IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පක්ෂය ගොඩ ගන්න අගමැති වගකීම් පවරයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු වල පූර්ණකාලීනව යෙදෙන ලෙස එජාප  මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම්වලදී ඊට  නායකත්වය  ලබාදීමටද නියමිතය.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දී ඇත්තේ රට වැටී තිබෙන උග්‍ර අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තමා සම්පූර්ණ කාලයම යොදවා තිබියදී පක්ෂයේ දේශපාලන කටයුතු ද ඉදිරියට පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම පෙන්වා දෙමිනි.

අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස් අනුව එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා ඉදිරියේ දී පක්ෂයේ සියලුම දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයේදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.



අදහස් (10)

පක්ෂය ගොඩ ගන්න අගමැති වගකීම් පවරයි

Surain Thursday, 02 June 2022 01:45 PM

තව ටික දවසකින් ඔයාට පක්ශයෙ පූර්ණකාලීකවම ඉන්න පුලුවන් ! ගෙවල් වලත් ගෙගෙ ඉන්නව අපි දැකල තියෙනව.

:       1       8

Hafeel Thursday, 02 June 2022 01:56 PM

තමාගේ පක්ෂයට නිවැරදි නායකත්වයක් දෙන්න බැරි සහ එම පක්ෂය ගොඩ දන්නා බැරි මේ මිනිහට වත්මන් අර්බුදයෙන් රට ගොඩ දන්නා පුළුවන්ද?

:       3       25

සලීම් Thursday, 02 June 2022 05:53 PM

කිසිම ජනමතයක්, ජනතා කැමැත්තක් නැතුව රනිල් වික්‍රමසිංහ අගමැතිකම බාරගත්තාට ලැජ්ජාවක් නැද්ද? ගිය පාර ඡන්දෙදී මහජනතාව ප්‍රතික්ෂේප කරපු එකට ලැජ්ජාවක් නැද්ද...? රනිල් ආවේ රටේ මිනිස්සුන්ගෙන් රාජපක්ෂලාව බේරගන්න. ඒක තමයි ඇත්ත කියලා මුළු රටම දන්නවා. යහපාලන මගඩියේදීත් අවුරුදු 5ක් තිස්සේ ගහපු ගේම තමයි මේ ආයෙත් ගහන්නේ. හැබැයි මේ පාර නම් රනිල්ගේ අවසානය තමයි.

:       0       1

NIMAL Thursday, 02 June 2022 02:08 PM

ලංකාවේ මේවනවිට පවතින ආර්ථික කඩාවැටීම සහ සම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරනාවූ අවස්ථවක ඉදිරි මැතිවරණ ඉල්ලක කරමින් එක්සත් ජාතික පක්ෂය සියලු ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන්ම තරුණ පිරිස් එක් පෙරමුණකට ගැනීම වෙනුවෙන් කටයුතු කලයුතුවේ.

:       11       9

swiss Thursday, 02 June 2022 02:37 PM

ලක්බිමට අවශ්‍යම දේශපාලන පක්‍ෂය අද " එජාප " පමණි..! අනික් එවා ගැන කුමන කතාද..? රනිල් අගමැති වුනාට පසු මුලු ලෝකයම ලංකාව දිහා ඉතා උවමනාවෙන් බලන්න ගත්තා...! බ්‍රිතාන්‍ය අගමැති පවා රනිල් ගැන මෙසේ සඳහන් කලා කිහිපවරක් අගමැතිවූ අවුරුදු 45 ක් පාර්ලිමේන්තුවෙ ඉන්න දක්‍ෂ දේශපාලන උගතෙක්..!

:       19       11

Hafeel Thursday, 02 June 2022 03:18 PM

Swiss, එහම ඔබ කියන විදියට නොවේ ඊයේ ලෝක බැංකුව මේ අගමැති රනිල්ගේ ආණ්ඩුව පිළිබඳව කිව්වේ. දැන් රනිල් අගමැති වෙලා මාසයට ආසන්නයි. කෝ ඉතින් ඩොලර් ආවද? තෙල්, ගෑස් පෝලීම ඉවරද? විදුලි කප්පාදුව නැවත පටන්ගත්තා. පහුගිය ජනාධිපතිවරණය සමයේ සමහර මාධ්‍ය ගොටාබයව වැඩ කාරය කියල පිම්බුවා වගේ තමයි, රනිල්වත් පුම්බනවා, ඔහුට ආර්ථිකය ගොඩ දාන්න පුළුවන්, ජාත්‍යන්තරයේ පිළිගැනීම තියනව කියල. එහම රනිල්ට හැකියාව තියනවා නම්, මේ මොහොතේ කරන්න එපායි. හම්බන්තොට වරාය චීනට විකුනන්න නැතුව, චීනට කියල ඒ ණය අඩු කරන්න තිබුණ නේ. එහම රනිල්ට ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් නම්, මත්තල ගුවන්තොටුපොළ වී ගබඩා කරනවයි? ජාත්‍යන්තර සහයෝගයෙන් දියුණු කරන්න තිබුණ නේද?

:       3       12

chandanaThursday, 02 June 2022 03:57 PM

හම්බන්තොට වරාය තාම තියාගෙන හිටියා නම් කොළඹ වරායෙන් උපයන මුදල් වලින් තමයි දුවන්නේ... තාම හම්බන්තොට කාර් ගෙන්වනවා වගේ නැව් තමයි එන්නේ.. ඒ වගේම ණය පොලී සල්ලි නැතුව ගුවන් තොටුපළ වගේ චීනෙ පවරාගන්නවා. නමුත් රනිල් මෙය චීනගෙම ඇඟේ ගැහුවා ඩොලර් බිලියන 300 ගාණකට.. ඔයා හොයලා බලලා අවබෝධකරගන්න. නිකන් දේශපාලකයෝ කියන දේම කියවන්නේ නැතිව. තේරෙයි කොහොමද ඇත්ත කියලා..

:       0       0

swissThursday, 02 June 2022 06:42 PM

හෆීල් මල්ලියේ.. ඔයාම බලන්න ඔයා බැංකුවකට ගියාම ණයක් ගන්න ඉල්ලුව ගමන් දෙනවද.. නැහැ නේද ? ඔය පුන පුනා එය ඉල්ලුවොත් ඒ අය කියනවා අපිට මාසයක් කල් දෙන්න කියලා..! ඒ කාලය අතරතුර ඔබ ගැන බැංකුව ඔබට නොකියම සොයනවා..! ඒකට කියන්නේ 'ක්‍රෙඩිට්-රේටින්' කියලා... ඔබ එහි අවදානම් සීමාවක ඉන්නවා නම් ණය දෙන්නේම නැහැ. හැබැයි ඇපකරුවෙකු ඔබ වෙනුවෙන් ඉදිරිපත් වුනොත් ඔබට එය ලැබෙන්න සලස්වනවා..! ලංකාවේ වාතාවරණය අද එවැනි තත්වයකි..! ' ක්‍රෙඩිට්-රේටින් ' එක 'රෙඩ්-සෝන්' ගිහිල්ලා! එංගලන්තයේ අගමැති රනිල්ට කතාකරලාම ලංකාවට ණයක් දෙන්න එකඟවුනේ ලෝක බැංකුවට ඒත්තු ගන්වන්න දැන් ඉන්න පාලකයින් මට විශ්වාසයි කියලා..! තව මාස දෙකක් දෙන්න... රනිල් ඔය ප්‍රශ්නෙ විසඳනවාමයි! හැබැයි තරුණ අය බුද්ධිමත්ව හැසිරෙන්න ඕනෑ.. ඔය පෙලපාළි දීර්ස කාලීනව යෑම ගැන... මොකද අපේ රටේ 'ඩොලර් ' උල්පත තමයි සංචාරක ව්‍යාපාරය..! මමත් රටවල් හතක එය පරිපාලනය කරන කෙනෙක්.. සංචාරකයින් 7000 ක් දැනට ලංකාවට ඒම නැවැත්වුවා...! ඒ අය ආවා නම් ඩොලර් ආදායම පමණක් නොවේ හෝටල්වල රැකියා අහිමි වීමක් වෙන්නේ නැහැනේ...!

:       0       0

ranjith Thursday, 02 June 2022 03:49 PM

මෙ වගෙ ඩීල් කාරයො ජනතාව ප්‍රති් කරනව ඊලග චන්දෙ ජතික ලඉස්තුවෙන් වත් එක්කෙනෙක් වත් තේරෙන එකක් නෑ.

:       3       8

marikkar Thursday, 02 June 2022 04:30 PM

වඳුරාගේ අතට මල්මාලය දුන්නා වගේ වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1305 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1123 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1063 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 698 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 592 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5318 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25409 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site