයන්ගේ අදහස් මේ සඳහා වැදගත් බවත් ට්විටර්, ෆැක්ස්, සමාජ ජාලා වෙබ් අඩවි වැනි ඕනෑම මාධ්‍යයකින් ඔවුන් ලබාදෙන අදහස් බාරගැනීමට සූදානම් බවත් අගමැතිවරයා කීවේය.

මහජන අදහස් හා යෝජනා ලබාගැනීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට විසුම්පාය ලබාදී ඇති බවත් ඕනෑම අවස්ථාවක එහි පැමිණ ඊට අදාළ යෝජනා බාරදිය හැකි බවත් කී අගමැතිවරයා 21 වැනි ශත වර්ෂය මැද භාගයට ගැලපෙන ව්‍යවස්ථාවක් අනාගතය වෙනුවෙන් නිර්මාණය කරගැනීමට ඒ සියලු අදහස් වැදගත් වන බවත් සඳහන් කළේය.

ranil_2016117453 ranil_2016117453-2 ranil_2016117453-3



අදහස් (0)

‘නව ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ නෑ‘

කිංග්ස්ලි පෙරේරා Sunday, 17 January 2016 07:59 AM

බඩේ ගින්දර තියාගෙන කොච්චර බණ කිවුවත් වැඩක් නැහැ. අවුරුද්දක් නිකන් ගෙවිලා ගියා. (නි)

:       0       0

ශානක Sunday, 17 January 2016 08:20 AM

අයියෝ අපේ ඡන්දය! (නි)

:       0       0

අසාද් Sunday, 17 January 2016 08:22 AM

සෆීන කියන දේට මමත් එකගයි.රටට හොද දෙයක් වෙනවනම් කවුරු කලත් කමක් නැහැ.මේක හොද දෙයක්ද කියන එක පාට කන්නාඩි ගලවල බලන්න ඕනේ.සම දෙනාගේම අදහස් මේ සදහා යොදා ගැනීම වටින සංකල්පයක්.බලමු හොද දෙයක් වෙයි කියල හිතනවා.ඒ කලේ කාගෙන්වත් අහල බලන් නැතුව හිතුමතේට කල දේවල් නිසා ඇතුන ඉරණම මතක තියාගෙන ඉදිරියට වැඩ කලොත් හොදයි. (අ)

:       0       0

සුමිත්‍ර බස්නායක Sunday, 17 January 2016 08:57 AM

කාලේ ඉවරවෙනකම් කියව කියව ඉදී. අපිත් දීල බුරුවො වාගේ දැන් බලගන ඉන්නවා. (බ)

:       0       0

දේවා අකුරටිය Sunday, 17 January 2016 09:08 AM

අනේ මොකද කට්ටියම කුලප්පුවෙලා පොඩ්ඩක් ඉවසල බලාගෙන එන්න අගමැති තුමා මොකද කරන්න හදන්නේ කියලා (බ)

:       0       0

නිමල් ලාලිත Sunday, 17 January 2016 09:45 AM

මේ රටේ සිංහල බෞද්ධ අයිතිය විනාශකරන්න අතීතයේ පටන්ගත් කාලයේ සිට අද එයටත් වඩා බිහිසුණු ලෙස සිදුවෙනවා. ධර්මපාලතුමා කිව්වනේ, සුද්දා ගියාට කළු සුද්දන් ටිකක් බෝවෙලා මේ රට වනසනවා කියලා .අද එය මැනවින් සිදුවෙනවා. (නි)

:       0       0

අමිත් Sunday, 17 January 2016 09:41 AM

රටේ ජනතාව ජනවාරි 8 බලය දීලා තියෙන්නේ. ඔබ කැමති දෙයක් කරන්න මහත්තයා. අපිට දැන් කොහොමත් එකයි (නි)

:       0       0

සේන Sunday, 17 January 2016 09:58 AM

ඉවසලා බලාගෙන ඉන්න මොකද කරන්න හදන්නේ කියලා. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 17 January 2016 10:03 AM

රට බෙදන්න එය කාගේවත් බුදලයක් නොවෙයි. ඔබලාට උවමනා විදිහට එය කරන්න ගියොත් වෙන්නේ මොකක්ද කියා මම කිවයුතු නැහැනේ. (නි)

