(රෝෂන් තුෂාර)
මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගල මහතාට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (08) නියෝග කළාය.
උපයා ගත් ආකාරයයි හෙළි කළ නොහැකි විශාල වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන අවුර ලංකා සමාගමේ සභාපති වරයා සිදු කරන විමර්ශනයන්ට සහාය නොදක්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය .
තඹුගල මහතා විසින් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ දේපළක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්,එම විමර්ශනය සඳහා සහාය දැක්වීමට තාඹුගල මහතා කටයුතු නොකරන බවටත් සඳහන් කරමින් රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරයෙකු හෝ විත්තිකාරයෙකු කර නොමැති තාබුගල මහතාට රහස් පොලිසියට ගොස් විමර්ශන වලට සහය දීමට නීතිඥවරුන්ගේ මැදිහත්වීම අවශ්‍ය නොවන බවය.
සැකකාරයකු නොවන තාබුගල මහතා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීම අවශ්‍ය කාරණාවක් නොවන බවත්,එබැවින් ප්‍රථමයෙන් ගොස් විමර්ශන වලට සහය දක්වන ලෙසත් දන්වා සිටියාය.
එම අවස්ථාවේදී තාම්බුගල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ සිය සේවා දායකයාට පොලිසිය මගින් ඉතාමත් අමිහිරි ආකාරයෙන් සලකන හෙයින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ උපදෙස් ලබා ගැනීමට දිනයක් ලබා දෙන ලෙසය.
ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරිය විමර්ශන වලට සහය දැක්වීමකින් තොරව අධිකරණය ඇමතීමෙන් කිසිදු පලක් නොවන බව සඳහන් කළාය.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ තාබුගල මහතා අදාල විමර්ශනයන්ට සහය නොදී අධිකරණයන් වෙත කරුණු දැක්වීම පමණක් මේ වනතෙක් කර ඇති බවය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශනයට සහය දක්වන ලෙස නියෝග කරමින් විමර්ශන ගොනුව බභා තැබීය.විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද රහස් පොලිසියට නියෝග කළාය.
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග