IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


නෙළු මල් පිපිලා හෝර්ටන් තැන්නේ

ඉතා කලාතුරකින් දක්නට ලැඛෙන නෙළු මල් නිසා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය මේ දිනවල මල්වත්තක සිරි ගනියි.

දම්, රෝස, සුදු සහ ලා කහ පැහැයට හුරු නෙළු මල් හෝර්ටන් තැන්න වනෝද්‍යානයේ සෑම අස්සක් මුල්ලක් නෑර දක්නට ලැඛෙයි. හෝර්ටන් තැන්න පිවිසුමේ හා තොටුපොළ කන්දේ මේ මල් වැඩි වශයෙන් දක්නට ඇත. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන නෙළු විශේෂ සංඛ්‍යාව 30 කි. ඉන් විශේෂ හයක් හැර අනෙක් විශේෂ 24 ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වීම සුවිශේෂී කරුණකි. මේ ශාක සියල්ල උද්භිද විද්‍යාත්මක වර්ගීකරණයට අනුව ස්ට්‍රොබිලැන්තස්   නමැති ඝන නාමයෙන් හඳුන්වයි.  2012 වර්ෂයේ දී ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා රතු දත්ත පොතට අනුව මෙම විශේෂ අතරින් එක් විශේෂයක් දැනට සොයා ගැනීමට නැත. වඳවීයාමේ තර්ජනයට ලක්වූ සංඛ්‍යාව අටකි. දැඩි තර්ජනයට ලක්වූ විශේෂ සංඛ්‍යාව ද අටකි.

නෙළු ශාකයන්හි ඉඳහිට සුළු වශයෙන් මල් හටගත්ත ද ඒවායේ මල් වාරය පැමිණෙන්නේ වසර 12 කට වරකි. එවැනි මල් වාරයක් පැමිණෙන අවස්ථාවකදී හෝර්ටන් තැන්න ඇතුළු කඳුකරයේ නෙළු මල් ලක්ෂ සංඛ්‍යාවක් දක්නට ලැඛෙන්නේ සොඳුරු දසුනක් මවා පාමිනි.

නෙළු මල්වලින් හෝර්ටන් තැන්න වැසීයාමේ අවස්ථාවක් පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු වරට වාර්තා කැර ඇත්තේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ෆාර් බංගලාව ඉදිකළ තෝමස් ෆාර් මහතා විසිනි. ඔහු 1881 වර්ෂයේ නෙළු මල් මුල් වරට දැක තිබේ. ඉන් පසු 1893 හා 1905 යන වර්ෂයන්හි හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නෙළු මල් ලක්ෂ ගණනක් පිපී තිඛෙනු දුටු තෝමස් ෆාර් මෙම මල් වසර 12 ට පසු විශාල වශයෙන් පිපෙන බව මුල් වරට වාර්තා කළේය. 1917 වර්ෂයේ මල් පිපෙන තුරු මෙරට වාසය නොකළ ෆාර් 1912 දී නික්ම ගියේය. එහෙත් ඔහු තැබූ සටහන් වල 2013 වර්ෂයේ සැප්තැම්බර් සහ දෙසැම්බර් මාස අතරතුර යළිත් හෝර්ටන් තැන්න නෙළු මලින් සුන්දර වන බව ලියා තබා තිබීම විශේෂත්වයකි. 1912 වර්ෂයේදී ඔහු පැවසූ පරිදිම 2013 ඔක්තෝබරයේ හෝර්ටන් තැන්න යළිත් නෙළු මලින් වැසී ගොස් ඇත. තෝමස් ෆාර් එදා තැබූ සටහනේ උපුටනයක් අදට ද පට්ටිපොළ දුම්රිය ස්ථානයේ දක්නට ලැඛෙයි.

සති දෙකක පමණ කාලයක් දැකිය හැකි මේ මල් යළි දැකිය හැකිවන්නේ 2025 වර්ෂයේදී ය.

 



අදහස් (0)

නෙළු මල් පිපිලා හෝර්ටන් තැන්නේ

කුමාරි Tuesday, 29 October 2013 09:18 PM

අපිත් හෝර්ටන් තැන්නට රැගෙන ගියාට ලංකාදීපයට ගොඩක් පින්! (නි)

:       0       0

ආරියසේන Wednesday, 30 October 2013 09:33 AM

ආනේ! හරිම ලස්සනයි.පැහැපත් අති සුන්දර ලලනාවියක් වගේ. නෙළු මල් කොයි තරම් ලස්සනද ? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 30 October 2013 03:20 PM

ලංකාවේ ලස්සන බලන කෙනෙක් දැන්ම බලන එක හොඳයි. (නි)

