IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


“නැ‘හිර පන්සල් වලට අරියාදු වැඩීයි“

නැගෙනහිර පළාතේ ඓතිහාසික වටිනාකමක් ඇති බෞද්ධ සිද්ධස්ථානවලට සහ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට අන්තවාදී කණ්ඩායම් වලින් නිරන්තර බලපෑම් එල්ලවන බවත් යුද හමුදා සහ නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නිසා තවමත් නොනැසී පවතින බවත් ඒ හිමිවරු කීහ.

තපස්සු භල්ලූක වෙළඳ දෙබෑයන් ලක්දිවට ගොඩබට ස්ථානයේ පුල්මුඬේ ප්හ්ට් අරිසිමලේ (ආසිරි කන්ද) ආරණ්‍ය සේනාසනයට නිතරම අන්තවාදී කණ්ඩායම්වල බලපෑම් එල්ලවන විහාරස්ථානයකි. මෙම ආරණ්‍ය සේනාසනය පිහිටි තැන ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ හිමියන් හා ඊට යාබද ව පිහිටි නාගලෙන වනසෙනසුන් වාසී කුරුකැටියාවේ සුදේවවංශ හිමියන් පැවසුවේ අන්තවාදී කණ්ඩායම් වල බලපෑම යම තරමකට හෝ අඩුව ඇත්තේ යුද හමුදාව සහ නාවික හමුදාව ආරක්‍ෂාවට සිටින නිසා බවයි.

නැගෙනහිර පළාතේ වෙරුගල්, කල්ලඩියේ පාෂාණ පබ්බත රජමහා විහාරාධිපති රත්නපුරේ දේවානන්ද කිත්ති හිමියන් පැවසුවේ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයන් රැුකීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවයි.

එල්ටීටීඊයේ ‘කොටිහඬ‘ ගුවන් විදුලියේ නැගෙනහිර සම්පේ‍්‍රෂණාගාරය පිහිටා තිබුණේ මෙම ස්ථානයේ ය. අඩි හැටක් උසැති එම සම්පේ‍්‍රෂණ කුලූන අදටත් එහි දක්නට ඇත. එහි මුදුනේ අද ඇත්තේ බුදුපිළිම වහන්සේ නමකි.

මීට මසකට පමණ පෙර දී මුතූර් හි ද පිහිටි බෞද්ධ විහාරස්ථානයකට ප‍්‍රහාරයක් එල්ල විය. 



අදහස් (0)

“නැ‘හිර පන්සල් වලට අරියාදු වැඩීයි“

අසාම් Friday, 19 August 2016 02:24 AM

ආගමික සිද්ධස්ථාන තියෙන්නේ මිනිසුන් යහමඟට ගන්න. ඒවා කුමන ආගමකට අයත් වුවත් ඒවාට අතතැබීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. නීතියට පිටින් විසඳුම් සෙවීම ප්‍රශ්නය තවත් උග්‍රවීමක් පමණයි (නි)

:       0       0

මුණසිංහ Friday, 19 August 2016 02:19 AM

යහපාලනය කියන්නේ සිංහලයන් යට කරමින් අනෙකුත් ජාතීන්ට රිසි සේ හැසිරීමට ඉඩදීම කියන එකද? දැන්වත් මේක තේරුම් ගන්න අපේ අයට බැරිද? (නි)

:       0       0

නිමල් ලලිත Friday, 19 August 2016 11:33 AM

මේ බලපෙරේත සිංහල දේශපාලකයන්ට හෝ ඔවුන්ගේ අනාගත පවුල් පරම්පරාවට පාර්ලිමේන්තු යන්නත් සිංහලයන් ඉතුරුවිය යුතුය. ඔවුන් බඩගෝස්තරවාදිව පක්ෂය, බලය රැකගන්නට තැත්කරද්දී අපි අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරමින් වෙහෙසෙන්නේ සිංහල ජාතියේ අයිතිය රැකගැනීමටය. ඔබේ මසින් ලෙයින් වැඩෙන හැදෙන ඔබේ අනාගත පරම්පරාවේ අයිතිය රැකගැනීමටයි (නි)

