(රංජිත් රාජපක්ෂ)
තම දියණියගේ නිවසේ නිදාගෙන සිටි බිරිදව පිහියකින් ඇණ ඝාතනය කර සැමියා නාවලපිටිය පොලිසියට අද (04) දින අලුයම භාර වි ඇති බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසිය.
මෙසේ ඝාතනයට ලක් වි ඇත්තේ නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි (46) හැවිරිදි තිදරු මවකි.
සිය සැමියා සමග නිරන්තරයෙන් ආරවුල් ඇති වන නිසා ඇය දියණියගේ නිවසේ නැවති සිටි බවත්, ඇය කොළඹ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කර දානමය පිංකමකට සහභාගි විම සදහා ඊයේ (03) දින නාවලපිටිය ප්‍රදේශයට පිහිටි දියණියගේ නිවසට පැමිණ නතර වි සිටියදි අද (04) දින අලුයම 1.30 ට පමණ පිහියක් සහිතව නිවසේ පහල මහලේ ජනේලය මතින් හොර රහසේ නිවසට ඇතුල් වු පියා නිවසේ කාමරයේ නිදාගෙන සිටි මවට පිහියෙන් ඇණිමත් සමග මව බේරිම සදහා නිවසෙන් පිටතට දිවගිය බවත්, මව පිටුපසින් හබා ගිය පියා නිවසෙන් පිටතදි යලිත් මවට පිහියෙන් ඇණ ගලකින් හිසට ගසා මව ඝාතනය කල බවට ජිවිතක්ෂයට පත් කාන්තවගේ දියණිය විසින් පොලිසිය ප්‍රකාශ කර ඇත.
මව බේරිමට ගිය දියණියට තුවාල සිදු වි ඇති බවත්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදු ඝාතනයක් බවත්, ජිවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාරු සැමියා කාලයක් තිස්සේ වෙන් වි ජිවිත් වි ඇති බව සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වු බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද ස්ථානාධිපතිවරයා පැවසිය.
77වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් කතෝලික ආගමික දේවමෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින බොරැල්ල සියලු සාස්තුවරයන්ග
තිස් වසරක යුද්ධය හේතුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ගම්පහ නගරය මධ්‍යයේ ඉදිකරන ලද ’’ රණවිරු ස්මාරකය ’’ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.ආර්.අම්පෙ
ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් ලබාගත් තක්සේරු වාර්තා ලබන සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත
තම දියණියගේ නිවසේ නිදාගෙන සිටි බිරිදව පිහියකින් ඇණ ඝාතනය කර සැමියා නාවලපිටිය පොලිසියට අද (04) දින අලුයම භාර වි ඇති බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්
40 වැනි ලෝක විවාහක රූ රැජින තරඟාවලියෙන් අනුශූරතාව දිනාගත් ඉෂාදි අමන්ද අප පෙරවරුවේ දිවයිනට පැමිණියාය.
77 වන නිදහස් දිනයට සමගාමීව වාර්ෂික සංවිධානය කරනු ලබන නිදහස් දින සැමරුම් උළෙල කොල්ලුපිටිය ධර්ම කිර්තයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
නිදා සිටි බිරිඳට පිහියෙන් ඇන මරා දමලා