IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පීකොක් මැදුරට උඩින් කණ කොකා පියාඹයි

ඉඩම් ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ ගේ නාවල පීකොක් මන්දිරය (මයුරා මැදුර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙන ලකුණු පහළවී ඇතැයි දැනගන්නට ඇත.

නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් අනුව ඉඩමේ වස්දොස් ඇරීම සඳහා ඔහුගේ මන්දිරය ඉදිරිපිට නාන තටාකයද මුහුදු වැලි දමා ගොඩකැරිණි. උළුවහුද වෙනස්කර බහිරව පූජාද පවත්වා අද හෙට එහි යෑමට හිටපු ජනපති සූදානමින් සිටි බව දැනගන්නට ඇත. කට වචනය අනුව එහි පදිංචියට යනවාට වඩා ගිවිසුමක් අත්සන් කර පදිංචිය බාරගැනීම ගැන ලියනගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට හිටපු ජනපතිගෙන් ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තාවේ.

මේ අතර ඒ.එස්.පී.ලියනගේ මහතා සඳුදා රහස් පොලිසියටද කැඳවා ඇත. පීකොක් මැදුර නොලැබුණහොත් රාජපක්ෂ මහතා කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ ශාලා පහසුකම් ප්‍රයෝජනයට ගනු ඇතැයි දැනගන්නට ඇත. පීකොක් මැදුරේ ප්‍රශ්නය ගැන ලියනගේ මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

web-1

 

 



අදහස් (0)

පීකොක් මැදුරට උඩින් කණ කොකා පියාඹයි

සුනෙත් Monday, 20 April 2015 04:07 AM

ඔකොම කථා මහින්ද මතයට පමණි..අනිත් අය ඉන්නේ පැල්පත් වලද?? (බ)

:       0       0

සේනාධීර Monday, 20 April 2015 04:09 AM

පුරාණ සිරිත් නොසලකා බටහිරට ආවඩන අයට මේවා නොරුස්සන් නේ..(බ)

:       0       0

සෑම් Sunday, 19 April 2015 02:23 PM

හැබැයි කිසිම ලියවිල්ලක් නැතිව දුන්නොත් දෙන්නම එකතුවෙලා හොර ඔප්පුවක් හදයි (බ)

:       0       0

නිමල් Sunday, 19 April 2015 02:23 PM

"නොලැබුණහොත් රාජපක්ෂ මහතා කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ ශාලා පහසුකම් ප්‍රයෝජනයට ගනු ඇතැයි දැනගන්නට ඇත"අනේ මෙහෙම රගපෑමක්. (බ)

:       0       0

ශෙහාන් Sunday, 19 April 2015 02:28 PM

අනේ අපරාදේ පූල් එකට වැලිත් පිරෙව්වේ (බ)

:       0       0

ප්‍රසාද් Sunday, 19 April 2015 02:29 PM

මේ මැදුරේ වටිනාකම රු. ලක්ෂ හයදාහක් බව සදහන් වේ. ලියනගේ මහතා මෙය විකුණන්නට අදහස් කරගෙනයි ඉන්නේ. ඉතින් මහින්ද මහත්තයට ගන්න කීවානම් ඉවරනේ කතාව. රටක ජනාධිපති වෙලා ඉදලත් කොළඹින් ගෙයක් ගන්න බැරි වෙන්නේ නැහැනේ. මෙතුමා ගත්තේ නැත්නම් මට කියන්න මම ගන්නම්. (බ)

:       0       0

පුබුදු Monday, 20 April 2015 04:22 AM

නිහාල් දවල් හීන දකිනවා.මහින්ද මහත්තයා කොච්චර රගපෑවත් අයෙමත් එන්නේ නැහැ. මොකද දකුණේ නියම සිංහලයෝ පැරදෙන්න කැමති නැහැ. (බ)

