IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නව වසරට සෙත් පතා ජනපති කතරගම යයි

රටේ පවතින නියං සමය අවසන් කර රටේ ගොවිතැනට අවශ්‍ය නිසි වැසි ජලය ලැබී රටේ ජනයාගේ බව බෝග අටු කොටු සරුවී ලබන 2017 වර්ෂ රටට සුබ පළ උදා කර ගැනීම පිණිස තෙරුවන්ගේ හා දෙවියන්ගේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා  ලබා ගැනීම පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කතරගම පුදබිමට ගොස් ආගමික වතාවත් සිදුකළේය.

කතරගම කිරිවෙහෙරට පැමිණි ජනපති රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන සංඝනායක රාජකිය පණ්ඩිත කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් බැහැදැක්කේය.

පසුව මහසෙන් දේවාලයට ගොස් දේව ආශිර්වාදය ප‍්‍රාර්ථනා කර කතරගම දේවාල භුමියේ පිහිටි අෂ්ඨ ඵළබෝධිය වෙත පැමිණි ජනාධිපති බෝධි පුජාවක්ද පවත්වා  කතරගම මහා දේවාලයට පැමිණ දේවාශිර්වාද පූජාවකට එක්විය.

කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී. පි. කුමාරගේ මහතා එම වැඩසටහන සංවිධානය කර තිබිණි.

1 2 3



අදහස් (0)

නව වසරට සෙත් පතා ජනපති කතරගම යයි

සුගත් Thursday, 29 December 2016 05:03 AM

වදින්නම් මහත්තයෝ අවුරුද්දට සුභ පතල එස්එම්ස් එවන්න නම් එපා. (බ)

:       0       0

චමින්ද Thursday, 29 December 2016 05:07 AM

දෙවින්ගේම පිහිටයි අපිටත් (නි)

:       0       0

මහේෂ් ඩුබායි Thursday, 29 December 2016 05:41 AM

අනේ අපේ සරල ජනාධිපති තුමෝ ... මේ බොරු වැඩ නවත්තල අර කැලේ කපන එකට විසදුමක් දෙන්නකෝ.. බලි තොවිල්, පුද පුජා , යාග හෝම නැතුවම වැස්ස වැහෙයි .. මෙය තව ටික කලක් හිටියොත් අපේ රටට දෙයියංගෙම පිහිටයි !!! (බ)

:       0       0

රොමේෂ් Thursday, 29 December 2016 05:51 AM

අතොරක් නැති වන විනාශය නතර කළානම් නියම කාලයට වැසි ලැබෙයි. ඒ වැටෙන වතුර ටිකෙන් වැව්වල උපරිම ධාරිතාවය පිරෙන්න වැව්ටික පිළිසකර කළානම් වගාවට අවශ්‍ය වතුර ටික නොමිලේම ලැබෙයි. සහන මිලට පොහොරටික බෙදල දුන්නනම් ගොවියෝ ගෙවිලියෝ සායි, කොටයි, වපුරයි, කපයි. අටු කොටු ඉබේම පිරෙයි. ඉතින් ඔයටික කරන්න ජනතාව තමුන්නහෙට බලය ඉහටත් උඩින් දීල තියෙද්දී වොනවට කතරගම් ගිහින් වෙලාව නාස්ති කරනවද.(බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 29 December 2016 05:54 AM

මෙයාලා ලංකාවෙයි ඉන්දියාවෙයි පන්සල් කෝවිල් වැඳ වැඳ ඉන්නවා මිසක් රට වේගයෙන් ඉදිරියට ගෙනයන පාටක් නෑ. පහුගිය කාණ්ඩේ කළෙත් මේවාම තමා. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 29 December 2016 06:02 AM

ඉන්දියාව වගේම අන්ධ භක්තික නායකයෝ ඉන්නා රටක්. (බ)

