IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නාසා රොබෝවෙක් අඟහරු ලොවට බසී

ඇමෙරිකාවේ ජාතික ගුවන් හා ගගන පර්යේෂණායතනය ඇමෙරිකා ඩොලර් කෝටි 250ක් (රුපියල් කෝටි 33500)වැය කර අඟහරු ග‍්‍රහයා වෙත යැවූ ”කියුරෝ සිටි” නම් වූ රෝබෝ රෝවරය අද සවස අඟහරු ග‍්‍රහයාගේ ගේ‍්‍රල් ආවාටය අසලට ගොඩබැස්සවීම අති සාර්ථක වූ බව ඇමෙරිකා හා  ඕස්ටේ‍්‍රලියා විද්‍යාඥයෝ කියති. කාරයක් තරම් වූ විද්‍යාගාරය අඟහරුගේ දූවිලි තට්ටුව මත පතිත කිරීමට පැරෂුට රොකට් හා අහස් දොඹකරයක් ද යොදා ගැනිණි. යානය ගොඩබැස්සවීමට ගතවූ ”ත‍්‍රාසජනක මිනිත්තු හත” ”ජයග‍්‍රහණයේ මිනිත්තු හත” කැරගත හැකි වී යැයි නාසා ප‍්‍රධාන විද්‍යාඥ ජෝන් ග‍්‍රන්ස් පීල්ඞ් කියයි. මේ රොබෝ රෝවරය න්‍යෂ්ටික බල ශක්තියෙන් යුක්තය. අඟහරු ලොවේ ජීවය ඇත්ද යන ප‍්‍රශ්නයට උත්තර සපයා ගැනීම මේ මෙහෙයුමේ ප‍්‍රධාන කාරියයි. පොළොව සහ අඟහරු ග්‍රහායා අතර දුර ප්‍රමාණය කිලෝමීටර් විසි දෙකොටි පනස් ලක්ෂයකි.



අදහස් (0)

නාසා රොබෝවෙක් අඟහරු ලොවට බසී

සජී Tuesday, 07 August 2012 01:58 PM

ඔයාගෙ තමයි ජානක ඔයාගෙ තමයි..!!(නු)

:       0       0

නිහාල් Friday, 17 August 2012 10:22 AM

ආචාර්ය සරත් ගුණපාල මහත්මයාණෙනි, ශ්‍රී ලංකාවේ උපත ලද ඔබ අප සැමට මහත් ආඩම්බරයෙකි. ජය වේවා !! (නි)

:       0       0

කෙවින් Monday, 06 August 2012 09:40 PM

මෙන්න මේවට තමා ආශ්චාර්ය කියන්නේ. අපි හිතන්නේ කරන හැම වැඩක්ම ආශ්චාර්ය කියලයි. (අ)

:       0       0

විමලසේන කුරුණෑගල Tuesday, 07 August 2012 02:24 PM

ඇත්තටම අලුත් සොයා ගැනීමක්. මගේ සුභපැතුම්

:       0       0

දුනුවිල Monday, 06 August 2012 10:48 PM

ලාංකිකයෙක් වන සරත් ගුණපාල මහතා මෙම කණ්ඩායමේ සම්පත්ධාරියෙක්. (නි) http://technology.jpl.nasa.gov/people/s_gunapala/

:       0       0

කෝලිත Monday, 06 August 2012 11:03 PM

ලෝකයේ ජනගහනයෙන් 1/3කට කන්න බොන්න දෙයක් නැහැ.. මැලේරියාව ලෝකයෙන් තුරන් කරන්න තවම බැරි උනා.. ලෝකයා මීට වඩා ලෝකය ගැන හිතලා බලන එක මීට වඩා වැදගත්..!!(නු)

:       0       0

රේගන් Tuesday, 07 August 2012 12:36 AM

කොච්චර කාලයක් පරීක්ෂණ කරයිද? කොහොම උනත් හොද ජය ග්‍රහණයක්..!!(නු)

