IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘පක්ෂය කැඩී වෙන්වීමේ අවදානමක් නෑ‘

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් නායකත්වය සමග එක්ව කටයුතු නොකරන්නේ විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ඇති අය බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එවැනි අයට අවස්ථාව නොදෙන බව දන්නා නිසා ඔවුන් නායකත්වය සමග එක්නොවී සිටීමට උත්සාහ ගන්නා බවත් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉතිහාසයේ සිටම විපක්‍ෂයේ සිටින අවස්ථාවල නිහඬව සිටීමේ හැකියාවක් නොතිබූ බව කී ප‍්‍රධාන අමාත්‍යවරයා ඔහු වර්තමානයේත් එලෙසින්ම කටයුතු කරන බවත් එය කිසිලෙසකින්වත් පක්‍ෂයට හානියක් නොවන බවත් කීවේය.

මේ වන විට ඉතා සුළු පිරිසක් හැර පක්‍ෂයේ බහුතරය වත්මන් නායකත්වය වටා පෙළ ගැසෙමින් සිටින බව ද කී ඉසුර දේවප‍්‍රිය මහතා පක්‍ෂය කැඞී වෙන්වීමේ අවදානමක් මේ වන විට නැතැයි ද කියා සිටියේය.

 ඉසුර දේවප‍්‍රිය මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී අදහස් දැක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මනූෂ නානායක්කාර මහතා ද පැවසුවේ සන්ධානය තුළ වර්තමානයේ ඇති වී ඇති යම් යම් අර්බුද ඉක්මනින්ම විසඳෙනු ඇති බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය

            පක්‍ෂයේ නොවන රැස්වීම්වලට යාම විනය කැඞීමක් කියා තිබෙනවා. ඉතින් මේ ගිය අයට එරෙහි ක‍්‍රියාමාර්ග නොගන්නේ ඇයි?

ඉසුර දේවප‍්‍රිය මහතා

            ගියේ දිගටම ගිය අයයි. අලූත් කණ්ඩායමක් එකතු වුණේ නැහැ.

ප‍්‍රශ්නය

            ඒ අය පක්‍ෂයට ආදරේ නම් වෙනම කටයුතු කරන්නේ ඇයි?

ඉසුර දේවප‍්‍රිය මහතා

            මහින්ද රාජපක්‍ෂ මහත්තයට එදා සිටම විපක්‍ෂයේ ඉද්දී නිකං ඉන්න බෑ. ඒ කාලයේත් මිනිස් දම්වැල්, ශබ්ද පූජා ආදිය කළා. අදත් එතුමා ක‍්‍රියාකාරී දේශපාලනයේ ඉන්නවා. එතුමා දීර්ඝ කාලයක් අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙල කරගෙන යනවා. ඒක අපේ පක්‍ෂයට හානියක් නෙවෙයි. එතුමා අපේ පක්‍ෂයේ අනුශාසකතුමා.

  • ප‍්‍රශ්නය

            එහෙනම් මේ කරන්නේ පක්‍ෂයේ ගේම් එකක්ද?

  • ඉසුර දේවප‍්‍රිය මහතා

            මේවා ජනාධිපතිතුමා හා හිටපු ජනාධිපතිතුමා කතා කරලා කරන දේවල් නෙවෙයි. ඒ මහින්ද මහත්තයාගේ හැටි.

  • ප‍්‍රශ්නය

            මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිතුමාගෙන් ආණ්ඩුවත් ඉල්ලූවා නේද?

  • ඉසුර දේවප‍්‍රිය මහතා

            දේශපාලනයේ එහෙම චූන් කතා තියෙනවා. ඒවා ගණන් ගන්න එපා.

  • ප‍්‍රශ්නය

            එක්සත් ජාතික පක්‍ෂයේ අය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විවේචනය කරන්නේ නැහැ. ඒත් ඔබතුමාලා එ.ජා.පය විවේචනය කරනවා. එය සදාචාරාත්මකද?

  • ඉසුර දේවප‍්‍රිය මහතාෙ

දේශපාලනයේදී සදාචාරයක් මතුවෙන්න බැහැ.

  • ප‍්‍රශ්නය

            එදා හදිසි මැතිවරණයකට ගිය නිසා නේද මේ දේ වුණේ?

  • ඉසුර දේවප‍්‍රිය මහතා

            ඔව්. නැත්නම් තවමත් අපේ බලය තිබෙනවා. ඒත් එය පක්‍ෂ නායකත්වය ගත් තීන්දුව. ඒත් එහෙම නොවුණා නම් මට මහ ඇමතිකම ලැබෙන්නේ නැහැ. පසුගිය කාලයේදී වෙලාව හොඳම මගේ සහ ජනාධිපතිතුමාගේයි.

slfp_2016323

 



අදහස් (0)

‘පක්ෂය කැඩී වෙන්වීමේ අවදානමක් නෑ‘

ප්‍රයංගා Wednesday, 23 March 2016 08:34 PM

ප්‍රසන්න රණතුංග වගේ කොන්ද කෙලින් තියන් හිටපු නායකයෙක් හිටපු බස්නාහිර පළාතට දැන් ඉන්නෙ මහ විහිලු කාරයෙක්නෙ. ඒකත් හරි ඉතින් රටටම ඉන්න අනිත් නායකයන් දැක්කම...(අ)

:       0       0

සුසන්ත Wednesday, 23 March 2016 09:53 PM

ඉසුර දේවප‍්‍රිය මහත්තයෝ දේශපාලනයේදී සදාචාරයක් මතුවෙන්න බැහැ. ඔන්න මිනිස්සුන්ගේ තරම.

