IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පීඑස්ඩිය විසුරුවයි : ජනපති ආරක්ෂාවට එස්ටීඑෆ්

අපරාධවලට හවුල් යැයි හෙළිවීමත් සමගම ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැර පොලිස් විශේෂ කාර්ය බළකායට ජනපති ආරක්ෂක සේවාව බාර කළ බව මහජන සාමය පිළිබඳ ඇමැති කියයි.

මෙම එස්.ටී.එෆ් භටයන්ගේ මුල්ම කාර්ය භාරය වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාට මහනුවරදී සෙනසුරාදා ආරක්ෂාව සැපයීමයි. 5000ක් පමණ වූ ජනපති ආරක්ෂක අංශය (පී.එස්.ඩී) ගැන රහස් පොලිසිය පරීක්ෂණ ඇරඹීය.

පීඑස්ඩීයේ මුල්ම සිද්ධිය වාර්තාවූයේ අඟුණුකොළපැලැස්සෙනි. ජනපති සිරිසේන මහතාගේ රැස්වීමට පතරොම් පිරවූ පිස්තෝලයක්ද රැගෙන හමුදා කමාන්ඩෝ භටයකු ගිය බව රහස් පොලිසිය කියයි. ජනපති ආරක්ෂාවේ අඩුපාඩු තිබුණු දෙවැනි සිද්ධිය වාර්තාවූයේ නුගේගොඩදීය.

එහිදී වෙසක් තොරණක් විවෘත කළ ජනපති ආපසු යද්දී ජනපතිගේ නිල රියට ඔහු යොමු කිරීමට පීඑස්ඩිය අසමත් විය. ජනපති එදා නැගුණේ අගමැතිගේ නිල රියටයි. පීඑස්ඩියේ සේවය කළ පිරිස් පොලිසිවලට අනුයුක්ත කෙරෙන අතර එහි ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ වෙනත් තනතුරකට පත් කිරීමටද යයි.

 

 

 



අදහස් (0)

පීඑස්ඩිය විසුරුවයි : ජනපති ආරක්ෂාවට එස්ටීඑෆ්

නිශාන්ත වීරසිංහ Sunday, 09 August 2015 06:26 AM

දුකයිද ? (නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Sunday, 09 August 2015 06:34 AM

අවසානයේදී පී.එස්.ඩී. එක ගැනත් අපි බොහෝ දේ වටහාගත්තා (නි)

:       0       0

නුවන් Sunday, 09 August 2015 06:36 AM

ඇත්ත. හිටපු පී.එස්. ඩී.ය ගැන නම් කිසිම විශ්වාසයක් තියාගන්න හොඳ නැහැ (නි)

:       0       0

රුවන් Sunday, 09 August 2015 06:47 AM

ඒ තීරණය හොඳයි (නි)

:       0       0

නිමල් Sunday, 09 August 2015 06:51 AM

මම නම් හිතන්නේ මෙය පසුගිය ජනවාරි මාසේම කළයුතුව තිබුන දෙයක් කියායි. දැන්වත් කළ එක හොඳයි. (නි)

:       0       0

ඇන්ටන් Sunday, 09 August 2015 06:53 AM

මෙය කළයුතුව තිබුනේ මුලින්මයි. ප්‍රමාද වී හෝ ක්‍රියාත්මකවීම හොදයි (නි)

:       0       0

සෑම් Sunday, 09 August 2015 07:13 AM

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි. (නි)

:       0       0

පෙරේරා Sunday, 09 August 2015 07:20 AM

එතකොට ඒ ඡන්ද 5000? අපිට හිතාගන්න පුළුවන්!!!! (නි)

:       0       0

තිමල් Sunday, 09 August 2015 07:22 AM

ඒ විතරක් නෙමෙයි, තව සමහර අය ගැනත් හොඳින් සොයාබැලීම හොඳයි (නි)

:       0       0

රයන් Sunday, 09 August 2015 07:55 AM

ප්‍රමාද වී හෝ ගත් හොඳ නුවණක්කාර තීරණයක් (නි)

:       0       0

වසන්ත Sunday, 09 August 2015 07:57 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

