(අමදෝරු අමරජිව)
නැගෙනහිර පලාත් මුදල්, ක්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම්වරියට අයත් නිල රථය ඇගේ දියණිය පදවාගෙන යද්දි අනතුරකට ලක්විමෙන් පසු සිදුවු අලාභය කිසිදු විමර්ශණයකින් තොරව අදාල රක්ෂණ සමාගමෙන් පියවා ගැනිමට සුදානම් වන බව ඒම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මඩකලපුවේ පෞද්ගලික ගමනක් යෑම සදහා ඇගේ දියණිය මෙම රථය පදවාගෙන යද්දි පිටුපසින් පැමිණි වාහනයක් නිල රථයේ වැදිමෙන් මෙම අලාභය සිදුවිතිබේ.
රථය පැදවු දියණියට වලංගු රියදුරු බලපත්‍රයක් ඇතත් රථය පැදවිම සදහා පලාත් සභාවේන් කිසිදු අනුමැතියක් ගෙන නැතැයි වාර්තාවේ.
නිල රියදුරා නොමැතිව නිලරිය පැදවිමෙන් රජයේ වාහනයක් අවභාවිතා කර ඇතැයි ද රියදුරා නොමැතිව නිල රියක් පැදවිම සම්බන්ධයෙන් කිසිදු විමර්ශණයක් මෙතෙක් සිදුවි නැතැයි වාර්තා වේ.
අණතුර සම්බන්ධයෙන් තක්සේරුකර ඇති අලාභය ලක්ෂ 17කට අධික මුදල පියවා ගැනිමට රක්ෂණ සමාගමට ලේඛන ඉදිරිපත්කිරිමේදි ලේකම්වරියගේ දියණිය රියදුරු ලෙස දක්වා තිබිමෙන් එම සමාගම පලාත් සභාවේ කාන්තා රියදුරන් බදවාගැනිමක් සිදුකර ඇත්දැයි සිදුකල විමසිමේදි මෙම කරුණු අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි අමාත්‍යාංශ ලේකම් කලාමදි පත්මරාජා මහත්මිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ රථය පැදවුයේ රාජකාරි රියදුරා බවත් ඇගේ දියණිය රථය පදවා නැති බවයි.
මෙම අනතුර ඉකුත් අප්‍රේල් 16දා සිදුවි ඇති අතර අනතුර වසන් කර රථය සඟවා දින ගණනාවකට පසු එය අලුත්වැඩියාවට යොමුකළ අතරතුරේ අලාභය රක්ෂණ සමාගමෙන් පියවාගැනිමට යෑමේදි මෙම කරුණු හෙලිවි ඇත.
මේ සම්බන්ධයෙන් පලාත් ප්‍රධාන ලේකම් තුසිත පි.වනිගසිංහ මහතා ගෙන් කළ විමසීමකදී තමන්ටද මෙය ආරංචි වු බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලන කියා සිටියේය.
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නැ‘හිර පළාත් නිලධාරිනියකගේ දියණිය නිල රථය අවභාවිතා කරලා
සනත් බණ්ඩාර Sunday, 15 May 2022 09:29 PM
රක්ෂණ සමාගමට ඩ්‍රයිවර් කවුද කියන එක අදාල නැහැ. ඩ්‍රයිවින් ලයිසන් එක තියෙන නිසා ගෙවීම් ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඕක පුද්ගලික ගරාජ් එකකට දැම්මා නම් ලක්ෂ 6 විතර ගදාගන්න පුළුවන්. කොම්පැනියට දැම්මොත් කෑලි ඔක්කොම දානවා.
pakeerMonday, 16 May 2022 08:57 AM
මට පෙන්නේ ඔයත් හොඳට අවභාවිතය ගැන දන්නවා වගේ.
මධුසංකMonday, 16 May 2022 09:52 AM
රක්ෂණ වන්දිය ලබා ගැනීමට නම් අදාල අනතුර සිදුකල අවස්ථාවේ රියදුරු ලෙස සිටි පුද්ගලා ඉදිරිපත් වීම අත්‍යාවශ්‍යයි. පෞද්ගලික නමකට රක්ෂණය කරලා තියන වාහනයක සහ ආයතනයක නමට රක්ෂණය කරලා තියන වාහනයක වන්දි ලබා ගැනීම දෙවිදිහක්. මෙම වාහනය රක්ෂණය කරලා තියෙන්නෙ පෞද්ගලික නමකට නෙමේ. රජයේ වාහනයක් නිසා අදාල ආයතනයේ නමට. එමනිසා අදාල ආයතනය විසින් නිර්දේශ කල රියදුරු හෝ ආයතනයේ පුද්ගලයින්ට වාහනය පැදවීමට අවසර තිබුනත් මෙම වාහනය භාවිතා කර ඇත්තේ ආයතනයට සම්බන්ධ නැති පුද්ගලයෙක්. එමනිසා රජයේ වාහන අවභාවිතාව සම්බන්ධයෙන් නීතිමගින් කටයුතු කිරීමක් සිදු වෙනවා. නීතිමය ගැටළු නිරාකරණය වූවාට පසුව තමා අදාල වන්දි කටයුතු සිදු කරන්නේ.
DanMonday, 16 May 2022 11:50 AM
රක්ෂණ සමාගමට ඩ්‍රයිවර් කවුද කියන එක අදාල නැහැ. ඩ්‍රයිවින් ලයිසන් එක තියෙන නිසා ගෙවීම් ප්‍රතික්ෂේප කරන්න බැහැ...
naleen Sunday, 15 May 2022 09:52 PM
මෙය එක සිද්ධියක් පමණි. මෙසේ ජනතා දේපල මේ නිලධාරීන් තමන්ගේ පෞද්ගලික සුඛවිහරණයට භාවිතා කරන්නේද. අද රට පත්ව ඇති තත්වයට දේශපාලකයන් සේම සමානව මේ දුෂිත රාජ්‍ය සේවකයන් ද වග කිව යුතුය.
Jayamanna Sunday, 15 May 2022 10:11 PM
මාධ්‍යයට විවෘත නොවන තවත් බොහෝ දේ ඇත. මෙය සරල නඩුවකි.
කරි පුතා Sunday, 15 May 2022 11:23 PM
සියලුම ජනයා ඒකරාශි ව 225 කට ඇඟිල්ල දික් කරගෙන හිටියට ලංකාවෙ හොරකම , අවභාවිතය කියන්නෙ ඔඩු දුවපු තුවාලයක්. සනීප කරගන්න බැරිම තත්ත්වයෙන් තියෙන්නෙ
Prabha Monday, 16 May 2022 01:13 AM
අන්තිමට අලාභය අතින් ගෙවලා නිල රථයේ රියදුරුට හිරේ යන්න උනත් පුදුම වෙන්න එපා.
ranjith Monday, 16 May 2022 06:39 AM
රටේ සිදුවන මෙවැනි අවැඩ වලට උපරිම දඬුවම් දෙන්න ඕන.
Buddika Monday, 16 May 2022 06:58 AM
දේශපාලකයන්ගේ දරුවෝ පවුල්වල අය කරන ඒවා දකිද්දී මේක ඉතාම සාමාන්‍ය දෙයක්.
kasun Monday, 16 May 2022 10:54 AM
අනේ ඉතින් මේවානම් මොනවාද.