IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නැ'හිර මහ ඇමැති රැස්වීම් වර්ජනය ඉවරයි

ත්‍රිකුණාමලය සාම්පුර් මහ විද්‍යාලයේ  ඉකුත් 20 වැනි දා පැවති  උත්සවයක දී  නැගෙනහිර  මහ ඇමැති  නසීර් අහමඩ් මහතා  නාවික හමුදා නිලධරයකුට ප්‍රසිද්ධියේ  බැන වැදීමේ  සිද්ධියෙන්  අනතුරුව ත්‍රිව්ධ හමුදාව මහ ඇමැතිවරයා  සහභාගී  වන උත්සව වර්ජනය කිරිමට ගත් තීරණය අද (30) සිට ඉවත් කළ බව වැඩබලන හමුදා  මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත්  ජයවීර  මහතා  පැවසීය.

ත්‍රිවිධ හමුදාව එක්ව ගත් මෙම තීරණය ඉවත්  කිරිමට  හේතුව අනාවරණය කිරිමට  නොහැකි  බවද හමුදා ප්‍රකාශකවරයා  සඳහන් කළේය.

නැගෙනහිර  මහ ඇමැති ක්‍රියා  කලාපයට  විරෝධය දක්වමින්  ත්‍රිවිධ හමුදාව ඉකුත් 27 දින සිට ඔහුගේ  උත්සව වර්ජනයට  ඒකමතිකව තීරණය කර  තිබුණි.



අදහස් (0)

නැ'හිර මහ ඇමැති රැස්වීම් වර්ජනය ඉවරයි

සිරි Monday, 30 May 2016 08:00 PM

ආයේ දෙකක් නැහැ පතෝලය ආවනේ?????නොදොකින් විතරක් මෙහෙමත් රණවිරුවන් පාවාදෙන පතෝල මැස්සක් වගේ ආණ්ඩු????(රේ)

:       0       0

වසන්ත Monday, 30 May 2016 11:56 AM

දේශපාලන බලපෑමක් වෙන්න ඇති සමහරවිට. එහෙම වුණා නම් හරිම කලකිරීමක් ඇතිවෙනවා.(ම)

:       0       0

හේවා Monday, 30 May 2016 08:42 PM

ලස්කිර්න්න හමුදාව සිහියට නැගේ (රේ)

:       0       0

වීර Monday, 30 May 2016 08:43 PM

හේතුව නොකිව්වට අපි දන්නවා කාටද මේ විධානය දෙන්න පුළුවන් කියල බලමු මෙයාලා 2020 කොරන විධිය අපි මුල්වෙලා මේ කට්ටිය අයෙත් තෝරයි කියල හිතනවා ඇති (රේ)

:       0       0

නිහාල් Monday, 30 May 2016 09:01 PM

ඔය කියන සංහිදියාව වලංගු වන්නේ රජයටයි සිංහලයන්ටයි විතරද?.

:       0       0

කපිල පෙරේරා Monday, 30 May 2016 09:10 PM

සුදුසු නැති දේසපාලුවන් රට පාලනය කරනකොට ඔහොම වෙන එක අහන්න දෙයක්ද? රට ජාතිය වනසන බලු දේස පාලුවෝ .(රේ)

:       0       0

පුබුදු Monday, 30 May 2016 12:12 PM

සන්හිදියාවට හොද නැති නිසා මෙහෙම වෙන්න ඇති. (ර)

:       0       0

රන්දි Monday, 30 May 2016 10:22 PM

උපාලි, ඔබ හෙට අනිද්දා කියාවි උතුරු නැගෙනහිර වෙනම ඒ අයට පාලනය කරගන්න දෙන්න, එතකොට ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ කියලා. මොළය පාවිච්චි කරලා හිතන්න. (නි)

:       0       0

රන්ජි Monday, 30 May 2016 10:25 PM

ත්‍රිවිධ හමුදාවේ අභිමානය ගැන කණගාටුයි. (නි)

:       0       0

රවි බණ්ඩාර Monday, 30 May 2016 10:35 PM

ඔය ප්‍රශ්නය විසඳුවා කියන්න බැහැ. දැන් ඉතින් අළු යට ගිනි, නිසි කලට පත්තු වියහැක. මුලදි තහනම දමා ජන විරුද්ධත්වය මැඩපැවැත්වුවා. ජනතාව හිතුවා දඬුවම් දුන්නා කියලා. ඔය සිද්ධියත් මේ අයුරින් අවසන් වන වග අපි නම් දැනහිටියා. (නි)

