(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් සහ න්‍යෂ්ටික අවි නැවත කිසි දිනෙක භාවිතා නොකළ යුතු බවට සාක්ෂිකරුවන් හරහා ඔප්පු කිරීමට දරන උත්සාහය වෙනුවෙන් නිහෝන් හිඩැන්කියෝ සංවිධානයට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවේය.
ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයන් දිවි ගලවා ගත්තන් විසින් මෙම සංවිධානය පිහිටුවාගෙන ඇත. ජපානයේ ප්‍රදේශ 47 ක සංවිධානයේ ශාඛා තිබේ.
ඔස්ලෝහි පිහිටි නෝර්වේජියානු නොබෙල් ආයතනය මෙවර නොබෙල් සාම ත්‍යාගය නිහෝන් හිඩැන්කියෝට හිමිවන බව අද (11) ප්‍රකාශ කළේය. මෙම වසරේ සාම ත්‍යාගය නිහෝන් හිඩැන්කියෝට පිරිනැමීම තුළින් හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් සියල්ලන්ටම ගෞරව කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුන්ගේ කටුක අත්දැකීම් බලාපොරොත්තුවක් ඇති කිරීමට යොදා ගැනීමත් සාමය වෙනුවෙන් යොදා ගැනීමත් ප්‍රශංසනීය බවත් නෝර්වෙජියානු නොබෙල් කමිටුවේ සභාපති ජෝගෙන් වොට්නේ ෆ්‍රිඩ්නස් පැවැසුවේය.
මෙවර සාම ත්‍යාගය සඳහා අපේක්ෂකයන් 286 ක් තරග වැදි අතර ඉන් 197 පුද්ගලයන් වූ අතර 89 ක් සංවිධාන විය. මෙවර සාම ත්‍යාගයේ හිමිකරුට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදලක් හිමිවීමට නියමිතය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට