IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නළා හඬවන්නේ බලාගෙනයි

වාහන නළා   අධික ශබ්දය පරිසර දුෂණයක් බැවින් වාහන නලා   නීති රෙගුලාසි පිළිබඳව මහජනතාව   රියදුරන් සහ පොලිසිය දැනුවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැරසෙයි.

සිකුරාදා (20) පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා කොළඹ කොටුව ප‍්‍රධාන බස් නැවතුම් පොළ   බැස්ටියන් මාවත හා ගුණසිංහපුර බස්නැවතුම් පොළ ආශ‍්‍රිතව බස්රථ නළා ශබ්දය මැනීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව එම අධිකාරිය පවසයි. ප‍්‍රමිතියෙන් තොර නළා ඉවත් බව අධිකාරිය සඳහන් කරයි.

රාජගිරිය කාසල් වටරවුම   කැළණිතිස්ස බලාගාර වටරවුම හා වැල්ලවත්ත   ගාලූපාර ආශ‍්‍රිතව වාහන නළා මගින් නිකුත් කරන අධික ශබ්දය පරිසර දුෂණයක් බව අත්පති‍්‍රකා මගින් ජනතාව දැනුවත් කිරීමටත් මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.

ජාතික පාරිසරික පනත යටතේ අංක 1737 / 37 දරණ ගැසට් නිවේදනය මගින් වාහන නළා සඳහා ප‍්‍රමිතී  පනවා තිබුණ ද   රියදුරන් අධික ශබ්ද සහිත නළා නාද කිරීම ශ‍්‍රවණ ආබාධ , මානසික ආතතිය, අධික රුධිර පීඩනය , දෛයිනික කටයුතු වලට බාධා  වීම   රිය අනතුරු ඇතිවිමේ හැකියාව ද ඉහළ යතියි  කියති.

 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව , ශී‍්‍ර ලංකා පොලීසිය , කාර්මික තාක්ෂණික ආයතනය හා ජනමාධ්‍ය ආයතන ද මේ වැඩපිළිවෙළ සාර්ථක කැර ගැනීමට  සහාය දෙයි.



අදහස් (0)

නළා හඬවන්නේ බලාගෙනයි

නුවන් Wednesday, 18 November 2015 10:53 PM

අත්‍යාවශ්‍ය කාරණයකට ඇරෙන්න ශබ්ද විකාශනය නවත්වන්න ඕනෑ. දුර ගමන් විතරක් නෙමෙයි, ඕනෑම බස් රථයක සිංදු ඕනෑ නැහැ. සිංදු අහන්න ඕනෑ අයට පෞද්ගලිකව උපකරණ ගේන්න පුළුවන්නේ. ශබ්ද දූෂණය අඩුවුණාම අපේ මිනිසුන්ගෙ ආවේගය, ක්ෂණික කෝපය එහෙමත් යම්තරමකට අඩුවෙයි. (නි)

:       0       0

ජනක Wednesday, 18 November 2015 12:54 PM

ඕක නෙමෙයි ලොකුම ප්‍රශ්නේ දුර ගමන් බස් වල කන පැලෙන්න දාන සින්දු. ඔක්කොටම කලින් ඒක තහනම් කරලා ඉන්න. පැය හතක් අටක් කන පැලෙන්න සද්ද අහගෙන යන එක පුදුමාකාර වේදනාවක්. (ර)

:       0       0

අමල් Wednesday, 18 November 2015 01:13 PM

ජනකගේ අදහසට මමත් එකඟයි. (ර)

:       0       0

දම්මි Wednesday, 18 November 2015 01:16 PM

ජනක, හරියටම හරි වෙන්න ඕන ඒකයි. (ර)

:       0       0

මනෝ Wednesday, 18 November 2015 01:20 PM

ගේනකොටම තහනම් කලානම් ඉවරයිනේ. (ර)

:       0       0

සරත් Wednesday, 18 November 2015 01:32 PM

ජනකගේ අදහස හරි. දුර ගමන් යන බස් වල පුදුම කරදරයක් විදින්නේ මින්නිස්සු සල්ලිත් දීල ශ්‍රවන අබාද හදා ගන්නවා. (ර)

:       0       0

වාස් Wednesday, 18 November 2015 01:37 PM

කන් දෙක පැලෙන තරම් ශබ්දෙන් රේස් කර කර වැඩ දම දමා උඩින් යන මෝටර් සයිකල් ගෙවල් ඇතුලේ ඉන්න අපිටත් හිරිහැරයක්. ළමයෙකුට පාඩම් කරන්න බැහැ. නිවුස් ටිකක් බලන්න බැහැ .කරුණාකරලා ඒකටත් විසඳුමක් දෙන්න. (ර)

:       0       0

තිළිණ Thursday, 19 November 2015 01:50 AM

ඒක නම් හොඳ දෙයක් (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 18 November 2015 02:46 PM

හොද වැඩක්..ඒ වුනාට..අර මුළු ගමටම ඇහෙන්න ශබ්ද විකාශන වලින් කෑ ගහන ඒවත් නතර විය යුතුයි..කනක් ඇහිලා ඉන්න නැ..නිදා ගන්න නෑ..මල කරච්චලේ..ඒ වුනාට පිරිත් දාන ඒවා තමා හැමෝම නතර කරන්න හදන්නේ..(බ)

:       0       0

කොළඹගේ Thursday, 19 November 2015 02:26 AM

එතකොට පිටුපස එන වාහන වලට ඉඩනොදී පාරම බදු අරගෙන යන වාහන වලින් ඉඩ ඉල්ලාගන්න ක්‍රමයක් නැත්තටම නැතිවෙනවා. අද උදෙත් ඔරුගොඩවත්තේ එක මංතීරුවක්ම එහෙම හිරකරගෙන හිටියා කට්ටිය. නළාව ගහනකොට සද්දේ වැඩියි කියලා බනිනවා. ඒත් අනිත් මිනිහට වෙන අපහසුතාවය/පරක්කුව හිතන්නේ නැහැ. එතන හිටපු පොලිසිය බලා ඉන්නවා. එයාලා ඉන්නේ කෙනෙක් කහ ඉර පනින වෙලාවට වැරදිලාවත් වාහනයක් ගියොත් දඩයක් ගහන්න. නැතුව මහජනයාට ගමනාගමනය පහසු කරන්න නෙමෙයි වගේ. (නි)

:       0       0

අමිලා Wednesday, 18 November 2015 02:59 PM

හොඳම හොඳ වැඩක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1594 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2046 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2540 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5744 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1806 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6413 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18332 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site