:       0       0

ටානි Sunday, 17 January 2016 10:03 AM

රනිල් මහතාට ජයවේවා! (නි)

:       0       0

අනිල් Sunday, 17 January 2016 10:42 AM

චන්ද්‍රිකා මැතිනිය අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙනා වෙලාවේ එජාපයේ ඔබේ මන්ත්‍රීවරු එය පාර්ලිමේන්තුවේදී ගිනි තියද්දී ඔබ එය දිහා සිනාසෙමින් බලා හිටියා මතකද? (බ)

:       0       0

කුමාර් Sunday, 17 January 2016 11:13 AM

මේ දේවදත්තද කතා කරන්නේ? (බ)

:       0       0

ඇලන් Monday, 18 January 2016 02:16 AM

ප්‍රනාන්දු, ඕක බුද්ධාගමේ හොදට පැහැදිලි කර තිබෙනවා. සමහරුන්ට බුදුන්ගේ බණ අහපු පළමුවරම අවබෝධය ඇතිවී නිවන් යනවා. සමහරුන්ට එකම දේ වුණත් දහස්වරක් ඇහුවත් අවබෝධවෙන්නේ නැහැ. (නි)

:       0       0

ජෝන් Sunday, 17 January 2016 11:46 AM

අපි හිතුවට බුදුගුණ ගයයි කියලා...! මෙතුමාත් බුදුගුණ ගයන පාටක් පෙනෙන්නට නැත...! ජනතා ප්‍රශ්න පසෙක තබා ජාත්‍යන්තරය සතුටු කරන්නට ගියොත් අනේ අබ සරණයි...! (බ)

:       0       0

ප්‍රනාන්දු - පැරිස් Sunday, 17 January 2016 01:43 PM

හොර සුද්දෝ ශ්‍රී ලංකාවෙන් යාමට පෙර ඔවුන් විසින් ඔවුන්ට උවමනා දේවල් කරවා ගැනීමට සාදපු කළු සුද්දන් මගින් ශ්‍රී ලංකාවට සෙතක් වෙයි කියා සිතන්නා මුලා වන්නේය (බ)

:       0       0

දිසානායක Sunday, 17 January 2016 06:03 AM

හොරාට පෙර කෙසෙල් කැන වැට පනිනවා කියලා අපි කියන්නේ මෙන්න මේවට තමයි (නි)

:       0       0

සෆීනා Sunday, 17 January 2016 06:18 AM

අද පවතින හැම හොඳ දෙයක්ම වෙනසක ප්‍රතිඵලයක්. හොඳ වෙනසක් නම් පවතින කාලය වැඩි වේවි. දුර්වල වෙනසක් නම් වැනසිලා යයි ඉක්මනින්ම. එමනිසා වෙනසට ප්‍රතිරෝධී වෙන්නට පෙර හොදින් සිතා බලන්න. පටු දේශපාලන වාසි හෝ පුද්ගලික ප්‍රයෝජන වලට ප්‍රතිරෝධය දක්වන්න. කාටවත් කඩේ නම් යන්න එපා.පක්ෂ පාට වල කණ්ණාඩි ගලවලා හොඳදේට පමණක් එක්වන්න. නරකදේට හේතු සමඟ විරුද්ධවන්න (නි)

:       0       0

ජගත් Sunday, 17 January 2016 06:12 AM

ඔය කවුරුත් ව්‍යවස්ථා හැදුවේ තම තමන්ට වාසි වෙන විදිහට. ඒක අපි දන්නවා (නි)

:       0       0

යසිරු Sunday, 17 January 2016 06:18 AM

කිවුවට වැඩක් නැහැ. කරලම පෙන්වන්න (නි)

:       0       0

සුරේන් Sunday, 17 January 2016 06:24 AM

කලින් පාර වගේ මේ පාරත් එකක් පෙන්නලා තව එකක් සම්මත කරගනීවිද දන්නේ කවුද? (නි)

:       0       0

අමල් උදය Sunday, 17 January 2016 06:33 AM

හැමදෙයක්ම හොදින් වෙන්න ඕනේ , අපිට පක්ෂ වැඩක් නැහැ , රටට හොදක් වෙන්න ඕනේ (බ)

