IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජයේ සහාය

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජය සහාය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens)මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යය  සුනිල් හඳුන්නෙත්ති මහතා එම අමාත්‍යාංශයේදී හමු වු අවස්ථාවේදී මේ පිළිබඳව දන්වා තිබේ.

මෙම හමුවේදී නව රජයේ අරමුණු ප්‍රතිපත්ති හා සංවර්ධ සැලසුම් පිළිබඳව ඔස්ට්‍රේලියානු මහා කොමසාස්වරයා දැනුවත් කර ඇති අතර පාඩු ලබමින් පවතින රාජ්‍ය ව්‍යාපාර විකුණා දැමීම වෙනුවට රාජ්‍ය අංශය පුද්ගලික අංශයසහ ජනතාව යන පාර්ශවල සහභාගිත්වය  ඇතුව ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි එම ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරන බව පවසා ඇත.

මෙහිදී ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් වරයා නව රජයේ ප්‍රතිපත්ති අගය කළ අතර එම ප්‍රතිපත්ති අනුව ඕස්ට්‍රේලියාව ඇතුළු අනිකුත් රටවල ආයෝජකයින්ට මෙරට ආයෝජනයට ඇති අවස්ථා පිළිබඳව අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේමැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය, බෝට්ටු නිෂ්පාදනය auto mobile ආදී අංශවල ආයෝජන අවස්ථා රැසක් පවතින බවත්ප ඒ සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයින් ට ආරාධනා කරන බවත්ය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් තිලකා ජය සුන්දර අතිරේක ලේකම් චමින්ද පතිරාජ  ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්   ෂර්නි මැක්වන්(Sharini McEwen) යන මහත්ම මහත්මිහු එක්ව සිටියහ.



අදහස් (0)

නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජයේ සහාය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බල්ලොත් එක්ක සහල් ප්‍රවාහනය කරලා
2025 ජනවාරි මස 04 859 0

බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්‍


හොර වෛද්‍යවරයකු ලෙසින් රන් බඩු කොල්ල කෑ සාත්තු සේවකයා අල්ලයි
2025 ජනවාරි මස 04 515 0

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීමට පැමිණ සිටි කාන්තාවකගේ රන් බඩු වංචනිකව සොරාගත් වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි සාත්තු සේවකයෙකු අත්අඩ


පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු
2025 ජනවාරි මස 04 2012 0

දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අගැයීම අරඹයි
2025 ජනවාරි මස 04 476 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය


නිදහස් දින උළෙලේ සංවිධාන කමිටුව අගමැතිනිය හමුවෙයි
2025 ජනවාරි මස 04 643 1

පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචා


ලාෆ් ගෑස් මිල ගැන තීරණය සඳුදා
2025 ජනවාරි මස 04 292 0

ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 414 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 201 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site