:       0       0

රිස්වාන් - සවුදි Tuesday, 07 August 2012 12:50 AM

කියන්න වචන නැහැ. ලෝකයේ ආශ්චර්යය. (නි)

:       0       0

ඉනෝකා Tuesday, 07 August 2012 02:45 AM

අගහරු ලොවත් දෙවියන්ගෙ මැවීමක්ද? පුදුමයි නේ! මැවුවා කියන විශ්වාස වලට තිත තියන්න කාලය හරි නේද? මොකද හිතන්නේ? (නි)

:       0       0

සමන් Tuesday, 07 August 2012 03:57 AM

සන්තෝසයි (දී)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 07 August 2012 03:59 AM

07 August 2012 සමන් රොහාන් රණසිංහ, නාසා රොබෝවෙක් අඟහරු ලොවට බසී මේව ගොඩයට මැජික් වගේ ඇති නේද?. (දී)

:       0       0

හිරන්ත Tuesday, 07 August 2012 03:03 PM

සුභ පැතුම් ලාංකිකයන්ට විතරක් නෙමෙයි.. ඕනෙම කෙනෙකුට අදාලයි.. හැමදේටම ලංකා ලංකා කියන එක අපේ පටු මානසිකත්වයක්..!!(නු)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 07 August 2012 04:21 AM

07 August 2012 සමන් රොහාන් රණසිංහ, ඇත්ත තිත්තයි බොරැව පැණිරසයි, රොබා හදන්නේ රොබාමයි. මනුෂයා හදන්නේ මනුෂයා, ඒකයි සත්‍ය. (දී)

:       0       0

සමන්ත ජයසේකර Tuesday, 07 August 2012 05:05 AM

ඇමෙරිකාවේ තවත් චිත‍්‍රපටයක් වත්ද..? සදට ගීයා වගේ තමයි. මේ පින්තුර නම් හොදටම පැහැදිලියි එහෙත් අඟහරු ග‍්‍රහයාගේ පින්තුර…??? වීඩියෝ හිපයකින්ම අරන් චිත‍්‍රපටයක් වගේ, වතුරත් නැතිලූ ඉතින් තියෙන ලොව විනාස නොකර හිටියානම් ඉවරනෙ. තියෙන ලොව විනාස කර කර විකාර කරනවා කියන්නෙ මේවට. (දී )

:       0       0

සමන් රෝහණ රණසිංහ. Tuesday, 07 August 2012 05:50 AM

මේ ලෝකයේ අපට නොලැබෙන දෙයක් පස්සෙන් යනවට වඩා හොදයි, අපට මේ ලෝකයේ තිබෙණ දේ අපි රැක ගනිමු. (ත)

