IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නළඟන නයා ඉල්ලයි

කොල්ලුපිටිය සමාජ ශාලා නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25)ට ඇගේ සුරතල් නයා බාර දෙනවාද නැද්ද යන්න ගැන ලබන පහළොස් වැනිදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද ප්‍රකාශ කළේය. කොල්ලුපිටිය පොලීසිය නළඟනට එරෙහිව අදත් චෝදනා ගොනු කළේ නැත. චෝදනා ඇත්නම් ගොනු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා කළින් දිනයේ කීවේය. ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ශ කුලරත්න මහතා ඇය වෙනුවෙන් පෙනී සිටිමින් පැවසුවේ නයා නපුරු සතකු වුවත් ඇති කිරීමේ තහනමක් නැති හෙයින් ඇයට නයා මුදා හරින බවයි. පොලීසිය ඊට විරුද්ධ විය.  මිනිසුන් සුරතලයට බල්ලන් බළලුන් ඇති කරන අයුරින් මේ නළඟනද නයකු ඇතිකරන බවත්, ඇය නයාට ආදරය කරන බවත් අර්ශ කුලරත්න මහතා කීවේය.



අදහස් (0)

නළඟන නයා ඉල්ලයි

කුමාරි Thursday, 25 October 2012 07:34 PM

ගිය ආත්මෙ නයෙක්ද කොහෙද?(නු)

:       0       0

හේරත් ත්‍රිකුණාමලය Friday, 26 October 2012 09:54 AM

එහෙනම් අහිගුන්ටික මිනිසුන් ළග ඉන්න නයින්ටත් නඩු දාන්න කියලා පොලිසියට කියන්න..!(නු)a

:       0       0

මාරී Friday, 26 October 2012 09:59 AM

නයාව දෙන්න සමහර විට ඒ සතා නපුරු වෙලත් ඇති අයිතිකාරයා නැතිව..!(නු)

:       0       0

නාරද Friday, 26 October 2012 05:07 PM

මේ කෙල්ල ටිකක් හැඩකාර නිසා ලැබිලා තියෙන ප්‍රතිචාර නම් එමටයි.. කියලා වැඩක් නැහැ.. ඒක නිසා කියන්නෙ නැහැ.. කෙසේ වෙතත් නයා ඒ තැනැත්තියගෙ ජීවන මාර්ගයේ කොටසක්, හරියට රා මදින්නාගේ පිහිය වගේ.. ඒ පිහියෙන් මිනිසුන් මරන්න ඉඩ තියෙනවා කියලා පිහිය පොලිස් අත්අඩංගුවට ගත්තොත් මොකද වෙන්නෙ..? එයා කාටවත් අත නොපා තමන්ගේ උත්සාහයෙන් කීයක් හරි හොයාගන්න එක නැතිව යනවා..!(නු)

:       0       0

අමිලා Thursday, 25 October 2012 07:32 PM

ඔයාගේ වැඩ නම්..?(නු)

:       0       0

නන්ද හිමි Friday, 26 October 2012 10:03 AM

එහෙනම් සත්තු වත්තේ සතුන්වත් නිදහස් කරන්න. (නි)

:       0       0

දිලිප් Thursday, 25 October 2012 07:33 PM

නයි නටවන කාන්තාවක්ද කොහෙද ගිය ආත්මයේ..!(නු)

:       0       0

හසන්ත ' Thursday, 25 October 2012 07:37 PM

ඒ දැරිවි කියන කතාවෙත් අත්තක් තියෙනවා

:       0       0

අනුර Thursday, 01 November 2012 03:46 PM

ඕනෙනම් පොළගෙක් ගෙනත් දෙන්නම් ..(ස)

:       0       0

හර්ෂ Thursday, 25 October 2012 07:39 PM

නයා අතහරින්න කැමති නම් මාව අරන් හදාගන්න කියන්න. (නි)

:       0       0

හර්ෂ Thursday, 25 October 2012 07:50 PM

නයා විසිකරලා මාව අරගන්නකෝ. (නි)

:       0       0

හර්ෂ Thursday, 25 October 2012 07:39 PM

ඔය නයා විසිකරලා දාලා හොද ජීවිතයක් ගත කරන්න..(නු)

:       0       0

දර්ලු ශිපා Thursday, 25 October 2012 07:39 PM

මෙයාගාව හැපින්නක්ද නයෙක්ද හිටියෙ..!(නු)