:       0       0

ශිරෝ Wednesday, 30 October 2013 09:58 AM

අනේ යන්න ඕනේ ඉක්මනටම හෝර්ටන් තැන්න බලන්න. හරිම ලස්සනයි. (ස)

:       0       0

සම්පත් Wednesday, 30 October 2013 10:51 AM

කාලෙකින් ගියේ නැහැනේ. (නදී)

:       0       0

සෙනරත් Tuesday, 29 October 2013 11:28 PM

මෙම දැකුම්කළු මල් වර්ගය පිපෙන්නේ ලෝකයෙන්ම දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ එක කඳුකර පෙදෙසක පමණක් බව දිනක් කේරළ ජාතිකයෙක් මා හට පවසන ලදී. නමුත් අපේ හෝර්ටන් තැන්නේද මෙම මල් වර්ගය පිපෙන බව ඇසීම මට ඉමහත් සතුටකි. (නදී)

:       0       0

රූමි Wednesday, 30 October 2013 10:55 AM

පින්කෙත මේ හෙළ දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා... (නදී)

:       0       0

සුදේශ් Wednesday, 30 October 2013 11:17 AM

ලංකාවට ගියපු ගමන් යන්න ඕන නුවර එළියේ මගේ රට කොච්චර ලස්සනද?? (ස)

:       0       0

බෙනට් Wednesday, 30 October 2013 12:29 AM

මේකට ෆාර් මල් කියල නම තැබුවොත් තමයි වඩා හොඳ .. ඒ මහතා නිසා තමයි මේ මල ගැන පළමුවෙන් වාර්තාවක් අපේ මිනිස්සුන්ට හම්බ වෙලා තියෙන්නේ ...ඒ මහතා වැදගත් හින්ද තමන්ගේ නම දාගත්තේ නැ.. දැන් ඔහුට දෙන ගෞරවයක් හැටියට මෙය ෆාර් මල ලෙස වෙනස් වේවා ..(නදී)

:       0       0

රුවන් Wednesday, 30 October 2013 11:35 AM

මගේ ලක් මෑණියන්දෑ හරි පින්කාරී. හරියටම හරි කියමනක් ...!!! (ස)

:       0       0

සම් Wednesday, 30 October 2013 11:42 AM

තෝමස් ෆාර් ගේ නමින් මේ මල නම් කරනවා තියා ඒ මනුස්සය වසර ගණනාවක් ජීවත් උන ගෙදර පසුකලක ෆාර් ඉන් හෝටලය උනා.අඩුගනනේ ඒ ගොඩනැගිල්ල (දැන් කාර්යාලය ) ඒ නමින් තියගන්නවත් අපේ අය කටයුතු කරලා නැහැනේ. (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 30 October 2013 01:06 AM

සරමේනියා, ඇමීනියා කියන්නෙත් හැලපානියා, ඔතානායා කියන්නෙත් මේවට තමයි.(නදී)

:       0       0

ශාන්ති Wednesday, 30 October 2013 01:24 AM

ඇත්තමයි හරිම ලස්සන මල් අපේ රටේ සොභාවිකව වැවෙන මල් කොචචර ලස්සනද වාසනාවන් (නදී)

:       0       0

සංජීව Wednesday, 30 October 2013 12:01 PM

ඛාන්, ඔයාලට හැමදේකටම දෙවියො, මලක් පිපුනත් දෙවියෝ, අනේ ඔය දෙවියන්ට පුළුවන් නම් කියන්නකෝ ඔයාලගෙ කට්ටිය කරන යුද්ධ නවත්වන්න කියලා. (ස)

:       0       0

කුමුදු Thursday, 31 October 2013 01:28 PM

ශ්‍රී ලංකා මාතා.............. නමදී මී සැමදා........ දීර්ඝායූ වේවා ලක්මවුනි මගේ............ (ස)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 30 October 2013 12:15 PM

මගේ මව් බිමේ ලස්සන.... (ස)

:       0       0

දිල් Wednesday, 30 October 2013 12:21 PM

මේ මල් හැමදාම ලංකාවේ පිපෙනවා නම් අපේ රට තවත් ලස්සන වෙයිනේ... (ස)

:       0       0

ලහිරු Wednesday, 30 October 2013 12:28 PM

අනිත් ප්‍රවෘත්ති වලට වඩා මේක ගොඩක් වැදගත්. (ස)

:       0       0

දුමින්ද Wednesday, 30 October 2013 05:45 AM

ලස්සනයි,කැළෑ පාලුවන් ගිනිතබන නිසා ඔවුන්ගෙන් ආරක්ෂා වේවා. (නි)