:       0       0

කෙනත් (USA ) Wednesday, 08 August 2012 01:50 AM

මේ අයත් සුබ නැකත් බලල රාහු කාලය පන්නල, සුබ දිසාව බලල කොරන්න ඇති නේද? කේන්දර කොපියක් හදල රෝබෝටත් උපන් වෙලාවට කේන්දරයක් හදන්න ඇති, මේක ගුවන්ගත කරන මහා උත්සවයට ඔබාමා ඇවිත් උත්සවාකාරයෙන් විවෘත කරන්න ඇති. මේකට මුල් වුනේ තමන් කියල දේශපාලන වීරයෝ වේදිකා වල උඩ පැන පැන කෑ ගහයි. "අගහරු වල ලොකු ගලක්" කියල අනෙක් අය කෑ ගහයි, "අගහරු යනවා කියල ඇලහැර යනවා" කියල සමහරු කියයි, "ඕක යවන්න ඕන මේ නැකතට, නැත්නම් ශනි දෝෂ වෙනවා, මේ දිශාව බලා යවන්න ඕන" කියල ජෝතිර්වෙදියෝ කියයි, "අනේ සල්ලි, ඕකෙන් කන්න දුන්නනම් මොකද වෙන්නේ" කියල අදහස් දාන අයත් ඉන්නවනේ. ඔන්න අපේ අය කොරන්න ගියොත් ඉස්සර කරගන්න දේවල් ටික. අන්තිමට වැඩේ කොට උඩ, නැකතට තියපු මුල් ගල් පැලවෙනවා. වස්තු දෝෂ කියල ගෙවල් වල වැසිකිලිය ඉස්සරහ දොර කරනවා, කුස්සිය ආලින්දයට ගෙනියනවා. මේවගෙන් වවාගෙන කන අය විශාල වශයෙන් බිහිවෙලා , ජන මාධ්‍ය හරහා මේ විකාර මිත්‍යා මත තහවුරු කරලා බොහෝ අයගේ ඔළුගෙඩි නරක්කරලා ඉවරයි. ලංකාවට දියුණු වෙන්න අමාරු මෙන්න මේ තිසරණයෙන් බැහැර වී මිත්‍යා වැඩ කරගහගෙන යන නිසයි. මේවා බැහැර කරලා ධාර්මිකව, ඉන්ද්‍රිය ගෝචරව බුද්ධි ගෝචරව වැඩ කලොත් අපිත් දියුණු වෙයි. මේවා දිහා බලල අපේ අඩුපාඩු හද ගන්න ඕනේ. (නු)

:       0       0

හේරත් Tuesday, 07 August 2012 07:16 AM

අපරාදේ සල්ලි. ඔය සල්ලි කන්දරිව යොදවලා මේ ලෝකයේ සොබා දහම රැකගන්න ‍මොනවා හරි කළා නම් කොච්චර හොදද? (නි)

:       0       0

දුෂ්‍යන්ත Tuesday, 07 August 2012 07:14 AM

මේවා බොරු වැඩ. ඉන්න ලෝකය විනාශ කර කර වෙන ලෝක ගැන හොයනවා. (නි)

:       0       0

වරුණ Tuesday, 07 August 2012 07:19 AM

ලංකාවට සැබෑ ආශ්චර්යය කරා ළං වීමට කොපමණ කල් යාවිද? (නි)

:       0       0

ප්‍රසාදිනි Tuesday, 07 August 2012 07:22 AM

මේක නම් මහම බොරුවක්ද කොහේද? (නි)

:       0       0

Saman Rohan Ranasinghe Wednesday, 08 August 2012 04:28 AM

ඉංග්‍රීසි ජාතිය පොදුවේ ගත හොත් ඒ අය දෙවියෝ බුදුන්වත් තියා බ්‍රහක්මයන් හෝ මහ බ්‍රක්මයාවත් දන්නෙ නැහැ. ඒකට හේතු ගොඩක් තියනවා. ඒගොල්ලන් මනුෂයන්වත් හදුනන්නේ නැහැ. අඩුම ගානේ ඒ අය ඒගොල්ලන්වවත් හදුනන්නේ නැහැ. ඇත්තටම ඒගොල්ලන් මේලෝකයේ අසෞහාවිකව ජීවත් වන, සෞවහාව ධර්මයෙන් පිට පැනපු පිරිසක්. ඒ නිසා සෞහාවිකව පැවතීගෙන එන රටවල් එනම් මනුෂයලෝක සහ දිවියලෝක අයත් සියල්ලම රටවල්, ඒ ඉංග්‍රීසි ජාතීන්ගේ ප්‍රශ්ණ ඒගොල්ලන්ටම විසද ගන්න ඉඩ හරින්න එවිට ඒ අය සෞහාවික වේවි. ඒ ගොල්ලන් සමග යුද්ධ කරන්නට ගිය හොත්, ඉංග්‍රීසි ජාතිය මුලු ලෝකයම කුඩේ කුඩුවෙන්නට ගහයි. යුද්ධ අතිවෙන්නේ සෞවභාවික, එහෙත් මේ ඉංග්‍රීසි ජාතිය, ජාතියක් බලයෙන් හදාගෙන, ආත්ම ගනනක් බලයෙන් ලෝකයම අල්ලන්නට ආපු ගමනක් මේ ජාතිය. ඒ නිසා මේ ලෝකයේ සෑම ජාතියක්ම තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම සලසා ගන්න. ඇත්තම කියනවනම් මේ ජාතිය රොබෝ වගේ, නොදන්න කම නිසා, නොකරන්න බැරි දෙයක් නැහැ. මොකද ඒ ගොල්ලන් මනුසත්වය දකින්නෙ වැරදි ඇසකින්. ඇත්තටම, කොටින්ම කියනවනම්, තිරිසනුන්ට බණ දේශනා කිරීමේන් වනසුගතියක් නැත.(වි)