:       0       0

කුමාර් Sunday, 19 April 2015 02:35 PM

අනේ මෙහෙමත් අන්ධ භක්තික බෞද්ධයෝ ඉන්නා රටක්. (බ)

:       0       0

පිටිගල Sunday, 19 April 2015 02:42 PM

පිහිනුම් තටාකයෙන් යම් කිසි වාස්තුමය බලපෑමක් වෙන්නේ නම් වෙන්නේ එහි ඉදිකිරීම් සම්බන්ධයෙන් මිසක එහි පුරවා ඇති දෙයින් නොවේ. එහි ජලය හෝ වැලි පුරවා තිබීම දෙකම එක හා සමානය. ඒ නිසා එහි බලපෑම වෙනස් කිරීමට අවශ්‍ය නම් එය ෂෙල් එක පිටින්ම ඉවත් කල යුතුය. මෙය වැලි වලින් පුරවා වසා දැමීමෙන් කිසිම වෙනසක් ඇති නොවේ. ඒ නිසා ඒගැන තව වරක් සිතා බැලිය යුතුය.(බ)

:       0       0

ජෙනී Monday, 20 April 2015 04:37 AM

මේ මන්දිරය ඇත්තේ සුප්‍රකට පාසලකට මුහුණලා. දැන් එතකොට එතනට යන එන උදවිය හැමදාම අධි ආරක්ෂක කලාපයේ ඉන්නවා වගේ . මේක මොන තරම් අසාධාරණද? (බ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 19 April 2015 02:51 PM

මන්දිරම ඕනද ඉන්න ,10 හිටිය මදිද (බ)

:       0       0

සරසි Monday, 20 April 2015 04:45 AM

අපි කොළඹ කොටුවේ වැඩ කළ කාලයේ ජනාධිපති ආරක්ෂක සේවයේ උදවිය අපිට සැලකුවේ බෝම්බ බැඳගත් කොටිදෙනුන් පරික්ෂා කරන්න වගේ. එ්ක ඒ කාලයේ කමක් නැහැ කියමු . අයෙත් රාජගිරිය වගේ ජනාකීර්ණ පැත්තකට ගොඩ බැහැලා උදේ හවස පාරේ තදබදයක් ඇති කරන්න ඕන වෙලා වගේ. මම ඉන්නවා කියලා පෙන්නන්න පුදුම ආසාවක් (බ)

:       0       0

දිලිප් Monday, 20 April 2015 04:48 AM

කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තියෙනවලු. ලියනගේ මහත්තයත් ලේසි නැහැ. ලස්සනට ශේප් වෙලා තියෙනවනේ පහුගිය ටිකේ. (බ)

:       0       0

චමත් ඉතාලිය Monday, 20 April 2015 04:52 AM

චතුරි,සුද්දාට ආවඩනවා වගෙයි .... ඔයාවත් සුද්දගේ රටේ ඉදගෙන ආගම ධර්මය පිළිපැදගෙන ඉන්නකෝ අඩුම ගානේ ඔයාවත් හැදෙයිනේ ලංකාවේ උදේ හවා දාන පිරිත් ගැන ඔයා දුක් වෙන්න එපා. (බ)

:       0       0

නිමල් ලාලිත Sunday, 19 April 2015 03:02 PM

අහෝ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනි ,එදා ජේ, අර, ජනපති යුගයේ පන්සලට බෝම්බ ගසද්දී, හෙදි වර්ජනය වෙලාවේ නොයෙකුත් තර්ජන එද්දී , පොලිසිය පන්සල ලේ විලක් කරද්දී ,රැකියාව.ජීවිතය ගැන නොබලා අපි සිටියේ අද පන්සල දේශපාලන කාර්යාලයක් කරන බව අසන්නටද/ දකින්නටද ?(බ)

