IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


‘නේවි සම්පත්ට‘ රට පනින්න නාවික හමුදාවෙන් ලක්ෂ 5 ක්

(නිමන්ති රණසිංහ)

හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමැත්තාට මැලේසියාවට පලායෑම සඳහා නාවික හමුදාවේ ගිණුමකින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණයවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම ගිණුම නාවික හමුදාවේ කිනම් ගිණුමක්ද, එයින් මෙම සැකකරුට මුදල් ලබා දී ඇත්තේ කුමන කරුණක් නිසාදැයි යන්න සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගත යුතුව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය  දැනුම්වත් කළේය.

මෙම මුදල ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබාදුන්නේදැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුව ඇති බැවින් එම ගිණුම පිලිබඳව විමර්ශනය සඳහා එය අයත් ලංකා බැංකු ප්‍රධාන ශාඛාවේ කළමනාකරු වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනත්ුව අධිකරණයෙන් ඉල්ලීය.

ඒ අනුව, අදාළ බැංකු ගිණුම සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසට දැනුම්දෙමින් මහේස්ත්‍රාත්වරිය ලංකා බැංකුවේ ප්‍රධාන ශාඛාවේ කළමනාකරු වෙත නියෝගයක් නිකුත් කළාය.

 



අදහස් (19)

‘නේවි සම්පත්ට‘ රට පනින්න නාවික හමුදාවෙන් ලක්ෂ 5 ක්

රොෂාන් Thursday, 16 August 2018 05:09 AM

ඔන්න ලංකාවේ තත්ත්වේ. ලංකාව කියන්නේ ජිවත් වෙනඩ නොසුදුසු අසමත් රාජ්‍යක්.

:       716       1003

රවින් Thursday, 16 August 2018 05:11 AM

කොහොමහරි හැමදෙනාම උත්සහ කරන්නේ තමන්ගේ මතය හරි කියලා ඔප්පු කරන්න. අධිකරණය බැලිය යුත්තේ සදාරණත්වය ඉෂ්ටකරන්න. අන්තිමට තැලෙන්නේ රටේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය .

:       126       806

Senarath Thursday, 16 August 2018 06:36 AM

ඡන්දයක් කිට්ටුවෙනකොට මේ ගොල්ලන්ට අමුතු අමුතු දේවල් දැනෙන්න පටන් ගන්නවා. මේ සිද්ධිය දැන් කතාකරන්නේ අරුදු කියක සිටද ? මේ තරමටම අපේ පොලිසිය අකාර්යක්ෂමද ? එහෙම නැත්නම් දක්ෂ නිලදාරින්ට පරීක්ෂණ පවරන්නේ නැතිව දේශපාලන ගැත්තන්ට ඒවා බාර දීලද ? අපේ රටේ පොලිසිය ගැන ජනතාව කලකිරෙන එක පුදුමයක් නෙමෙයි.

:       828       2133

සතයපාල Thursday, 16 August 2018 07:05 AM

නේවී සම්පත්ට ආරක්ෂාව දීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයකුට එරෙහිව චෝදනා තිබෙනවා ඔහුව මේ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත යුතූව තිබුණත් ඉහළ බලධාරියකූගේ මැදිහත්වීම මත ඔහු අත් අඩංගුවට පත්වීම නතර වී ඇත.

:       1121       1466

sirimal Thursday, 16 August 2018 07:42 AM

මෙවැනි කටයුතු සඳහා තීන්දු තීරණ ගැනීමේදී අවශ්‍ය අණ ලබාදුන්නේ කවුද කාගේ අනුමැතියකින්ද කියා සොයා බැලීමත් වැදගත් වෙනවා. හමුදා සහ පොලිස් නිලධාරින් නීති විරෝධිව කටයුතු කර ඇති අවස්ථා වලදී දේශපාලන න්‍යාය පත්‍ර වලට අනුකූලව ඔවුනට " රණවිරු" ලේබලයක් අලවා උද්ඝෝෂණ, පෙළපාලි, මාධ්‍ය ප්‍රකාශන ආදිය දියත් කර මහජන මතයක් ගොඩනංවා "මෙවැනි අවස්ථා වලදී නිතිය ක්‍රියාත්මක කිරීම වරදක් බවට" පත් කිරීමට උත්සාහ ගන්නා මිනිස්සු ඉන්නා එකම රට ලංකාව විය යුතුය.

:       723       929

janu Thursday, 16 August 2018 08:24 AM

හසලක ගාමිණී වීරයා දිවිපිදුවේ නැතුව ජීවතුන් අතර හිටියනම් එතුමාටත් අනිවාර්යෙන්ම නඩුවක් දානවා , මෙවන් රටක් ලොවෙත් නැතී ..

:       2603       2516

Uditha Thursday, 16 August 2018 08:58 AM

මල්ලෙන් එළියට තව මොන මොනව පනීද දන්නේ නැහැ....

:       69       107

janatha anura Thursday, 16 August 2018 10:07 AM

මේවත් සිදුවෙන්න ඇති අපි හිටියේ දිනපතාම මිනිසුන් දරුවන් ගැහැණුන් මිය ගිය රටක මේවයින් මිදෙන කොට අකටයුතු දේවලුත් අනන්තවත් සිදු වෙනවා 900 පොලිස් නිලදරුවන් මරා දැමීම ගැනත් ( පාක්ෂිකයන් වග කිව යුතුය) සොයා බලන්න

:       8       406

anura Thursday, 16 August 2018 10:09 AM

පොලිසියේ 850 ට වගකිවයුතු පක්ෂයේ පාක්ෂිකයන් අට ලක්ෂ පනස් දහසක් වත් රටින් නෙරපා දැමිය යුතුය.....

