IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


නෙහාරා රඟපාපු චරිතය මම බලෙන් උදුරගත්තේ නෑ...

K-D-P-P-(1)

 

‘සුජාතා’ මේ දවස්වල රූපවාහිනියෙන් විකාශය වන ජනප‍්‍රිය ටෙලි නාට්‍යයක්. පරම්පරා කිහිපයක් එක්ක බද්ධවෙමින් ගලපාගෙන යන ටෙලි නාට්‍යයක්. කතාව ආරම්භ වුණේ සුජාතාගේ ළමා කාලයෙන්. ඒ සඳහා චරිත නිරූපණයේ යෙදුනෙ හර්ෂි රසාංගි කියන ළමා නිළියයි. ඊට පස්සේ සුජාතාලාගේ පරම්පරාව තරුණ වයසට පත්වෙද්දි සුජාතා වුණේ ජනප‍්‍රිය නිළි නෙහාරා පීරිස්. මේ මොහොත වෙනකනුත් සුජාතා නෙහාරාමයි. ඒත් මේ මාසේ විසි පස්වෙනිදා ඉඳලා මේ ටෙලි නාට්‍යයෙ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒ තමයි නෙහාරා රඟපාන සුජාතාගේ චරිතය වෙනුවෙන් වෙනත් නිළියක්ව යොදා ගැනීම. විසි පස් වෙනිදායින් පස්සෙ සුජාතා නෙහාරා පීරිස් නෙමෙයි, ෂෙහානි කහඳවලයි.
අද අපි ඇත්තම කියන විශේෂාංගයට තෝර ගත්තේ ඒ අලූත් සුජාතාවයි..... ෂෙහානි කහඳවලයි.

 

K-D-P-P-(4) 
button  ෂෙහානි මොකක්ද මේ සිද්ධ වුණේ....?
‘‘ ‘සුසිල’ නිෂ්පාදන ආයතනයෙන් සුජාතාගේ චරිතය රඟපාන්න මට ආරාධනාවක් ආවා. ඒ චරිතයට මගේ කැමැත්ත තියෙන නිසා මම ඒ චරිතය රඟපාන්න භාරගත්තා. මගේ පැත්තෙන් සිද්ධවෙලා තියෙන්නේ එච්චරයි. මේ දවස්වල මම සුජාතා රූපගත කිරීම්වල යෙදිලා ඉන්නවා.

 


button ඔයා රඟපාන්නේ නෙහාරා පීරිස් රඟපාපු චරිතයනෙ.....?’’
‘ඔව්. ඒක නොදැන නෙමෙයි මම මේ චරිතය භාරගත්තේ. ඉදිරියේ සුජාතා විදිහට රඟපාන්නෙ මමයි.’’

 


button ඇයි වෙන කෙනෙක් රඟපාපු චරිතයක් ඔයා රඟපාන්න කැමති වුණේ...?
‘‘නෙහාරා විදේශගත වන නිසයි මට මේ චරිතය ලැබුණේ. මම අකමැති වුණානන් වෙන කෙනෙක්ව හරි මේ චරිතයට ගන්නවනෙ...’’

 


button නෙහාරා විදේශගත වෙන්න  ඕන නිසා මේ චරිතයෙන් ඉවත්වුණාද, එහෙම නැත්තම් නෙහාරාව චරිතයෙන් ඉවත් කිරීමක් නිසා නෙහාරා විදේශ ගතවුණාද?
‘‘මම දන්න තරමින් නම් නෙහාරා අක්කා විදේශ ගතවන නිසයි සුජාතා චරිතයෙන් ඉවත් වෙලා තියෙන්නේ..’’

 


button ඒත් කාටහරි කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් නේද ඔයා නෙහාරාව කපලයි මේ චරිතය ලබාගෙන තියෙන්නෙ කියලා.....?
‘‘ඒ වුණාට ඇත්ත දන්න අය දන්නවනෙ. වෙන කෙනෙකුගේ දෙයක් බලෙන් මට ලබා ගන්න වුවමනාවක් නෑ...’’