:       0       0

කමල් Thursday, 18 August 2016 11:16 AM

මේවා රැක ගැනීම අපේ යුතුකමක්. (ර)

:       0       0

ලසන්ත Thursday, 18 August 2016 11:10 AM

ඔන්න ජාතිවාදීන්ට හොඳ මාතෘකාවක්. අදහස් 500 ක්, පටන් ගමු. (ර)

:       0       0

දයානන්ද Thursday, 18 August 2016 11:28 AM

රට වැසියනි මේවට කතාකරන්නේ බලාගෙන අපි අපේ රටට යනකොට අපිට යන්න වෙන්නේ ගෙදර නොවෙයි අහවල් දිහාට. දැන්නම් මේක සිංහල බෞද්ධ රටක් නොවේ. (බ)

:       0       0

විජේ Thursday, 18 August 2016 11:40 AM

බුදු දහමට එල්ලවෙන අරියාදු ගැන බොහොම නිහැඩි බවක් අත්තේ. (ම)

:       0       0

ජනහිත Friday, 19 August 2016 04:37 AM

සිංහයා තවම නිදාගෙන ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකාවේ සාමය ඇති කරන්න ඕනෑ නම් දැන්වත් ඔය ජරා වැඩ නැවැත්විය යුතුයි.(ම)

:       0       0

නුවන් Thursday, 18 August 2016 12:11 PM

ලසන්ත, මේ අන්තවාදය මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේක තමා. දැන් අපේ රටෙත් පටන් අරන් මේවට කතා කලොත් ජාති වාදී කියල ලේබල් අලවන්නෙත් ඔයා වගේ අය. (ර)

:       0       0

අහමඩ් Thursday, 18 August 2016 12:12 PM

අන්තවාදීන්ට ජාති ආගම් භේද නැහැ පුදුම කරදරයක්, ඉස්සර මෙහෙම නැහැ. (ර)

:       0       0

නජීව Thursday, 18 August 2016 12:17 PM

කෝ වෙනදට මෙතන අදහස් දක්වන කඩේ යන කට්ටිය? මේවා අර ඩුබායි මහත්තයට හෙම පෙන්නේ නෑ වගේ නේද? (ර)

:       0       0

ගුණසිරි Thursday, 18 August 2016 12:54 PM

දැන්වත් තේරුනොත් හොදයි. (ර)

:       0       0

බණ්ඩාර Thursday, 18 August 2016 01:10 PM

හා හා ආගම්වාදය අවුස්සන්න එපා. කට කට! අපි ඕවා දන්නවා ඉස්සර ඉඳලම. කොහොමහරි රටත් ඉස්සරහට ගෙනියන්ට එපායැ. (නි)

:       0       0

මහේෂ් ඩුබායි Thursday, 18 August 2016 02:14 PM

හා හා ඕව වැඩිය කතා කරන්න එපා. සන්හිදියාවද මොකක්ද එක නැති වෙනවලු. පුදුම නිවට පාලකයෝ. මුස්ලිම් දෙමල ඕන කෙනෙක්ට ලංකාවේ ඕන තැනක ජීවත් වෙන්න පුළුවන්. එ්ත් සිංහලයට බැරිද ? ඇයි උතුරු නැගෙනහිර තියෙන්නේ වෙනම නීතියක්ද? පොලිසියටත් ගැහුවනෙ. තව මොන කතාද? අපේ පොලිස් පති තුමාගේ වැඩ බලාගන්න තිබුන දකුණේ මිනිහෙක් පොලිසියට ගැහුවනම්. නීතිය නවලම දෙයි නේද? (බ)

:       0       0

චම්පික Thursday, 18 August 2016 02:32 PM

මේ රට දුර්වල කරන වැඩ පිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙනවා. (හේ)

:       0       0

අනුර Thursday, 18 August 2016 02:33 PM

ඒවාට ඉඩ දෙන්නේ නෑ අපි ඉන්න කල්.(හේ)

