ශ්‍රී ලංකාවේ කැසිනෝ හල ඉදිකිරීමේ කටයුතු නවතා දැමූ බව ඕස්ට්‍රේලියාවේ කැසිනෝ රජා වන ජේම්ස් පැකර් කියයි.
ඕස්ට්‍රේලියාවේ මල්බන් නුවර ඔහුගේ කාර්යාලයය කියනුයේ ක්‍රවුන් රිසෝට්ස් ආයතනය ශ්‍රී ලංකාවේ තීරණයට ගරු කරන බවයි.
ඒ අනුව තම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන නොයන බව ද ක්‍රවුන් රිසෝට්ස් ප්‍රකාශිකාවක කියන්නීය.
ක්රවුන්ස් රිසෝස් හිමිකරු ජේම්ස් පැකර් නම් ධන කුවේරයෙකි.
ඩීආර් විජයවර්ධන මාවතේ කැසිනෝ හලක් ඉදිකිරීමට පැවැති රජය බදු සහන ලබා දී තිබිණි.
ඔහුගේ වත්කම් ඕස්ට්‍රේලියා ඩොලර් කෝටි 719කි. (ඇමැරිකා ඩොලර් කෝටි 660කි) (රුපියල් කෝටි 87120)
2006/2007 ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයා වූයේ ඔහුය.
ඕස්ට්‍රේලියාවේ විශාලතම කැසිනෝ හිමිකරුවකු වන ඔහු මැකාවූ දූපත, පිලිපීනය හා තවත් රටවල් ගනනාවක කැසිනෝ හල් පවත්වයි.
ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුවේ ක්‍රමෝපාය සංවර්ධන නමින් පනතක් ද සම්මත කර ගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැකර්ගේ කැසිනෝ අකුලාගනී
රුක්මාල් Saturday, 31 January 2015 08:34 AM
වැඩියම දුක්වෙනවා ඇත්තේ කවුද කියලා අපිට නම් තේරෙනවා (නි)
චාමි Saturday, 31 January 2015 09:29 AM
කැසිනෝ රජා පැකර්ද ? (බ)
සිරිමෙවන් Friday, 30 January 2015 05:51 PM
අපරාදේ! (නි)
හේවාවසම් Friday, 30 January 2015 08:31 PM
කැසිනෝ එපා කිවුවට ඔක්කොම හරියන්නේ නැහැ (නි)
දිල්ෂාන් Saturday, 31 January 2015 12:42 PM
කැසිනෝ නැතිවුණාට ලංකාවට පාඩුවක් වෙන්නේ නැහැ. කැසිනෝ නිසා ඕස්ට්‍රේලියාවට හෝ ජනතාවට හොඳක් වෙලා නැහැ. සූදුවට පිරිමි ඇබ්බැහි වෙලා පවුල් අනාථ වෙනවා. (නි)
රෝෂන් Friday, 30 January 2015 09:08 PM
ලංකාවට තමයි පාඩු! (නි)
රවිතු Friday, 30 January 2015 09:14 PM
කැසිනෝ කියන්නේ එතරම් නරක දෙයක් නෙමෙයි කියන එකයි මගෙ අදහස. කැසිනෝ යන කෙනා කොහේහරි ඔට්ටු අල්ලනවා. කැසිනෝ වලින් ලැබෙන ආර්ථික වාසි බොහොමයි. (නි)
ප්‍රනාන්දු Saturday, 31 January 2015 02:55 PM
ඕක පොඩි පාඩුවක්. දැන් අපි වෙන දේ බලාගෙන සිටිමු. (නි)
දිනිති Sunday, 01 February 2015 06:44 AM
කැසිනෝ ගහන්නේ කොමිස් ගහන ආගමක් ධර්මයක් නැති අයයි. දේශප්‍රේමී ලේබලය අලවාගෙන ලංකාවේ සල්ලි ටික ජාවාරම්කරුවන්ට දෙන්න අපේ මිනිස්සු ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. ජීවත් වෙන්න කරන්න ඕන රස්සාවල් බුදු දහමේ සදහන් කරලා තියෙනවා. ඒ අතරෙන් නොකළ යුතු ව්‍යාපාර ගණයට කැසිනෝ වැටෙනවා. ඇයි කැසිනෝ නැති වුණාට අපේ රටේ වෙන රස්සාවල් නැද්ද? (දිල්)
