IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණි ඇවන්ට්ගාඩ් මැරිටයිම්ස් ආයතනයේ සභාපතිවරයා වන යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් මෙරටට පැමිණි අවස්ථාවේදීය.

එසේම, ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පවතින නඩුව සඳහා මෙම සැකකරු අද (17) සවස 2.00ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

 



අදහස් (26)

නිශ්ශංක සේනාධිපති අත්අඩංගුවට

sudda Thursday, 17 October 2019 12:46 AM

එතකොට දැන් දිල්රුක්ෂිටත් උසාවි එන්න වේවිද?

:       1       87

අන්ජබජල් Thursday, 17 October 2019 02:21 AM

තව ටික දවසකින් ගෝඨාභයත් ඉවරායි...!!!

:       1470       1358

chandiThursday, 17 October 2019 05:28 AM

තව ටික දවසකින් ගෝඨා දින්නහම ඕවා ඉවරයි තමයි.

:       27       271

Rasika PradeepThursday, 17 October 2019 09:34 AM

මේවා දේශපාලන වාසි බලාගෙන දාපු නඩු කියන එක දැන් හොඳටම පැහැදිලියි. ආර්ථික දැක්මක් නැති දේශපාලන බලවාදයම මූලික කරගත්ත කුහක දේශපාලනයක ඉත්තන් වෙන්න මේ මිනිස්සුන්ට සිද්ධ වෙලා. රටක විදේශ විනිමය ඉපැයීමට හැකි දේශීය ආයෝජන අවස්ථාවන් දියුණු කිරීම වෙනුවට මේ වගේ දේශපාලනික අරමුණු වෙනුවෙන් පාවාදීම කුමන දේශපාලනික කොනකින්වත් සාධාරනීකරණය කළ නොහැක්කක්.

:       171       141

ajith Thursday, 17 October 2019 02:38 AM

ලංකාවේ සියලු මහජන නියෝජිතයන්ට හා නිලධාරීන්ට ඍජුව හෝ වක්‍රව කතා කිරීමට නීතියෙන් තහනම් කර තිබෙන 'වෙනම නිජබිමවල්', ස්වයං පාලනය වගේ මාතෘකා ගැන යෝජනා අපේක්ෂකයින්ට ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන්නේ කොහොමද?

:       117       444

nisha Thursday, 17 October 2019 02:42 AM

පසුගිය නඩු වාරයේදී ඔහු ලංකාවට පැමිණෙන බව අධිකරණයට දැනුම් දුන්නා වගේම ඔහුගේ පැමිණීමට බාධාවූ සියලු නියෝග අධිකරණය අහෝසි කළා.

:       272       191

rocky Thursday, 17 October 2019 02:47 AM

ගෝඨාභය ආපු හැටියේ මිනිහා නිදහස්..! මිනිහව අත්අඩංගුවට ගත්තු නිලධාරීන් ගස්..!

:       184       419

naushiThursday, 17 October 2019 07:40 AM

රොකී කියපු දේ 100%ක් සහතික ඇත්ත...

:       11       24

ranjith Thursday, 17 October 2019 02:51 AM

ලංකාව කියන්නේ අයාලේ ගිය රටක්... බුද්ධාගමේ ආරක්ෂාව අභිවෘද්ධිය ව්‍යවස්ථාවෙන් දක්වා තියෙන රටේ බුදු පිළිමයකට රත්තරන් දීලා හිරේ ඉන්න කොට බෝම්බ කරුට තඹ දීලා නිදහසේ ඉන්නවා. යුද ජයග්‍රහණය කතා කරන්න තහනම් රටේ නීතියෙන්ම තහනම් ස්වයන් පාලනය කතා කරන්න තහනමක් නැහැ. කාටද පිස්සු?

:       706       855

NuwanThursday, 17 October 2019 06:14 AM

සහතික ඇත්ත.. නමුත් තවමත් තණකොළ කන ජන්ද දායකයෝ ඉන්න නිසා අවුලක් නැහැ හැමදාම ඔහොම තමයි

:       4       52

jaazThursday, 17 October 2019 08:49 AM

බෝම්බකරුට තඹ දෙන්න ලියුම දීලා තියෙන්නේ ජනාධිපති, ශාන්ත බණ්ඩාර හරහා, හිස්බුල්ලා ඇමැතිකමෙන් අස්වෙලා ආණ්ඩුකාරකම් කළා. ශාන්තයා ඇමති වුණා...!!!

:       0       8

raman Thursday, 17 October 2019 03:08 AM

තහනම් වචනය - දිල්රුක්ෂි ඩයස්.

:       3       129

saliya Thursday, 17 October 2019 03:25 AM

සජිත් මැතිතුමනි, ඔබ දිහා මුළු රටම බලා සිටිනවා. ටී.එන්.ඒ යෝජනා ඉවතලන්න. අපි අපේ පක්ෂය අලුතින් ගොඩනගමු.

