IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


නොසැලකිල්ලට සැරම බේතක් දෙන්න හදයි

නොසැලකිල්ලෙන් හා අපරික්ෂාවෙන් කෙනකුගේ මරණයක් සිදු කළ හොත් අපරාධ නීතිය යටතේ නඩු පවරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සියලු පොලිසිවලට දැනුම් දී ඇත.

මහ පාරට කුණු කසල දැමීම, කළු ගල් වැනි දෑ දැමීම, වළක් හෝ කාණුවක් කැපීම, එසේත් නැත්නම් අනවසර විදුලි රැහැනක් ඇදීම වැනි ක්‍රියා වලින් කෙනකුගේ මරණය සිදු වුවහොත් එම නොසැලකිලිමත් ක්‍රියාව කළ පුද්ගලයාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

 



අදහස් (0)

නොසැලකිල්ලට සැරම බේතක් දෙන්න හදයි

දෙවිනුවර ජයසිරි ලියනගේ Friday, 06 December 2013 03:03 PM

ඒ වගේම නොසැලකිල්ලෙන් වාහන පැදවීමෙන් මරණයක් සිදු වූවොත් ඔවුන්ටත් එරෙහිව නඩු පවරා දඩුවම් කිරිමට කටයුතු කල යුතුයි.එම යැපෙන්නන්ට පහසුවෙන්ම වන්දි මුදල් ලබා ගැනීමටද කටයුතු කල යුතුයි. (ස)

:       0       0

නන්ද Friday, 06 December 2013 03:08 PM

නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න නියම මහත්මයෙක් ... (ස)

:       0       0

චාමික Friday, 06 December 2013 03:29 PM

ඉතා හොඳයි මහත්මයා. ඒ වගේම, රජයේ හෝ පුද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල නිසා රෝගියෙකු මරණයට පත්වීම. සදාකාලික අබාධිත තත්වයන්ට පත් වීම සිදු වුවහොත් ඔබ තුමාට පුලුවන්ද ඔය නීතිය ඒ අයටත් තදින්ම ක්‍රියාත්මක කරන්න? ගුරුවරයෙකු නොසැලකිල්ලෙන් කරන පහරදීමකදී දරුවෙකුගේ කන් බෙරය පැලීයාම වගේ දේවල් වලටත් පුලුවන්ද ඔය නීතිය ඒ අයටත් තදින්ම ක්‍රියාත්මක කරන්න? (ස)

:       0       0

ඒලියන් Saturday, 07 December 2013 01:02 AM

චාමික, කතාව 100% ක් හරි. ඒත් මේ අයට කිව්වට වැඩක් නැහැ. රුපියල් 100 ට උනත් දේවි.(නදී)

:       0       0

ෂෙරීන් Saturday, 07 December 2013 01:50 AM

ඔබ තුමාගේ අදහස දැක්කා මාත් සතුටුයි. එහෙම සිද්දි කීපයක් ඔබ තුමා කියල තියෙන විදිහටම කරලා දැඩි දඩුවම් මිනිසුන්ට හොඳ ට ඇඟට දැනෙන්න කරන්න. ඉන් පස්සේ සැහෙන දුරට ප්‍රශ්නේ විසඳෙනවා කියා හිතෙනවා. මෙතැනදී, වැරදි කරු මිල මුදල් තියෙන තරමේ අයෙක් නම් ඇඟට දැනෙන්න ඉතාම ඉහල දඩ නියම කිරීම් වගේ දේවල් මගින් සහ මැරුණු කෙනාගෙන් යැපෙන්නන්ට ඉතා ඉහල අගයෙන් යුතු වන්දි නියම කිරීම් වැනි දේවල් මගින් වැරදි ඇත්තටම නැති වෙලාම යාවි කියා හිතනවා. මම මේ වෙන විටත් ජනාධිපතිතුමන්ට ලියු ලිපියේ යෝජනා පැහැදිලිව ලියලා තියෙනවා. වැඩක් වේද දන්නේ නැහැ. උත්සහ කරනවා මන් මගේ පැත්තෙන් අඩුම තරමින්.(නදී)

:       0       0

රජින්ද Friday, 06 December 2013 04:16 PM

දෙවිනුවර ජයසිරි ලියනගේ මහත්මයාණෙනි.... ඔබේ අදහස ලංකාව තුල ප්‍රයෝගිකව කල නොහැක. ඒ මන්දයත්, බොහෝවිට අනතුරු සිදුවන්නේ රියදුරුගේ වරදින් උවත් ඒ හා සමානව පදිකයින් සහ මහජනතාව අතින්ද වැරදි සිදු වේ. අප අපේ වාහනය කෙතරම් සුපරික්ෂාකාරීව පැදවුවත් එක පදිකයෙකුගේ හෝ නොසැලකිල්ලෙන් අහම්බෙන් වාහනයේ ගැටුනොත් 95%කම වැරැද්ද යන්නේ රියදුරු පාර්ශවයටය. අනෙක ඒ වෙලාවේ රාජකාරි කරන පොලිස් නිලධාරියාගේ මානසික තත්වය උඩ ඔබ අමාරුවේ වැටෙන්නටද හැකිය. ලංකාවේ නීතිය ගැන පැහැදිලි අර්ථ විවරණයක් දීමට අපහසුය. (ස)

:       0       0

සමීර Friday, 06 December 2013 04:58 PM

එතකොට ඔය දේශලකයන්ට අදාලද ? කියන්නකෝ (අ)