:       0       0

මහේෂ් Tuesday, 07 August 2012 07:46 AM

ඔව්. ලංකාවේ කෙනෙකුත් ඉන්නවා මේ ව්‍යාපෘතියේ, සරත් ගුණපාල කියලා. එයා ප්‍රධාන විද්‍යාඥයෙක් මේ ව්‍යාපෘතියේ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 August 2012 07:57 AM

මෙය අගය කළ යුතු පිම්මකි. (නි)

:       0       0

පීරිස් Tuesday, 07 August 2012 08:33 AM

හොදයි. (නි)

:       0       0

හෙක්ටර් Tuesday, 07 August 2012 09:10 AM

ලෝකයේ විපත් බොහොමයක් කල්තියා දැනුම් දෙන නාසා ආයතනයට අපේ ස්තූතිය! (නි)

:       0       0

සනෝජ Tuesday, 07 August 2012 09:12 AM

ඇයි ඉනෝක මේකටත් ආගම්වාදේ (දී)

:       0       0

මාලක Tuesday, 07 August 2012 09:13 AM

සරත් මහත්තයා මෙහෙන් ගිය එක එතුමාගේ වාසනාවක්. (නි)

:       0       0

නිෂර අරුන්දතී Tuesday, 07 August 2012 09:21 AM

ඇත්තටම අලුත් සොයා ගැනීමක්. මගේ සුභපැතුම් (දී)

:       0       0

ෆයිසර් Tuesday, 07 August 2012 09:25 AM

මේවා තමයි නියම වැඩ කියන්නේ. (නි)

:       0       0

හරින්ජයලත් Wednesday, 08 August 2012 09:16 AM

අද තාක්ෂණය කොතරම් දියුණුවෙලාද කිව්වෙත් මෙහෙ ඉදන් අගහරු ලෝකයත් පාලනය කරනවා..!!(නු)

:       0       0

මාධව Tuesday, 07 August 2012 04:25 PM

ආදි නාලන්දීය ආචාර්ය සරත් ගුණපාල මහතා මේ සදහා දායක වී ඇත. අපි ශ්‍රී ලංකිකයන් හැටියට ආඩම්බර විය යුතුයි..!!(නු)

:       0       0

ඩේවුඩ් Tuesday, 07 August 2012 09:37 AM

මේවා විජාතික කුමන්ත්‍රණ වෙන්නත් බැරි නැහැ. (නි)

:       0       0

නදී Tuesday, 07 August 2012 09:53 AM

හොද දෙයක් දැන ගත්තා. ගොඩක් ස්තූතියි! (නි)

:       0       0

සුරී Tuesday, 07 August 2012 10:18 AM

හසන්ත මහත්තයෝ, පේනවා නේද අද ලෝකයේ තාස්ක්ෂණේ දියුණුව? තව ටික දවසකින් ලංකාවෙනුත් මේ වගේම රොබෝලා හදලා යවනවා නියතයි. (නි)

:       0       0

නිමල් බණ්ඩාර Tuesday, 07 August 2012 10:48 AM

ආචාර්ය සරත් ගුණපාල මහතා මේ සදහා දායක වී ඇත. අපට ඒ ගැන සතුටුයි. එතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබද උපාධිය ලබා, ඇමෙරිකාවේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණාත්මක භෞතික විද්‍යාව සදහා ආචාර්ය උපාධි ලබා ඇත. (නි)

:       0       0

දයා-සවුදි Tuesday, 07 August 2012 11:37 AM

සතුටේ නම් නිමක් නැත. මෙහි කුමන හෝ ජීවියකු සිටීමට නොහැකිද? (නි)

:       0       0

නිසංසලා Wednesday, 08 August 2012 08:28 PM

කවුරු කවුරුත් කරන පර්යේෂණ වල ප්‍රතිඵල අද ඔය බොරුවට කෑ ගහන කට්ටියත් නිශ්ශබ්දව භුක්ති විදිනවා. ඒක අමතක කරන්න හොද නැහැ. (නි)

:       0       0

වසන්ත ගාල්ල Wednesday, 08 August 2012 11:06 AM

සමන් රොහාන් රණසිංහ මේවා ගොඩයන්ට විතරක් නොවී ඔයාල වගේ මඩයන්ටත් මැජික් තමයි. ඇයි මීට කලින් ඔය අගහරු ලෝකෙට ගියා වගේ කතාව. ඔබ දන්නවද කොහොමද, කවුද රොබෝ යන්ත්‍ර හදන්නේ කියල. විකාර දොඩවන්නේ නැතුව ලියන්න කලින් ටිකක් ඒගැන හොයල බලන්න (දී)

:       0       0

හේමචන්ද්‍ර Wednesday, 08 August 2012 11:22 PM

තත්පරයෙන් තත්පරය දියුණුවේ ඉසව් පසු කළත් මොහොතින් මොහොත මිනිස් සමාජයේ මිනිස් ගුණධර්ම ගිලිහී යාම අප සැමගේම අභාග්‍යයක්..(නු)

:       0       0

ජානක දන්දෙනිය Tuesday, 07 August 2012 12:46 PM

මට පෙනෙන සියල්ල මගේද කියල හිතෙනවා මට. (නි)

:       0       0

ඉනොකා Tuesday, 07 August 2012 06:48 PM

සනෝජ සත්‍යය දැකීම ආගම් වාදයද? මැවුන් වාදය බොරුයි කියා අද ඔප්පුවෙලා ඉවරයි. තව ඉස්සරහට මොකද වෙන්නෙ කියල බලාගන්න පුලුවන්. ආතර්සී ක්ලාක් මහත්තය කියපු දේවල් ඔප්පුවෙමින් පවතිනවා. සනෝජ විවෘත මනසකින් ලෝකය හා ආගම් දෙස බලන්න පුරුදුවන්න. (අ)

:       0       0

ශ්‍රියානි කොඩිකාර Wednesday, 08 August 2012 12:09 PM

නාසා ආයතනයට සුබපැතුම් (දී)

:       0       0

ලංකා Monday, 06 August 2012 08:31 PM

ඇත්තටම ඔය යවපු විදියට මිනිසෙක් යවන්න බැරිද අගහරු වෙතටත්? (නි)

:       0       0

රොෂාන් Monday, 06 August 2012 08:37 PM

නොදැකපු දෙයක් දකින්න ලැබීම ගැන සතුටුයි. (නි)

:       0       0

Sahehar Dawood Monday, 06 August 2012 08:54 PM

සුභපැතුම්.. (ත)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Monday, 06 August 2012 09:02 PM

කට්ටිය මොකද ගොළු වෙලා නැද්ද මොකුත් කියන්න අනිවාර්යෙන්ම අපේ උගතෙකුත් ඕකට සම්බන්ද වෙලා ඇති ......ජයවේවා !!! (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2941 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 515 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 765 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2741 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3581 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1936 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 262 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site