නාමල් Saturday, 31 January 2015 12:21 AM
රටේ සල්ලි පිට රටට ගලායන 'කැසිනෝ' අපිට මේ අවස්ථාවෙදි වැඩක් නෑ. පැකර්ගෙ කැසිනෝ දැම්මා කියලා වෙන්නේ අපේ රටේ සල්ලි වලින් මිනිහගේ ඕස්ට්‍රේලියන් ගිනුම් තරවෙන එක. අපිට ඔනෑ කර්මාන්තශාලා වගේ නිෂ්පාදන ක්ෂේත්රයේ ආයෝජන. කැසිනෝ ගේමු. අපේ රට මැලේෂියාව, සිංගප්පූරුව තරමට දියුණු උනහම. (නදී)
ධනංජය Saturday, 31 January 2015 01:44 AM
රටේ ඉන්න මිනිසුන්ට තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් අන්තර්ජාලයෙන්වත් බලන්න බැරිද රටේ ලෝකේ මොකද වෙන්නේ කියලා? කැසිනෝ එපා කියලා කෑ ගහනවා, මොකද්ද කියලාවත් දන්නේ නැතුව! (නි)
විපුල Thursday, 05 February 2015 06:23 AM
බුදුදහම පැත්තෙන් බලන කළ සූදුව වගේම මද්‍යසාරය ද රටේ තිබිය නොහැක. මේ සියලු දේවල් බුදුහාමුදුරුවෝ වැඩ වසන කාලයේ ඉන්දියාවේ තිබුණා.(දිල්)
සෙනරත් Friday, 30 January 2015 01:11 PM
අපරාදේ අර අය වැය යෝජනාවෙන් ගෙන ආ කෝටි ගණනක බදු මුදල දැන් අය කර ගන්න විදියක් නැහැ නේද අය වැය පියවා ගන්න? (නදී)
සාරා Friday, 30 January 2015 01:25 PM
කැසිනෝ පනත සම්මත කිරීමට අත උස්සපු මන්ත්‍රී වරුන්ට හෙන 7 ම වැදියන්. ලංකාව සුදුවට පුරුදු කරන්න දැඟලුවට. මහින්ද ගෙදර ගියේ මේක නිසා (නදී)
දිනේෂ් Saturday, 31 January 2015 03:12 AM
කැසිනෝ වලට අපිත් කැමති නැහැ. නමුත් 1980 ගණන් වල කැසිනෝ පටන් ගත්තහම නිකන් හිටි අය දැන් කෑගහන්නේ ඇයි කියලයි මේ අහන්නේ. ඒවා තාමත් හොඳට යනවා. ඒවා ගැන කතා නැත්තේ මොකද? (නි)
දහම් Saturday, 31 January 2015 03:17 AM
කොහොමහරි ලංකාවට ලොකු පාඩුවක් වුණා කියලා නම් හිතෙනවා. රැකියා ගොඩක් අහිමි වුණා. සුදුගහන කෙනා කොහෙහිටියත් ගහනවා (නි)
විජයබාහු Friday, 30 January 2015 01:54 PM
අනේ සාරා දැන් කැසිනෝ නවතීවි කියල හිතනවද. පැකර් අාවත් නැතත් ලංකාවේ කැසිනෝ නවතින්නේ නැහැ. එ්ක තේරුම් ගන්න. (නදී)
රාජා Saturday, 31 January 2015 03:57 AM
මෙතන තව දෙයක් සිදුවෙනවා. හොඳ හෝ නරක වෙනම දෙයක්. නමුත් පැකර් කියන්නේ ලෝකයේ ඉතා විශාල බලගතු ආයෝජකයෙක්. ඔහුගේ ක්‍රියාවලීන් අනුගමනය කරන විශාල කොටසක් සිටිනවා. මේ නිසා යම් කලකට අපේ රටට විදේශ ආයෝජන ඒමේ බලපෑමක් සිදුවිය හැකිය. මේ කියන්නේ කැසිනෝ වලට ආදරයෙන් නොවේ. ආර්ථිකයට වියහැකි අනෙක් බලපෑම් හිතලයි. (නි)
දහම් Friday, 30 January 2015 02:02 PM
කැසිනෝ රජා ඩඩ්ලි සිරිසේන මොකද කියන්නේ? ඇයි දැනට ලංකාවේ තියෙන කැසිනෝ වහන්නේ නැත්තේ? (නදී)
අශාන් Saturday, 31 January 2015 04:39 AM
පැකර් කැසිනෝ දැම්මා නම් ඒ මුදල් යන්නේ එයාට මිසක් අපිට නෙමෙයි. අපට ලැබෙන්නේ සුලු ආදායමක්. රටක ආයෝජනය ඵලදායි වෙන්නේ කර්මාන්ත සඳහා යෙදවූවිටයි.එතකොට තමයි රටක නිෂ්පාදනය වැඩිවෙන්නේ. (නි)
අබේරත්න Friday, 30 January 2015 02:41 PM
කැසිනෝ බදු දැන් අය කරගන්නේ කොහොමද ? ඉදි රියට අය වැය කොහොමද පියවන්නේ? (හේ)
ගයේෂා පෙරේරා Thursday, 05 February 2015 08:43 AM
කැසිනෝ ගහන්න යන්නේ දුප්පතුන් නොවේ. ඒවාට යන්නේ මිල මුදල් තියෙන ධනවතුන්. එයාලා විනෝද වෙන්න ඒ වගේ තැන්වලට යනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපේ රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සදහා කැසිනෝ තිබිය යුතුම දෙයක් හැටියට මම දකිනවා. එහෙම නැතිනම් ඒවා තියෙන රටවල් කරා සංචාරකයන් ඇදී යාවි. එහෙම වුනොත් අපිට ඒක හානිකරයි.(හේ)
ඉන්දු Friday, 30 January 2015 02:50 PM
රට බේරාගත් ජන නායකයින්ට දීර්ගායු ලැබේවා (දිල්)
ලංකා Friday, 30 January 2015 02:59 PM
මේවා සින්ගපුරුවේ තියෙනවා. ඉතාම හොඳින් ක්‍රියාත්මකයි. මෝඩයෝ වගේ බනිනවා. අපරාදේ ආයෝජනය! (හේ)
හිරාන් Saturday, 31 January 2015 05:39 AM
ඔය කැසිනෝ දැම්මා කියලා ඕවට පොඩි අපි යන්නේ නැහැනේ! (නි)
ගයේෂා Friday, 06 February 2015 01:33 AM
මේකේ ප්‍රතිචාර බැලුවහම කැසිනෝ වලට, ගණිකා ව්‍යාපාරයට උඩගෙඩි දෙන අයත් ඉන්නවා කියලා හිතෙනවා. (නි)
සම්පත් වන්නිආරච්චි Friday, 30 January 2015 03:49 PM
කැසිනෝවලට අපි විරුද්ධයි. ධනවත් විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමටනම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කළ යුතුයි. ජේම්ස් ෆැකර්ගේ හෝටල් ව්‍යාපෘතියට අමුතුවෙන් කැසිනෝ බලපත්‍ර ලබා දුන්නේ නෑ. (හේ)
සරත් පියසේන Saturday, 31 January 2015 06:34 AM
ගම්මානවල කොල්ලෝ ඔය සුදුවට කවදාවත් ගියේ නැහැ. ඕවාට ගියේ ලොකු මුදාලලිලා. (නදී)
සරත් කුමාර Saturday, 31 January 2015 07:07 AM
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කසනෝ, කසනෝ කියනවා. (නදී)
මිනිපෙ Friday, 30 January 2015 04:20 PM
මේ තහනම මිනිසුන්ට තියෙන ආදරයට කල දෙයක් නොවේ. මේ ගනුදෙනුවේ අතරමැදිය එක්ක තිබෙන තරහකට කල දෙයක්. සාමාන්‍ය ජනයා නොදන්නවට, රටේ හැම තැනම පොහොසත්තුන් පෝය දවසට එක්තුවෙලා බුරුව ගහනවා. කෙතරම් රැකියාවන් අහිමි උනාද. රටට ලැබෙන බදු අදායම නතර උනා. මේ ලියන සමහරක් කැසිනෝ මොන පාටවත් කියල දැකල නැහැ. අනික මිනිසුන් පන්සිල් පද කඩන එක ගැන බලන්න, රජය දරන උත්සාහය වැරදියි. මුළු රට පුරාම ගහක් ගලක් යට රේස් බුකි තියෙනවා. (නදී)
සරත් පියසේන Saturday, 31 January 2015 07:43 AM
දහම් ඔබ හරි (නදී)