IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පීකොක් තටාකයේ වැලි රැයිසියෙන් හළයි

නාවල පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ වැලි ඉවත් කිරීම කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ ප්‍රධානී විජිත් ගුණරත්න මහතාගේ හා රාජගිරිය පොලිසියේ උපදේශන කමිටුවේ සෝදිසියෙන් අද (29) උදේ ඇරඹිණි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැරදුණු පසුව පීකොක් මැදුර ඔහුගේ නවාතැන ලෙස පරිත්‍යාග කිරීමට පොරොන්දු වූ නමුත් එය අනුසතු කළ හොත් තමා දික්කසාද වන බව මන්දිරය හිමිකරු ඒ.එස්.පී ලියනගේ මහතාගේ බිරිය තර්ජනය කිරීම නිසා එම ගනුදෙනුව නතර විය. ඒ වන විට පිහිනුම් තටාකය මුහුදු වැල්ලෙන් පුරවා තිබුණි.

පිහිනුම් තටාකයෙන් රාජපක්ෂ මහතාට අපල ගෙන දෙතියි, එය වැලි වලින් වැසූ බවත් එසේ වසද්දී රාජපක්ෂ මහතාගේ රත්තරං තොගයක් එහි වල දැමූ බවට දූෂමාණ ආරංචි පැතිර ගිය බවත් ලියනගේ පොලීසියට කියා තිබිණි. වැලි ඉවත් කිරීමට සේවකයෝ දස දෙනෙක් ලියනගේ මහතාගේ වියදමින් යොදවනු ලැබ සිටිති. ප්ලාස්ටික් බඳුන් වලින් ගන්නා වැලි කුඩා සිදුරු සහිත රැයිසියකින් හළා ගැනෙයි. වැඩ ඇරඹීමට පෙර සේවකයන් සියලු දෙනාගේ රන් ආභරණ ගලවා ඉවත් කළ බවත් පොලීසිය කියයි.

DSC_0814 DSC_0935 DSC_0944 DSC_0987 DSC_1002

ජායාරූප - ඉෂංක සුනිමල්

DSC05615 DSC05661 DSC05632 DSC05653 DSC05588 DSC05596 DSC05608

ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

විඩියෝ  ඉෂංක සුනිමල්



අදහස් (0)

පීකොක් තටාකයේ වැලි රැයිසියෙන් හළයි

සඳුනි Sunday, 31 January 2016 04:57 AM

බකිංහම් මාලිගාවේ රත්තරන් අස්සයෙක් අරලියගහ මන්දිරයට ගේනවා කියපු මින්නිස්සු ඉන්න රටේ පිහිනුම් තටාකේ රත්‍රන් තියනවා කියන එක අරුමයක්ද (කෞ)

:       0       0

සුපුන් Friday, 29 January 2016 09:02 PM

ඡන්ද ටිකක් මේකෙන්වත් වැඩිවේවිද? අපි තවම මෝඩයෝ.... (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 29 January 2016 11:58 AM

අපල දුරු වෙන්න කියල හොද වෙලාවට පිහිනුම් තටාකය වැලි වලින් පුරවන්න හිත දුන්නේ.ඉන්දියන් පුසරියෝ බැරි වෙලාවත් කිව්වනම් තුන් කුලුදුල් අම්මල ලවා දවස ගානේ කිරි කල 7 කින් නා ගත්තම අපලදුරු වෙනවා කියල ලංකාවේ තුන් කුලුදුල් කිරි අම්මල ටිකට සොරි.කොම් තමයි.(කෞ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 29 January 2016 11:54 AM

පේනවනේ නිවසක් කුලියට දීල කර ගත්තු වින්නැහියක්.ඔය නිසාම තමයි මම නම් ගෙදයක් කුලියට දෙන්න ගියහම හොදට බලල කියලයි ගේ කුලියට දෙන්නේ.කව්ද දන්නේ මොන වගේ මෝඩයෝද කියල?(කෞ)

:       0       0

තිලක් Friday, 29 January 2016 11:57 AM

දැන් ඔතන රත්තරන් ගොඩක් ඇති නේද?(හේ)

:       0       0

අනුර Friday, 29 January 2016 12:02 PM

මේවා තමයි විහිළු කියන්නේ.(හේ)

:       0       0

තිසර Friday, 29 January 2016 12:06 PM

මේ ඔක්කොටම පිස්සු, (හේ)