:       0       0

තුසිත Monday, 20 April 2015 04:55 AM

ඉන්දික , තිරුපති වඳින අනෙකුත් වැදගතුන්ට අනුන්ගේ දේපල ගැන තණ්හාවක් නැහැනේ. සමහරුන්ට කොළඹ පරම්පරාගත මන්දිර . මේක එහෙමද? ළඟින් ගියොත් ඇහැක් නෑ! (බ)

:       0       0

ඇසළ Sunday, 19 April 2015 03:07 PM

අඩුපාඩුවක් අභයාරාමයේ නායක හාමුදුරුවන්ව රහස් පොලිසියට කැඳවල නැද්ද එතකොට. හිටපු ජනපතිට තියන බයක්. (බ)

:       0       0

ලාල් Sunday, 19 April 2015 03:27 PM

දූෂන වංචාකරන අයට හැමදාම වස්දොස්.කණකොකා ලගම ගැවසෙනවා.මොනව කරන්නද,දැන් ඉතින් පැත්කටවෙලා පිනක් දහමක් කරගෙන,කරල තිබෙන දොස් දුරුකරගන්න බලමු නේද? (බ)

:       0       0

පුෂ්පකුමාර Sunday, 19 April 2015 03:28 PM

කට වචන වලට ගෙවල් වලට පදිංචියට යන්න දෙන වෙස්සන්තරලා නම් ලෝකේ කොහෙවත් නැහැ. ඔය කියන පරිත්‍යාගය ගැන අහද්දී ඉතින් අපිට කොහෙන් හිනා වන්නද කියල හිතා ගන්න බැහැ. කුලියට (පිනට) ඉන්න අයට නම් ගෙවල් වල උළුවහු මාරු කරන්නයි, පිහිනුම් තටාකයට වැලි පුරවන්නයි ගෙදර අයිති කාරයෝ ඉඩ දෙනවා නම් අයිතිකාරයා ගැන වෙනම වෛද්‍ය පරීක්ෂණයක් කරන්න ඕන. මේ කොලේ වහල ගහන මන්දිර තෑග්ග ගැන අහල, හිනාවෙලා වැඩිකමට අපේ ආච්චි කෙනෙකුගේ හුස්ම හිරවෙන්න ගිහින් බොහොම අමාරුවෙන් බේරා ගත්තේ. (බ)

:       0       0

සමන්ති Sunday, 19 April 2015 03:29 PM

ටියුෂන් මාස්ටර්ට ආර්ථික විශ්ලේෂණය දුන්නේ රුපියල් 2500න් මාසයක් ජීවත්වන හිටපු ඇමතිවරයෙක්ද දන්නේ නැහැ ? (බ)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 19 April 2015 03:35 PM

අන්ධ භක්තික බාවය නිසාම , පාලනයත් අන්ධ භාවයෙන්ම කරලා , පැරදුනේ , බුදු බණ හරියට අවබෝධ කර ගත් කෙනෙකු මෙසේ අන්ධ බාවයෙන් කටයුතු කරන්නේ නැහැ (බ)

:       0       0

පොඩි කොල්ලා Monday, 20 April 2015 06:09 AM

මෙයා මන්දිරය විකුණා ගන්න කරපු වැඩක් ද දන්නේ නැ නේද ? එකෙන් ඒ මන්දිරයට හොඳ ප්‍රසිද්ධියක් ලැබුනානේ (බ)

:       0       0

රන්ජනී Sunday, 19 April 2015 03:40 PM

ලංකාවේ දේශපාලනය කරන්නේ නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් අනුව නම් ජනතාට වෙන්නේ උඩ බලාගෙන කොදුරන්න තමයි මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයෝ පිස්සන් කොටුවට දක්කන්න ඕනි බොහොම ඉක්මනට. (බ)

:       0       0

ලක්මාල් ජානක Sunday, 19 April 2015 03:45 PM

මේකත් අනික්වා වගේම ඒඑස්පී ගේ බයිලයක් (බ)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 06:22 AM

ගරිල්ලා මාර්කටින්! (නි)

