(බන්ධුල ඉලේපෙරුම)
නව වසරේ පළමු වරට පාර්ලිමේන්තුව අද(05) රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාල විවෘතව පවතින බවත් මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට පහසුකම් සම්පාදනය කර ඇති බවත් මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් අහඹු ලෙස තෝරා ගත් අයවලුන් සඳහා පී සී ආර් පරීක්ෂණ ගණනාවක් පසුගිය කාලය පුරාම සිදු කළ අතර ඒ අතරින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා නොවූ බවත් මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ජනවාරි(08) වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස් වන අතර මෙතෙක් හිස්ව පැවැති අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් නම්කළ අතුරලියේ රතන හිමියන් අද 9වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිතය.
ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 දී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ රතන හිමියෝ 2010 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 07 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරි පත්වූහ. 2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස 08 වන පාර්ලිමේන්තුවද නියෝජනය කල රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරටයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
sharm warn Tuesday, 05 January 2021 05:33 AM
මොනවද ඉතින් ... ආණ්ඩු පක්ෂෙන් පත්කරලා ඉන්න බුරන්නෝ ටික කට වාචාලව කියවයි. පස්සේ විකාරෙන් වගේ වහලෙ ගැලවෙන කම් බෙරිහන් දෙයි. කථානායක සැසිය අත්හිටුවයි. මේ ඔක්කොම 2500ක් ගාණේ අරගෙන සුපිරි රථයක නැගලා අපිට විරිත්තලා ගෙදර යයි. මීට වඩා වෙන මොනවා වෙයි කියලද හිතාගෙන ඉන්නේ?
Puppa Tuesday, 05 January 2021 06:45 AM
වැඩක් නැති තැනක්. ඕක ගිනි ගත්තා නම් ඉවරයි...