:       0       0

පද්මිණි Friday, 29 January 2016 12:07 PM

ඇත්තටම ලැජ්ජයි මේ දේවල් දැක්කම.(හේ)

:       0       0

සමන්ත Friday, 29 January 2016 12:29 PM

බොරු වැඩක්.(හේ)

:       0       0

දිල්ශාන් Friday, 29 January 2016 12:33 PM

මේවගේ විකාර වැඩ මෙතරම් ප්‍රසිද්ධියක් දීලා කරන්නේ දැවෙන ප්‍රශ්න ජනතාවට අමතක වෙයි කියලා හිතන් වෙන්න ඇති, නාඩගම් බලන කොට. පිළිකා රෝගීන්ට බෙහෙත් නැහැ,රෝහල් වල එක ඇඳේ ලෙඩ්ඩු දෙන්න ගානේ. නමුත් ආණ්ඩුව කරන්නේ නාඩගම් නටන එක. (හේ)

:       0       0

දුම්මලසූරිය Friday, 29 January 2016 10:07 PM

කොහොමහරි තටාකයේ තිබුන වැලි ටික ගොඩ දා ගත්තා (නි)

:       0       0

ජනහිත Friday, 29 January 2016 10:18 PM

රත්තරන් තියෙන්නේ වැලි යට තියන්නද? දැන් කොහොමටත් ඔය වැලි ටික විකුණා ගනීවි. පහුගිය කාලේ වැලි ටිපර් එකක් රු. 30,000 ක් විතර වුණා (නි)

:       0       0

පියල් Friday, 29 January 2016 11:23 PM

කොහොමහරි වැලි ටික හරි ඉවත්වෙයිනේ (නි)

:       0       0

පියාන් Friday, 29 January 2016 12:57 PM

ටෙනිසන් බන්දුල කරන දේවල් මොනවද මෙවටනේ හිනායන්නේ.. (ර)

:       0       0

සංක Friday, 29 January 2016 01:06 PM

දැන්වත් තේරෙයිද දන්නේ නෑ. (ර)

:       0       0

අමල් Friday, 29 January 2016 01:06 PM

මොනවාහරි හම්බුනාද දන්නේ නෑ. (ර)

:       0       0

පිටිගල මිලානෝ Friday, 29 January 2016 07:05 AM

මේ පීකොක් කාරයා සුදු සපත්තු දාගෙන ඇඳුම් අඳින විලාසිතාව දැක්කම මට මතක් වෙන්නේ සිසිලියානු ඉතාලි මාෆියා 'බොස්'ලව. (බ)

:       0       0

විජය Friday, 29 January 2016 01:19 PM

මේකත් අර විෂ්ණු දෙවියෝ හබවෙන්න ඉන්දියාවට ගියා වගේ මෝඩ වෙඩක් . විෂණු දෙවියන්ට ලංකාවට එන්න වීසා නැති බව ලෝකෙටම පෙන්නපු හන්ද තමයි ඡන්දෙන් පැරදුනේ (කෞ)

:       0       0

කැනඩා දිසා Saturday, 30 January 2016 01:56 AM

රටම දන්නවා අහවලාගේ තරම. රත්තරන් හංගන්න ඕනෑ තැන හරියට හංගලා ඇති (නි)

:       0       0

හේමන්ත Friday, 29 January 2016 07:33 AM

මෙහමත් පිස්සෝ රැලක් ඉන්න රටක අපිත් අවාසනාවකට මුන්ගේ යුගයේ ඉපදුනේ. වෙන කරන්න දෙයක් නැද්ද මුන්ට? රට යන්නේ කොතැනට ද කියා දැන් නම් හිතා ගන්න පුළුවන්. අපි සෝමාලියවටත් අන්ත වෙනවා, මුන් තව ටිකක් කලක් හිටියොත්. (බ)

:       0       0

රුවන් Saturday, 30 January 2016 03:25 AM

ඕකේ රත්තරන් තියෙනවනම් ඒ.එස්.පී. කාරයා කීයටවත් ඕක හාරන්න දෙයිද... රත්තරන් හැංගුවනම් දැන් ඒවා ඉවත් කරලා ඇති.. නැත්නම් ඇත්තටම රත්තරන් නැතුව ඇති...(කෞ)

:       0       0

සනත් ඉන්දික Friday, 29 January 2016 02:05 PM

මේ විකාර දකිනකොට අප ජිවත් වෙන්නේ කීවෙනි සියවසේද කියල හිතෙනවා (කෞ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 29 January 2016 08:04 AM

රුපියල් කෝටි ගානක් වියදම් කරලා හදපු පිහිනුම් තටාකයක් වැලි වලින් පුරවන්නේ ලෝකයේ ඉන්න මොන මොඩයාද? මේක ලෝකෙටම පෙන්වන්න තියෙන්නේ. (ම)

:       0       0

තිලක්-ඩුබායි Friday, 29 January 2016 08:06 AM

පිටිගල මිලානෝ.මමත් බටහිර ෆිල්ම් වල දැකල තිබෙනවා එවැනි අයව.එත් බටහිර ෆිල්ම් වල කුරහන් පාට අඹුඩ ලේන්සුව තවම කරලියට අවේ නැහැ.(කෞ)

:       0       0

කුමාර Monday, 01 February 2016 11:11 AM

මොනවද මේ කාලය කා දමන වැඩ පිට රට මිනිස්සුන්න්ට මේවා මැජික් වගේ ඇති. (ර)

:       0       0

සේනා Saturday, 30 January 2016 04:16 AM

මේවා මහින්දට නැති උන දේවල් නැවත ගන්න හදන බොරු උප්පර වැට්ටි අපේ ගොන්නුත් උඩ දාගෙන ප්‍රසිද්ධිය දෙනවා(කෞ)

:       0       0

අසාද් Saturday, 30 January 2016 04:18 AM

මහින්ද සෞදි කොහෙද මෙයාලට ඡන්දෙ දුන්නේ?? මහින්දට කඩේ ගිය අය දැන් යහපාලනයට හේත්තුවෙලා එක වැරදි කියන්න දඟලනවා. හැබැයි එදාට වැඩ නම් දැන් හොදයි. (අ)

:       0       0

බස්නායක Friday, 29 January 2016 02:31 PM

ඇත්තටම මම හිතුවේ මේ රටේ දේශපාලුවෝ තමා මෝඩයෝ කියල. බලාගෙන යද්දී මේකට කොමෙන්ට් දාන සෙට් එකක් ඉන්නවා. දැන් මහින්දටම විතරක්ම බනින. (බ)

:       0       0

ශානක Friday, 29 January 2016 08:23 AM

මොන කරුමෙකටද ලංකාවේ ඉපදුණේ (බ)

:       0       0

ශ්‍රීමාලි Friday, 29 January 2016 08:28 AM

මේකත් මහින්දම සෙට් කරපු මාධ්‍ය සංදර්ශනයක් - දැන් ඔය වැලි වල මොකුත් නෑ.. ඊට පස්සේ පන්සලක් පන්සලක් ගානේ කියා කියා යයි - මට මඩ ගහන්න රත්තරන් හංගලා තියෙනවා කිව්වා . දැක්ක නේද අපේ හාමුදුරුවනේ මේවා මොන බොරුද කියල, (කෞ)

:       0       0

වසන්ත Friday, 29 January 2016 08:38 AM

සල්ලි දුන්නට දෙවියෝ මොලේ දීල නෑ.(කෞ).

:       0       0

ප්‍රදීප් Friday, 29 January 2016 02:44 PM

තිලක් ඔයා කවුද? පුදුම කමෙන්ට්ස් ගොඩක්නේ දවසකට දාන්නේ? (බ)

:       0       0

ශ්‍රීමාලි Friday, 29 January 2016 08:42 AM

තිලක්-ඩුබායි කියන කතාවත් සම්පුර්ණ ඇත්ත . රත්රන් හා සල්ලි හන්ගපුවා අපි අමතක කරමු - මොන මෝඩයද තමාට අපලයි කියල පිහිනුම් තටාකයක් වැලි වලින් පුරවන්නේ. අනේ අපි ඉන්නේ මේ වගේ පාලකයෝ ඉන්න රටකද ? මට හරිම දුකයි අපි ගැන .(කෞ)

:       0       0

ප්‍රියංකර Friday, 29 January 2016 02:47 PM

මට හිතෙන්නේ මේක ඒ.එස්.පී ලියනගේ මහතාගේ බොරුවක්. සමහ‍ර විට එයා ප්‍රසිද්ධ වෙන්න කළ වැඩක් මෙහෙම දේවල් මෙයාගේ අපි දැකල තියෙනවා (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 29 January 2016 09:02 AM

