කුලියාපිටියේ දී පැවැති නෙස්ටොමෝල්ට් මිනි මැරතන් තරග මාලාවේ පිරිමි විවෘත තරගයේ ජය අජිත් බණ්ඩාරට ද කාන්තා විවෘත තරගයේ ජය දම්මිකා මල්කාන්ති වීරක්කොඩිට ද හිමි වූහ. කුලියාපිටිය තරගාවලියේ ශූරයා වූ යුද හමුදාවේ අජිත් බණ්ඩාර පළපුරුදු මැරතන් ධාවකයකු වන අතර ඔහු ජාතික මැරතන් හා මාර්ග ධාවන තරග රැසක ජයග‍්‍රාහකයෙකි. තරගාවලියේ ශූරිය වූ දම්මිකා මල්කාන්ති මීට පෙරත් නෙස්ටමෝල්ට් මැරතන් තරග මුල් පෙලේ ජයග‍්‍රහණ ලද ක‍්‍රීඩිකාවකි. නෙස්ලේ ලංකා සමාගම දිවයින පුරා සංවිධානය කරන මිනි මැරතන් තරග මාලාව යටතේ පැවැති මෙම තරගාවලියේ වයඹ පළාත් පාසල් සිසු සිසුවියන් සඳහා විවෘත වූ කිලෝමීටර් 10ක් දුරැති මිනි මැරතන් (බාලක බාලිකා) තරගමාලාවට සිසු සිසුවියෝ 1500ක් පමණ සහභාගි වූහ. විවෘත පිරිමි හා කාන්තා මිනි මැරතන් තරගාවලියේ දුර කිලෝමීටර් 21ක් විය. ඒ සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 400කට ආසන්න පිරිසක් සහභාගි වූහ. ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා රුපියල් 20,000 සිට මුදල් තෑගි 10 වැනි ස්ථානය දක්වා ප‍්‍රදානය කෙරිණි. කුලියාපිටිය කාර්මික විදුහල් ක‍්‍රීඩාංගනය අසලින් ආරම්භ වූ මෙම මිනි මැරතන් තරග කුලියාපිටිය නගරය ආශ‍්‍රිතව පැවැත්වුණි. එය නැරඹීම සඳහා අතිවිශාල පිරිසක් සහභාගි වී සිටියහ. කුලියාපිටිය නියෝජ්‍ය පොලිස්පති රවී විජයගුණවර්ධන, නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති බන්දුල එගොඩගේ යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප
ඇමරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධව අපක්ෂපාතී හා සාධාරණ වෙළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බව එක්සත් ජනපද වෙළෙඳ න
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නෙස්ටොමෝල්ට් මිනි මැරතන් තරග ජය අජිත් බණ්ඩාරට - දම්මිකාට