IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නව සන්ධානයකින් එන බව බැසිල් කියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම නව ලකුණකින් නව සන්ධානයකින් තරග කරන බව බැසිල් රාජපක්ෂ මහතා අද (30) කොළඹ මහාධිකරණ භූමියේ පැවැති නඩුවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ පැවසීය.

මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණ උසාවි භූමියෙන් පිටත්ව යන අවස්ථාවේ මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා එසේ කීවේය.

‘ආසන සංවිධායකවරු අස් කිරීම අපි කරන එකක් නෙමෙයි. ඒ කට්ටියගේ වැඩක්‘ යැයි ද බැසිල් රාජපක්ෂ මහතා එහිදී ආසන සංවිධායකවරුන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පැවසූ අතර  ශ්‍රීලනිප සංවත්සරයට සහභාගි වන්නේදැයි ඇසූවිට තමන් ඊට සහභාගී නොවන බවද ඔහු සඳහන් කළේය.

 



අදහස් (0)

නව සන්ධානයකින් එන බව බැසිල් කියයි

කෝසල Tuesday, 30 August 2016 06:17 PM

අපි බලමුකෝ ඔය කියන දේවල් කෙරෙයිද කියලා (නි)

:       0       0

දේවිකා Tuesday, 30 August 2016 06:35 PM

මේවා අහන මිනිස්සු ලංකාවේ තවත් ඉන්නවද? (නි)

:       0       0

ජයතු Tuesday, 30 August 2016 06:49 PM

එයාලා රටට ඔහොම පෙන්නුවාට ඇතුළු පැත්ත වෙනස්. ජනතාව තමා මෝඩයෝ (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 31 August 2016 08:27 AM

බැසිල් කරන්න යන්නේ ජෝන් බාස්ගේ වැඩේ තමයි, ඒ කියන්නේ මහින්ද හිටපු ජනාදිපති තුමා සදහටම දේශපාලනයෙන් පන්නා දමනයි මෙයා වැඩ කරන්නේ. මෙයාව දේශපාලන රැස්වීමකට ගෙන්නගන්නවත් වටින්නේ නැහැ මොකද බැසිල් නිසයි මහින්ද රාජපක්ෂ මහතාගේ ශක්න්තිමත් ආණ්ඩුව බිද වැටුනේ . (අ)

:       0       0

පද්මිණි Tuesday, 30 August 2016 07:43 PM

හිනා යන්නේ නැද්ද, මේවා කියන්නේ ජනතාවගේ මුදල් අවභාවිත කරලා කියන නඩුවට ආ ගමන්ලු. රටේ මිනිස්සු මීහරක් කියලා හිතනවා ඇති (නි)

:       0       0

කළුපහන Tuesday, 30 August 2016 07:49 PM

මොන සන්ධානයකින් ආවත් මිනිසුන්ට අතීතය හොඳට මතකයි (නි)

:       0       0

නාරංගොඩ Tuesday, 30 August 2016 08:03 PM

නැති බැරි අහිංසක අපේ සල්ලි වලින් කෝටිපතියන් වුණ මේ මහත්මයාට නැවත කතිරයක් ගහන්න මම නම් මෝඩයෙක් නෙමෙයි. (නි)

:       0       0

අශාන් Tuesday, 30 August 2016 08:20 PM

ජයවේවා! නියමයි (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 30 August 2016 09:34 PM

මම මෙතුමා සමඟ වැඩකළ කෙනකු හැටියට මම හිතන්නේ මේ එදා මා දුටු කෙනාද කියා මට හරි පුදුම හිතෙනවා. මම දන්න කාලේ නම් මොහු බොහොම නිරහංකාර මිනිසෙක්. දැන් මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 30 August 2016 10:17 PM

වෙස්මූණු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ... පැරදුන ගමන්ම අයියා දමා ඇයි රට පැන්නේ... (නි)

:       0       0

විජේ Tuesday, 30 August 2016 10:25 PM

වෙන රටවල දූෂණයන්ට ලක්වූවන්ට ඡන්දේ ඉල්ලන්න බැහැ. ඒ විතරක් නොවේ, ඔවුන් ඡන්දෙ ඉල්ලන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉල්ලුවොත් වෙන දේ දන්නවා. ඒ වුණාට ලංකාවේ, එ්ක සුදුසුකමක් වෙලා. මේ ඔක්කොටම වැරදිකාරයෝ කවුරුද? වෙන කවුරුවත් නොවේ, ඔබයි (නි)

:       0       0

සුමුදු Tuesday, 30 August 2016 10:42 PM

බැසිල්ගේ නඩු ටිකට මොනවා වෙයිද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ (නි)

:       0       0

නිමල් Tuesday, 30 August 2016 11:28 PM

එතකොට පක්ෂ මූලස්ථානය කොහෙද? (නි)

:       0       0

සිසිල් Tuesday, 30 August 2016 11:37 PM

මොකක්ද ඔය අලුත් පක්ෂයේ නම? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 31 August 2016 12:38 AM

බැසිල්ලා වටා එක්රොක් වෙන්නේ මොනවගේ කට්ටියද කියලා අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

ආනන්ද Wednesday, 31 August 2016 12:59 AM

අනේ ඉතින් අපි මොනවා කරන්නද? මහින්ද මහත්තයාගේ දේශපාලන ගමනේ අවසානය. (නි)

:       0       0

මාලක Wednesday, 31 August 2016 01:12 AM

ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 31 August 2016 01:14 AM

ලජ්ජා බය නැති මිනිසා වඩාත් ළංවන්නේ මිනිසාට නොව නොදියුණු වානර ගණයටය. දහසක් මිනිසුන් මැද ස්ථානය කොතන වුණත් ඔවුන් හැසිරෙන්නේ ඒ විලසින්මය. (නි)