:       0       0

ජානක Sunday, 19 April 2015 03:54 PM

21 වන සියවසේ මෙහෙව් අන්ධ භක්තික රටේ පාලකධුරය හෙබවූවන් පාලන බලයෙන් ඉවත් කිරිමට ජනතාව කටයුතු කිරීම කොතරම් බුද්ධිමත් ක්‍රියාවක්ද යන්න වැටහෙන්නේ දැනුයි.තවමත් බලයට ඇති කෑදරකම ඇත හැරලා නැහැ.තවත් වලිකන්නේ තමන්ට අහිමිවූ බලය රැකගන්න.බුද්ධිමත් ජනතාව යලිත් හොද පිළිතුරක් දේවි? (බ)

:       0       0

ආරියරත්න Monday, 20 April 2015 06:25 AM

ඔය හිටපු ජනාධිපතිතුමාට අයිති ගෙවල් කිහිපයක්ම කොළඹ තියෙද්දී ඇයි මේ කාගෙවත් මාළිඟා හොයන්නේ. (නි)

:       0       0

අනුර Sunday, 19 April 2015 04:14 PM

මොන කෝළම්ද ග්‍රහ පිස්සුව තාම ඉවර නෑ වගේ (බ)

:       0       0

මිනිපෙ Sunday, 19 April 2015 04:14 PM

මහින්ද පැරදුනේ, උතුරු,නැගෙනහිර සුළු ජාතින්, නිවාසවලින් එලියට ඇවිත් ඔහුට විරුද්දව ඡන්දෙ දුන්න නිසාය.ඔබාමා ජයග්‍රහණය කළෙත් සුළු ජාතින්ගේ ඡන්දයෙන්.මම මගේ නිවාස හැදුවේ සුප්‍රසිද්ධ සාස්තරකර්යේක්ගේ නැකත් අනුවය.ගෙට ගෙවදුනු දාසිට, මා කොට උඩය.(බ)

:       0       0

ජගත් Sunday, 19 April 2015 04:16 PM

බල තන්හාවෙන් වියරු වැටුණු කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකත්වයට පත්වීම පුදුමයක් නොවෙයි.රටේ ඉන්න තරමක් මෝඞ මිත්‍යාදෘෂ්ටිකයන් අපේ රජතුමා කියා මෙයාවම පත්කරගන්න හදන්නෙ එකනේ. (බ)

:       0       0

ranil Sunday, 19 April 2015 04:22 PM

නිකන් බොරුවට ගමේ බයියෝ කියනවා! මමනම් අහල නෑ ගමේ බයියෝ මාලිගා හොයන රටක්. බල තන්හාවට ගමට නිගා කරන්න එපා.!!!!!! (ස)

:       0       0

අමන්දා Monday, 20 April 2015 06:40 AM

මෙහෙව් පුද්ගලයින් පාලන බලයෙන් ඉවත්කිරීමට ජනතාව කටයුතු කිරීම කොතරම් බුද්ධිමත් ක්‍රියාවක්ද යන්න වැටහෙන්නේ දැනුයි. (නි)

:       0       0

සඳුන් Sunday, 19 April 2015 04:48 PM

මෙවැනි මිත්යදෘෂ්ටිකයන් තමා අපේ සමහරක්ට ඕන. (ස)

:       0       0

මහේ Sunday, 19 April 2015 04:56 PM

මට නම් පෙන්නේ මහින්ද මහත්තයාව වට්ටන්න සිරා හා ඒ.එස්.පී සෙට් වෙලා කරන රගපැමක් වගේ. (ස)

:       0       0

සනත් Sunday, 19 April 2015 05:05 PM

අනේ කෙහෙල්මල් නැකත් විස්වාස කරලා අවුරුදු 2ක් ඉන්න තිබුන ජනදිපතිකම නැති කර ගත්ත දැන් ලැබෙන්න තියෙන ගෙයත් නැති කර ගන්න හදනවා අනේ මන් දැන් නෑ (ස)