:       0       0

අසෝක Thursday, 18 August 2016 02:33 PM

සිංහලයන් යළි නැගී සිටිනු.(හේ)

:       0       0

කමල් Thursday, 18 August 2016 02:29 PM

ඇත්තටම කියනවනම් මෛත්‍රී ජනාධිපති තුමාට දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. (හේ)

:       0       0

දීපානි Thursday, 18 August 2016 02:32 PM

කුමක්ද මේ වෙන්නේ.(හේ)

:       0       0

චතුරි Thursday, 18 August 2016 02:41 PM

මේ දේට වගකිව යුත්තේ බලධාරින්.(හේ)

:       0       0

දහම් Thursday, 18 August 2016 03:05 PM

මේවාට වගකිව යුත්තේ කවුද?(හේ)

:       0       0

ලාල් Thursday, 18 August 2016 03:32 PM

ප්‍රථමයෙන් අපරටේ බුදුදහාමත්,බෞද්ධ සිද්ධස්ථානත් ආරක්ෂා කරගන්න පියවර නොගන්නේ මන්දයි බෞද්ධයින්ට ලොකු පෙහෙළිකාවක්.ලංකාවේ සියළුම බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂාකිරීම වගකීමක්.(හේ)

:       0       0

ප්‍රියන්කර Thursday, 18 August 2016 04:39 PM

ආයේ සෙල්ලමක් කට්ටිය පටන්ගෙන වගේ.(හේ)

:       0       0

කුමාර Thursday, 18 August 2016 05:21 PM

සංහිදියාවේ තරම තමි ඔය පෙන්න තියෙන්නේ......(හේ)

:       0       0

ගෝතම Thursday, 18 August 2016 05:17 PM

ඊළම දැන් ක්‍රියාත්මක වීගෙන යන බව සිංහලයින් අවබෝධ කරගත යුතුයි. ඇත්ත දැන්වත් ලක් ජනතාව හඳුනාගත යුතුයි (නි)

:       0       0

යෙහාන් Thursday, 18 August 2016 05:27 PM

අනේ මන්දා රට යන අත මොකක්ද කියලා (නි)

:       0       0

කුමාර Thursday, 18 August 2016 05:22 PM

රට වැනසෙන්නේ මෙවැනි දේවල් නිසයි (නි)

:       0       0

චානක Thursday, 18 August 2016 05:44 PM

තව හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි (නි)

:       0       0

පීරිස් Thursday, 18 August 2016 06:28 PM

කීර්තිලා වගේ අය ඉන්නාතුරු අපේ රටට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

චමල් Thursday, 18 August 2016 08:58 AM

වසර ගණනක් සිට මෙම තර්ජන ගැන අපි කිවුවහම අපිව ජාතිවාදීන් විදියට හිතුවා. ලංකාවට වෙන්න යන දේ ලංකාවේ ඉන්න අයට වඩා අරාබියේ ඉන්න අපිට පේනවා (නි)

:       0       0

ඉමාක් Thursday, 18 August 2016 09:12 AM

ගෝඨාභය මැතිඳු ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ මේවා ආරක්ෂා කළා. ඔන්න දැන් පේනවනේ යහපාලනයේ සංහිඳියාව රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා. වගකිවයුත්තන්ට මීටවඩා වැඩ තියනවනේ. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 18 August 2016 09:12 AM

සංහිඳියාව දෝරේ ගලනවා. මේ ඇරඹුමක් පමණි. මේවට කවුද වගකියන්න ඕනෑ? (නි)

:       0       0

අසිත Thursday, 18 August 2016 09:26 AM

සංහිඳියාව මුවාවෙන් අපේ රටේ ජාතිය ආගම නැතිවෙලා කවදාහරි බෞද්ධයන්ට රට දාලා යන්න වෙයි. සිංහල රටේ බුද්ධාගම නැතිවෙන එක දේශපාලුවන්ට පෙනෙන්නේ නැහැනේ (නි)