:       0       0

එරංග Sunday, 17 January 2016 07:17 AM

ජගත් සමඟ මමත් 100%ක් එකඟයි. බලමුකෝ මේ පාර (නි)

:       0       0

නාමල් Sunday, 17 January 2016 07:12 AM

අපිට නම් දැන් කිසිම විශ්වාසයක් නැහැ කිසිම දෙයක් ගැන (නි)

:       0       0

පරාක්‍රම Sunday, 17 January 2016 07:12 AM

මේ පාරත් එකක් පෙන්නලා තව එකක් සම්මත කරගනීවිද කියලයි මමත් මේ බලාගෙන ඉන්නේ (නි)

:       0       0

දිලාන් Sunday, 17 January 2016 07:12 AM

අලුතින් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ගෙනෙන පනත සම්බන්ධයෙනුත් අපි බලාගෙන ඉන්නවා (නි)

:       0       0

රන්ජිත් Sunday, 17 January 2016 07:18 AM

කියනවා කියනවා හැමදාම. මේ අපේ දේශපාලකයින්ගේ කටවල් වලට නිවනක් නම් ඇත්තෙම නැහැ (නි)

:       0       0

තුෂාර Sunday, 17 January 2016 07:22 AM

රනිල් මහතාට ජයවේවා! (නි)

:       0       0

මොහොමඩ් Sunday, 17 January 2016 07:23 AM

ආර්ථික ඔස්තාර්ලා හදපු අයවැය වගේද? හැදුවට පස්සේ අයකුත් නැහැ වැයකුත් නැහැ. ජනතාවට වැය වැඩිවුණ එක විතරයි වුණේ. මේකත් ඒ වගේද දන්නෙ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 17 January 2016 07:29 AM

ජනාධිපතිවරණයේදී දහඅතේ දිව්රලා කිව්වා ඇමති මණ්ඩලය 25 කරනවා කියලා. දැන් හිටියටත් වඩා වැඩි කරගෙන. මම නම් දැන් කියන කිසිම දෙයක් ගැන සත පහකට විශ්වාසය කරන්නේ නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 17 January 2016 07:24 AM

කියනදේම අකුරටම කරන උදවිය නිසා විශ්වාස කරන්න බැහැ. (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 18 January 2016 02:44 PM

රට බෙදන එකකක් නැහැ.මෙහෙම ගියොත් මුළු රටම දෙමල බස කතා කරය අයට යාවි.දැන් වැඩ සිද්ද වෙන්නේ ඒ විදිහට. මේ බණ කියන උපාසක මහත්වරු ,ළිං ගෙම්බන් සේ නොසිට අසිංහලයන් වැඩි පෙදෙස් වල ඇවිද බලත්වා. උපාසකල ,මහනායක හිමිලා සහ දේශපාලන ගැති හිමිලා දෙව් ලොව යන්න. අපි නම් මේ සිංහල රට වෙනුවෙන් සටන් කර මියගොස් මරණයෙන් පසුත් එනවා (බ)

:       0       0

මහින්ද සෞදි Sunday, 17 January 2016 07:44 AM

බිබිලේ දොඩම් පටවන්න නැව් මාර්ග හදනවයි කිවුව ඇමතිවරුත් පෙර කාලයේ ඉඳලා තියනවා. (නි)

:       0       0

දිනේෂ් Sunday, 17 January 2016 07:47 AM

අපි බලමු ඕක කොහොම වෙයිද කියලා (නි)

:       0       0

අසංක Sunday, 17 January 2016 04:37 PM

රටට හොඳක් වෙනදේකට කාගේත් සහය ලැබෙයි. (නි)

:       0       0

තිලාන් Sunday, 17 January 2016 07:45 AM

අපි රට බෙදන්න දෙන්නෙත් නැහැ (නි)

:       0       0

යසීර් Sunday, 17 January 2016 08:00 AM

අපිට නම් කිසිවෙක් ගැන විශ්වාසයක් නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 387 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1203 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 241 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 479 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 382 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 635 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36781 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24302 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site