:       0       0

ලක්සිරි Sunday, 19 April 2015 05:05 PM

ඔය මොනර මන්දිරය හිටපු ජනාධිපති තුමාට නොමිලේ පදින්ච්චියට දුන්නයි කියන එක විශ්වාස කරන අයවයි. මිට කාලෙකට කලින් රුපියල් කෝටි 60 කට විකුනන්න දාල තිබුන ඔය ගේ එකපාරටම ලොකු අනුකම්පාවක් ඇතිවෙලා නිකම්ම දීල එකත් මාරයි නේද?(ස)

:       0       0

චතුරි ඇමෙරිකාවේ සිට Sunday, 19 April 2015 05:08 PM

මහින්දට වැඩිය අමාරුව තියෙන්නේ හාමුදුරුවන්ට ඒකනේ එයාව ආරක්ෂා කරන්න පිරිත් කියන්නේ හොරකම් කරන හැමදෙයින්ම බාගයක් පන්සලට දීලා නැව් අදින කබ වගේ පිරිත් නුල් දමනවා නමුත් පැය 24 ම ඇහෙන්නේ පිරිත් බන අහන කෙනෙක් නැහැ පිළිපදින කෙනකුර්හ් නැහැ සුද්දගේ රටේ මේ කිසිම දෙයක් නැහැ නිතිය අකුරට (ස)

:       0       0

නුවන්ත Sunday, 19 April 2015 05:12 PM

නක්ෂත්‍රය විශ්වාස කිරීම යනු මිත්‍යා දෘෂ්ටිකත්වයක් නොවේ. (ස)

:       0       0

සම්පත් වන්නිආරච්චි Sunday, 19 April 2015 05:40 PM

ජගත් යනු ‍ජේවීපී හෝ යූඇන්පී අන්තවාදියෙක් හෝ එල්ටීටීඊ හිතවාදියෙක්.(ස)

:       0       0

යහම්පත් Sunday, 19 April 2015 05:44 PM

මිනිපේ මහතගේ අදහස අනුව මහින්ද පැරදුනේ උතුරු නැගෙනහිර සුළු ජාතින් ඡන්දය දැමු නිසා ? ඒ කියන්නේ සුළු ජාතීන්ගේ ඡන්දය බහුතරයක් ? බරාක් ඔබාමාත් දිනුවේ සුළු ජාතික බහුතර ඡන්දයෙන් ? ඒ කියන්නේ බහුතර ජාතියට ඡන්ද බලය නැද්ද ? ලංකාවේ සහ ඇමරිකාවේ ? මගේ ඔලුව නරක් වෙලාද ? මිනිපේ මහතාගේ ඔලුවේ අබාදයක්ද ? (ස)

:       0       0

දම Sunday, 19 April 2015 06:18 PM

මේ අය මිනිසුන්ව රවටනවා. හොඳක්නම් වෙන්නේ නැහැ. (ස)

:       0       0

පද්මිණි Sunday, 19 April 2015 07:35 PM

හිතට සහනය නැති තැන මොන මන්දිරයවත් වැඩක් නැහැ. ඔබට සුදුසුම තැන බෝධිය පාමුලයි. (ස)

:       0       0

ඉන්දික Sunday, 19 April 2015 08:10 PM

මහින්ද ජ්‍යෝතිෂය විශ්වාස කරන එක ප්‍රශ්නයක නම් එතකොට අර 29 පාරක් පැරදුන කෙනා ඊයේ ඉන්දියාවේ ගිහිල්ල කෝවිලක ලක්ෂ 20 ක සඳුන් දර පූජා කලේ ඇයි දන්නේ නෑ නේද? එතකොට අපේ එක්කෙනෙක් තිරුපති ගිහිල්ල දොර කඩන්න වුනේ ඇයි? (ස)