:       525       353

Deepal Nirosh Thursday, 17 October 2019 03:26 AM

ගෝඨාට එන්න ලැබෙන්නේ කොහෙද? මේ ජයග්‍රහණයේ පළමු පියවර. මෙයාගෙ කට උත්තර අනුව තව ටික දවසකින් ගෝඨා ඉතින්... ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා කට ඇරියේ බොරුවට නොවෙයි..

:       285       177

ramanThursday, 17 October 2019 04:16 AM

එතකොට දිල්රුක්ෂිව සාක්කියට කැඳවලා ඔය නඩුව දාන්න කිව්වේ කවුද කියන එක ඇහුවම මොකද වෙන්නේ.

:       0       67

ramanThursday, 17 October 2019 04:17 AM

ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා කට ඇරියේ බොරුවට නොවෙයිද? හේශානම් ඉතින් අම්මවයි තාත්තවයි ජම්පර් අන්දන්නත් අරීවී. මතකනේ ඔය පුතා ඒ දෙන්නව උසාවි ඇරලා තමුන් මගහැරපු හැටි. ඒ නිසා අපි එයා ගැන කතානොකර ඉම්මු.

:       45       86

ruwan Thursday, 17 October 2019 03:45 AM

සජිත් මැතිතුමනි ඔබ දිහා මුළු රටම බල සිටිනවා. ටි එන් ඒ යෝජනා ඉවතලන්න. අපි අපේ පක්ෂය අලුතින් ගොඩනගමු.

:       165       239

SankaThursday, 17 October 2019 07:45 AM

සජිත් මැතිතුමා දිනන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි...මොකද රට පුරාම ඡන්ද රැළිවල ඉන්න සෙනඟ දැක්කම කෙලින්ම කියන්න පුළුවන්. අනික ගෝඨා පිළිගත්තා යුද්ධය දිනුවේ සරත් ෆොන්සේකා.. යුද්ධය මෙහෙයවපු නිසා කියලා. ඉතින් සජිත් දිනුවම, සරත් ෆොන්සේකා හමුදාපති කළාම මුළු රටම ආරක්ෂිතය්. සජිත්ට ජයෙන් ජය....

:       19       309

suddaThursday, 17 October 2019 08:33 AM

ටීඑන්ඒ සහ ඔවුන් පසුපස ඉන්න කොටින්ටත් ජයෙන් ජයද? දැන් හිතන්න වෙනවා අර මැලේසියාවේ ආණ්ඩුව කියන දේ ඒ රටේ කොටි සල්ලි එකතු කරනවා කියලා...

:       200       19

wijesinghe Thursday, 17 October 2019 03:50 AM

පාරම්පරික පාක්ෂිකයන් ඈත් වුණු ප්‍රධානම හේතුව රනිල්ගේ කොටි හිතවාදී බව. ඒ නිසා ටී.එන්.ඒ යෝජනා ඉවතලන්න ඔබ රැකගන්න අපි සුදානම්...

:       82       129

disasekaraThursday, 17 October 2019 04:34 AM

ගෝටට රන්වික්‍රම පදක්කම් දුන්නේ ඔබතුමාගේ පියා. එතුමා අනුස්මරණය කරන්නට ටි එන් ඒ යෝජනා ඉවත දාමු . රනිල්ගේ ඇම ගිලින්න එපා.

:       3       118

samThursday, 17 October 2019 05:37 AM

ඒ කියන්නේ තාත්තගේ පුතා නේද? තාත්ත යුද්ධය දීපු නිසා පුතාත් මොනවහරි දෙන්න ඕන ඇති. චී චී, යුද්ධේ අන්තිමේදී කිව්ව දේවල් දැන් මතක නැහැ වගේ.

:       68       9

Uditha - Lodnon Thursday, 17 October 2019 04:45 AM

අලුත් නාට්‍යක්...

:       0       123

මුණසිංහ Thursday, 17 October 2019 06:22 AM

දැන් ඉතින් ආණ්ඩුවේ මැති-ඇමැතිවරුන්ගේ පටි ගැලවෙනවා. සේනාධිපති ඔක්කොම වමාරයි. පහුගිය ඡන්දයේදී එයාගෙන් සල්ලි ගනිපු අය ගැන. ගාල්ලේ ඇමතිවරයෙකුත් ඒ ලැයිස්තුවේ උඩින්ම ඉන්න බව ආරංචියි...

:       0       121

sirimal Thursday, 17 October 2019 08:07 AM

අපරාදේ දැන් අවේ. ලබන මාසේ 17 ආවානම් මල් මාලා දාල පිළිගන්න තිබුන.

:       0       38

sumith Thursday, 17 October 2019 08:38 AM

අනේ මල විකාර..., අපට මොකෝ කවුරු හිරගෙදර ගියත්.., එක නොවේ කතාව දැන් ලොකු ළූණු කිලෝවක් රුපියල් තුන්සීය පැනලා...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 614 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 147 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 381 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 502 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 101 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 461 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 721 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 506 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site