:       0       0

සදුනි Tuesday, 29 October 2013 06:58 PM

මගේ ලක් මෑණියන්දෑ හරි පින්කාරී.... (නි)

:       0       0

දසුනි Tuesday, 29 October 2013 06:59 PM

මෙය පළකිරීම ගැන තුති. (නි)

:       0       0

ප්‍රදීස් Wednesday, 30 October 2013 01:31 PM

මගේ රටට දළදා හිමි සරණයි !!!! (ස)

:       0       0

අමිල Wednesday, 30 October 2013 07:43 AM

නියමයි (නි)

:       0       0

ශාන් Wednesday, 30 October 2013 01:34 PM

සොබාව ධර්මය විසින් මල් හටගන්නවා මිසක් දෙවියන් වහසන්සේලා මල් වැව්වේ නැහැ. මෝඩ කතාම තමා තම්බි කිව්වොත් කියන්නෙම. (ස)

:       0       0

මොහමඩ් Wednesday, 30 October 2013 01:42 PM

මේ මලට දෙමලෙන් කියන්නේ කුරින්ජි මලර් කියලා.අවුරුදු 12කට සැරයක් පිපෙන බව සඳහන් කර තිබුනා. (නි)

:       0       0

ජ. තිසර Wednesday, 30 October 2013 02:06 PM

සුදු කහ රෝස දම් පැහයෙන් හැඩ දාලා.. හෝර්ටන් තැන්න නෙළු මල් සිරියෙන් පිරිලා.. ලක් මෑණීයන් ගෙල වට දා මල් මාලා.. දොලොස් වසරකින් යළි එනු පිබ්දීලා (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 29 October 2013 08:02 PM

මෙවර මා ලංකාවට නිවාඩුවට ආවිට අනිවාර්යයෙන් මෙම ස්ථානයට යනවා. "ෆේස් බුක්" එකට දාන්න. අපේ රටට තවත් සංචාරකයෝ ඇදී ඒවි මේ වගේ සුන්දර පරිසරයන් නරඹන්න. කාන්තාර දෙස බල බලා ඉන්න අපිට මේ වගේ දේවල් දෙස බලනවිට දැනෙන සතුට කියන්න වචන නැහැ. (නි)

:       0       0

ඛාන් Wednesday, 30 October 2013 08:44 AM

දෙවියන් වහන්සේ ගේ විස්කම් !. ඔබ කෙසේ මැව්වද මේ සුන්දර ලොව ! (නදී)

:       0       0

නාරද Tuesday, 29 October 2013 08:07 PM

ලංකාවට අාවේණික කියනකොට බය හිතෙනවා (නි)

:       0       0

නන්ද ගුණවර්ධන Tuesday, 29 October 2013 08:31 PM

2001 දී මගේ ඇස් දෙකෙන්ම දැක්ක (ස)

:       0       0

ගාමිණී Tuesday, 29 October 2013 08:31 PM

මේ මල තන්බර්ජියා ග්‍රැන්ඩි ෆ්ලෝරා නමිනුත් හදුන්වනවා නේද? එහෙම නෙවෙයිද? (ස)

:       0       0

මානගේ Tuesday, 29 October 2013 08:31 PM

ජීවිතයත් මේ වගේම නේද? පිපෙනවා, ලස්සන කරනවා, මැරෙනවා.මොනතරම් අපූරුද. ? (ස)

:       0       0

රොෂා Wednesday, 30 October 2013 09:07 AM

ඇත්තටම ගොඩක් ලස්සනයි.... (ස)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 30 October 2013 09:11 AM

විවිද නරක ප්‍රවෘත්ති අතර මේ වගේ මල් වැඩක් ගැන දැකීමත් සතුටුය. ලංකාදීපයට බොහොම ස්තූතියි. (ස)

:       0       0

ගාමිණී- සිරි Tuesday, 29 October 2013 08:52 PM

හෝර්ටන් තැන්නට සහ ලෝකාන්තය නැරඹීමට කීප වාරයක්ම ගිය නමුදු මෙවැනි දුර්ලභ මල් වර්ග දැක බලා ගැනීමට තිබුනේ නැත. අදාළ ප්‍රදේශයට ආවේණික මල් වර්ග මාර්ගය දෙපස හෝ වගාකිරීමක් කළහොත් දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය තව දුරටත් ළඟා කර ගත හැකිවෙයි.දැකුම්කළු හෝර්ටන් තැන්න වැඩි දියුණු කිරීම වගකිවයුත්තනේ වගකීමක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3630 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 58 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 29 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 82 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 115 0


මඩකලපුව සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 94 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 64 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site