IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නොහික්මුණු රියදුරකු නිසා සිඟිත්තාගේ දිවි තොර වෙයි

(පී. ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)

රඹුක්කන සිට මාවනැල්ල දක්වා ධාවනය කරවූ  ලංගම බසය පසුපස ආසනයේ වාඩි වී සිටි මවගේ තුරුලේ සිටි අවුරුදු තුන හමාරක දරුවකුගේ හිස අනාරක්ෂිතව මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා  රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ තම්මිට උස්සාපිටියේ පදිංචි  සචින්ත පැතුම් කුමාර නැමැති සිඟිත්තෙකි.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තම වැඩිමහල් සහෝදරයා හා මව සහ පියා සමග  මාවැල්ලට ගොස් ආපසු නිවෙසට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

රඹුක්කන සිට මාවනැල්ලේ සිය නිවෙස බලා පැමිණිමේ අදහසින් මෙම පිරිස ලංගම බසයක නැගී මෙම පිරිස ගොඩ වී එහි පිටුපස අසුනේ වාඩි වී ඇත.

රඹුක්කන - මාවනැල්ල මාර්ගයේ කීරගල ප්‍රදේශයේ අනාරක්ෂිතව නවතා තිබූ ලොරි රථයක් පසු කරනවා සමග බස් රථය ඇල වූ බවත් ඒ අවස්ථාවේ මගේ උකුලේ සිටි කුඩා දරුවාගේ හිස බසයේ ජනේලයන් පිටතට ඇළ වූ බවත් එම පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ. ඒ සමග තම පුතාගේ හිස ලොරි රථයේ ගැටුණු බව පැමිණිල්ලෙන් කියැවෙයි.

බරපතල තුවා ලබා සිටි දරුවා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි දරුවා මියගොස් ඇත.



අදහස් (6)

නොහික්මුණු රියදුරකු නිසා සිඟිත්තාගේ දිවි තොර වෙයි

Lalith M Sunday, 22 May 2022 03:06 PM

ළමයාගේ හිස එළියට එන විදිහට හිටිය මව ගැන මොනවද කියන්න පුළුවන්... නොහික්මුණු රියදුරා වගේම නොසැලකිලිමත් මවත් වගකියන්න ඕනෑ.

:       5       99

kamal Sunday, 22 May 2022 03:13 PM

රත්තරන් පුතාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...!

:       0       56

Dhammika Sunday, 22 May 2022 05:41 PM

අද දවසට මේ වගේ අහිංසක දරුවෝ දෙදෙනෙකු මියගිය පුවත් දැක්කා... පපුවත් රිදෙනවා මේවා අහලා.. දවස් දෙකක් වයස දරුවෙක් කිරි නැතිව කහවීම නිසා පෙට්‍රල් නැතිකමින් රෝහලට ගෙනියන්න පැයක් පරක්කු වෙලා මිය ගියා... දැන් මේ දරුවා හදිසි අනතුරකින් මියගියා... මේ දරුවගේ හිස එළියට ආවෙ කොහොමද අම්මා අතේ හිටියා නම්... නිවන් සැප ලැබේවා දරුවනේ..

:       0       33

mohammed Sunday, 22 May 2022 06:19 PM

අනේ මගේ දරුවා...!!!

:       1       11

pakeer Sunday, 22 May 2022 07:52 PM

අයියෝ... ජීවිතේ එපා වෙනවා මට නම්. ළමයි කී දෙනෙක් මේ ටිකට මැරුණාද වැඩිහිටියන්ගේ නොසැලකිල්ලට...?

:       0       14

Sahara perera Monday, 23 May 2022 11:28 AM

පැහැදිලිව මේ බස්එකේ රියදුරාගේ හරි වැරැද්දට, ලොරිය නවත්තලා ගිය කෙනාගේ හරි වැරැද්ද වෙන්න පුළුවන්... ඒත් අම්මා කෙනෙක් දරුවෙක්ව තියන් යද්දී ගොඩක් පරෙස්සම් විදිහට ඕනෑ තියා ගන්න. තමුන් දැනගන්න ඕනෑ එක්කෝ ඔඩොක්කුවෙන් තියාගන්න. එක්කෝ මුලු පවුලම මොකටද සා/පෙළ කරන ළමයාව එක්කන් එන්න ගියේ? පොඩි ළමයි අරන් බස්වල රස්තියාදු වෙන්නේ නැතිව ගෙදර ඉන්න තිබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 342 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 642 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1343 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2977 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 374 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 189 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26773 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18875 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1865 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site