ඉතින් ඔය පූල් එකේ රත්තරන් තිබුනද ? ඕක හිස් කරන්න දවස් කීයක් යනවද ? කොහොම වුණත් කීප දෙනෙකුට හරි කුලී වැඩ හම්බුනා නේ මේ මහදැනමුත්තයි ගෝලබාල රංචුවයි නිසා. පූල් එක හිස් කළාට පස්සේ මහින්ද ගේ අපල දුරුවී නැවතත් රජ වෙන්න පුළුවන් කියල සුමනදාස කට්ටඩිය කිවුවලු. (බ)

:       0       0

සමන් Friday, 29 January 2016 09:11 AM

අනේ අපේ මහජන මුදලින් නඩත්තු වෙන පොලිස් නිලධාරීන් ටික. ගෙදරකට හොරෙක් පැන්නොත් එනවද නිකමට බලල යන්න. නෑ. වැඩ බැරි යහපාලනය කර කියා ගන්න දෙයක් නැතුව ගොන් වැඩ කරන අපුරුව දැක්කම, ඉක්මනින් ජන්දයක් තිබුන නම් කියල හිතෙනවා (බ)

:       0       0

නාමලී Friday, 29 January 2016 09:06 AM

පැරදුනාට පස්සෙද පූල් එක මුසල වුනේ ? (බ)

:       0       0

ඉමේෂ් Friday, 29 January 2016 09:14 AM

අයියෝ සල්ලි. මිනිස්සුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැති හැටි නේද? (බ)

:       0       0

දසුන් Thursday, 04 February 2016 02:06 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ප්‍රසංක Friday, 29 January 2016 09:15 AM

පොලිසියට පැත්තකට වෙන්න කියල පීකොක් අයිතිකරුම කියන්නන තිබුණ.. වැලි අදින්න කියල .. (ම)

:       0       0

ලක්ෂ්මන් Saturday, 30 January 2016 05:52 AM

මෙහෙමත් මෝඩ මිනිස්සු.(හේ)

:       0       0

ජයවික්‍රම Saturday, 30 January 2016 05:54 AM

අද කාලෙ වැලිත් රත්තරන් වගේ තමයි. මේ මිනිස්සුන්ට වෙන වැඩක් නැත්ද මන්දා.(හේ)

:       0       0

රුසිරු Friday, 29 January 2016 09:28 AM

ඔය මන් හිතන්නේ පුරවපු වැලි අයින් කරගන්න ගහපු ප්ලාන් එකක් (කෞ)

:       0       0

වින්ද්‍යා Friday, 29 January 2016 04:07 PM

රත්තරන් ඕකේ වළලන්න මහින්ද රාජපක්ෂ එතරම් මෝඩයෙක් නෙමෙයි.(කෞ)

:       0       0

ශෂිකා Friday, 29 January 2016 04:44 PM

දැන් ඕකේ ඉඳලා රත්තරන් අස්සයා හම්බ වුණාද? (නි)

:       0       0

නිහාල් Friday, 29 January 2016 04:43 PM

වැලි හලලා ගන්නේ රත්තරන් කුඩුකරලා වැලිත් සමඟ දාලා කියලා හිතාගෙනද? (නි)

:       0       0

ජයවික්‍රම Friday, 29 January 2016 10:12 AM

මේ මිනිහට නම් මොකක් හරි වෙලා තමයි (බ)

:       0       0

කමනි Friday, 29 January 2016 04:59 PM

කොහොමහරි තටාකය අස්කර ගත්තා (නි)

:       0       0

කසුන් Friday, 29 January 2016 10:23 AM

ඔන්න එහෙනම් වලිටික හලලා ගොඩ දල දුන්න ... දෙන එතින් ගේ හදාගන්න එකයි අත්තේ... (කෞ)

:       0       0

සුමිත්‍ර බස්නායක Friday, 29 January 2016 10:25 AM

සල්ලිකාරයෝ නිසාද එහෙම නැත්නම් වෙන එකක්ද .....(බ)

:       0       0

සරත් සෞදි Saturday, 30 January 2016 06:37 AM

විහිලු වැඩ කරනවා මිසක් රටට වැඩක් නොකරම කාලය ගෙවනවා (අ)