:       0       0

ඇසළ Thursday, 29 December 2016 06:20 AM

ඉන්දියාවේ වැඳලා ඉවරවෙලා මෙහෙ දෙවියන්ගෙන් වැස්ස ඉල්ලනවා. විල්පත්තු වන විනාශය ගැන බලන්න කවුරුවත් නැහැ. කැලෑ කැපිල්ල නවත්තලා දැන් එළිකරලා තියන කැලෑවල ගස් හිටවන්න නීති පනවලා නිකන් ඉන්න හමුදාවේ නිලධාරීන් පොඩි හමුදා කාණ්ඩ වලට හදලා ඒ කැලෑ ආරක්ෂා කරන්න යොදවන්න. මෙහෙම ගියොත් තව අවුරුදු 10 ක් යන්න කලින් ලංකාව අරාබිය වගේ කාන්තාරයක් වෙන එක නවත්වන්න බැහැ. (නි)

:       0       0

මොහාන් Thursday, 29 December 2016 06:22 AM

රොමේෂ්, සහන මිලට හෝල්සේල් පොහොර දුන්නා නම් අස්වැන්න කෙසේවෙතත් වකුගඩු රෝගය නම් වැඩිවේවි. (නි)

:       0       0

හිරාන් Thursday, 29 December 2016 06:23 AM

මේ ආණ්ඩුව ගෙදර ගියා නම් ඔය කියන සෑම දෙයක්ම ලස්සනට සිද්ධවෙයි. රටේ ජනතාව අසහනයෙන් ජීවත්වෙනකොට සොබාදහමත් අකාරුණික වෙන එක අහන්න දෙයක්ද. නොපෙනෙන දෙවියෝ පසුපස නොගොස් යථාර්ථයට මුහුණ දෙන්න. (නි)

:       0       0

ලලිත් Thursday, 29 December 2016 06:27 AM

එයාලා නොවෙයි අපියි දෙවියෝ ගාවට යන්න ඕනෑ අපි කරගත් මෝඩකම් වලට සමව ඉල්ලලා. (නි)

:       0       0

පද්මිණී Thursday, 29 December 2016 06:55 AM

රජා අධාර්මික නම් එම රට ශාප ලත් දේශයක්. කලට වැසි නොලැබේ. නමුත් ඔබ තුමා ධාර්මික වුනත් ජනතාවගේ බදු මුදල් මහා දවල් මංකොල්ල කන වනාන්තර වනසන , හොර මුලක් ඔබ වටා ඉන්න බව දන්නා ජනයා දෙස් දෙවොල් තබන හඩ සොබා දම් මාතාවට ඇහෙනවා.. ජන වරම තිබියදී නිසි තීරණ නොගැනීම කෙරෙහි ඔබ දිනක පසුතැවිලි විය යුතුමය. (බ)

:       0       0

සජිනි Thursday, 29 December 2016 07:25 AM

තමන්ගේ පුටුවේ කකුල් හතර කපාගෙන ගිහින් කියලා ජනාධිපතිතුමා දැනගන්නේ 'ඩොග්' ගාලා වැටුණු දවසට. රටේ අගමැති, ජනාධිපති හැටියට ඔබතුමන්ලා හැමතැනම ෆේල්. මෙතුමාට ඉතින් මහින්ද රාජපක්ෂට බැන බැන හරි කියන්න තියෙන්නේ මහින්ද යුගයේ ඇමතිවරයෙකු හැටියට කරපු දේවල් විතරයි. (නි)

:       0       0

දහම් Thursday, 29 December 2016 07:34 AM

මෝඩ කතා කියන්න එපා මොහාන්. දැන් සහල් හිඟයක්. පිටරටින් ගෙනෙන්න යනවා. ඒ පොහොර නොදා හදපු සහල්ද? (නි)

:       0       0

රන්ජිත් Thursday, 29 December 2016 07:38 AM

රොමේෂ්, පිටරටින් ගෙනෙන සහල් රසායනික පොහොර නොයොදා වගාකළ ඒවාද? (නි)

:       0       0

රොමේෂ් Thursday, 29 December 2016 08:21 AM

මොහාන් දන්නේ ඔක්කොම පොහොර රසායනික පොහොර විතරයි කියලා. කාබනික පොහොර කියලා දෙයකුත් තියෙනවා. මම කෙසේවත් සඳහන් කළේ නැහැ රසායනික පොහොර භාවිතයක් ගැන. පොහොර භාවිතය කියන්නේ වෙනමම මාතෘකාවක්. කාබනික පොහොර භාවිතයෙන් පමණක් වුනත් අපේ රටේ ඉල්ලුමට සරිලන සහල් ප්‍රමාණය අපිට වගාකරගන්න ලේසියෙන්ම පුළුවන්. එතකොට පිට රටින් සහල් එනකම් බලන් ඉන්න ඕන නැහැ. ඒවායේ තියෙන රසායනික ද්‍රව්‍ය ගැන හොයන්න රන්ජිත්ලා වගේ අයට වෙහෙසෙන්න ඕනත් නැහැ. (බ)

