IMG-LOGO

2024 ජුලි මස 20 වන සෙනසුරාදා


නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති

(අංජුල මහික වීරරත්න)

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර  මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම් ධුරයේ වැඩ බාරගෙන තෙදිනක් ගතවීමට පෙර නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමාරවීර අමාත්‍යවරු ප්‍රමුඛ පිරිසක් අද (8) පක්ෂ මූලස්ථානයේ දොරටු ඇරගෙන පැමිණ  වැඩ ආරම්භ කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා නියෝජ්‍ය ලේකම්වරයාට කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික‍්‍රමසිංහ මහතා ඉකුත් 2 දා අතුරු තහනම් නියෝගයක්  නිකුත් කළ අතර දයාසිරි ජයසේකර මහතා ඉකුත් 5 වැනිදා ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටට පැමිණ වැඩ බාර ගත්තේ ඉන් අනතුරුවයි.

පක්ෂ මූලස්ථානයේ ඉබි අතුරු දමා වසා ඇති හෙයින් එළියේ සිට ලිපියට අත්සන් කොට වැඩ බාර ගන්නා බව දයාසිරි ජයසේකර මහතා එහිදී සඳහන් කළේය.

මේ අතර අද (8)දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේ ඉබි යතුරු විවෘත  කොට එහි පැමිණි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය  මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරු ප්‍රමුඛ පිරිසක් පක්ෂ කාර්යාලයේ සිට වැඩ ආරම්භ කළහ.

එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලේකම්වරයෙක් මෙන්ම සභාපතිවරයෙක් නීත්‍යානුකූලව පත්වී තිබෙන අතර  නිමල් සිරිපාද සිල්වා සහ දුමින්ද දිසානායක එම තනතුර වල කටයුතු කරන බවයි.

පසුගිය දිනෙක පක්ෂ කාර්යාලය ඉදිරිපිට නීතියට පටහැනි කාර්යයක් කර තිබෙන බව කී අමරවීර මහතා  බාධාවකින් තොරව පක්ෂ කටයුතු කරගෙන යන්නට නිමල් සිරිපාල සිල්වාට සහ දුමින්ද දිසානායකට අධිකරණ  නියෝගයක් ලබා දී තිබෙන අතර පසුගිය දිනක පැමිණි කණ්ඩායමක් ඒ නියෝගය කඩ කර ඇතැයි කීය .

එම කණ්ඩායමට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීති පියවර ගන්නා බවත් නිමල් සිරිපාලගේ සහ දුමින්ද දිසානායකගේ තනතුරු වලට විරුද්ධව කිසිවකුත් මේ වන තෙක් අධිකරණයකට හෝ ගොස් නැති බවත්  අමරවීර මහතා සඳහන් කළේය.

මෙහෙම ගියොත් ගම් වල ඉන්න අයත් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ මේස පුටු තියාගෙන අත්සන් ගසා වැඩබාර ගනු ඇතැයි කී මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාසට හේත්තු කරන්න පිරිසක් සූදානම් වී සිටින බව කීය.

ඒවා සාර්ථක වන්නේ නැතැයි ද පක්ෂ මූලස්ථානය මෙන්ම මහජන මතයත් තිබෙන්නේ තම පාර්ශවය සතුව බවද අමරවීර මහතා පැවසීය.

වෙනත්  කණ්ඩායම් වලටත් ඇවිත් පක්ෂ සාමාජිකත්වය ගෙන කටයුතු කරගෙන යන්න හැකියාව තිබෙන අතර  කවුරුවත් එලවන්න අවශ්‍ය වන්නේ නැතැයි ද පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් නිමල් සිරිපාලට හෝ දුමින්ද දිසානායකට කිසිම අධිකරණ වාරණයක් නොපවතින බවද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කීය.



අදහස් (5)

නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති

Sam Gamage Tuesday, 09 July 2024 12:51 AM

බංකොලොත් දේශපාලුවෝ අතුගා දැමිය යුතුයි

:       0       6

Nimal 1 Tuesday, 09 July 2024 06:47 AM

මුන් ඔක්කොම රට පිලිබඳ කිසිම කැක්කුමක් නැති කාලකන්නි .අමු සොහොනක් බඳු කාලකන්නි පක්ෂයක කාඩ් බෝඩ් කිරුල දරා ගැනීමයි .උන්ගේ අභිප්‍රාය .ජනතාවට නම් මේ හැතිකරේ ජරාපක්ෂලාටත් වැඩියෙන් තිතට වෙලා .ළඟදීම මුන් ඔක්කොම ගෙදර

:       0       5

Lalla Tuesday, 09 July 2024 07:26 AM

ඔය පක්‍ෂය තවදුරටත් මේ රටට ඕනද? ලංකාව විනාශ කල පක්‍ෂය. බණ්‌ඩාරනායක මහින්ද රාජපක්ෂ දෙන්න එකතුව රට විනාශ කලේ ඔය පක්‍ෂය මගින් බලයට ඇවිල්ල. ජනසතුකරනය දේශීය ව්‍යවසායකයින් විනාශ කිරීම විදේශ ධනපතියන්ට රට සූරාකෑමට සැලැස්‌වීම අධ්‍යාපනය සිංහල පමණක් කිරීම මගින් ජනතාව මොට්ට කර ජාතීන් අතර සමගිය නැතිකිරීම.... තව මොනවද නොකලේ...

:       1       6

Perera Tuesday, 09 July 2024 08:32 AM

එතකොට දෙගොල්ලන්ටම අධිකරණ තීන්දු දෙකක් වෙන වෙනම තියනවද තනතුරු තහවුරු කරමින් ?

:       0       4

fairoos Tuesday, 09 July 2024 11:02 AM

මුන් නම් මහා කාලකන්නි මිනිස්සු .ඊළඟ චන්දෙන් ඔක්කොම අතුගෑවිලා යන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අසිරිමත් ඇසළ පොහොය අදයි
2024 ජුලි මස 20 26 0

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙ


ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 20 213 0

විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ද


ප්‍රා.මන්ත්‍රීගේ පුතා වනජීවී වතුර මෝටරයට විදලා
2024 ජුලි මස 19 322 0

මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරු


ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ
2024 ජුලි මස 19 288 0

ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අත


ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 1195 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


බසයක් පෙරළී 52ක් රෝහලේ
2024 ජුලි මස 19 411 0

යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන ප


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 146 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1025 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1898 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site