:       0       0

තිලක් Friday, 26 October 2012 10:12 AM

ඔය නයා ඇතහැරලා හොද ජීවිතයක් ගත කරන්න..!(නු)

:       0       0

විශ්මිත Friday, 26 October 2012 10:12 AM

සමාජයේ වෙන අපරාධ වල හැටියට මෙයා අදහන්න ඕනෑ. අම්මලා දරුවන් මහා මග දමා යන සමාජයක මේ ළමයා නයා වෙනුවෙන් නීතියේ සහනය පැතීම මම නම් අගය කරනවා. (නි)

:       0       0

සිල්වා තබුක් Thursday, 25 October 2012 08:02 PM

කිට්ටු උනොත් දෂ්ඨ කරනවා.. නටපං නය ිහාමි.. උඹ නටපන් නයි හාමී..පුප්පා පෙනේ අද පෙන්නා උඹේ වැඩ නටපන් නයි හාමී උඹගෙන් මාත් රුකෙනවා නටපන් නයි හාමි.. (නු)

:       0       0

අශෝක-කොට්ටාව Thursday, 25 October 2012 07:56 PM

නයා ගැන හිතන්නෙ නැතුව මම ගැන හිතන්නකෝ. (නි)

:       0       0

බුද්ධි Friday, 26 October 2012 10:18 AM

පොලිසිටත් හරියට මේවාට චෝදනා තියෙනවා.. කේ.පී.ට චෝදනා නැහැ.. ඇත්තටම ලංකාවෙ නීතියට මොකද වෙලා තියෙන්නෙ.. මෙයාලටද නැත්නම් ඡන්දය දුන්න අපිටද පිස්සු?(නු)

:       0       0

පනාගොඩ Thursday, 25 October 2012 08:22 PM

අපේ නෝනත් නයෙක් ඉල්ලලා ගෙදර දෙවනත් කරනවා. (නි)

:       0       0

සාලිය Thursday, 25 October 2012 08:13 PM

ආදරණීය නයෝ,..... (නි)

:       0       0

ආනන්ද Thursday, 01 November 2012 08:44 PM

ඔන්න ඔය නයා දීලා දාන්න. (නි)

:       0       0

පෙරේරා යූකේ. Friday, 26 October 2012 06:12 PM

අම්මෝ මටනම් මෙයත් එපා ණයත් එපා..!(නු)

:       0       0

සහන් Friday, 26 October 2012 10:48 AM

එයාට මානසික ලෙඩක්. ඒකයි අසාමාන්‍ය දේවල් වලට පෙළඹෙන්නේ. සමහරවිට ආත්මගත සම්බන්ධයක්ද දන්නේ නැහැ. ඒක නිසා අනුකම්පා කරලා නයා දෙන්න, විෂ ඇරලා. පවුනේ. හැබැයි සමාජයෙන් ටිකක් ඈත් කරලා තියන්න. එයාටම කවදාහරි තෙරේයි. මේක නැත්නම් හැමදාම ජුගුස්පාජනක ප්‍රවෘත්තියක්. ඒ මනුස්සයා හැමදාම සමච්චලයට ලක් වෙනවා. (නි)

:       0       0

දම්මි Thursday, 25 October 2012 08:24 PM

පොලිසියට පිස්සු. (නි)

:       0       0

සරත් Friday, 26 October 2012 11:06 AM

අමිල කටුනායක පොඩ්ඩක් රස්තියාදු උනාම මොකද නයා ලැබෙනවානම්..!(නු)

:       0       0

අමල් Friday, 26 October 2012 11:15 AM

මේක හරිම අසාධාරණයි. ඇයි ඇයට නයෙක් ඇති කරන්න බැරි. නයි නටවන්නන් ළඟත් නයි ඉන්නේ. සමානයන් අතර අසමාන ලෙස සැලකීම. අනිවාර්යයෙන් ඇය නඩුවෙන් දිනන්න ඕනෑ. පොලිසිය දැන් ඇයට චෝදනා ගොනු කරගන්න බැරුව දඟලනවා. අපේ රටේ පිස්සු පොලිසිය දන්නේ ඔහොම වැඩ තමයි. අල්ලන්න ඕනෑ හොරු, කුඩු ජාවාරම් කාරයෝ නිදැල්ලේ ඉන්දැද්දී කොහෙවත් යන නයි අල්ලන්න යනවා. ඩිලානිට ජයවේවා! පොලිසිය පරාද වේවා! (නි)

:       0       0

රනුක Thursday, 25 October 2012 08:39 PM

ආදරයෙන් උපන්

:       0       0

සේනක Thursday, 25 October 2012 03:37 PM

අපි නොදන්න නයි..!(නු)

:       0       0

හිරන්ත Thursday, 25 October 2012 03:37 PM

අයියෝ ගැරඩියෙක් හොයාගන්න ඔයතරම් අමාරුයැ..!(නු)

:       0       0

නිලන්ත සමරවීර Thursday, 25 October 2012 03:51 PM

ඇයි පොලිසියට ණයාට බයද?(නු)

:       0       0

සතිෂ් Thursday, 25 October 2012 09:07 PM

පොලිසිය කොහොමද එහෙම නයින්ව අත්අඩංගුවේ තියාගන්නේ? (නි)

:       0       0

සුරංග Thursday, 25 October 2012 03:52 PM

ණයා මෙයාට දෙන්න..!(නු)

:       0       0

තුවාන් ෂෙරිෆ් Thursday, 25 October 2012 03:52 PM

ඔන්න ඔය නයා කැලයට මුදා හරින්න..!(නු)

:       0       0

ජයකොඩි Thursday, 25 October 2012 09:05 PM

ඕක ඉක්මණින් දීලා දාන්න. කාලෙකින් ඌව දකින්නෙත් නැතුව ඇති. (නි)

:       0       0

චන්දන Thursday, 25 October 2012 04:01 PM

නයා නිරෝෂාට දෙන්න.. නයා නැතිව එයාට ජීව්ත් වෙන්න බැරිව ඇති..!(නු)

:       0       0

අමිල Thursday, 25 October 2012 09:29 PM

ඇයි නයින්ට ඔච්චර කැමති? (නි)

:       0       0

සුරංග Tuesday, 30 October 2012 01:34 PM

එයාගේ නයා එයාට දෙන්න. පවු. (නි)

:       0       0

වරුණ Thursday, 25 October 2012 04:05 PM

ණයා දිලානිට දුන්නොත් නැවත පොලිසියට දිලානි නඩු දායි කියලා බය ඇති.. එහෙනම් අහිගුන්ටික ජනයාටත් නයි තියාගන්න දෙන්න බැහැ..!(නු)

:       0       0

චානක Friday, 26 October 2012 12:03 PM

පොලිසිය නයා මුදා හරිනවාට විරුද්ධයි.. හැබැයි කුඩුකාරයන්ව මිනීමරුවන්ව නිකම්ම නිදහස් වෙනකොට විරුද්ධ නැහැ.. නේද අයුබොවන්..!(නු)

:       0       0

ඩරුල් ශිපා Friday, 26 October 2012 11:54 AM

මෙයා නැතිව නයාටත් සාංකාව ඇති..!(නු)

:       0       0

ලසික් Thursday, 25 October 2012 09:36 PM

නයා නැතුව ඇයට සංකාව හැදුණොත්‍‍ මොකද කරන්නේ? ඕක දීලා දාන්න. (නි)

:       0       0

සමන් Monday, 29 October 2012 07:08 PM

පුදුමයි ඒත් ඇත්තයි. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 25 October 2012 03:58 PM

ඇයි මෙයා නයෙක් ගැනම හිතන්නේ මේ තරම්..!(නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 25 October 2012 09:41 PM

මෙයාලා ප්‍රසිද්ධ වෙන්න කරන වැඩක් මිසක් වෙන මොකද්ද? කාලෙන් කාලයට හැදෙන උණක්ද කොහෙද? මෙවැනි පළක් නොවන දේවල් වලට කාලය අපතේ යැවීමත් අපරාධයක්. (නි)

:       0       0

ඩරුල් ශිපා Friday, 26 October 2012 11:57 AM

නිරෝෂා ඔයාගේ නයාට නමක් දාලාද තියෙන්නෙ?(නු)

:       0       0

පුන්සිරි Thursday, 25 October 2012 04:11 PM

මේ සේරමලා අපිට නයා පෙන්නන්න වගේ හදන්නේ.(නු)

:       0       0

අනිල් ඩුබායි Friday, 26 October 2012 12:10 PM

නංගි හර්ෂලා වගේ නයින්ගෙන් ප්‍ර වේශම් වන්න.. (නු)

