(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබා ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘‘ඇවන්ට් ගාඩ්‘‘සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන නොවැම්බර් මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) නියම කළේය.
නඩුවට ඉදිරිපත්වීමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ලංකාවට පැමිණි නිශ්ශංක සේනාධිපති මහතාට ඇප නියම කරන්නැයි ඔහුගේ නීතීඥවරුන් කළ ඉල්ලීම් ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට ඇප නියම කළහොත් එය යුක්තිය ඉෂ්ඨවීම කෙරෙහි අන්‍යාකාරයකින් බලපෑම් විය හැකි බව පෙන්වා දුන්නේය.
විත්තිකරු විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සැළකිල්ලට ගැනීමේදී විත්තිකරුට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි තරම් බරපල රෝගී තත්වයක් එම වෛද්‍ය වාර්තා වල සඳහන්ව නැති බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල විත්තිකරුට විදේශගතවීම වළකාලමින් ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ගුවන් ගමන් තහනමක් නිකුත් කර තිබුණත් ඒ පිළිබඳව මෙම අධිකරණයට දැනුම් දීමට හෝ විත්තිකරු පියවර ගෙන නැති බව විත්තිකරුට ඇප ප‍්‍රතික්ෂේප කරමින් සඳහන් කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා පත්කළ මහධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගණේපොල (සභාපති) , ආදිත්‍ය පටපැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.
මෙම නඩුවට අදාලව චෝදනා ලැබ සිටින විත්තිකරුවන් 13 දෙනාගෙන් මීට පෙර දිනයේ අධිකරණයේ පෙනී සිටි විත්තිකාර රක්නා ලංකා සමාගම හා විත්තිකරුවන් 08 දෙනකු අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් බවට වූ කොන්දේසියක් මත එක් අයෙකු රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා මුදල් හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල නියම කෙරිණි.
එම විත්තිකරුවන් 08 දෙනාට මෙන්ම එදින අධිකරණයේ පෙනී නොසිටි විත්තිකරුවන් සිව්දෙනාගේ නීතීඥවරුන්ටද ත‍්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙලෙස විවෘත අධිකරණයේදී අධිචෝදනා පත‍්‍ර බාර දෙනු ලැබිණි.
චෝදනා 7573 ක් යටතේ නීතීපතිවරයා විසින් පවරන ලද නඩුවේ අධි චෝදනා පත‍්‍ර හා ඊට අදාළ ඇමුනුම්ද මෙලෙස බාරදුන් අතර එලෙස බාරදුන් ගොනු අතර මෙම නඩුවේ සාක්කිකරුවන්ගේ ප‍්‍රකාශ හා සැකකරුවන්ගේ ප‍්‍රකාශ මෙන්ම නඩු භාන්ඩ වල තොරතුරු ඇතුළත් වෙලුම් තුනකින් සමන්විතය.
මෙම නඩුවේ විත්තිකරුවකු වන ‘එම්.වී.ඇවන්ට් ගාඩ්’ නෞකාවේ කපිතාන් ගෙනඩි ග්‍රැව්රිලෝන් නමැත්තාට එරෙහි අධිචෝදනා පත‍්‍රයේ යුක්රේන් භාෂාවේ පිටපතක් නඩුවේ අධිචෝදනා කියවා දීමට පෙර විත්තිකරුට බාරදීමට පැමිණිලි පාර්ශ්වයට නියම කළේය.
නීතීපති දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරන ලදී.
චෝදනා 7573 ක් යටතේ විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක මෙවැනි අධිචෝදනා ප‍්‍රමාණයක් ඉදිරිපත් කර ඇත්තේ ප‍්‍රථම වතාවටය.
මෙම සිද්ධිය හේතුවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇති වූ ආන්දොළනාත්මක තත්ත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කර ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිශ්ශංක සේනාධිපති රිමාන්ඩ්
රංග තෙනුවර Thursday, 17 October 2019 01:55 PM
මෙයා හිතාගෙන ඉන්නේ එයාගේ සල්ලිවලට සියලුම මාධ්‍ය මිලට ගන්න පුළුවන් කියලා. ලංකාදීප පුවත්පත එහෙම නැතිව ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීම ගැන අපගේ ප්‍රණාමය...!!!