 


button ඔයාව සුජාතාගෙ චරිතයට තෝර ගනිද්දි ඔයා දැනගෙන හිටියද නෙහාරා චරිතයෙන් ඉවත් වෙන්නයි හදන්නේ කියලා....?
‘‘ඒ වෙද්දි මම දැනගෙන හිටියේ නෑ. මගෙන් ඇහුවෙ මේ චරිතය රඟපාන්න කැමතිද කියලයි.’’

 


button ඒ වෙලාවෙ ඔයා නෙහාරාගෙන් ඒ ගැන ඇහුවෙ නැද්ද?
 ‘‘ඇහුවා... ඒ වෙලාවෙ එයා කිව්වා එයා අයින් වෙනවා කියලා...’’

 


button ඔයයි නෙහාරායි කියන්නේ දෙන්නෙක්. ඔයාලා දෙන්නා දෙවිදියක්. ඉතින් ඔයාට හිතුනද නෙහාරා රඟපාපු චරිතය ඔයාටත් ඒ විදිහටම රඟපාන්න පුළුවන් කියලා.
‘‘මුලදිනම් පොඩි සැකයක් හිතට ඇවිත් තිබුණා. ඒත් අධ්‍යක්ෂක රන්ජන් ප‍්‍රසන්න අයියගෙ උපදෙස් මත මට අපහසුවක් නැතිව රඟපාන්න පුළුවන් වුණා...’’

 


button අධ්‍යක්ෂකවරයා ඔයාට කිව්වෙ නෙහාරා රඟපාපු විදිහම කොපි කරන්න කියලද?
‘‘නෑ... රන්ජන් ප‍්‍රසන්න අයියා මට කිව්වෙ නෙහාරා කෙනෙක් වෙන්න  ඕනෙ නෑ... ඒත් නෙහාරා රඟපාපු රිදම් එක විතරක් අල්ලගන්න කියලයි.’’

 


button සුජාතාගේ චරිතය රඟපාද්දි ඔයාට මොනම වෙලාවකවත් නෙහාරා ඒ චරිතය රඟපාන විදිහ මතක් වුණේ නැද්ද?
‘‘මතක් වුණා... සමහර විට ඒ මතක්වීම මට මේ චරිතය රඟපාන්න වාසියකුත් වෙන්න ඇති.’’

 


button මේ වගේ ජනප‍්‍රියත්වයේ ඉහළම තැනක තියෙන චරිතයක් ඔයාට ලැබීම ගැන මොකද හිතෙන්නේ?
‘‘ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම මට ලැබුණ හොඳ ‘චාන්ස්’ එකක් කියලත් හිතෙනවා.’’

 


button අභියෝගයක් කියලා හිතුනේ නැද්ද?
‘‘හිතුනා.... හිතුනා... ඇත්තටම ලොකු අභියෝගයක් තමයි...’’

 


button නෙහාරා වෙනුවට සුජාතාගේ චරිතයට ඔයාවම තෝර ගන්න හේතුව මොකක්ද?
‘‘ඒ ගැන කියන්න මම දන්නේ නෑ...’’

 


button ෂෙහානි ඇරෙන්න මේ චරිතයට වෙන කවුරු ගැනද අධ්‍යක්ෂකවරයා හිතලා තියෙන්නේ?
‘‘මම දන්න විදිහටනම් මටම තමයි කතා කරලා තියෙන්නේ...’’

 


button ඔයා මේ දවස්වල රඟපාන වෙන ටෙලි නාට්‍ය මොනවද?
 ‘‘ ‘ඇසිඞ්’ කියන ටෙලි නාට්‍යයෙ රඟපානවා... ”ඇසිඞ්” මගේ පළමුවෙනි ටෙලි නාට්‍ය...’’