:       0       0

ලෙස්ලි ජයවර්දන Wednesday, 23 March 2016 10:35 PM

රැස්වීම් තිබ්බට කමක් නැහැ. උසාවිය තියෙන්නේ නඩුවලිදී ඇත්ත කියන්න (අ)

:       0       0

කුරුවිට සුනිල් Wednesday, 23 March 2016 10:35 PM

දැන් පක්ෂය විතරක් නොව්ය් අපේ පස්සත් කැඩිලා (අ)

:       0       0

දහම් Wednesday, 23 March 2016 01:16 PM

බස්නාහිර පළාතේ අපිට ලැජ්ජයි. (බ)

:       0       0

ඇසළ Wednesday, 23 March 2016 02:05 PM

ඔය කියන පක්ෂය දැන් තියෙන්නේ සිරිකොතේ බිම් මහලේ නේද. මොකද 1 වෙනි තට්ටුවේ තියෙන්නේ ඒ ජා ප ය.. පව් කියලත් හිතෙනවා ඔහෙලා ගැන මේවා ඇහුවම. (බ)

:       0       0

සංජීව -හොරණ Wednesday, 23 March 2016 02:22 PM

බස්නාහිර පලාතේ වෙලත් මමනම් මෙහෙම හාදයෙක් ඉන්නවා කියලා දැනගත්තෙත් මහ ඇමති වුනාට පස්සෙයි.. 17 රැලියෙන් පස්සෙ මෛත්‍රීවාදී පිලේ රැස් බැහැලා වගෙ.. ශ්‍රීලනිප පාක්ශිකයො වුනත් අපිට දැන් ශ්‍රීලනිපය අප්‍රියයි..(බ)

:       0       0

ශානක Thursday, 24 March 2016 04:09 AM

මේ කෙනා කවුද කියලා අපිනම් දන්නෑ. ඒත් මෛත්‍රීපාලට මොකද්ද කරන්න පුළුවන්. (බ)

:       0       0

උපාලි Wednesday, 23 March 2016 02:52 PM

""දේශපාලනයේදී සදාචාරයක් මතුවෙන්න බැහැ". ඔන්න ඕක තමයි සකලවිධ දේශපාලනඥයින්ගෙන් අපට ගන්න තියෙන පාඩම. තව අපි එකතු කරන්නම් හොඳටම ගැලපෙන කෑල්ලක්. ""දේශපාලනයේදී ලැජ්ජාවක් ඇත්තෙම නැහැ"" (කෞ)

:       0       0

නිම්මි Wednesday, 23 March 2016 02:52 PM

කුඩු කාරයෝ එතනෝල් කාරයෝ රේස් බුකි කාරයෝ කොහෙද දැන් නැහැ දැන් ඉන්නේ?(කෞ)

:       0       0

දුමින්ද Thursday, 24 March 2016 04:24 AM

නිල පක්ෂය හා ජනතාවගේ පක්ෂය අතර ගැටුමක් (බ)

:       0       0

නිමන්ත Thursday, 24 March 2016 04:30 AM

මනූෂ නානායක්කාර ගාල්ලෙන් ඡන්දෙ ඉල්ලෙුවේ මහින්ද ලකුණ කියල, අනේද කියන්නේ (බ)

:       0       0

විපුල Thursday, 24 March 2016 05:20 AM

මහින්ද ලකුණෙන් ඇවිල්ලා මහින්ද ලකුණේ ඡන්ද වලින් ලැබෙන ලිස්ට් එකෙන් ඇවිල්ලා මෙතන සමහරු කතාකරන්නේ ජනතාවගේ හදවතට නොවේ. (නි)

:       0       0

විහඟ Thursday, 24 March 2016 05:24 AM

සමහරු බලය රැකගන්න දඟලන දැඟලිල්ලක්! (නි)

:       0       0

ශානක Thursday, 24 March 2016 06:02 AM

කියන එක කතාවක් නම් ඇත්ත. පහුගිය කාලේ ජනතාවගේ තමයි වෙලාව නරක් වුණේ (නි)

:       0       0

ස්මිත් Thursday, 24 March 2016 06:41 AM

බුරියට ඔච්චර බයනම් වෙන මොනවහරි දැක්කොත් මහා ඇමති කලන්තේ දාල වැටෙයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 7 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 125 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 640 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 441 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3101 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1716 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37992 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site