(විමුක්ති එස් රුද්‍රිගු)
වගාව සම්බන්ධයෙන් ආයෝජන ඉල්ලා සිටින ආයතන සමාගම් ලෙස ලියාපදිංචි වී තිබුණත් ඒවා කිසිම නියාමනයකට ලක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා අද ප්‍රකාශ කළේය.
නියාමනය නොවන ආයතනයක කිසියම් පුද්ගලයකු මුදල් ආයෝජනය කිරීමෙන් පසුව එම මුදල් නොලැබුණහොත් පැමිණිලි කිරීමට ආයතනයක් නොමැති වීම නිසා එම ආයෝජනවල විශාල අවදානමක් තිබෙන බව ඔහු පැවසුවේය.
එවැනි ආයතන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය තුළ විශාල මුදලක් ගෙවා දැන්වීම් පළ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
ලොකු දැන්වීමක් දුටු විට මෙය හොඳ දෙයක් යැයි සිතා මුලාවට ලක්වන බවත් මුදල් ලැබුණත් මාධ්‍ය මේ පිළිබඳ සැලකිල්ලෙන් සිටිය යුතු බවත් ඔහු පැවැසුවේය.
වගා කිරීමෙන් මෙවැනි ප්‍රතිලාභ ලැබේනම් වගා කිරීම හොඳ දෙයක් නමුත් අනෙක් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වගා කරන්නේ ඇයිදැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රශ්න කළේය.
මුදල් නොලැබුණු විට පුද්ගලයන් පැමිණිලි කළත් මුදල් ලැබෙන විට කිසිවකු පැමිණිලි නොකරන බව ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.
මෙම සමාගම් නියාමනය නොවන බවත් පේර, වල්ලපට්ට, පලතුරු සහ තේක්ක වැනි බෝග වගා කර වාර්ෂිකව මුදල් දීලා වසර 5 අවසානයේ ආයෝජනය කළා මෙන් දෙගුණයක් ලබාදීම සඳහා එම සමාගම් භාවිත කරන ක්‍රමවේදය කුමක් දැයි ප්‍රශ්න කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.
රාමසාන් දිනය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අප්‍රේල් 1 වැනි අඟහරුවාදා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ක
පළාත් පාලන මැතිවරණයේ වියදම් සීමා අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන් කෑගහන්නේ වැඩිපුරම බය වී සිටින අය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේදී පැවසීය.
බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගව
ඇමැති බංගලාවලින් යම් ප්‍රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
නියාමනය නොවූ සමාගම් ගැන අනතුරු අඟවයි
Mohan Mangala Mapa Wednesday, 26 March 2025 08:53 PM
මේවා නිසි ආකාරව කලමනාකරණය කලොත් රටට හොඳ දෙයක් වෙන්නේ
Kamal Koyrala Thursday, 27 March 2025 11:44 AM
සමාගම් පනත සංශෝධනය කල යුතු අතර නීති රීති දැඩි කල යුතුයි . එමෙන්ම මේවයේ ආයෝජන කරන්න අයගේ බදු සම්බන්ධව වගේම රජයේ අනුමැතියක් හෝ එයට වග කිව යුත්තෙක් නැතිනම් ආයෝජකයන්ගේ මුදල් වලට වගකීමෙන් රජය බැහැර විය යුතුය . අක්කර 400 කෝමාරිකා ගැනත් සෙවිය යුතුය