:       0       0

ඩරුල් ශිපා Friday, 26 October 2012 12:12 PM

මෙපමණ කලක් ඔයා ළග හිටපු නයා දැං මොන හෝටලේද දන්නෙ නැහැ ඉන්නෙ..!(නු)

:       0       0

උණහපුලුවා Thursday, 25 October 2012 04:14 PM

එවන්නද නයා ...(නු)

:       0       0

චින්තක Thursday, 25 October 2012 04:05 PM

එහෙමනම් නයි නටවන අය ළග ඉන්න නයින්වත් මුදා හරින්න..!(නු)

:       0       0

සමන් Thursday, 25 October 2012 04:12 PM

ණයා කොහෙ ගිහින්ද දන්නෙ නැහැ..!(නු)

:       0       0

ප්‍රසාද් Friday, 26 October 2012 12:36 PM

මෑත ඉතිහාසයේ අපේ රටේ වෙච්ච ලොකුම අපරාධය තමයි මේක. ඒක ගැන එඩිතරව පියවර අරන් මේ කෙල්ලව අත් අඩංගුවට ගත් අපේ පොලිසියට ජාතියේ ප්‍රණාමය. අපේ පොලිසිය තවත් නොයෙකුත් වීර ක්‍රියාවල නිරත වෙනවා. බීච් එකේ ඉන්න ආදරවන්තයන් අල්ලන එක, හෝටල් වල කාමර වල ඉන්න ජෝඩු වයස 18 ට වැඩි වුණත් කසාද බැඳලා නැති නම් ඒ අයගේ දෙමවුපියන් ගෙන්වා බාර දී ඒ අයට විරුද්ධව නඩු පැවරීම. ඔය වගේ අද රටට තියෙන ඉතාමත්ම දරුණු ප්‍රශ්න වලට පොලිසියෙන් විසඳුම් ලබා දෙනවා. ඔය පාතාලේ අය, ඇමති පුත්තු වගේ අය අල්ලන්නේ නැත්තේ ඒ අය දේශපාලකයන්ටත් මේ රටටත්, රටේ අනාගතයටත් ගොඩක් වැදගත් නිසා. ඒ වගේම තමයි පාතාලේ අය මේ රටේ ඕනෑම දේශපාලන තනතුරකට සුදුසු අය. ඒ නිසා තමයි පොලිසිය ඒ අයට පාඩුවේ ඉන්න දීලා, අපේ රට වනසන මේ වගේ කෙල්ලන්වයි බීච් ගානේ හෝටල් ගානේ හිහින් ආදරවන්තයන්වයි අත් අඩංගුවට ගන්නේ. අපේ වීර පොලිසියට ජය වේවා! (නි)

:       0       0

ජානක Friday, 26 October 2012 12:40 PM

නයා දීලා දාන්න පව් එයා..!(නු)

:       0       0

චන්දික Thursday, 25 October 2012 04:26 PM

දිලානි නැති සොවින් නයා මිය ගියොත් කෝටි දහයක වන්දියක් ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්ද?(නු)

:       0       0

මල්කි Monday, 29 October 2012 07:39 PM

නයා ඇයට දෙන්න. ඒක ඇයගේ අයිතියක් වෙන්න ඇති. (නි)

:       0       0

විජේ Thursday, 25 October 2012 04:16 PM

නයෙක් නිසා දුක් වෙන්න එපා..!(නු)

:       0       0

නෆ්හාන් Thursday, 25 October 2012 04:36 PM

නයා මාරුවෙලා වෙන නයෙක් දුන්නොත්?(නු)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 25 October 2012 04:27 PM

මේවා කියවලා දැං රටේ හැමෝම නයි ඇතිකරන්න හදයි..!(නු)

:       0       0

කපිල Friday, 26 October 2012 01:22 PM

නයාව ආපසු භාරදෙන්න එයාට (නි)

:       0       0

සනත් Thursday, 25 October 2012 04:35 PM

මේක මහ විකාර නඩුවක්.... දඩුවම් දියයුතු නඩු දවසින් දවස කල් යන්නෙ මේ වගෙ හරයක් නැති දේවල් වලට කා දමන කාලය නිසයි. නයා සුදුසු තැනකට නිදහස් කරලා...ඩිලානිට වහාම විවාහයක් කර ගන්න නියෝග කරන එකයි තියෙන්නෙ. (නු)