 


buttonනිළියක් වෙන්න ඔයත් පෙරුම්පුරාගෙන හිටපු කෙනෙක්ද?
‘‘නිළියක් වෙන්න කවදාවත් මම හිතපු කෙනෙක් නෙමෙයි. මේ නොහිතපු තැනකයි මම ඉන්නේ... මම හීන මැව්වෙ වෙනත් දේකට. ඒත් ඒ හීනය හැබෑ කරගන්න බැරි වුණා.’’

 


button කියන්න කැමතිද ඒ ගැනත්?
‘‘පුංචි කාලේ ඉඳලම මගේ හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒත් ඒ වෙනුවෙන් මට උත්සහ කරන්න වත් අවස්ථාවක් ලැබුණේ නෑ.

 


button ඒ හීනය බොඳවෙලා අහම්බෙන් උදාවන මේ නිළිකම ගැන දැන් මොකද හිතෙන්නේ?
‘‘මේ මගේ උරුමය වෙන්න ඇති කියලා හිතෙනවා. දැන් මගේ බලාපොරොත්තුව මේ මාර්ගයේම යන්නයි.’’ 

 


button රඟපාන්න ඔයාට අවස්ථාව ලැබුණේ කොහොමද?
මියුසික් වීඩියෝ එකට පෙනී සිටින්න අවස්ථාවක් ලැබුණා. ඒ ඔස්සේ ”දෙරණ” රූපවාහිනී නාලිකාවට නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එතනින් තමයි මට ”ඇසිඞ්” ටෙලිනාට්‍යයෙ රඟපාන්න ලැබුණේ.’’

 


button දැන් ෂෙහානිගෙ වයස කියද?
‘‘අවුරුදු විස්සයි.’’

 


button ඔයාගේ පවුලෙ තොරතුරු කියන්න.
‘‘අම්මයි තාත්තයි මමයි.’’

 


button මේ කෙටි කාලය තුළ ලැබුණ අත්දැකීම් එක්ක ඔයාට හිතෙනවද කලා ලෝකය තුළ ඔයාට පයගහලා ඉන්න අපහසු නෑ කියලා?
‘‘ඔව්... මට නම් හොඳින් පයගහලා ඉන්න පුළුවන්.’’


                                      ගාමිණී වාසලසූරිය                                          

 



අදහස් (0)

නෙහාරා රඟපාපු චරිතය මම බලෙන් උදුරගත්තේ නෑ...

ෂේන් රුශේල් Sunday, 11 October 2015 07:25 AM

පරිස්සමින් (බ)

:       0       0

සමරේ Saturday, 03 October 2015 08:58 PM

තව ටිකක් සැළකිළිමත් වුණා නම් හොඳයි මේ නාට්‍ය නිෂ්පාදක කණ්ඩායම් තමන්ගේ ආසාවන්ට නළු නිළියෝ තෝරන්නේ නැතුව චරිත වලට ගැළපෙන අය ගන්න (නි)

:       0       0

පුමුදු Tuesday, 06 October 2015 11:55 AM

අනේ ඇත්තට මෙවන් ටෙලි නාට්‍ය (ම)

:       0       0

ගාමිණී Friday, 02 October 2015 10:02 AM

නෙහාරා එකට හරිනැහ මොකද එයාගෙ පෙණුම මොරලා වැඩියි. (ර)

:       0       0

කාලිංග Wednesday, 14 October 2015 01:19 AM

ලංකාවේ මෝඩ මිනිස්සු ඉන්නකම් සුජාත කතා හොඳයි (බ)

:       0       0

සුදන්ත Thursday, 08 October 2015 07:43 AM

මේ චරිතයට ගැලපෙන කෙනාව දැනුයි හමුවෙලා තියෙන්නේ ,සුබ පැතුම් ඔබගේ ඉදිරි ගමනට (බ)

:       0       0

අමල් Thursday, 08 October 2015 01:57 AM

ඉදිරි ගමනට සුබපතනවා. (ර)

:       0       0

ශානි Friday, 23 October 2015 04:58 AM

නෙහාරට වඩා නම් ඔයා හොඳයි. ඒත් ඔයා රඟපානවා හොඳ මදි (නි)

:       0       0

චාරු Thursday, 01 October 2015 03:03 PM

මෙන්න මේ වගේ අලුත් ප්‍රසන්න පෙනුමැති නිළියන් තමයි දැන් ටෙලි නාට්‍ය වලට ඕනෑ. අපිට නම් දැන් අර පරණ සෙට් එක දැකලාම ඇතිවෙලා. (නි)

:       0       0

දුල්මි Tuesday, 06 October 2015 09:18 AM

නළු නිලියන් තෝරා ගැනීම කිසිම පිළිවෙළක් නැහැ වගේනේ. තව ටෙලි නාට්‍යයක ප්‍රධාන ගැහැණු චරිතය කොටස් 100 විතර ගියාට පසුව ඔස්ට්‍රේලියාවට යැව්වා.දැන් බැඳලා පිටරට ගිය වෙනත් නිලියක් ආපසු ඇවිත් එයාටම කියලා හදලා දීපු වගේ චරිතයක් ප්‍රධාන නිලි චරිතය වගේ කරගෙන රැගුම් පානවා. බලන අපිට හිතෙන්නේ මේ ටෙලිනාට්‍ය විහිළුවක් ද කියලා . (අ)

:       0       0

චාමර Wednesday, 07 October 2015 09:49 AM

ඇත්තටම මේ චරිතෙ නෙහාරට වැඩිය හොදට මෙ ළමයට ගැලපෙනවා... කොටින්ම කියනව නම් ටෙලියේ දැන් අමුතු එළියක් තියෙනවා...සුභපැතුම්. (ස)

:       0       0

චාමර Wednesday, 07 October 2015 09:56 AM

සුභපැතුම් හොඳ අනාගතයක් තියෙනවා ඔයාට.... නෙහාරට වඩා හොඳට ඔයා චරිතෙට සාධාරණයක් කරනවා... එයාගේ පෙනුම මේ චරිතෙට ගැලපුනේ නෑ ......(ස)

:       0       0

උදාර Wednesday, 21 October 2015 06:24 AM

මට නම් නෙහාරාට වැඩිය ගොඩක් ලස්සනයි මේ නිළිය (නි)

:       0       0

චන්දි Friday, 02 October 2015 02:31 PM

අයියෝ දැන් ලංකාවේ ටෙලි නාට්‍ය වලත් උන්නු ගමන් චරිතය වෙනස් කරනවද.? ප්‍රේක්ෂකයෝ කරකවල අතාරිනවා වගේ වැඩක් නේ.... (ර)

:       0       0

හර්ෂ Saturday, 03 October 2015 04:47 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අධිවේගයේ අනතුරු දෙකකින් 6ක් රෝහලේ
2025 අප්‍රේල් මස 01 0 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 25.5 දොඩංගොඩ සහ ඒ ආසන්නයේ සිදුවූ අනතුරු දෙකකින් සිව් දෙනකුගේ යුත් එංගලන්ත ජාතික පවුලක් ඇතුළු හය දෙනකු තුවාල ලබා රෝහල් ගත


ඉදිරි දින කිහිපයේදී වැසි
2025 අප්‍රේල් මස 01 186 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සිට ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාල


කිරි තේ මිල රුපියල් 10 කින් ඉහළට
2025 අප්‍රේල් මස 01 173 0

ආනයනික කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව පැවසීය.


අඩු කළ මිලට තෙල් නෑ
2025 අප්‍රේල් මස 01 950 0

පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන නොතිබිණි.


අද සිට බිත්තර සදහා සියයට 18ක වැට් බද්දක්
2025 අප්‍රේල් මස 01 1921 0

බිත්තර සදහා අද (01) සිට සියයට 18ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.


ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන
2025 මාර්තු මස 31 3395 0

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 82 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 689 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 752 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site