:       0       0

මහින්ද සෞදි Friday, 29 January 2016 05:19 PM

මෙයාලටනේ අපි ඡන්දෙ දුන්නේ (නි)

:       0       0

මහින්ද සෞදි Friday, 29 January 2016 05:32 PM

හතරමහා නිධානය "දෙවෙනි කොටස" වගෙයි (නි)

:       0       0

රහීම් Friday, 29 January 2016 10:38 AM

සල්ලි තිබුනට මොලේ නැහැ. මොලේ වැලි (කෞ)

:       0       0

රත්නායක Friday, 29 January 2016 05:48 PM

මේක සම්පූර්ණ බොරුවක් කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 29 January 2016 05:46 PM

ඔය වගේ සෝදිසි කරයි කියලා හිතාගෙන ඒවා වැසිකිළි වළක දැම්මා කිව්වොත්? එක මිනිහෙකුට තියන බයක්? (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 29 January 2016 05:56 PM

අර පිටරටවල සවාරි ගහපු කාලෙදි ඔය භූමිදාන කෙරුවා කියන රත්තරන් ගෝනි පිටින් අරන් යන්න තිබුනනේ (නි)

:       0       0

චතුර Saturday, 30 January 2016 04:59 PM

මම ගොන්නුත් දැක්ක මේ වගේ ගොන්නු නොදැක්කා (බ)

:       0       0

ලලීන් Friday, 29 January 2016 06:14 PM

මේක වීඩියෝ කරලා බන්දු /ටෙනිසන්ගේ පොඩි කෑල්ලක් දැම්මා නම් නියම කොමඩි චිත්‍රපටිය (නි)

:       0       0

චාමර Friday, 29 January 2016 06:19 PM

මේ තිලක්-ඩුබායි කියන්නේ, ඒ.එස්.පීගේ තරහවුණ ළඟම නෑදෑයෙක්ද? (නි)

:       0       0

සත්‍යයා Friday, 29 January 2016 06:18 PM

මහින්ද වක්කඩේ හකුරු හංගන්න මෝඩයෙක් නොවුණාට ලියනගේගේ පිහිනුම් තටාකයේ වැලි පුරවලා වැඩේ වරද්දා ගත්තා වගෙයි (නි)

:       0       0

මෙල් Saturday, 30 January 2016 07:37 AM

මේවගේ විකාර වැඩ මෙතරම් ප්‍රසිද්ධියක් දීලා කරන්නේ දැවෙන ප්‍රශ්න ජනතාවට අමතක වෙයි කියලා හිතන් වෙන්න ඇති, නාඩගම් බලන කොට. පිළිකා රෝගීන්ට බෙහෙත් නැහැ,රෝහල් වල එක ඇඳේ ලෙඩ්ඩු දෙන්න ගානේ. නමුත් ආණ්ඩුව කරන්නේ නාඩගම් නටන එක (බ)

:       0       0

අමල් Friday, 29 January 2016 06:27 PM

මෙහෙමත් පොලිසියක්! පොලිසියට කියලා වැලි ටික ඉවත්කරගත්තා එහෙනම්. (නි)

:       0       0

ඩයස් Friday, 29 January 2016 06:49 PM

රත්තරන් නැති බව දන්නවා. ඒ නිසසි ඔය හාරන්නේ. පසුව කියනවා බොරුවට අපිට චෝදනා කරනවා කියලා. අපි හරක් වගේ ඉන්නම්. අනේ මෙහෙම රටක්! (නි)

:       0       0

රූපවතී Friday, 29 January 2016 07:01 PM

ඔය රත්තරන් කතාව ඇදුනේ මේ ඊයේ පෙරේදනේ. ඔය වැලිටික ගොඩ දමාගන්න කළ සැළසුමක් වගෙයි (නි)

:       0       0

අර්නෙස්ටෝ Friday, 29 January 2016 08:37 PM

තිලක් ඩුබායී වගේ මන්දබුද්ධිකයෙක් මගේ ජීවිතයට දැකලා නැහැ (නි)

:       0       0

රංජිත් Friday, 29 January 2016 11:37 AM

විලිලැජ්ජාවක් නැති නායකයන්ගේ ගොන් වැඩ (කෞ)

:       0       0

අර්නෙස්ටෝ Friday, 29 January 2016 08:48 PM

පිහිනුම් තටාක වල කවුද රත්තරන් හංගන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2339 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1533 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2320 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3218 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37180 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site