IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නොහිතපු වෙලාවක නොහිතපු ගෞරවයක් මගේ ජීවිතයට ලැබුණා

2016-06-08-ent-54

ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය "සී රජ" ටෙලි නාට්‍ය‘යේද, ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශනය වන "ශනි බලවත්" ටෙලි නාට්‍යයේද රංගන හැකියාවන් දක්වන ඇය, පසුගියදා පැවැති රයිගම් ටෙලීස් සම්මාන උලෙළේ (2015) හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර ‘වන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වූ "සත් පත්තිනි" ටෙලි නාට්‍ය‘යේ රන් මැණිකාගේ චරිතයට දායක වෙමිනි. ඇය මේනකා පීරිස්ය.

 

2016-06-08-ent-52වසරේ විශිෂ්ටතම නිළිය ලෙස ලැබූ සම්මානය ගැන කතා කළොත්?

බලාපොරොත්තු නොවුණ වෙලාවක බලාපොරොත්තු නොවුණ සතුටක් හා ගෞරවයක් මගේ ජීවිතයට ලැබුණා. ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා.

 

බලාපොරොත්තු නොවුණ වෙලාවක කියලා සඳහන් කළේ ඔබගේ රංගනය ගැන විශ්වාසයක් තිබ්බෙ නැද්ද?

ඒ ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. රයිගම් ටෙලි එවෝඩ් සැමරුම මේ මාසයේ පැමිණෙනවා කියල දන්නෙ නැහැ. ඒකයි මම සඳහන් කළේ බලාපොරොත්තු නොවුණ වෙලාවක මේ සම්මානය ලැබුණා කියලා. ඒ චරිතය ගැන ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා. ඒ තරම් බලවත් ශක්තිමත් චරිතයක්.

 

මෙහිදී ඔබ සම්මානය ලබා ගන්නේ රන් මැණිකා කියන චරිතයට. ඒ චරිතය ගැන කතා කළොත්?

"සත් පත්තිනි" හි රන් මැණිකා කියන චරිතය චරිත කිහිපයක් පෙන්නුම් කළ චරිතයක්. අහිංසක ළාබාල යුවතියක්. නොහිතන ලෙස සමාජයෙන් කරදර සිද්ධ වෙනවා. ඒ හැලහැප්පිලි මැද්දේ අක්කගේ ආදරෙත් එක්ක ඇය ජීවත් වෙනවා. ඒ ආදරේ නැති වෙලා වෙනම ජීවිතය හදාගන්න පල්ලියට ගිහින් එතැන ඉන්නවා. එතැනින් ලොකු අධ්‍යාපනයක් ලබලා වලව්වක මෙහෙකාරකමට යනවා. එහිදී ඇය ආවතේව කරන කෙනා මිය යන්නේ ඒ මෙහෙකාරියගේ නමට ඇගේ සියලු දේපළ ලියලා. පසුව රන් මැණිකා අයිරාංගනී ලෙස සමාජය ඉදිරියට එනවා. සමාජයට ආදර්ශමත් පණිවුඩ රැසක් ගෙන එන චරිතයක් ලෙස තමයි මම රන්මැණිකා කියන චරිතය දකින්නේ.

 

අද විදේශීය ටෙලි නාට්‍ය සමග මෙවැනි දේශීය නාට්‍යවලට ලැබෙන ඉඩ ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?

මම හිතන්නේ අපේ දක්ෂ අධ්‍යක්ෂකවරුන් ඉන්නවා. කැපවීමෙන් කටයුතු කරන නිෂ්පාදකවරු, රංගන ශිල්පිනියන් ඉන්නවා. ඒ අයගෙන් ප්‍ර‘යෝජනයක් ගත යුතුමයි. විදේශ කෙනෙක් පැමිණ ඉන් ප්‍ර‘යෝජන ගන්නේ නැහැ. අපේ රටේ මිනිසුන් අපිව අමතක කරලා විදේශ ටෙලිනාට්‍ය වැලඳ ගන්නවා. මෙවැනි වූ ටෙලි නාට්‍ය බිහිවෙන එක ඉතාම සතුටට කාරණාවක්. තවත් මෙවැනි නිර්මාණ බිහිවිය යුතුයි. අපේ රටේ අපේ කලාව නැඟීසිටින්න ඕන. මම මගේ උපරිම සහයෝගය එයට ලබාදෙනවා. මට අභියෝගාත්මක චරිතයක් ලැබුණත් 100%ක් ඒ අභියෝගාත්මක චරිතයට කැප කරනවා. මොන විදේශ ටෙලිනාට්‍ය පැමිණුනත් අපේ නාට්‍ය නැතිවෙන්නේ නැහැ. එක්කෙනෙක් හෝ ඉන්නවා ඒ ගමන ගෙන යන්න. කලාකරුවෝ ඒ සටන ගෙන යනවා. ඒක නවත්තලා නැහැ. ඒක සතුටක්.

 

ඔබ රංගන දායකත්වය ලබා දී තිබෙන්නේ සම්මානයට පාත්‍ර වූ චරිතය හා සමාන චරිතවලට කියලා කිව්වොත්?

මම සමාන කියන වචනයෙන් හඳුන්වනවට කැමති නැහැ. ඒකට හේතුව මට එකිනෙකට වෙනස් චරිත ලැබු‍ණේ. සමාන චරිත කියලා සඳහන් කරන්න අමාරුයි. මම වැඩිපුරම රංගන දායකත්වය ලබාදීලා තියෙන්නේ කොටස් පනහේ කොටස් හැත්තෑවේ කෙටි ටෙලි නාට්‍යවලට. ඒ එකකවත් එකිනෙකට සමාන චරිත නෙමෙයි ලැබුණේ. මම ඉදිරියටත් බලාපොරොත්තුවෙන් ඉන්නේ එවැනිම චරිත කරන්න. මගේ රංගන ජීවිතේ මට ලැබුණේ සමාජයට පණිවුඩයක් දියහැකි, ආදර්ශමත් චරිත. මම ප්‍රාර්ථනා කරන්නේ ඉදිරියේදිත් එවැනිම අභියෝගාත්මක චරිත ලැබෙන්න කියලා.

 

ඒ කියන්නේ චරිතයක් තෝරා ගැනීමේදී පෙර කියූ නිර්ණායකයන්ට යටත්වද තෝරාගන්නේ?

මම හඹාගෙන ගිහින්, හොයාගෙන ගිහින් ටෙලි නාට්‍ය කරන්න තෝරගන්නෙ නැහැ. මගේ වාසනාවකට හෝ පිනකට හැම ටෙලි නාට්‍යයක් මැද්දෙම මට උචිත චරිත මගේ ගාවට ආවා. මට හරි පහසු වුණා ඒ චරිත තෝර ගන්න. මම හිතන්නේ කලාකාරිනියක්, කලාකරුවෙක් ලෙස ටෙලිනාට්‍ය පහක හයක වැඩ කරන්න බැහැ. කොළඹින් පිටත තමයි රූගත කිරීම් බොහෝ විට යෙදෙන්නේ. මම කොයිම වෙලාවකවත් මෙග රැල්ල හොඳ නෑ, කොටස් ටෙලිනාට්‍ය හොඳයි කියලා වෙන්කරන්නේ නැහැ. මෙගා ටෙලි නාට්‍ය කියන්නේ කොටස් ගාන වැඩියි කියන එක විතරයි. එහිත් සමාජයට ආදර්ශමත් චරිත, පණිවුඩ ලබාදෙන්න පුළුවන්. කොටස් ටෙලිනාට්‍ය වල අධ්‍යක්ෂකවරු වැඩිපුර උත්සාහ කරන්නේ පරණ කතාවක්, කුතුහලයක් ගේන්න. මෙගා ටෙලිනාට්‍ය වල අද සමාජයේ වෙන දේ සමාජයට පෙන්නනවා. මේ කුමන දෙයක් වුවත් මම හිතනවා කලාකරුවාගේ වාසනාව අනුව චරිත ලැබෙනවා කියලා. මට මගේ ජීවිතයේදී පිටපත් දහයකින් එකක් තෝරගන්න ලැබිලා නැහැ. මට ලැබෙන පිටපත මම තෝරා ගන්නවා. බොහොම කිහිපයයි අතහැර දැමූ නිර්මාණ තිබෙන්නේ. මට ලැබුණ හැම චරිතයක්ම අභියෝගාත්මක චරිතයක්. මම තෝර තෝර ගියේ නැහැ. මගේ ළඟට ආවා.

 

ජනප්‍රියත්වය රංගන ශිල්පියෙකුට කොතරම් වැදගත්ද?