:       0       0

කීර්ති Thursday, 18 August 2016 09:21 AM

මේව කියන එකත් සංහිඳියාවට හොඳ මදි නේද? මේවා හිමිහිට විසඳාගන්න තියන ප්‍රශ්න. නැත්නම් සමහර දේශපාලකයෝ මේවායෙන් ප්‍රයෝජන අරගෙන ප්‍රශ්න ඇතිකරන්න බලනවා (නි)

:       0       0

බටුගෙදර Thursday, 18 August 2016 09:22 AM

ගෝඨාභය මැතිඳු ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ මේවා හෑරුවා මේවා කව්රුත් දන්නා දේවල්. හිනත් යනවා සමහර අයගේ අදහස් බැලුවහම (බ)

:       0       0

කෝලිත Thursday, 18 August 2016 09:30 AM

මේවට මුලින්ම වගකියන්න ඕනෑ අපිම තමයි. දැන් මේ රජයට බැනලා වැඩක් නැහැ (නි)

:       0       0

ජනක Thursday, 18 August 2016 09:25 AM

අපි නැවතත් අපේ උරුමය රැකගැනීමට වහාම පියවර ගතයුතුයි (නි)

:       0       0

කමල් Thursday, 18 August 2016 09:26 AM

අන්තවාදය කොහේ බැලුවත් රටට විනයකි. හැබැයි අපිට ඒවා මතක්වෙන්නේ මේවගේ ප්‍රශ්න වලදී පමණි. අපේ ඉඩම් එයාලා වැඩි මිලට ගන්නකොට ආසාවෙන් විකුණලා "අනේ ජාතිය ඉවරෝ" කියනවා. (නි)

:       0       0

චානක Thursday, 18 August 2016 09:30 AM

ඇයි මේවට පියවර ගන්නේ නැත්තේ? තවත් ත්‍රස්තවාදයක් ඇතිවෙන්න ඉඩදීලා බලාගෙන ඉන්නේ ඇයි? (නි)

:       0       0

ෆ්‍රීමාල් Thursday, 18 August 2016 09:11 PM

නිකන් නැති ප්‍රශ්න ඇතිකර ගන්න නම් එපා (නි)

:       0       0

ජයතු Thursday, 18 August 2016 09:56 PM

ඔව්, අද බලන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේත් යාපනයේ දෙමළ අය 4000 කට වැඩිය ජීවත්වෙනවා. හැම සිංහල කියන ප්‍රදේශයකම දෙමළ මුස්ලිම් අය ඉන්නවා. පන්සල් ළඟ කෝවිල්, මුස්ලිම් පල්ලි කොච්චර හැදුනද? සිංහල අය ඒවාට විරුද්ධ වුණේ නැහැ. අද කොළඹ නගරයේ දෙමළ මුස්ලිම් ජනගහණය 73%යි. මේක තමා සත්‍යය. ඒගොල්ලන්ට අපේ ප්‍රදේශත් ඕනෑ. උතුර, නැගෙනහිරත් වෙනම අයිති කරගන්න ඕනෑ. (නි)

:       0       0

සරත් Thursday, 18 August 2016 09:35 AM

අන්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව ලංකාවේ මොනවද කළේ? ඔය අන්තවාදීගේ ක්‍රියාකාරකම් නවත්වන්න ඕනෑ. (නි)

:       0       0

සිරි Thursday, 18 August 2016 11:09 PM

මෙවැනි පුවත් පළකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි! මොකද රටේ පාලකයෝ දැනගන්නෙත් පත්තරෙන්නේ (නි)

:       0       0

ශ්‍රියානි Thursday, 18 August 2016 09:47 AM

වගකිවයුත්තන්ට අපේ බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමට උවමනාවක් නැද්ද? අපේ මුතුන් මිත්තෝ දිවිහිමියෙන් මේ දේවල් රැකගත් නිසා තමා අපි අදටත් මේ සිද්ධස්ථාන වන්දනාමාන කරන්නේ. මේ සංහිඳියාවෙන් බෞද්ධ අපිට සිදුවෙන්නේ කෙනෙහිලිකම් විතරමයි (නි)

:       0       0

නුවන් Thursday, 18 August 2016 09:57 AM

අපේ සංහිඳියාව ගැන මහා ආඩම්බරෙන් උදේ හවා කතාකරන අය මේ පුවත පත්තරෙන් හරි දැකලා ඒ පැත්ත එයාලටම ලියාදෙයිද කියලයි මට සැක. (නි)

:       0       0

වෙනුර Thursday, 18 August 2016 09:52 AM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)

:       0       0

වෙල්ගම Thursday, 18 August 2016 09:57 AM

සැබෑ සංහිඳියාවක් අවශ්‍ය නම් කළයුත්තේ ඒ ඒ ජාතීන්ට වෙන වෙනම පළාත් ඇති කරගන්න ඉඩනොදී හැම ජාතියක්ම කලවමේ පදිංචි කිරීමයි. සිංහල මිනිස්සු ඉන්නා දෙසක ඕනෑ ජාතියක කෙනෙක්ට විත් පදිංචි වෙන්න පුළුවන්. එ්ත් වෙන ජාතීන් ඉන්න පැත්තක එක සිංහලයෙක්ටවත් ඉන්න දෙනවද? සංහිඳියාව කියලා දෙන්න ඕනෑ සිංහල මිනිසුන්ට නොවෙයි. සංහිඳියාව කිය කියා මොනවද මේගොල්ලෝ මේ කරන්නේ. (නි)

:       0       0

ජගත් Thursday, 18 August 2016 11:50 PM

මෙහෙම දේවල් වෙයි කියලා අපි කලින්ම කිවුවනේ (නි)

:       0       0

හර්ෂ Thursday, 18 August 2016 10:07 AM

මේ සම්බන්ධයෙන් බලධාරින් අවධානය යොමු කළ යුතුයි.(හේ)

:       0       0

නිමල් ලලිත Friday, 19 August 2016 01:13 AM

මේ සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් අදහස් දක්වන මහත්ම මහත්මීනි, මේ රටේ සිටින සිංහල කියන සමහර දේශපාලකයෝ බලය වෙනුවෙන් ඕනෑම සිංහල බෞද්ධවිරෝධී වැඩකට අසිංහල ජාතිවාදීන්ට ඉඩදෙන දේශපාලන බලපෙරේතයන්. ගමේ පන්සලේ හාමුදුරුවරුන්ගෙන් වැඩිම දෙනෙක් මේ සිංහල බෞද්ධවිරෝධී වැඩ ගැන සිතන්නේ නැහැ. ඇහැරෙන්නේ තමන්ගේ පන්සලට වැරදෙනකොට. බෞද්ධ සංගම් ලොක්කන් ගැනත් කියලා වැඩක් නැහැ. මට අහන්න තියෙන්නේ මෙපමණයි. මේ රටේ කෙරුමන් මර නින්දේද යන්න පමණකි. (නි)

:       0       0

අමාලි Thursday, 18 August 2016 10:21 AM

ඒවාට කමක් නැහැ. (හේ)

:       0       0

ලක්ෂ්මන් Thursday, 18 August 2016 10:33 AM

ඉක්මනින් විසදුම් ඕනේ.(හේ)

:       0       0

ශාන සෞදි Thursday, 18 August 2016 10:43 AM

මේ අපේ උරුමයන් රැක ගැනීමට රජය කටයුතු නොකරන්නේනම් වහාම ජනතාව මේ සදහා පෙළ ගැසිය යුතුය. (ර)

:       0       0

අමාලි Thursday, 18 August 2016 10:54 AM

බලාගන සංහින්දියව බිඳෙයි ඕවට මුකුත් කියනවා එහෙම නෙවෙයි. (ර)

:       0       0

එරන්ද Friday, 19 August 2016 02:15 AM

අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1199 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 247 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2158 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1213 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 654 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 435 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25612 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site