:       0       0

උපාලි Saturday, 07 December 2013 02:46 AM

ඉතාම හොඳ අදහසක්. හැබැයි, ප්‍රායෝගිකව කොයි තරම් දුර යා හැකිද කියන එකනම් ප්‍රශ්නයක්. නඩු දැම්මහම උසාවියේදී පෙරකදොරුවොත් එක්ක සටන් කරන්න වෙයි හරි හරියට. නීති තර්ක පන නැගී නොසැහෙන්න. දක්ෂ ලෙස නඩු මෙහෙයවීමට දක්ෂ පොලිස් නිලධාරීන් පිරිසක් තෝරාගෙන පුහුණු කරන්න වෙයි මගේ හිතේ. (නදී)

:       0       0

සෑම් Saturday, 07 December 2013 02:52 AM

හරියට නින්දෙන් ඇහැරුනා වගේ මොනවද මේ කියන කතා? දණ්ඩ නීති සංග්‍රහය හදිසියේ වෙනස් කරලවත්ද? එතකොට මේ දක්වා මේ අය නොසැලකිලිමත්කම කියන කාරණයට චෝදනා ගොනු කරලා තියෙන්නේ මොන නීතියෙන්ද? මේකෙන් තේරෙන්නේ පොලිසිය ට නීතිය පිලිබඳ අවබෝධයක් නැති බව පමණකි. මොන නීතියෙන් නඩු පැවරුවත් පොලීසිය උසාවියට ඉදිරිපත් කරන සාක්ෂි මත තමා නඩුව ඔප්පු වෙන්නේ හෝ නොවෙන්නේ. (මට මතක් වෙන්නේ අර මත්කුඩු සඟවා තිබූ බ්‍රා එකක් උසාවියට ඉදිරිපත් කරලා ඒක විත්තිකාරිය ඇදගෙන හිටි එක කීවම විත්තිකාරිය කීවලු පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඕක මට අන්දන්න කියලා. බැලින්නම් පොලිසිය සයිස් 20 පමණ ඇඳුම 10 එකකට මාරු කරලා තමා ඉදිරිපත් කරලා තියෙන්නේ. නඩුව එතැනින්ම අහක ගියා. (නදී)

:       0       0

සත්‍යා Friday, 06 December 2013 05:38 PM

වැඩේ කෙරනවා නම් එක්කෙනෙක් කිව්වහමත් මදැයි. (නි)

:       0       0

සරත් පර්ත් Saturday, 07 December 2013 04:57 AM

කුණු, ලොරියට .ජරාව සාක්කුවට ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබුනහම මේවගේ දේවල් සිදුවෙනවා.එ නමුත් දේශපාලකයින්ගෙන් සමාජයට වන හානිය සිය දහස් ගුණයකින් වැඩියි.(නදී)

:       0       0

තිලක් Saturday, 07 December 2013 08:09 AM

හොද වැඩක් මේක.(නදී)

:       0       0

ආරියසේන Friday, 06 December 2013 07:59 PM

හොඳ අදහසක් ඒත් කුණු ගෙනියන්න එන ලොරිය මාසෙකට වත් දකින්න නැහැ. මහා නගර සභා, නගර සභා ,පළාත් සභා,ඒවාට නඩු පවරන්නේ නැත්තේ ඇයි.(නදී)

:       0       0

නිහාන් Friday, 06 December 2013 08:32 PM

අර පාරේ සමහර තැන්වල වල වල් වහල තියෙන්නේ යකඩ පියන් දාල ඒවා නොසැලකිලිමත් කමින් හදලද කොහොද ඒවා පාත්වෙලා වලවල් හැරිලා හරිම භයානකයි. එතකොට කාටද දඩුවම් කරන්නේ. කොහොම උනත් වීදුරු කලු කරපුවා වැටුනට තේරෙන්නේ නැහැ අනේ එත් මගේ බයිසිකලේ අයියෝ සල්ලි.(නදී)

:       0       0

පාතිමා Friday, 06 December 2013 08:47 PM

දෙවිනුවර ජයසිරි ඔයා හරි රජින්ද්‍ර කියන්නෙ මොනවද ප්‍රයිවට් බස් කාරයො පයින් යන අයට වඩා මරන්නෙ බස් එක ඇතුලෙ ඉන්න අයවනෙ.(නදී)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Friday, 06 December 2013 09:46 PM

නමට විතරයි මහ නගර සභාව. හැම තැනකම ජරාව, කුණු ලොරියක් එන්නේ කලාතුරකින්. ඒකත් සල්ලි නොදුන්නොත් කුණු අරගෙන යන්නෙත් නැහැ.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 07 December 2013 10:26 AM

බොහොම හොදයි. ඔය නිතිය කාටත් සාදාරනව ක්‍රියාත්මක වෙයිද ? අපි බලාගෙන ඉන්නවා.(නදී)

:       0       0

මහේෂ් Saturday, 07 December 2013 11:13 AM

එතකොට පොලිසියේ නොසැලකිල්ල නිසා මැරෙන සැක කාරයන්ට මොකද වන්නේ ?. හංන්ගපු තුවක්කු පෙන්නන්න ගෙනියන කොට හරිම නොසැලකිලිමත් කමින් තමයි ගෙනියන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 269 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 401 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 90 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 583 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 156 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 870 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14552 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site