MaheeThursday, 17 October 2019 03:06 PM
ඇත්ත, සියලුම මාධ්‍ය මිලට ගන්න බැහැ. නමුත් අපි නොදකින දේ මොකක්ද දන්නවද? බොහොමයක් මාධ්‍ය කැමැත්තෙන්මයි එක එක අපේක්ෂකයාට කඩේ යන්නේ. සමහර මාධ්‍ය ආයතනවල අයිතිකරුවන්ට නඩු තියෙනවා. ඒවායින් බේරෙන්න ඕනෑ. සමහරුන්ගේ නෑදෑයෝ හිරේ ඉන්නවා. ඔවුන්ව එළියට ගන්න ඕනෑ. සමහරුන්ට පුද්ගලික තරහා මරහා පිරිමහගන්න තියෙනවා. සමහරු ආණ්ඩුවේ අයිතිය හින්දා ආණ්ඩුවට කඩේ යා යුතුමයි. ඒ හින්දා සියලුම මාධ්‍ය මිලදී ගන්නම ඕනෑ නැහැ. වැඩේ නිකම්ම කෙරෙනවා. අපි නිකම් බොරුවට උගුර කඩා ගන්නවා 'නිදහස් මාධ්‍ය, මාධ්‍ය සදාචාරය' වගේ හිස් වචනවලට...
SuranimalaFriday, 18 October 2019 02:10 AM
මේගොල්ලෝ බොරු ලෙඩ පෙන්නලා බොරු නීති තර්ක ගෙනල්ලා නීතියෙන් පැනලා යන්න හදන්නේ. ඒත් මුළුමහත් රටේම මහජනතාව ඉල්ලන දඩුවම කවදද නීතියෙන් මේ අයට ලැබෙන්නේ.
suddaFriday, 18 October 2019 03:32 AM
නීතියෙන් පැනලා ගියානම් තමන්ගේ කැමැත්තෙන් ආපහු ආවේ මොකටද කියලද හිතන්නේ. ඒ පැනල ගිහින් ඉන්නේ ඔයාලගේ බෝස්ගේ යාලුවා මහේන්ද්‍රන්.
V.warnakulasuriya Thursday, 17 October 2019 02:38 PM
නීති කඩ කරන්නන්ගේ වාසනාව ළඟ එනවා. දැනට මිනීමැරුම් චෝදනා ඇති අයව නිදහස් කරන බවට පොරොන්දු දෙන ජනාධිපති අපේක්ෂකයෙක්ද සිටියි. ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ අධිකරණයේ ක්‍රියාකාරීත්වය ගැන තේරුම් ගැනීමට ජනතාවට අවස්ථාවක් ලැබෙනු ඇත. අධිකරණ තීන්දු දෙන්නා ජනාධිපතිවරයාද?
kelumThursday, 17 October 2019 03:32 PM
එතකොට දැන් ඉන්න අගමැතිට පුළුවන් ඕන ඕන කෙනාව තමන්ට ඕන විදියට හිරේ දාන්න? අනේ මේ
ලියනගේ Thursday, 17 October 2019 04:26 PM
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවපු කණ්ඩායමට යලිත් බලය දෙන්න ලංකාවේ කිසිම නීතිගරුක පුරවැසියකු කැමති නැත . හිටපු ජනාධිපති එදා එසේ කලානම් මල්ලි බලයට පැමිණි පසු මොනවා නොකරාවිද ? පොහොට්ටුවට දැන් හොදටම තේරිලා තිබෙන්නේ ඔවුන්ගේ කණ්ඩායමට පැමිණි ශ්‍රී ලංකා කාරයන් පොහිට්ටුව ඇතුලේ සිට පොහොට්ටුව විනාශ කරන බව සහ හමුදා පතිවරයාගේ පින්තුරය පුවත්පත් දැන්වීම් මගින් පලකරන්න උපදෙස් දී තිබෙන්නේ ඔවුන් කියා ලොකු සැකය පොහොට්ටුවේ මහතුන්ට ඇත.
