(රෝෂන් තුෂාර)
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (05) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනය ඒකකය මගින් සැකකරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ඉසුරු ගුණතිලක මහතා සඳහන් කර සිටියේ සැකකරු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම භාවිතා කරමින් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට බිය ගන්වා රුපියල් 25 000.00 මුදල් බැගින් ලබාගෙන ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන ගොස් කාලයක් නතරකර තිබූ ’’පොලිස්පතිට කියන්න’’ (tell IGP ) ඔන්ලයින් පැමිණිලි සේවාව යළි ආරම්භ කර තිබේ.
ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනපති ගොඩ නැගූ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සිටම පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හි
තෛයිපොන්ගල් උත්සවයට සහ සතිඅන්ත නිවාඩුව සදහා විශේෂ දුම්රිය සේවා මේ මස 10 දා සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික තරුණ සේවා සභාවේ ඉකුත් වසර වල විගණන අංශයෙන් විගණන වාර්තා ඉදිරිපත් කර, නිර්දේශ යොමු කළ ද ඒවාට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාදයක් පැවති බ
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද(07) අලුයම පැවති ඝන , දැඩි මීදුම් තත්වය නිසා , එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක ගුවන් නියමුවන්ට , කටුනායක ගුවන්
පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයෙ යතුරු පැදියක් බස් රථයක ගැටි සිදුවු අනතුරීන් එක් අයකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තවත් බරපතල තුවාල ලැබු තරුණයකු පුත්තලම මූ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
නියෝජ්‍ය පොලිස්පති පාට් පෙන්නා කප්පම් ගත් සැකකරු රිමාන්ඩ්