ජනප්‍රියත්වය අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්.අපි කරන හොඳ නිර්මාණ හරහා අපේ මතකය ප්‍රේක්ෂක හිතේ සටහන් කරන්න පුළුවන් නම්, ජනතා හදවත් තුළට කාවද්දන්න පුළුවන් නම් එයයි වැදගත්. හිතන්න ඕන එකම දේ අපි ජනප්‍රියද නැද්ද කියන එක නෙමෙයි. අපි කරන නිර්මාණය ප්‍රේක්ෂක හදවත් තුළට ගෙන ගොස් එය තැම්පත් කරන්නේ කොහොමද කියන කාරණාව ගැනයි.

 

රංගනය හැදෑරීම කියන කාරණාව කොයිතරම් අදාළද? කොහොමද එය දකින්නේ? 

මම හිතන්නේ එය පන්තිවලින් ඉගෙන ගත යුතු දෙයක් නෙමෙයි. අත්දැකීමෙන් ඉගෙන ගතයුතු දෙයක්. අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් එක්ක වැඩ කරන තරමට සහ අපේ ජීවිතය පරිණත වන තරමට අපිට ලොකු අධ්‍යාපනයක් මේ රංගනය සම්බන්ධව ලැබෙනවා. අද වනතුරු මට ලැබුණේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දායක වන නිර්මාණ වලට සම්බන්ධ වෙන්න. නිර්මාණ දෙකක් පමණ තමයි මම මගේ සමකාලීනයන් එක්ක වැඩ කරලා තියෙන්නේ. මම වැඩිපුර වැඩ කරලා තියෙන්නේ ප්‍රවීණ කලාකරුවන් එක්ක. මට ඒක මගේ ජීවිතයේ රංගන පාසල බවට පත්වුණා. ඒවා අපි විසින්ම සොයාගත යුතු දේවල්.

 

ඔබ නර්තන ශිල්පිනියක්. මේ සියලු රංගන කටයුතු අතරේ නර්තනයට ඉඩක් ලැබෙනවාද?

ඔව්. මේ වන විට දෙරණ රියලිටි තරගයට වෙහෙසෙනවා. එය සුන්දර රියලිටි වැඩසටහනක්. කලාකරුවන් 25 දෙනාම එහි වැඩ කරනවා. මම ආසාවෙන්ම හිටපු දෙයක් නර්තන ගුරුවරියක් වීම. ඒ සඳහා මම අඩිතාලම හදනවා. තව මාස දෙකක් තුනක් ඇතුළත ඒ හීනය හැබෑ කරගන්න හැකි වෙයි. මගේම නර්තන පන්තියක් පටන්ගන්න සූදානම් වෙනවා.

 

සිනමා නිර්මාණවලට එතරම් ආරාධනා ලැබුණේ නැහැ නේද?

මගේ කලා ලෝකය තුළ සිනමාවට ඉඩක් තිබෙනවා. නමුත් සිනමා කර්මාන්තයේ මට තවම ඉඩක් ලැබුණේ නැහැ. මගේ නර්තනය, රංගනය පැත්තෙන් මම ටෙලිනාට්‍ය වලට යම් යම් සාධාරණකම් කර තිබෙනවා. නමුත් සිනමාව පැත්තෙන් මගේ නර්තනය, රංගනය එකතු කරගෙන සාධාරණයක් ඉෂ්ට කළ හැකි චරිතයක් අද වනතුරු ලැබිලා නැහැ. ඒ සම්බන්ධව යම් කණගාටුවක් තියෙනවා. ටෙලිනාට්‍ය සිනමාව කියලා බෙදා දක්වන්න බැහැ. මේ මාවත් දෙකෙන්ම යන්නේ ප්‍රේක්ෂකයන් අතරට. මම තෘප්තිමත්. මම සිනමාවේ නැතිවුණාට ටෙලි නාට්‍ය වලට දායක වීම ගැන තෘප්තිමත්. මම ආශිර්වාදයක් කරගන්නවා මේ රටේ ඉන්න ශ්‍රේෂ්ඨ කලාකරුවන් සමග දිගටම මෙවැනි ටෙලිනාට්‍ය වලට රංගනයෙන් දායක වෙන්න හැකියාව ලැබෙන එක ගැන.

 

2016-06-08-ent-53
2016-06-08-ent-51
2016-06-08-ent-50
2016-06-08-ent-49



අදහස් (0)

නොහිතපු වෙලාවක නොහිතපු ගෞරවයක් මගේ ජීවිතයට ලැබුණා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 67 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 54 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 222 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 542 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1151 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1304 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38754 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site