:       245       319

sena Thursday, 16 August 2018 10:59 AM

අනවශ්‍ය වැඩනොකර රස්සාව කරගෙන හිටියානම් කොච්චර හොදට ඉන්න තිබුනාද

:       372       294

rohana Thursday, 16 August 2018 03:42 PM

සිරිමල් ඔබ හරි

:       14       29

amith Thursday, 16 August 2018 09:17 PM

මහබැංකුවේ අධිපතිට රට පැන ගන්න සල්ලි දුන්නේ කොහොමද?

:       1       1

බද්රානි Thursday, 16 August 2018 10:01 PM

සර්පයින් බහුතරයක් සිටින රටක දල දෙකක් හෝ, අන් දෙකක් හෝ ආයුධයක් තිබේ නම් ඒ පුද්ගලයා රටේ නායකත්වයට පවා සුදුසුයි කියා දැනටමත් ඔප්පුවී හමාරයි. මිනිසුන් මරා දමා, මුර්ගයින් ආරක්ෂා විය යුතුයි කියා ප්‍රර්ථනා කරන මුග්ධයින් සිටින රටක අවසානයේ ඉතිරිවන්නේ, සර්පයින්ම මිස වෙන කවුරුද?

:       2       1

Indrajith Friday, 17 August 2018 12:57 AM

පසුගිය රජය ආරම්භ කරපු දේවල් පේනවනේ...

:       6       1

Chanak Los angeles Friday, 17 August 2018 01:09 AM

ලංකාව වැනි රටක පාලනය අතට ගත් පුද්ගලයා වැඩ කරන්නේ ඔහුට හිතුණු ආකාරයටයි. එ්කනේ නිසි සුදුසුකම් නොසපුරා බලය මත පුත් රුවනට නාවික හමුදාවේ ඉහල නිලයක් ලබාදුන්නේ.. එහි ඉඳිමින් කළ දේවල් වෙනමම ලියන්න වෙනවා.. ලෝකය එලෙසම පවතිනවා. නමුත් ලෝකය තුළ ඇතිවෙමින් පවතින දේවල් වෙනස් නොවන්නේ නැහැ. හිටපු පාලකයෝ හිතුවේ හැමදාම අපි තමයි රජාල කියලයි.. මේවා එළියට එනකොට ඔවුන් නීතිය රජය පෙරලන්න ක්‍රියාකරනවා. අවාසනාවට පවතින රජයේ ඉහළ දේශපාලකයෝත් මොවුන්ට එ් සඳහා උදව් උපකාර කරනවා.. අවසානයේ මේ අපරාධ කළ අය දන්නවා වුනත් එම දේශපාලකයන්ගේ උපකාරය මත එම අපරාධ හා එවා කළවුන් රටට හෙලිනොවීම අවිනිශ්චිත ගිණුමේ බැර වෙනවා...

:       53       22

sensa Friday, 17 August 2018 03:06 AM

නඩු තීන්දු හා නඩු ආශ්‍රිත කරුණු පත්තරෙන් මහජනතාවට බලන්න ලැබුණට අපිට තීන්දු ගන්න බෑ. ජනතාවට අවශ්‍ය වන්නේ සියලුම කරුණු කාරණා ඒ ඒ වගකිය යුතු ඇත්තන් විසින් ඉතාමත් සාධාරණව කල්මරන්නේ නැතිව විසඳයි කියන එකයි. ඔය කොයි කවුරුත් දේශපාලකයින්ට ඡන්දෙ දීලා පත්කලේ ඔය ටික රටේ ස්ථාපිත කරන්නයි. දේශපාලකයින් හා වගකිවයුතු බලධාරින් සියල්ල වහවහා විසඳයි කියා අපි බලාගෙන සිටිමු.

:       0       0

pawan Friday, 17 August 2018 03:11 AM

මට තියෙන ගැටලුව මේකයි. 88-89 කාලේ අපේ සිංහල තරුණ තරුණියෝ එකොළහක් නෙවේ හැටදාහක් අතුරුදන්වුනා හෝ මරලා දැම්මා. ඒවාට පරීක්ෂණ කෝ...? එකම හමුදා නිලධාරියෙක්වත් අත්අඩංගුවට ගත්තාද? ඔය කමෙන්ට් දාල තියෙන සිරිමල්, රෝහණ ආදී පාට කන්නාඩිකාරයෝ උත්තර දෙනවද?

:       217       504

DhammikaFriday, 17 August 2018 08:09 AM

ඒ ගැන හොයන්න චන්ද්‍රිකා දෙපාරක් බලයට පත්වුණා. මහින්ද දෙපාරක් බලයට පත්වුණා. දැන් මහින්දගේ වැරැදි රනිල් වහනවා. අපි නිල්, රතු, කොළ වලට බෙදිලා බුකියේ මරාගන්නවා. ලෝකෙන් උතුම් රටට වෙච්ච විනාශයක්...

:       0       17

Nimantha Friday, 17 August 2018 04:30 AM

නාවික හමුදාවේ ඉන්න රණවිරුවන්ව දඩයම් කරන්න උත්සාහ කරන යටිකූට්ටු වැඩ පිළිවෙලක තවත් ජවනිකාවක්... මේවා විශ්වාස කරන තණකොළ කන යූ.එන්.පී එකේ මන්ධබුද්ධික රැලක් ඇති. ඒත් රටේ බහුතරය තේරුම් අරන් ඉවරයි රට පාලනය කරන ගොන් රැල රට කොහාටද අරන් යන්න හදන්නේ කියලා.

:       460       527

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 529 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 266 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 362 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1041 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 594 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3923 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 596 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site