IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි

(නිමල කොඩිතුවක්කු)

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී පැවසීය.

නුවරඑළිය තැපැල් කාර්යාලය, එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය ඉදිරියේදී  තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කලේය.

150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී ඔහු  මේ බව පැවසීය.

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට පැවති රජය තීන්දු ගත බවත්  නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් වෙන් කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මෙම තැපැල් කාර්යාල ඉහළ සංචාරක ආකර්ශනයක් ඇති පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කර ඇති  වසර 130ක් ඉපැරණි යටත් විජිත යුගයේ ආරම්භ කළ වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකි.

නුවරඑළිය තැපැල් ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයෝ පසුගිය කාළ වකවානුවේ අඛණ්ඩ විරෝධතාවල නිරත වූහ.



අදහස් (6)

නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීම අත්හිටුවයි

අරවින්ද මොනරවිල Wednesday, 09 October 2024 04:35 PM

අම්මා අප්පා විකුණලා හරි කොමිස් ගහන්න ඔයාලාට හිතෙන්නේම නැද්ද අප්පා...!

:       5       7

ජාලිය Wednesday, 09 October 2024 04:38 PM

රජයේ දේපල විකිණීම නතර කරනවා වගේම රජය යටතේ තිබිලා දැනට පෞද්ගලික අංශයට දී ඇති සියළුම තේ වතු රජයට ගන්න. (වන්දි ගෙවලා). විකුණපු සියළු සමාගම් රජයට පවරා ගන්න. අධ්‍යාපනයට සීයට 6ක් වෙන් කළාම ටියුෂන් සහ පෞද්ගලික අධ්‍යපනය ඉබේම වැහිලා යාවි. රජයේ රෝහල් දියුණු කරලා චැනල් කඩ වසා දමන්න. හැකි සෑම අංශයක්ම රජය යටතේ පවත්වා ගන්න.

:       1       7

මරිසිපාල Wednesday, 09 October 2024 06:08 PM

අනේ මෙහෙමත් මෝඩයින් ඉන්නවා කියලා අහන්න ලැබුණාම ඇතිවෙන්නේ දුකක් පමණයි... රජය යටතේ තිබිලා පුද්ගලික අංශයට දීලා තියෙන වතු සියල්ලම සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ රජයට පවරාගෙන හිතවතුන්ට පාලනය දීලා ආදායම් අඩුවෙලා පාලනය කරන්න බැරුව තමයි නැවතත් පුද්ගලික අංශයට දීලා තියෙන්නේ. ටියුෂන් අධ්‍යාපනය වැහෙන්නේ කොහොමද? ජාත්‍යන්තර පාසල් කියන ඒවාට යන දරුවෝ පවා ටියුෂන් පංති යනවා නම් ඒවා වහන්න බැහැ... හැම එකම රජයෙන්ම කරන්න ගිහිල්ලා තමයි මේ රට මෙතරම් ප්‍රපාතයකට වැටුනේ කියලා මොළයක් තියෙන කෙනෙකුට නම් තේරුම් ගන්න පුළුවන්...

:       0       1

Chinthaka Wednesday, 09 October 2024 06:24 PM

1970 ආණ්ඩුව පත්වෙන තුරු රටේ බලවත් ආර්ථික දුෂ්කරතා තිබුනේ නැහැ. ඒත් පුද්ගලික වතු රජයට පවරාගෙන කටයුතු කළනිසා වතුවලින් මාසිකව රජයට ලැබුණු ආදායම් අහිමි වුණා. ඒ කාලයේ සිට රටේ ආර්ථික දුෂ්කරතා ඇතිවුණා. පුද්ගලික අංශයේ වර්ධනය අඩුවුණා... යම් කෙනෙකුගේ ව්‍යාපාරයක් රජයට ගන්නවා කියන්නේ අනෙක් ව්‍යවසායකයින් අධෛර්‍යමත් කිරීමක් නොවෙයි කියන්න පුළුවන්ද...?

:       0       0

sumith Wednesday, 09 October 2024 04:44 PM

මම මාලිමාවට පක්ෂ අයෙකු වුවත් මේ ප්‍රශ්නෙදී දරන්නේ වෙනස් මතයක්. අද වෙනකොට මීට වසර 20 කට ඉහතදී තැපැල් කළ ලිපිවලින් 90%ක් විතරම නැවැතිලා මන්ද තාක්ෂණික දියුණුව නිසා... අද මේ ගරාවැටෙන ගොඩනැගිල්ල නඩත්තු කරන්න රජයෙන් මුදල් දෙන්න වෙලයි තියෙන්නේ මන්ද තැපෑලේ ආදායම එන්න එන්නම අඩුවෙන නිසා. ඉතින් මේ ගොඩනැගිල්ලේ ඇති පෞරාණික බව නිසාවෙන් එය සංචාරකයින් අදගන්නා තැනක් බවට පත්කිරීමේ කිසි වරදක් මට පෙනෙන්නේ නැහැ. අපේ රටේ වරද හැම දෙයටම දේශපාලනය ගාවා ගැනීමයි...

:       1       13

පිටරටවැසියා Wednesday, 09 October 2024 05:18 PM

අපි බලන්න ඕනෑ විකුණන එකවත්, සංචාරක හෝටලයක් කරන එකටත් වැඩිය, පෞරාණික බවත් ආරක්ෂා කරගෙන, ලෙඩ ඇඳේ ඉන්න තැපැල් කර්මාන්තයත් දියුණු කරගන්නේ කොහොමද කියන එකයි. තැපෑල කියන්නේ ලියුම්, මුද්දර විතරක්ම නෙමෙයි. ජනතාවට, තවත් කාට හරි ඊ මේල් එකක් යවන්න තරමට, නවීන ලෝකයට අනුරූපීව දියුණු වෙන්න ඕනෑ. කොටින්ම, අද communication එකකින් වෙන්නෙත් තැපැල් කාර්යාලයකින් වෙන්න ඕනෑ වැඩතමයි.

:       1       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 24 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 44 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 274 0

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 744 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 490 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 523 2

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39608 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25773 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 407 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site