IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


නාමල් නීති විභාගය ලියූ අයුරු ගැන විමර්ශන

(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත්  ප්‍රසන්න ජයසූරිය)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා නීති විද්‍යාලයේ පැවැති විභාගයට නීතිඥවරුන් දෙදෙනකුගේ සහය ඇතිව නීත්‍යානුකූල නොවන ආකාරයෙන් නීති උපාධිය ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රචාරය වූ සම්මුඛ සාකච්ඡාවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීතිඥවරුන් දෙදෙනකුගේ සහාය ඇතිව නීති විද්‍යාලයේ පැවති විභාගයට පෙනී සිටිමින්   නීත්‍යානුකූල නොවන ආකාරයෙන්   නීති උපාධිය ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නැමැති සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි

ඒ අනුව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට අනුව විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත.

 

 



අදහස් (20)

නාමල් නීති විභාගය ලියූ අයුරු ගැන විමර්ශන

පුරවැසියා Friday, 14 February 2025 01:15 PM

ලොකු දෙයක් දැන්වත් මතක් වුණ එක හොයන්න

:       134       48

පිටිගල මිලානෝ Friday, 14 February 2025 01:24 PM

ඉස්සෙල්ලාම මේ වැඩේට උදව් කළ දෙන්නාව හිරේට දාන්න…

:       118       46

අප්සරා Friday, 14 February 2025 01:27 PM

අප්පලා පුතාලා සනුහරේම ගෑවුන ගෑවුන තැන හොරකම වංචාව… පුදුම පවුලක්...

:       92       47

Jayasundara warawala Friday, 14 February 2025 01:29 PM

අනේ මෙතුමා කොච්චර මහන්සි වෙලා පාඩම් කරලාද මේ උපාධිය ගත්තේ? ඇයි මෙහෙම කරන්නේ... පව්නේ අසරණයා.

:       48       40

Lakmal Friday, 14 February 2025 01:55 PM

අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි... රටම කාබාසිනියා කරා මදිවට හොර නීතිඥ පට්ටමකුත් අරන්

:       68       46

යෝගා Friday, 14 February 2025 02:12 PM

නාමල් අනුරට කරලා තියෙන උදව්වල හැටියට ගහපු මඩ ටික හෝදලා දෙන්නයි යන්නේ. එල්ලෙන්න පිදුරුගස් හොයන මාලිමාව පව්. ඒත් අපේ බදු මුදල් මීට වඩා වැදගත් දේකට වියදම් කලා නම් තමා හොඳ.

:       36       122

ලක්විදු Friday, 14 February 2025 02:35 PM

අයියෝ…, ඕකට රට පටලන්න දෙයක් නෑ. මෙයාට උඩිනුයි යටිනුයි විභාග අංක තිබුන දෙන්නගෙං අහන්න ඒ දෙන්නට මැදිං මෙහෙම එකෙක් වාඩිවෙලා විභාගෙට ලිව්වද කියලා…!

:       71       27

බකල ජයාගේ පියා Friday, 14 February 2025 02:39 PM

නාමල් නෙමෙයි, ඒ වෙනුවට නීති විභාගයට ලියුවේ වඳුරෙක් කියලා හොයාගන්නවමයි ! හරියට විදුලිබල ඇමති, කුමාර ජයකොඩි වගේ ! අනිවා !

:       17       105

sachith Friday, 14 February 2025 02:47 PM

මේකත් වැරදි දෙයක් හැබැයි මිට වැඩිය හොයන්න ගොඩක් දේවල් තියෙනවා මෙයාලා ගැන බොරුවට මේවා ගැන හොයන වේලාව කාලය යොදවන්න මිනිස්සු රවට්ටන්නේ නැතුව

:       19       88

kamSaturday, 15 February 2025 04:32 AM

ඇත්ත. ගැලරිය චූන් කර කර ඉන්නේ නැතුව දැන්වත් වැඩට බැස්සොත් හොඳයි...

:       0       0

Nalin Friday, 14 February 2025 03:32 PM

බොරුවට විශ්වාස කරනවා වගේ පේනවා... ඒත් දැන් මිනිස්සු දන්නවා මේකත් කෝපි කඩේ බොරුවක් කියලා

:       8       53

Asela Friday, 14 February 2025 04:02 PM

වහලුන් සතුටින් තබා ගැනීමට තවත් නාට්‍යයක්. නාමල් එසේ කළා යැයි සිතුවහොත්, එය විදුහල්පතිවරයාගේ සහ එම නිශ්චිත විභාගයේදී සුපරීක්ෂාකාරී වූවන්ගේ වගකීමකි. ඔවුන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්විය යුතුය. මෙය ඉතා හාස්‍යජනක සහ NPP පාලනයේ ගැටළු වළක්වා ගැනීමට කරන නාට්‍යයකි....

:       0       0

රනේ Friday, 14 February 2025 04:37 PM

නාමල්වත් ක්ලීන් කරනවද?

:       0       0

විපරමා Friday, 14 February 2025 04:50 PM

හොරට ලියලා විභාගේ පාස් වුණා කියන එක ලෝකෙම දන්නවා. ඔවුන්ට මොලේ තියෙන්නේ හොරකමට, වන්චාවට, දූෂණයට, කපටිකයිරාටිකකම් වලට, බොරුවට, රැවටිලිවලට, සුදුවෑන් ඝාතන අතුරුදහන්, මිනීමරු වැඩවලට මිස වෙන මොනවාටද?

:       0       0

ජෙයරාජ් Friday, 14 February 2025 05:45 PM

ඒ කාලේ තාත්තාට ලියපුවා හෙව්වානං මාත් ගස්...

:       0       0

de silva Friday, 14 February 2025 06:05 PM

මේක වැරදි වැඩක්, නමුත් මෙයට වැඩිය ලොකු වැරැදි වැඩ ගොඩක් මේ ගොල්ලන් කරලා තිබෙනවා. විපක්ෂේ ඉන්න කොට ජවිපෙ සාමාජිකයෝ ලිපිගොනු සහ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරමින් මාධ්‍ය හරහා කතා කළත් දැන් බලය ලැබුණාට පස්සේ... මේ ගොල්ලන් අත්අඩංගුවට අරන් පරීක්ෂණ ආරම්භ නොකරන්නේ කුමක් නිසාද යන සැකය අප තුළ තිබෙනවා... එක්කෝ එම ලිපිගොනු බොරු වෙන්න ඕනේ.. එහෙම නොමැතිනම් මේ ගොල්ලන් සමග ආණ්ඩුවට යටින් ඩීල් එකක් තිබෙන්න ඕනේ...

:       0       0

Nandalal de Silva - France Saturday, 15 February 2025 12:27 AM

ඔය හොර අබ්බගාතයා "හොර උපාධිය" ගත්තාට පස්සේ, වැස්සකටවත් උසාවියකට ගොඩවී තිබේද කියා දන්නා කෙනෙක් අපේ රටේ ඉන්නවද කියා මගේ ආච්චි සීයාගෙන් අහනවා. දැන් ඉතින් ඔය කළු ලෝගුවේ දූවිලි ගසා දමා, පරණ ඇඳුම් කඩයකට වික්කා නම්, බේබිට කීයක් හරි හොයාගන්න තිබ්බා!!!

:       0       0

චතුරි Saturday, 15 February 2025 06:38 AM

හොරකම්. කරන්න පටන් ගත්තෙ මෙතනින්. නාකි මයිනා. හොර උපාදිය දීලා. කුරහන් පටියත් බෙල්ලට දාලා තමයි ගොනාව අර්න් ගියේ පාර්ලිමන්ට් එකට. ඒ දවස්වල මේයගේ කොන්ඩේ බෙල්ල ලගට පොන්සේකා. කෙනෙක් වගෙ. ඉටපස්සෙ මෙයාගෙ අත් ඔරලෝසු පෙන්වන් න ගත්තා. ඒවත් නාකි මයිනා මුද්ල් ඇමති එයා තමයි ඒ හොරවැඩෙත් කෙරුවේ. මයිනා දන්නවා ගොන්නු තුන්දෙනාට ඉගෙනීමකුත් නැහැ. හොරා කන්න දන්නෙත් නැහැ.

:       41       9

රුවන් Saturday, 15 February 2025 07:44 AM

අප්පච්චිගේ උපාධියත් හොර එකක් නේද? බණ්ඩාරනායක යුගයේ ඉදන්ම හොරකම් අංක එක ලංකාවේ

:       28       9

සම්වෙල් පෙරේරා Saturday, 15 February 2025 08:03 AM

පචයෙන් බලයට පත් වෑඩ බෑරි ආන්ඩුව තාමත් යන්නේ “රාජපක්ශ” “රාජපක්ශ” පචයෙන්…… රෙද්දේ රෙවිලා පචයන්ට…

:       9       25

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 66 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 182 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 745 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 772 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1030 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 238 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site