IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නව වසරේ අපේ පැතුම්...

2016 වසර අවසන් වෙලා 2017 වසරට පියනගන සුබ මොහොතේ ඔබ, අප හැමදෙනාගේම නව පැතුම් සිත් තුළ මෝදුවෙනවා. ඉකුත් වසරේ ඉටු කර ගැනීමට නොහැකි වූ කටයුතු සාර්ථක කර ගැනීමත් නව කටයුතු ආරම්භ කිරීමත් හැමෝගෙම සිහිනයන්. එවන් වූ මොහොතක කලා ක්ෂේත‍්‍රයේ රැුඳී තරුවල තිබෙන නව වසරේ බලාපොරොත්තු ගැන කතා කරන්නට සදැල්ලෙන් පුංචි ඉඩක් වෙන් කළා.

 

2016-12-29-ent-85පළමුවැනි චිත‍්‍රපටය

ධනංජය සිරිවර්ධන

නව වසරේ අලූත් බලාපොරොත්තු රාශියක් තියෙනවා. ඒ අතරින් මගේ පළමු සිනමාපටය එළියට එනවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ. ඊට අමතරව ටෙලිනාට්‍යකරණයෙත් සුපුරුදු විදියට නියැළෙනවා. අලූත්ම සිනමා පිටපතකුත් ලියාගෙන යනවා. ඒක අවසන් කරන්නත් හිතාගෙන ඉන්නවා. පෞද්ගලික ජීවිතේ පැත්තෙන් ගත්තොත් නිවසක් සාදා නිම කරන එක තමයි හිතේ තියෙන්නෙ. ඒක කාලයක් තිස්සෙ හිතේ තිබුණු හීනයක්.

 

2016-12-29-ent-84

විවාහ උත්සවය

මුතූ තරංගා

මගෙ ජීවිතේ ලොකු අරමුණු සහ බලාපොරොත්තු නම් නෑ. එකම බලාපොරොත්තුව මගෙ විවාහ උත්සවය ගන්න එක. බොහෝ දුරට ඒ දේ 2017 දී සිද්ධ වෙයි. ඒක තමයි මූලිකවම මට දැනට කරන්න තියෙන්නෙ. වෙන දෙයක් නම් නෑ. ඒත් එක්කම වෙනදා වගේම සුපුරුදු විදියට කලා කටයුතු වලට පුළුවන් විදියට සම්බන්ධවෙලා වැඩ කරනවා.

 

 

ආදරේ මනරම්

දීපිකා පි‍්‍රියදර්ශනී

අඳුරේ මනරම්

ජීවිතේ සරතැස නිවා

ළතැවුල් නොදී සතපා

වේදනාවේ දොරකවුළු වහලා

සිතට සතුටම අරන් ඒ නම්

ආදරේ මනරම්

මම, 2017 වසර ආරම්භ කරන්නේ මේ සුභාවිත ගීතය ගායනා කරමින්. අද හරවත් අලූත් ගීත නිර්මාණය වෙන්නෙ බොහොම අඩුවෙන්. විශේෂයෙන් ප‍්‍රවීණයන් අලූත් ගීත නිර්මාණය නොකරන තරම්. ඒකට හේතුව මේ අලූත් ගීත ප‍්‍රචාරය කරගන්න මාධ්‍ය නොමැති වීම. ඒත් අපි ප‍්‍රවීණයන් විදිහට අලූත් නිර්මාණ රසිකයන්ට දිය යුතුයි කියන තැනයි මම ඉන්නේ. ඒ වගේම ”කවිය ඔබ” ප‍්‍රසංගය සහ සෞන්දර්ය ශාලිකාවෙ වැඩ කටයුතු සමග මම මේ වසරේදිත් කාර්යබහුල වේවි.

 

 

2016-12-29-ent-86අලූත් ගීත පහක්

කරුණාරත්න දිවුල්ගනේ

මේ අලූත් අවුරුද්දෙත් මට වැඩිපුරම කාලය ගෙවන්න වෙන්නේ නිල් දියවර ප‍්‍රසංගය සමග. එය සාර්ථක ලෙස රට වටා ගමනක යනවා. ඊට අමතරව මම අලූත් නිර්මාණ කරමින් ඉන්නේ. මේ වසර ආරම්භයේදීම මම අලූත් ගීත පහක් නිර්මාණය කරනවා. එයින් එකක්, මම මෙතෙක් ගීතයක් ගායනා නොකළ ගීත රචකයකුගෙ වීම විශේෂයක්. අනෙක් ගීත රත්න ශ්‍රී විජේසිංහගෙ සහ යමුනා මාලිනී පෙරේරාගේ. මම හිතනවා ඒ ගීත පහම රසිකයෝ අසීමිතව වැළඳ ගනීවි.

 

 

ප‍්‍රසංග වේදිකාවේ

වසන්ත රෝහණ

මේ වසරත් මම ඉන්නේ ගෘහස්ත සංගීත වේදිකාවේ. අමරසිරි පීරිස්ගෙ හන්තානට සඳ, ටී.එම්. ජයරත්නගෙ සොඳුරු අතීතය, එඞ්වඞ් ජයකොඩිගෙ මාරම්බරී, කරුණාරත්න දිවුල්ගනේගේ නිල් දියවර, අමරසිරි සහ කසුන්ගෙ අමර කසුනඹර යන ප‍්‍රසංග සියල්ලේම නිත්‍ය නිවේදක මම. ඒ වගේම තවත් අලූත් විදිහෙ සුභාවිත ගී ප‍්‍රසංගයක් ගැනත් මම මේ දවස්වල හිත හිතා ඉන්නෙ. මේ අවුරුද්දෙදි ඒ ප‍්‍රසංගයත් වේදිකාවට ගෙන ඒමයි මගේ සොඳුරු පැතුම.

 



අදහස් (0)

නව වසරේ අපේ පැතුම්...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 31 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 2904 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 537 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1039 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 753 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 804 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26100 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1359 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site