:       0       0

ඉන්දික Sunday, 19 April 2015 08:13 PM

ජානක- එතකොට 21 වැනි සියවසේ ඉන්න අපේ ප්‍රබලයෙක් ඊයේ ඉන්දියාවේ කෝවිලකට ගිහිල්ල ලක්ෂ 20 ක් සඳුන් දර පූජා කරන එක කොහොමද? එතකොට අර තව අයෙක් තිරුපති වඳින්න ගියේ ඇයි? දොඅර්ත් කඩන්න වුන තිරුපති දෙවොලේ.අපේ රටේ දැන් ඉන්න පාලකයෝ එහෙම කර්ම හොඳ ඇති නේද? අහවල කරාම වැරදි ඇති නේද? අනේ ඔයාගේ මොලේ උඩද ඉඳගෙන ඉන්නේ? (ස)

:       0       0

නුවන් චන්ද්‍රසිරි Sunday, 19 April 2015 08:22 PM

මෙහෙම ගියොත් පදිංචියට යන්න වෙන්නේ අබයාරාමයේ නෙමෙයි අබයාරාමයේ පදිංචි වුනොත් උපාසක අම්මලාගේ ඡන්දෙ හොරකම් කරන්න ලේසියි. මොලයක් තියෙන එකෙක් ආයේ මහින්දට ඡන්දෙ දෙන්නේ නැහැ. මහින්දට එන්නත් බැහැ (ස)

:       0       0

අසෝක Sunday, 19 April 2015 08:26 PM

අර අලුතින් පින්නවල හදපු එළිමහන් වත්තටවත් යවමු. මෙහෙමත් පිස්සු පොරවල් (ස)

:       0       0

දුමින්ද Sunday, 19 April 2015 08:53 PM

නාස්තිකළ සල්ලි සියල්ල ජනතාවට දීලා මිසක් නැවත දේශපාලනයට එන්න එපා (නි)

:       0       0

කවින්ද Sunday, 19 April 2015 09:01 PM

අතට ගත්ත දේ කටට දාගන්න පින නැහැනේ! (නි)

:       0       0

නිරෝෂා Sunday, 19 April 2015 10:16 PM

එතුමා යන්ත්‍ර මන්ත්‍ර වැඩ ගැන විශ්වාස කරනවා වැඩියි (නි)

:       0       0

රවී Sunday, 19 April 2015 11:23 PM

ඇයි අර සුමුදු හේවාට බැරියැ එයාගේ ගෙදර නවාතැන් දෙන්න. අනෙක් මිනිස්සුන්ට කෙළෙහිගුණ නැහැ කියලා බැනගත්ත ගමන්මනේ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 19 April 2015 11:27 PM

හිටපු ජනාධිපතිතුමනි, කවුරු මොනවා කිවුවත් ඔබතුමා මේ රට යුද්ධයෙන් නිදහස් කරගන්න දේශපාලන නායකත්වය දුන්නා. එහෙත් ඔබට වැරදුනේ ඒ නිසාම සමස්ත ජනතාව මේ රට ඔබට නිත්‍යානුකූලව ලියලා දුන්නා කියලා හිතාගෙන රට ඔබේ බුදලයක් හැටියට ඔබ සහ ඔබේ පවුලේ සාමාජිකයන් විසින් හිතුමනාපෙට පාලනය කිරීම නිසයි. දැන් ඔබට හිතට සුවයක් අවශ්‍ය මොහොතයි. කුමක් තිබුනත් අවසානයේදී රැගෙනයන්නේ කළ හොඳ සහ නරක පමණි. (නි)

:       0       0

මාපලගම පත්මා Monday, 20 April 2015 08:35 AM

ආරියරත්න මහත්මයෝ ! ඔය හිටපු ජනාධිපතිට කොළඹ මන්දිර කිහිපයක් තිබුනත් ඒවා වෙන අයගේ නම් වලින් තබා තියෙන්නේ , දැනට මුකුත් නැති විදියට ඉන්න ඕනේ , නැතිනම් ඕවා ගත්ත ක්‍රමයට උත්තර බඳින්න වෙනවා (බ)

:       0       0

කිත්සිරි Sunday, 19 April 2015 11:34 PM

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත (නි)

:       0       0

සමන් Monday, 20 April 2015 12:12 AM

කෙනෙකුට තමන්ට කැමති අැදහීමක් කරන්න පුලුවන්. ඒක මානව අයිතියක්. (නි)

:       0       0

බලංගොඩ Monday, 20 April 2015 12:22 AM

මට මතකයට එන්නේ රයිගමයයි ගම්පළයයි දෙන්නාගේ කතාව (නි)

:       0       0

සඳුන් Monday, 20 April 2015 12:28 AM

සම්පත්, ඔය තමන්ගේ අදහස්මද? නැත්නම් වෛරය නිසා හදිසියට පැටලුනාද? (නි)

:       0       0

සමන්ති Monday, 20 April 2015 12:59 AM

බලංගොඩ, ඒ දෙන්නා කෝ? සද්දයක්වත් නැහැ. (නි)

:       0       0

නෆීස් Monday, 20 April 2015 01:44 AM

අපරාදේ අර යසට තිබුණ පිහිනුම් තටාකය.. (නි)

:       0       0

අනෝජා Monday, 20 April 2015 01:43 AM

අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

නාලක Monday, 20 April 2015 01:44 AM

මේ වගේ කිසිම විද්‍යාත්මක පදනමක් නැතිදේවල් විශ්වාස කිරීම නිසා මොහු කෙරෙහි තිබු ජනතා විශ්වාසය නැතිවෙනවා (නි)

:       0       0

ජගත් Monday, 20 April 2015 01:59 AM

රාජා හෝ මාහෝ ගංගා හෝ අරිට්ට කිවෙන්දුලාට නැවතත් ඉඩතබන එකක් නැහැ අපේ ජනතාව. (නි)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 02:30 AM

ඔන්න ඕක සින්නක්කරේටම ගන්න (නි)

:       0       0

ගමගේ Monday, 20 April 2015 02:31 AM

එතනම බලන්න වැලි කියුබ් කීයක් පුරවන්න ඇද්ද? (නි)

:       0       0

පසන් Monday, 20 April 2015 02:42 AM

ඒඑස්පී මහත්තයා වුණත් බයවෙන්න ඇති. ඒකයි ගිවිසුමක් අත්සන් කරමු කියලා කියන්න ඇත්තේ. (නි)

:       0       0

නිහාල් Monday, 20 April 2015 02:43 AM

මෙසේ සිදුවීම එක අතකට හොඳයි. දැන් රට යන විදිහට සමහරවිට හිටපු ජනාධිපතිතුමා මේ රටේ නැවතත් බලයට එන්න ඉඩ තියෙනවා. (නි)

:       0       0

සම්පත් Monday, 20 April 2015 02:44 AM

නැකැත්කාරයෝ රටම කනවා. එයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ. මිනිස්සු අමාරුවේ දානවා (නි)

:       0       0

නාලනී Monday, 20 April 2015 02:46 AM

අනේ හැබෑට මෙතුමාට හිතෙන දේවල්! (නි)

:       0       0

මංගල Monday, 20 April 2015 02:58 AM

බලය තිබුනා නම් බලන්න තිබුනා (නි)

:       0       0

රඛිත් Monday, 20 April 2015 03:26 AM

ලියනගේ මහතාගේ තීරණයට හේතුව වෙන්න ඇත්තේ 18 වන සංශෝධනය. බැරිවෙලාවත් සදාකාලිකවම මන්දිරයේ බින්න බැස්සොත් කියලා සැක හිතෙන්න ඇති. (බ)

:       0       0

ගමගේ Monday, 20 April 2015 03:42 AM

අනේ බල ලෝභය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1052 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 733 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1132 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 830 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 498 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 905 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site