නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති මොහොමඩ් අබ්බාස් සහ ‘ෆාටා’ සංවිධානය, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල් සුඩානී ද ඊශ්‍රායලයට අප්‍රසාදය පළ කර තිබේ.
තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, ජර්මන් විදේශ අමාත්‍ය ඇනෙලීනා බෙර්බොක්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, රුසියන් විදේශ කටයුතු අමත්‍යාංශය පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇත.
අද ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පහර දෙන අතරතුරේ එහි දිගුවක් ලෙස ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙයි. එය ආරම්භ වූයේ හිස්බුල්ලා සටන්කාමීන් පණිවුඩ හුවමාරු සඳහා යොදා ගන්නා පේජර් යන්ත්‍ර සහ වෝකිටෝකි පුපුරුවා හැරීමෙන් අනතුරුවය.
එම ප්‍රහාර පසුපස තම ඊශ්‍රායල බුද්ධි අංශ සිටින බව ඊශ්‍රායලය කිසිම අවස්ථාවක පිළිගෙන නැත. එහෙත්, වැනි සූක්ෂම ප්‍රහාරයක්, ඉතා සැලැසුම් සහගතව කළ හැක්කේ ඊශ්‍රායලය බුද්ධි අංශවලටම පමණි.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් ඝාතනය වූ ෂෙයික් හසන් නසරැල්ලා උපන්නේ 1960 වසරේ බීරූට් හි නැගෙනහිරින් පිහිටා ඇති බෝර්ජ් හම්මුද් පළාතේය. නව දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා නසරැල්ලාය. ඔහුගේ පියා එළවලු වෙළෙන්දෙකි.
1975 දී ලෙබනනය සිවිල් යුද්ධයකට මැදි විය. නසරැල්ලා ‘අමාල්’ නැමැති ෂියා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම සමඟ එක් විය. ලෙබනන් සිවිල් යුද්ධය 1975 සිට 1990 තෙක් පැවැතිණි. මියගිය ගණන 150,000 කි. මිලියනයකට වැඩි ලෙබනන් වැසියන් පිරිසකට සරණාගතයන් ලෙස ලෙබනනය හැර යෑමට සිදුවිය.
සිවිල් යුද්ධයට හේතු වූයේ ලෙබනනයේ පැවැති සුන්නි ෂියා ආගමික බෙදීමය. සිවිල් යුද්ධය අතරතුරේ 1982 වසරේ දී, ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කළේය. ඊශ්‍රායලයත් ලෙබනනයත් අසල්වැසි රටවල්ය. ඊශ්‍රායලයට ලෙබනනය ආක්‍රමණය කළේ ද පලස්තීන සටන්කාමීන්ගෙන් ඊශ්‍රායලයට එල්ල වුණ්‍ර ප්‍රහාර හේතුවෙනි.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් අප්‍රසාදය