:       0       0

සනත් Thursday, 25 October 2012 04:46 PM

මේක මහ විකාර නඩුවක්.... දඩුවම් දියයුතු නඩු දවසින් දවස කල් යන්නෙ මේ වගෙ හරයක් නැති දේවල් වලට කා දමන කාලය නිසයි. නයා සුදුසු තැනකට නිදහස් කරලා...ඩිලානිට වහාම විවාහයක් කර ගන්න නියෝග කරන එකයි තියෙන්නෙ. (නු)

:       0       0

රුවන් Wednesday, 31 October 2012 04:18 PM

මේ කෙල්ලව මාධ්‍ය විසින් තමයි පුම්බල තියෙන්නේ (ස)

:       0       0

ගයාන් Thursday, 25 October 2012 11:00 PM

නයි කයිද රෝස් පාන් කිවුවලු. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 25 October 2012 04:38 PM

දන්තුරේ වෙන නයි නැද්ද?(නු)

:       0       0

ද සිල්වා Friday, 26 October 2012 01:21 PM

මෙයාට ප්‍රසිද්ධ ස්ථානයක බීමතින් හැසිරීම හා විසකුරු සතෙක් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශණය කරමින් කලබල ඇති කිරීමට නඩු පවරා මාස කිහිපයකට හිරේට දැම්මනම් මෙයාගේ මොලේ අමාරුවත් හොද වෙයි..!(නු)

:       0       0

ධනපාල Thursday, 25 October 2012 11:18 PM

පාන්දර ජාමේ කොළඹ කනත්තෙන් වෙඩි හඩක් ඇහුණා. නයා මැරුවාවද්ද? (නි)

:       0       0

විමුක්ති Thursday, 25 October 2012 04:46 PM

නයා දෂ්ඨ කරයි බලාගෙන..!(නු)

:       0       0

ලුක්ෂාන් Thursday, 25 October 2012 04:47 PM

පිස්සු නැතිනම් හොදයි..!(නු)

:       0       0

චන්දිමා Thursday, 25 October 2012 04:49 PM

මෙයාට රබර් නයෙක් ගන්න බැරිද?(නු)

:       0       0

චතුල වෙරෝනා Friday, 26 October 2012 01:18 AM

කරුණාකර නයා බාල වයස්කරුවෙක්දැයි සොයා බලන්න. එය එසේනම් නයා වෙනුවට පනාගොඩ එවනවා යැයි කී පත්තෑයාව ලබාදෙන්න. (නි)

:       0       0

ලලිත් Thursday, 25 October 2012 04:53 PM

තමන්ගේ නයා ළග තියාගන්න එයාට බැරිද?(නු)

:       0       0

තරිදු Friday, 26 October 2012 01:47 AM

විසකුරු මිනිසුන් සමග ජීවත් වෙනවාට වැඩිය නයා සමග ජීවත් වෙන එක හොදයි. (නි)

:       0       0

රොහන් කුමාර Thursday, 25 October 2012 05:04 PM

ඇයි නයි නටවන අයට ඔය තහනම නැති ද ?(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 26 October 2012 02:21 AM

මෙයාගේ නයා දෙන්නේ නැත්තම් ,නයි නටවන අය ළග ඉන්න නයි ඔක්කොමත් මුදා හරින්න. ඒ අයටත් නඩු ගොණු කරනන. මේක නයාගේ නීතියක්නේ. අනේ විනිශ්චකාර තුමෝ, ඔය ළමයට නයා දීලා දාන්න. (නි)

:       0       0

කුමාර Thursday, 01 November 2012 08:36 AM

නයා එයාට දෙන්න ත හැබැයි නයා අතඅරින්න එපා කියන්න (ස)

:       0       0

ලලිත් කටාර් Thursday, 25 October 2012 04:57 PM

බලන්න මෙයා දිහා නිකං මූනත් එක්ක ඇදිලා ගිහිල්ලා.. හරියට හැව අරපු නයෙක් වගේ... ඔය නයා දෙන්න.. එයාට ඕන දෙයක් කරගන්න..!(නු)

:       0       0

ගාමිණි Friday, 26 October 2012 02:52 AM

අපේ ගොඩක් අය දේවාල වලට යනවා. දෙවියෝ අදහනවා. ඔය දෙවිවරු ගොඩක් දෙනාගේ විෂ්ණු , කතරගම ,ගම්භාර ඇගේ නයි පටලවාගෙන ඉන්නවා. ඒ වඳින පුදන අය සේරම නයින්ටත් නොදැනම වදිනවා. එතකොට දෙවිවරුන්ට හොඳනම් මේ ළමයට නරක් වුණේ කොහොමද? (නි)

:       0       0

සමන් Friday, 26 October 2012 03:05 AM

ඇය මේවාට සල්ලි හොයාගන්නේ කොහෙන්ද? (නි)

:       0       0

ලලිත් Thursday, 25 October 2012 05:19 PM

වෙන ප්‍රශ්ණ එහෙම නැද්ද මේඅයට විසදන්න..!(නු)

:       0       0

සිල්වා Friday, 26 October 2012 03:56 AM

මේ විකාර හින්දා නයෙක් නටවලා කීයක් හරි හොයාගන්න අහිකුණ්ටිකයන්ටත් ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ෂිෆා Monday, 29 October 2012 12:00 PM

ඔය නයා අතට ලැබුණහම ඔයා පොලිසියේ අයටත් ඒ නයි නැටුම පෙන්නලාම යන්න නංගි. (නි)

:       0       0

ගජබා Friday, 26 October 2012 04:14 AM

මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේත් ඔළුව හොද නැද්ද මන්දා? (නි)

:       0       0

හේමන්ත Thursday, 25 October 2012 05:15 PM

පිස්සු නැතිව සතුන්ට හිංසා නොකර තමන්ගේ පාඩුවෙ වැඩක් කරගන්න.. නයාට පිං දෙන්න ඔයාව බේරාගත්තාට.. (නු)

:       0       0

සමන් Friday, 26 October 2012 05:38 AM

මේක කොහොමද වුණේ? නයා ඔයාගෙ ගෙදරටම ආවද? නැත්නම් ඔයා ඌව හොයාගෙන කැළේට ගියාද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

නෆ්හාන් Thursday, 25 October 2012 05:18 PM

හරි සනත් හරි එහෙම කරමු! කවදද කෙරෙන්නේ?(නු)

:       0       0

අමිත් Friday, 26 October 2012 06:15 AM

ආඩවනේ !! දැන් අපි නයි නටවලා සාස්තර කියලා ඉවරයි. අපේ අහිකුණ්ටික රැහේ ඉන්න එවුන් ටික නයි නටවලා තමයි කීයක් හරි හොයාගත්තේ. පොලිසියටත් නිකම් ඉන්නම බැහැනේ. (නි)

:       0       0

නයනජීව Thursday, 25 October 2012 05:35 PM

මෙයාට නයි පිස්සුව.. එදා වේල කන්න නැතිව කීදෙනෙක් බඩගින්නේ ඉන්නවාද? නරකද නයා කැලේට යවලා අහිංසක සතාට පාඩුවෙ ඉන්න දෙන්න..!(නු)

:       0       0

කුමාර Friday, 26 October 2012 06:37 AM

පවු කෙල්ල... (නි)

:       0       0

ලලිත් Friday, 26 October 2012 02:16 PM

උසාවිය කරන්නේ නීතිනුකූල නියෝග නිකුත් කිරීම පමණි (නි)

:       0       0

ආරි Thursday, 25 October 2012 05:44 PM

මේක බලනකොට මට මතක්වුනේ මුචලින්ද නාග රාජයා..!(නු)

:       0       0

සේනක Friday, 26 October 2012 06:42 AM

බලාගෙන පරිස්සමින්... (නි)

:       0       0

අසේල Friday, 26 October 2012 07:09 AM

මෙයා නළගනක්. මේවා වැදගත් දේවල් නෙමෙයි අපිට නම්. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 26 October 2012 07:37 AM

මට මෙයාගේ නයා වෙන්න තිබුණා නම්? හැබැයි ඉතිං උසාවි පොලිසි ගාණේ රස්තියාදු වෙන්න නම් බැහැ. (නි)

:       0       0

ගයාන් Sunday, 28 October 2012 12:19 AM

ප්‍රසාද් බීලද ප්‍රතිචාර දැම්මේ. හැබැයි මමත් ඒ ප්‍රතිචාරයට එකඟයි(අ)

:       0       0

පනාගොඩ Thursday, 25 October 2012 05:51 PM

නයා වෙනුවට හොද පත්තෑයෙක් නම් ඉන්නවා. එවන්නද? (නි)

:       0       0

පිටිගල Thursday, 25 October 2012 05:54 PM

නයාගෙන් කටඋත්තර ගන්න පොලිසිය ඌව බාල්කෙ එල්ලලා ගහද්දී මැරුණාවද්ද? (නි)

:       0       0

ගලබඩ Thursday, 25 October 2012 05:46 PM

නයා ගෙනිහිල්ලා තියෙන්නේ සුදු වෑන් එකක, ඇස් දෙක බැදලලු. ආයි එනවා බොරු. (නි)

:       0       0

අචිනි බුද්ධික Friday, 26 October 2012 02:42 PM

අයියෝ ඔන්න නයා දීලා දැම්මනං ඒ කරදරෙ අහවරයිනෙ.(නු)

:       0       0

ෂිෆා Thursday, 25 October 2012 06:01 PM

ලංකාවේ නයින් නටවන අය කොපමණ සිටීද? එමනිසා මෙම කතාව එතරම් පුදුම විය යුත්තක් නොවේ. (නි)

:       0       0

ඈන් Thursday, 25 October 2012 06:02 PM

නයා දෙන්න.!(නු)

:       0       0

කීර්ති Thursday, 25 October 2012 06:03 PM

එාය ඇයි නයින්ට විතරක්ම කැමති? ඇයි පොළගුන්ට අකමැති? (නි)

:       0       0

නිරෝෂා Friday, 26 October 2012 07:59 AM

නයෙක් නිසා විදින දුකක්. නංගි, ඕකව අමතක කරන්න. පොලිසියෙ අයට ඕකව කොහෙද තිබ්බේ කියලා දැන් මතක නැතුව ඇති. (නි)

:       0       0

වසන්ත Thursday, 25 October 2012 06:26 PM

ඔය රුපෙට මොකටද නයෙක්? අවංක කොල්ලෙක් හොයාගන්න ආදරේ කරන්න. ජීවි‍තය අලුත් වේවි. (නි)

:       0       0

ඇන්ටන් Friday, 26 October 2012 08:17 AM

මෙච්චර නඩු තියෙන රටේ පොලිසියට වෙන වැඩක් නැද්ද? (නි)

:       0       0

ගිහාන් Thursday, 25 October 2012 06:26 PM

මට නම් කියද්දිත් බයයි. නයාත් සමග ඇයව විල්පත්තුවට ‍හෝ යාලට හෝ අත්හැර දමන්න. (නි)

:       0       0

සාලුක Friday, 26 October 2012 08:39 AM

එහෙනම් නයි නටවන ඔක්කොම අත්අඩංගුවට ගන්න. (නි)

:       0       0

රේණුක Thursday, 25 October 2012 06:40 PM

නාඩා ඉන්න. නයාව හම්බවෙයි. (නි)

:       0       0

ගුරුගේ Tuesday, 30 October 2012 05:31 PM

පොලිසියට පුලුවන් මෙහෙම අහිංසක කෙනෙකුට අඩන්තේට්ටම් කරන්න තමයි. (නි)

:       0       0

ශාන්ත Thursday, 25 October 2012 06:58 PM

ඔන්න ඔය නයා දීලා දාන්න. (නි)

:       0       0

සනත් Friday, 26 October 2012 08:57 AM

අපිට මොකෝ ඕනෑ නයෙක් තියා ගත්තහම... (නි)

:       0       0

අංජන Monday, 29 October 2012 03:11 PM

ඇයි නංගි ඒ නයාවම ඉල්ලන්නේ? (නි)

:       0       0

නිලූ Friday, 26 October 2012 04:09 PM

හොද ජීවිතයක් ගත කරන්න මීට වඩා වෙන දෙය්ක තිබුණෙම නැද්ද මෙයාට..!(නු)

:       0       0

අංජන Monday, 29 October 2012 03:12 PM

අනේ ඉතිං එයාට නයා දෙන්නකෝ. (නි)

:       0       0

සදුන් Thursday, 25 October 2012 07:26 PM

වසන්තට ඒ අවංක කොල්ල වෙන්න හිතේ ඇති.. බලාගෙන පුතෝ...!(නු)

:       0       0

මාටින් Friday, 26 October 2012 09:32 AM

දන්තුරේ කොල්ලෝ නැද්ද? (නි)

:       0       0

සුදත් ඇන්තනී Thursday, 25 October 2012 07:33 PM

පිටිගල කියනවා වගේ ඇත්තමට මේ නයා මොනවද කන්නෙ..මුරුංගාවත්ද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 309 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1029 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 213 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1031 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 407 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1052 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site