:       0       0

සේන Monday, 30 May 2016 12:16 PM

හමුදා විනය වැදගත්. (ර)

:       0       0

බන්දුල Monday, 30 May 2016 10:37 PM

ඒත් සමහර දේවල් නිකන් සෝඩා බෝතලය ඇරියා වගෙයි (නි)

:       0       0

බමුණුසිංහ Monday, 30 May 2016 10:38 PM

විපුල, සංහිඳියාව බලෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නොවෙයි, අපේ සිත් වල නැත්නම් (නි)

:       0       0

ජනහිත Monday, 30 May 2016 11:52 PM

කිසිම කෙනෙක් ජාති, ආගම්, බේද ඇතිවෙන විදිහට කතාවක් තියා හැගීමක් හෝ ඇති නොකලයුතුයි.දේසපලකයා යනු ජනතා නියෝජිතයෙක් බව තරයේ සිහිතබා ගතයුතුයි. රජයේ සේවකයා යනු අර්ථයෙන්ම රජයේ සේවකයයි. එසේම හමුදාව යනු රට රකින අයයි. ඒ අයට වචනයකින් තියා, ඉගියකින්වත් අවමන් නොකළ යුතුයි.\nමෙහෙම ගියෝත් අපට කුමක් වෙයිද? (රේ)

:       0       0

ජනහිත Monday, 30 May 2016 11:55 PM

උපාලි ඔය කතාව අල්ලන්නේ නැහැ.බුහර්දීන් මහතාගේ කියමන බලන්න අගෙයි.(රේ)

:       0       0

බුහර්දීන් Monday, 30 May 2016 12:36 PM

රටක අභිමානය යනු ත්‍රිවිධ හමුදාවයි. ගෙදර සේවකයෙකුට වත් ඇමතිය නොයුතු අයුරින්, ප්‍රසිද්ධියේ හමුදා නිලධරයකුට බැන වැදීම සම්බන්ධව,මාහට මොහු ගැන ඇත්තේ දැඩි පිළිකුලකි. (බ)

:       0       0

නිලුපුල් Tuesday, 31 May 2016 12:55 AM

ත්‍රිවිධ හමුදාවට එහෙම තීරණ ගන්න අයිතියක් නැ කියලා කෙනෙක් කීවා නේද?, අනේ අපිත් කර ගත් මෝඩ කමක තරම.(රේ)

:       0       0

උපාලි Monday, 30 May 2016 12:49 PM

හමුදාව අරන් තියෙන්නේ ඉතාම නිවැරදි තීරණයයි. මහ ඇමති කවුරු වුනත් පළාතේ ප්‍රධාන පුරවැසියා. ඔහුව ඉවත් කරලා රාජ්‍ය පාලනයක් කරන්න පුලුවන්ද? ඔහු වරදක් කළා නම් ඊට නිසි දඬුවමක් දී ප්‍රශ්නය නිරාකරණය කොට නැවත රට ඉදිරියට යාම හැර වෙන විකල්පයක් ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය හැකිද? ඔහුව වර්ජනය කිරීම යනු ප්‍රශ්නය විසඳීමක් නොව ප්‍රශ්නය පවත්වා ගෙන යාමකි. (ර)

:       0       0

සඳරුවන් Tuesday, 31 May 2016 01:23 AM

ඕක පුදුම වෙන්න දෙයක් නොවෙයි. (නි)

:       0       0

උපාලි Tuesday, 31 May 2016 01:25 AM

ජනහිත, ඔබට තේරිලා නැහැ මං කී දේ. බුහාර්දීන් කියන දේ හරි. නමුත් මහ ඇමති වරදක් කළා නම් ඊට නිසි දඬුවමක් ලබා දී පළාතේ රාජ්‍ය පාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයනවා විනා ඔහුව රාජ්‍ය කටයුතු වලින් ඉවත් කළනොහැකි බවයි මම කිව්වේ. නිදසුනක් ලෙස, ඔබ වරදක් කළා නම් ඔබේ පුරවැසි අයිතිවාසිකම් අවලංගු කළහැකිද? බැහැ. දඬුවමක් දී ඔබව නැවත සමාජගත කිරීම පමණයි කළහැක්කේ. හමුදාව නිවැරදි තීරණය අරන් තියෙන්නේ. (නි)