:       0       0

අරවින්ද Wednesday, 31 August 2016 01:25 AM

ඔය සන්ධානයට සුදුසු නමක් තවම හිතලා නැද්ද? (නි)

:       0       0

රොහාන් Wednesday, 31 August 2016 02:02 AM

මෙම සන්ධානයේ නම මොකක්ද? (නි)

:       0       0

රෝහණ Wednesday, 31 August 2016 02:35 AM

ටිකිරි බණ්ඩා - නුගේගොඩ, ඔබ හරියටම හරි. (නි)

:       0       0

දුමින්ද Wednesday, 31 August 2016 03:13 AM

මහ බැංකු මහ මංකොල්ලයටත් වඩා හොරකම් කරපු කෙනෙක්ද (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 31 August 2016 03:22 AM

මිනිස්සු රෑ වැටුන වලේ දවලුත් වැටෙනවද යාළුවා ? (ම)

:       0       0

සමන් Wednesday, 31 August 2016 03:28 AM

රටට වැඩක් කරපු මනුස්සෙයක්. ඒ් දක්ෂතාවය අගය කළ යුතුය. (ම)

:       0       0

සිසිලි Wednesday, 31 August 2016 03:52 AM

දිවි නැගුමනම් ඉවරවුණා. දැන් මොන නැගුමකටද දන්නේ නැහැ සැරසෙන්නේ. (ම)

:       0       0

රත්නායක Tuesday, 30 August 2016 01:01 PM

අලුත් පක්ෂ වලට රටේ අනාගතයක් නැහැ .විහිළු වැඩක් (බ)

:       0       0

රොහාන් පෙරේරා Wednesday, 31 August 2016 06:02 AM

හැමදාම යූඑන්පිය පරද්දන්න සන්ධාන ගහනවා ඊට පස්සේ එම සන්ධානේ යූඑන්පියට පරදිනවා ඕක තමයි හැමදාම සිද්ධ වුණේ. මේවා විහිළු (බ)

:       0       0

වීරවර්ධන Wednesday, 31 August 2016 06:21 AM

ඔය හිතනවාද ඔයාලට දිනන්න පුළුවන් කියල. 54 ලක්ෂයම ආයෙත් ඡන්දය දෙයිද (බ)

:       0       0

සහන Tuesday, 30 August 2016 02:00 PM

අනේ ඔය නිසා තමයි අයිය පැරදුනේ. තුන්වැනි වතාවත් පරද්දන්නද හදන්නේ ඔය මනුස්සයව (අ)

:       0       0

විජේපාල Tuesday, 30 August 2016 02:39 PM

කවුරු මොන සන්දාන වලින් ආවත් අපි තමයි හැමදාම කාටහරි රැවටෙන්නේ. බලය තියනකොට මොලය නැහැ මොලය තියනකොට බලය නැහැ. ජනතාවට දීපු පොරොන්දු ඉටුකරලා ජනතාවට යහපතක් කරපු පක්ෂයක් මේ රටේ කොතනකහරි තියෙනවද. (අ)

:       0       0

ධම්ම Tuesday, 30 August 2016 03:09 PM

එන්න එන්න අපි දෙන්න බලාගෙන ඉන්නේ. (අ)

:       0       0

සෙනෙවිරත්න Tuesday, 30 August 2016 03:24 PM

බැසිල් මහත්තයා නැතිව කොහොමද? දැන් බලන්න ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක යුගය වාගේද? රාජපක්ෂ යුගය. අයිතිකාරයන් නැති කෝටි ගණන් බැංකු ගිනුම් ඉඩකඩම් ඒවා නැවත අයිතිකාරයන්ට හිමිකර දෙන්න බැසිල් මහත්තයාලා ආ යුතුවේ. (අ)

:       0       0

තිස්ස Tuesday, 30 August 2016 03:20 PM

මහින්ද ගේ තුන්වෙනි පරාජය (අ)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Tuesday, 30 August 2016 03:28 PM

නියමයි බැසිල් මහත්තය අලුත් සංධානයකින් අණ්ඩුවකුත් හදල අර්ථික සංවර්දන ඇමතිකම මට දෙන්න .එතකොට මට මල්වානෙන් කෝටි 15 ගෙයක් මාතරින් කෝටි 5 ගෙයක් එහෙම ගන්න බැරිය නේද (අ)

:       0       0

පතිරණ Tuesday, 30 August 2016 03:41 PM

ලැජ්ජාවක් තියෙන මිනිහෙක්ද? (අ)

:       0       0

චන්ද්‍රා Tuesday, 30 August 2016 03:48 PM

අලුත් විදිහකින් තරග කරන්නේ රටට සහ ජනතාවට මක්කා කොරන්නද ? කොරගත්තු එව්වා මදිවයි හැබැට. (අ)

:       0       0

සමන් Tuesday, 30 August 2016 03:47 PM

මොකද මේ සමහරු දැන්මම කලබල වෙලා. තමන්ට පක්ෂ වලට තර්ජනයක් නැත්නම් සද්ද නැතුව ඉන්න එකනේ තියෙන්නේ. (අ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 30 August 2016 04:21 PM

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පරාජයට බලපෑ මුලිකම සාධක දෙක තමයි මෙතුමා හා ගෝඨාභය රාජපක්ෂ මහතා. කාට තිත්ත වුණත් ඇත්ත ඒකයි (අ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Tuesday, 30 August 2016 04:22 PM

ජිවිත කාලයම හිරේ ඉන්න ඕනේ මිනිස්සු එළියේ.රටකට ගිය කලක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 143 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2265 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 873 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2555 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1544 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2800 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site