BamunuarachchiThursday, 17 October 2019 11:53 PM
එය එසේම විය යුතුයි. අපගේ සහයෝගය එතුමාටයි.
Chanak los angeles Thursday, 17 October 2019 03:41 PM
සාටක කියනවනේ නොවැම්බර් 17 උදේට අධිකරණ නියමයෙන් රඳවා තබා ඉන්න සියලුම මිනී මැරුම් චුදිතයන් නිදහස් කරනවා කියා ... මේවා ඝෝටාට මෙහෙම කියවන්න ලියා දෙන ඔහුගේම අනුගාමිකයන් ඔහුට කරන්නේ ලොකු හතුරුකමක් කියා දේසපාලනය ගැන මෙලෝ සසරක් නොදන්නා ඝෝටා දන්නේ නැහැ ..මේවා අහන චන්ද දායකයා තේරුම් අරගෙන තිබෙනවා නියමෙටම . දැන් ගෝටගේ රැස්වීම් වල සෙනග එන්න එන්නම අඩු වෙනවා ...හරි සතුටුයි .
බද්රානි Thursday, 17 October 2019 03:57 PM
චෝදනා 7573 ක් යටතේ ගොනු කොට ඇති මෙම නඩුවට සම්බන්ධ ප්‍රධාන විත්ති කරුවෙකු රටේ නායකයා බවට පත් කොට අනෙක් පුද්ගලයින්ව පමණක් රක්ෂිත බන්දනාගාර ගත කිරීම කොතරම් සාධාරණද? මේ සියලුම විත්තිකරුවන්ට මේ වංචාව කිරීමට පුර්ණ රාජ්‍ය අනුග්‍රහය දුන් පුද්ගලයා ගැන කවුරුවත් කතා නොකරන්නේ මේ සිරි ලංකාව රාජපක්ෂලාගේ බුදලයක් ලෙස, මන්ද බුද්ධික ජනතාව සිතා සිටීම නිසාද? මගේ නිගමනය අනුව නම්, මේ සියලුම චෝදනා ලද නිලධාරීන් අති දක්ෂයින්. මේ නිලධාරීන්ව අනිසි ලෙස පාවිච්චි කරමින් මඩිය තරකර ගත්තේ කවුද කියන එක මේ මුළු රටම දන්නවා.
suddaFriday, 18 October 2019 04:00 AM
ඔබ දිල්රුක්ෂි ඩයස්ගේ නිගමනය ගැන මොකද කියන්නේ
Nimal Thursday, 17 October 2019 05:13 PM
එතකොට මෙයට සම්බන්ද අනෙක් අය වන දැනට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හොබවන ප්‍රධාන වැරදිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් නැතිද ?මේ අපි දන්නේ නැති නිසා අහන්නේ ?
Bamunuarachchi Friday, 18 October 2019 12:01 AM
නොවැම්බර් 16 පසුව ඔබව නිදොස් කොට නිදහස් කර විදේශීය ආදායම් උපදින ඔය සේවාව නැවත පටන්ගමු. එතකම් ඉවසන්න
ජයන්ත Friday, 18 October 2019 04:35 AM
මේ ආවේ ජනාධිපතිවරණයට පස්සේ නීත්‍යානුකූලව නිදහස්ව, නැවත වැඩ පටන් ගන්න. මේවා ප්ලෑනකට වෙන දේවල්. ඒතකොට අපි හාවෝ.
Chanak los angeles Friday, 18 October 2019 05:44 AM
දෙසැම්බර් 18 න් පසුව වෙන්නේ මොහුව බේරගන්න නොවෙයි .... ජනවාරි 8 වෙනිදා පරාජය වෙලා මැදමුලන ජනේලයේ එල්ලිලා බලාගෙන හිටිය වගේ අයියටයි මල්ලිටයි ඒ ජනේලයේම එල්ලිලා ඉන්න තමයි .
Bandara Friday, 18 October 2019 09:06 AM
ආරක්ෂක හේතු මත රටක පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යන්න බැරිද?