රෝහණ Sunday, 09 August 2015 08:25 AM

කළ යුතු දෙයක් ප්‍රමාදවි හෝ ගත් තීරණය වැදගත් ඔබතුමාගේ ආරක්ෂාවට.ඔබතුමාට දීර්ඝායුෂ පතමි! (ම)

:       0       0

ඉන්ද්‍රානි Sunday, 09 August 2015 04:01 PM

ඔබතුමාගේ ආරක්ෂාව ඉතා වැදගත් (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න Sunday, 09 August 2015 08:36 AM

අතිගරු ජනාධිපතිතුමනි, කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. ඒ වගේම අවිශ්වාස කරන්නත් එපා. කතාවක් තියෙනවා, කෙනෙක් අවිශ්වාස කරන්න සිදුවනතෙක් විශ්වාස කරන්න කියලා. මේක බොහොම ගැඹුරු ධර්මතාවයක්. ඔබතුමාට නිදුක් නීරෝගී යහපත් කාලයක් උදාවේවා! (නි)

:       0       0

දේශප්‍රිය Sunday, 09 August 2015 08:40 AM

නුවණක්කාර තීරණයක් (නි)

:       0       0

කස්තුරිආරච්චි Sunday, 09 August 2015 08:44 AM

බොහොම හොඳ දෙයක්. රාජ්‍ය නායකයා මොන පක්ෂයේ වුණත් මොන දේශපාලන දැක්මක හිටියත් රජයේ හමුදාව පොලිසිය නඩත්තු වෙන්නේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් නිසා එම ආයතන ජනතාවට වගකියන ඒවා බවට පත් කළයුතු වෙනවා. එහෙම නොවුණහම තමයි එම නිලධාරීන් ගැතිකම් කරන්නේ. (නි)

:       0       0

සරත් පර්ත් Sunday, 09 August 2015 08:51 AM

දෙපත් නයි හැමතැනම. ආරක්ෂාවීම හොඳයි (නි)

:       0       0

මොහොමඩ් Sunday, 09 August 2015 09:14 AM

කලිනුයි මේක කරන්න තිබුණේ. ඔබට ජය! (නි)

:       0       0

නිර්මල Sunday, 09 August 2015 06:35 PM

සියල්ල නිවැරදිව සිදුවේවා! (නි)

:       0       0

සහන් Sunday, 09 August 2015 09:37 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

අනුශ්ක Sunday, 09 August 2015 09:02 PM

හොඳ තීරණයක් (නි)

:       0       0

සේපාල Sunday, 09 August 2015 10:01 AM

වෙන විකල්පයක් නැත. මහජනතව අවදියෙන් සිටීම වැදගත් (නි)

:       0       0

තුෂාර Sunday, 09 August 2015 10:15 AM

ජනාධිපති‍තුමාට දෙවි පිහිටෙන් කිසිදු කරදරයක් නොවේවා! (නි)

:       0       0

සුනිල් Sunday, 09 August 2015 10:24 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

උදාර Monday, 10 August 2015 01:53 AM

හොඳ තීරණයක් මැතිඳුනි (නි)

:       0       0

දිල්රුක්ෂි Sunday, 09 August 2015 10:42 AM

හොඳයි (නි)

:       0       0

නුවන් Sunday, 09 August 2015 10:42 AM

රාජ්‍ය නායකයෙක් මුලින්ම කළයුත්තේ විශ්වාසවන්ත ආරක්ෂකයින් යොදාගන්න එක. ඒක නොකළොත් එම වැරැද්දේ ප්‍රතිඵල රටටම හානිකරයි. (නි)

:       0       0

අමල් Sunday, 09 August 2015 11:05 AM

ඇමරිකාවෙත් මෙහෙම කරනවා කියලා මම අහලා තියෙනවා (නි)

:       0       0

බන්දුල Sunday, 09 August 2015 11:40 AM

දැන්වත් ඇස් ඇරුණ එක ගැන සතුටුයි. අපගේ වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිතා නොකරනතාක් ලාංකිකයන්ට ගොඩඒමක් නැත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4835 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 17 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 684 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 120 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 127 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 79 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15490 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 74 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 251 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site