:       0       0

කමල් හසන් Tuesday, 31 May 2016 01:36 AM

එතකොට සම්බන්ධන් හමුදාකඳවුරට පන්න ඒවා, ඒවාට කට නැහැනේ. තම්බියාට විතරයි කෑ ගහන්නේ, අනිකාට බයයි (රේ)

:       0       0

උපාලි Tuesday, 31 May 2016 01:40 AM

රන්දි, මං කියන්නේ මොකක්ද කියලවත් තේරුම් ගන්න බැරි ඔබේ මොළය ගැන මට කනගාටුයි.(රේ)

:       0       0

බෙනට් Monday, 30 May 2016 01:13 PM

50% දෙගොල්ලම වැරදි ඇති . (ර)

:       0       0

සඳුන් Tuesday, 31 May 2016 02:44 AM

පහුගිය ආණ්ඩුව කාලේ ඇවිදින මංතීරු හැදුවා, පිට්ටනි හැදුවා හමුදාවේ අය. ඒ වුණාට ඒවා ජනතාවට පවරනකොට හමුදාව මුල්වෙලා උත්සව පැවැත්තුවේ නැහැනේ, තානාපතිලා ගෙනල්ලා. අාවේ රජයේ හෝ පළාතේ දේශපාලකයෝ. (නි)

:       0       0

නිමල් Monday, 30 May 2016 01:42 PM

සියලු දෙනාම අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත්. (ර)

:       0       0

සුනන්ද Monday, 30 May 2016 01:43 PM

ඔය විදිහට තමයි ඕක ඉවර වෙන්නේ කියල අපි දැනගෙන හිටිය....(බ)

:       0       0

ප්‍රසන්න Tuesday, 31 May 2016 03:10 AM

මේ තීරණය අපේ ත්‍රිවිධ හමුදාවේ අභිමානයට කැළලක් බවයි මට හිතෙන්නේ (නි)

:       0       0

මනෝජ් Monday, 30 May 2016 01:52 PM

ඔනැම නිතී වීරෝධි වැඩක්, අපචාරයක්,විනය විරෝධි ක්‍රියාවක්, හෝ සමාජ විරෝධි දෙයක් කර නිදොස්ව සිටිමට බලය සහ හැකියාව ඇත්තේ දේශපාලකයන්ට පමණයි. ඒමෙන්ම මෙම හැකියාව වඩාත් බලවත් වෙන්නේ දැනට බලයේ සිටින පක්ෂවල දේශපාලකයන් තුලයි. (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 30 May 2016 02:05 PM

ඉහලින් ආපු දේශපාලන නියෝගයක් වන්නට ඕනේ , එසේ නොමැතිව අපේ හමුදාව මෙසේ කරන්නේ නෙහැ , හෙට අනිද්දා වන විට නැගෙනහිර හමුදා නිලධාරීන් ස්ථාන මාරු දැක ගන්නත් හැකි වෙයි . යහපාලනය (බ)

:       0       0

මොහමඩ් Monday, 30 May 2016 02:25 PM

විදේශ බලවේග වල ප්‍රතිපල (බ)

:       0       0

නිම්මි Monday, 30 May 2016 02:29 PM

මෙහෙමත් රටක්! (බ)

:       0       0

ඉෂාන් Monday, 30 May 2016 02:46 PM

මේ ප්‍රශ්නය මෙහෙම විසදුන එක හොදයි. (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 31 May 2016 01:36 PM

මතකනේ අර බුද්ධි අංශයට කරපු දේ කපිතාන් නිලාම් සහ බුද්දි අංශයේ හමුදා නිලදාරීන් කොටින්ට පාවා දීපු හැටි (අ)

:       0       0

ලසන්ත Monday, 30 May 2016 02:52 PM

රණවිරුවන්ට ප්‍රසිද්දයේ අවමන් කිරීම මම හෙළා දකිනවා. හැබැයි මේ කාරණාවත් දේශපාලනය ජාතිවාදය කරගන්න පිරිසකුත් ඉන්නවා. (ර)

:       0       0

සිසිර Monday, 30 May 2016 02:54 PM

සාධාරණව සිතා බලා තීරණයක් ගත යුතුයි. (ර)

:       0       0

ඉරාජ් Monday, 30 May 2016 03:02 PM

ඕව ඕහොම වෙනව කියලා අපිනම් දැනන් හිටියා (ර)

:       0       0

ශ්‍රීලාල් Monday, 30 May 2016 03:09 PM

ඉහලින් බලපෑමක් ආවම මේ අයට කරන්න දෙයක් නැහැනේ. (ර)

:       0       0

බණ්ඩාර Tuesday, 31 May 2016 05:13 AM

යහපලනයේදී මෙවැනි දේවල් සුළු අතපසුවීම් පමණයි. කනගාටුව පල කලාම හොදටම ඇති.(කෞ)

:       0       0

අතුල Tuesday, 31 May 2016 05:19 AM

මේ ගෙන ඇති තිරණය ඉතාමත් වැදගත් මන්ද ත්‍රිවිද හමුදාව මහා ඇමති එන උත්සව වලට සහභාගි නොවුනොත් එම ස්ථාන වල රාජ්‍ය විරෝදී නීති විරෝදී ක්‍රියාවන් සිදුවීමට ඉඩ තිබේ . (කෞ)

:       0       0

සංකල්ප Tuesday, 31 May 2016 05:22 AM

එම තීරණය ගැන තමා මහ ඇමතිවරයා වශයෙන් සතුටු වන අතරම, එවැනි තීන්දුවක් ගැනීම සහ යළි එය ඉවත් කර ගනු ලැබීම ආරක්ෂක අංශ වල කාර්යයක් වන බව මෙම මහා ඇමති වරයා පවසා ඇත. කලකිරීම රටට දී මහ ඇමති වරයා සැහැල්ලු බව ලබා ගෙන ඇත. (කෞ)

:       0       0

ජයසේකර Tuesday, 31 May 2016 05:36 AM

අනේ මෙහෙමත් යහපාලනයක්........ඥාන සාර හිමියන්ට තාම නඩු .....නාවික හමුදාවට පාර්ට් දාපු මහා ඇමතිය නීදහසේ......රටකට ගිය කලක් .....(බ)

:       0       0

නිහාල් Tuesday, 31 May 2016 06:01 AM

මහා ඇමතිට සුදු වැන් සංස්කෘතිය අවශ්‍ය බව ජනපති තේරුම් ගත යුතුය (ම)

:       0       0

තිලාන් Tuesday, 31 May 2016 06:12 AM

අනේ කාලේ වනේ වාසේ (ම)

:       0       0

ස්මිත් Monday, 30 May 2016 03:15 PM

අනේද කියන්නේ (බ)

:       0       0

විපුල Monday, 30 May 2016 04:25 PM

සංහිදියාවට ප්‍රශ්නයක් නිසා තීරණය වෙනස් කරන්න ඇති. (ර)

:       0       0

රොහාන් Monday, 30 May 2016 05:24 PM

යහපාලනයක් තුළදී අපි නම් මේවා බලාපොරොත්තු වුණා (නි)

:       0       0

සුසන්ත Monday, 30 May 2016 06:00 PM

මේකද යහපාලනය? (නි)

:       0       0

ලාලිත Monday, 30 May 2016 06:15 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

රිචි බාලසුරිය Monday, 30 May 2016 06:48 PM

හමුදාවට මොනවා වුණත්, අපේ යහපාලනය අකුරට! (නි)

:       0       0

හේමන්ත Monday, 30 May 2016 07:10 PM

සිදුවන දේවල් වල හැටියට අපි සිතාගෙන හිටියේ වරද නාවික හමුදා නිලදරියගේම කියල කියාවි කියල. මේවා සදාරණීය කරන අයනම් අපේ රටේ ඉපදුන කකුල් දෙකෙන් සිටගන්න අය වෙන්න බැහැ(රේ)

:       0       0

මාධව ජයසේන Monday, 30 May 2016 07:30 PM

පහු පහු වෙනකොට හොද හොද සෙල්ලම් (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 265 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 214 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 492 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 336 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 906 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 360 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site