(ගයාන් සූරිය ආරච්චි සහ ජේ ඒ එල් ජයසිංහ)
මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව මන්දාරම් නුවර පොලිසිය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් සැකකරුවෙකු එම ස්ථානයෙන් පලායාමේදී ඔහු පසුපස දිව ගිය සැරයන්වරයකු ලිස්සා වැටීමේදී ඔහු සන්තකයේ තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී සැකකරුට උණ්ඩයක් වැදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ සැකකරු මන්දාරම් නුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරස්සන, කැකිරාව, මාතලේ සහ මැණික් ඉන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් නිදන් හැරීම සඳහා පැමිණි මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථ දෙකක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.එක් සැකකරුවෙකුට වෙඩි වැදීම හේතුවෙන් එම ගිනි අවිය භාරව සිටි සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
සොරිසේන Tuesday, 01 October 2024 10:37 AM
සිරි ලංකාවේ සංවිධානාත්මක අපරාධ 90% කට පොලොස් බාප්පිලා අනිවාර්යයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ.