IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘පක්ෂයක් ලෙස විජේවීර පවුලට සියලු යුතුකම් ඉටු කළා‘

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය කුමන දේවල් කිව්වද පක්ෂයක් ලෙස විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන්ට කළ හැකි සෑම යුතුකමක්ම නොපිරිහෙලා ඉටුකර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (22) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

විවිධ පාර්ශවයන් මෙම සිද්ධියට මැදිහත්වී නැති ප්‍රශ්න ඇතිකිරීමට උත්සාහ කරන බවද ඔහු මෙහිදී පැවසීය. රෝහණ විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන් දැනට ජීවත්වන නාවික හමුදා නිවස්නයෙන් ඔවුන් ඉවත් කිරීමට නාවික හමුදාව උත්සාහ කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ සහ එම පවුලේ අය එක්ව සාකච්ඡා කර කාලය දීර්ඝ කරගත් බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.

රෝහණ විජේවීර මහතාගේ දරුවන් නිතර ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයට පැමිණෙන බවත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පක්ෂය හැකි අයුරින් වියදම් දරන බවත් පැවසූ ඒ මහතා ඔවුන් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කළ කටයුතු එකින් එක කීමට අවශ්‍ය නොමැති බවත් විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයන් පාරට ඇද වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් පැවසීය.

චිත්‍රාංගනී විජේවීර මහත්මිය ඇතුළු පවුලේ අයට නව නිවසක් සාදා දීමට රුපියල් කෝටි ගණනින් අරමුදල් පක්ෂයට නැතත් දැනට වෙසෙන ස්ථානයේ කාලය දීර්ඝ කරගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සෑම විටකම පෙනී සිටින බවත් විජිත හේරත් මහතා කීවේය.

webJVP2015922

 



අදහස් (0)

‘පක්ෂයක් ලෙස විජේවීර පවුලට සියලු යුතුකම් ඉටු කළා‘

කමනි Tuesday, 22 September 2015 09:06 AM

කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි (ම)

:       0       0

අජිත් Tuesday, 22 September 2015 09:45 AM

තාප්පවල පාප්ප ගාන සාමාජිකයෝ දහ පහළොවක් එකතු කර ගත්තනම් ගෙයක් හදන්න කෝටි ගනනක් යන්න හේතුවක් නැහැ. කෝටි ගානක් වටිනා ගෙයක් මේගොල්ල ඉල්ලන එකකුත් නැහැ. මොකද සමජවාදේ නොදන්නා අය නෙමෙයිනේ.(හේ)

:       0       0

දීපාල් Tuesday, 22 September 2015 09:57 AM

අනේ ඇත්ත නේද කතාව පක්ෂෙට මුදල් කොහෙන්ද ,,, , හිනා, හිනා, වෙන්න හිනා බඩ අල්ලාගෙන වෙන්න හිනා කියන කතා වලට අනේ වෙන්න හිනා (බ)

:       0       0

විජයබාහු Tuesday, 22 September 2015 10:08 AM

අපි දන්නවනේ මෙයාලගේ හැටි. ඒ මහත්මියට පිස්සු වෙන්න ඕනේ එහෙනම් එහෙම කියන්න. අපි නොදන්නා ජවීපෙ (බ)

:       0       0

අමිත Tuesday, 22 September 2015 10:11 AM

මතක තියාගනිල්ලා භීෂණ සමයේ ජීවිත අහිමිවූවන් කොච්චරද?ඒවා ගැනත් බැලුව නම් තමයි සමාජවාදය කියන් වදන ඇත්ත වෙන්නේ.නැතිව විජේවීර පවුල පමණක් නොවේ දුක් වින්දේ (බ)

:       0       0

මාටින් Tuesday, 22 September 2015 10:13 AM

මේ චිත්‍රාංගනී විජේවීර මහත්මියවනේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන්න තිබුනේ..ජනතාව ප්‍රතික්ෂේප කරපු උන් යවන්නේ නැතිව...එහෙම උනා නම් අපි වගේ මිනිස්සුත් ජවිපෙ ට ඡන්දෙ දෙයි (බ)

:       0       0

දහම් Tuesday, 22 September 2015 10:32 AM

එතකොට ජනතා විමුක්ති පෙරමුණ විජේවීර හදපු එකේ වරදට ඒ ගෑනියි ළමයිනුයි හැමදාම නාවික කඳවුර ඇතුලේ ඉන්න ඕනේ. ඒ මිනිස්සුන්ට සාමාන්‍ය ජීවිතයක් ඕනේ නැහැ. තොපිට විතරයි සැප . හෙන ගහන්න ඕනේ මුන්ට. මුන්ද ඉතින් රට හදන්න යන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 303 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 424 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 90 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 607 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 157 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 895 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site