:       0       0

අංගොඩ ලාල් Thursday, 29 December 2016 08:28 AM

රටේ ජනාධිපති සහ අගමැති තරඟෙට පන්සල් , පල්ලි , කෝවිල් ගානේ ගිහින් මේ රටේ ප්‍රශ්න විසඳන්න පුලුවන්ද ? පරිසර ඇමති හැටියට ජනාධිපති තමන්ගේ රාජකාරි හරියට කරලා මේ රටේ වනසංහාරය සහ පරිසර විනාශ වැලක්වීමට කෙලින් වැඩකරනවානම් මේ වගේ අවිචාරමත් වැඩ කරන්න අවශ්‍ය නැහැ .(බ)

:       0       0

මහේෂ් ඩුබායි Thursday, 29 December 2016 10:17 AM

වෙන රටක පාරවල් වල, වනාන්තර වල ගහක අත්තක් කැපුවත් හිරේ දානවා. එ්කට අපේ රටේ... අක්කර ගණන් කපනවා...එ්ත් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ ගැන කතා කළොත්.... කතා කරපු එකා හිරේ. අනේ අපිත් අවාසනාවන්ත වුනානේ මේ වගේ අය ලබන්න. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 29 December 2016 11:12 AM

කැලා පාලුවෝ පට්ට විදිහට යෝද ගස් කපල කැලා හෙළි පෙහෙළි කරනවා.ඉතින් වැසි වහිවීද?මෙහෙ බෝධි පුජා,බලි තොවිල්, පුද පුජා , යාග හෝම පවත්වනවා.රටට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 29 December 2016 11:13 AM

මහේෂ් ඩුබායි.ඔබගේ සත්‍ය කතාව තේරුම් ගන්න ලංකාවේ අයට බරපතල වැඩියි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 29 December 2016 11:14 AM

එයාලා නොවෙයි අපියි දෙවියෝ ගාවට යන්න ඕනෑ අපි කරගත් මෝඩකම් වලට සමාව ඉල්ලලා. අපේ වටිනා කාලය මුදල් වැය කරලා කර ගත්තු මෝඩ කමට සමාව ඉල්ලලා. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 29 December 2016 11:16 AM

මම ප්‍රතිපත්තිය නැති අයගේ කතා වලට ක්ලික් කරලා බැලුවො එකකින් වැඩි කරන්න කැමති නැහැ.ඒ තරමට අප්‍රසන්නයි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 29 December 2016 11:17 AM

පද්මිණී.ඔබගේ අදහස තමයි සමස්ත ජනතාවගේම අදහස. (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 29 December 2016 12:05 PM

"යහපාලනය" යටතේ කිසිම හොරෙකුට,කම්බා හොරෙකුට,මෙගා හොරෙකුට දඩුවම් ලැබෙන්නේ නැහැ කියන එක ඉර හඳ වගේ විශ්වාසයි. ඔන්න ඉතින් පිලිපීනයේ අලුතින් පත් වුන ජනාධිපති වගේ කොන්ද කෙලින් තියන් නිර්බිත තීන්දු තීරණ ගන්න පුළුවන් නායකයෙක් අපිටත් ලැබුණානම් අපිට ඒ ගැන විශ්වාසය තියන්න තිබුන.මම හිතන්නේ අපි ලබා උපන් හැටි වෙන්න ඇති. (බ)

:       0       0

මහේෂ් ඩුබායි Thursday, 29 December 2016 12:34 PM

මෙහෙම ගියොත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේත් කපන දවස වැඩි අෑතක නැහැ, අපේ පරිසර ඇමති නිදිනේ. එයා ටික දවසකින් කියයි මම දන්නේ නෑ. බොඩිය කපල කියල දැන ගත්තේ පත්තරෙන් කියල (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාවත් හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 0 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 147 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 161 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 327 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 143 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 95 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site