IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘පක්ෂය දෙකඩ කරන්නේ ශ්‍රීලනිපයේම හිටපු නායිකාවයි‘ - ඩලස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය විනාශ කිරීමේ සහ දෙකඩ කරන්නේ වෙන කෙනෙක් නොව පක්ෂයේම හිටපු නායිකාව වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බව කනගාටුවෙන් වුවත් කියන්න වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (15) නාරාහේන්පිට අභයාරාමයේදී පැවසීය.

ඇය පක්ෂය විනාශ කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙළඹී සිටින බවත් ඇයව නිරුවතින් පාරේ ඇවිද්දවිය යුතුයි කියූ අයත් එක්ක වුවද එකට එකතුවී පක්ෂය දෙකඩ කිරීමට පවා ඇය සූදානම් බවත් මන්ත්‍රීවරයා කීවේය.

වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල යන පිරිසද එම සාකච්ඡාවට එක්ව සිටියහ.

RDS_2314 RDS_2329 RDS_2349

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

‘පක්ෂය දෙකඩ කරන්නේ ශ්‍රීලනිපයේම හිටපු නායිකාවයි‘ - ඩලස්

කනිෂ්ක Tuesday, 16 June 2015 06:35 AM

පක්ෂේ කඩාගෙන ගිහින් වෙනම පක්ෂයකින් ඡන්දෙ ඉල්ලපු එක්කෙනා පස්සේ ඒ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලපු කෙනාට කියනවා එයා පක්ෂේ දෙකඩ කරනවා කියල...මොනතරම් විහිලුවක්ද? (ස)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 16 June 2015 06:46 AM

කොට පුද්ගලයෝ අමාරු කාරයෝ කියන්නේ ඇත්තක්ද ? (ස)

:       0       0

චින්තන Monday, 15 June 2015 05:58 PM

දැන් ඕවා අහලා අහලාම ඇතිවෙලා (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 06:04 PM

ප්‍රියනාත් මහත්තයට වැරදිලා (නි)

:       0       0

පාටලී Tuesday, 16 June 2015 07:23 AM

මාධ්‍ය සාකඡචා ඉවරයක් නැ. (ර)

:       0       0

සුසිර Monday, 15 June 2015 07:50 PM

අනෝමා, ඔය පිවිතුරුට කුස්සියේ වැඩ නෙ‍මෙයි හරියන්නේ. අර මඩ වලේ කට්ටියගේ වැඩ කරලා මෙයාට හොඳ පළපුරුද්දකුත් තියනවා. (නි)

:       0       0

හිමාලි Monday, 15 June 2015 09:08 PM

තව ලැජ්ජා නැතුව ඡන්දෙත් ඉල්ලන්නයි එන්නේ. ආපුදෙන්කෝ, ඉලපත තමයි අතට ගන්නේ... (නි)

:       0       0

මහසෙන් Tuesday, 16 June 2015 08:17 AM

පන්සලටත් අබ සරණයි එහෙනම්. කෝ මේ වීර සිංහල බෞද්ධයෝ ? (ස)

:       0       0

දිලිප් Monday, 15 June 2015 10:33 PM

පක්ෂයේ ඉතිහාසේ දන්නා මිනිස්සු දන්නවා දුවලා පුතාලා කොහොමද පක්ෂේ කෑලි වලට කැඩුවේ කියලා.2005දී එක ඡන්දෙකින් තිබුණ පාර්ලිමේන්තු බලය , නිදහස් පක්ෂයට කවදාවත් නොතිබුන තැනකට ගෙනාවේ මහින්ද කියලා ගමේ නිදහස් පාක්ෂිකයෝ දන්නවා. මේ රජය පෙරළන්න කුමන්ත්‍රණය කළේ රටේ ජනතාවට ඇති ආදරයට නෙමෙයි.කට්ටියට තේරෙයි මේ මහා ඡන්දෙන් පස්සේ (නි)

:       0       0

මැක්ස් Monday, 15 June 2015 10:32 AM

ඩලසුත් ඉද හිට ඇත්ත කියනවා එහෙනං! (ම)

:       0       0

කුමාර් Monday, 15 June 2015 10:34 AM

පක්ෂයේ එළුවොයි බැටලුවොයි වෙන්කරලා තමයි ඡන්දෙට යන්න ඕනා, නැතිනම් හිතුවක්කාර එළුවෝ හින්දා පක්ෂය ඡන්දෙදි පරාද වෙන්න බොහෝ ඉඩතියෙනවා. (ම)

:       0       0

යශෝද් Monday, 15 June 2015 11:42 PM

නියම කතාව. ජයවේවා! (නි)

:       0       0

පාලිත Monday, 15 June 2015 11:46 PM

මහින්ද මහතාගේ සාටකයේ එල්ලිලා පසුගිය මාස 6 ගොඩයන්න බැරිවුණ පිවිතුරු යහපාල උන්නාන්සේ දැන් මන්ත්‍රීතුමෙකුගේ රැවුලේ එල්ලිලා හරි ගොඩයන්න හදනවා. (නි)

:       0       0

ප්‍රකාශ් Monday, 15 June 2015 10:46 AM

ඒ කතාව සම්පුර්ණ ඇත්ත තමයි. (බ)

:       0       0

චාමික Monday, 15 June 2015 10:57 AM

දේශපාලනෙන් සමුගන්නවය කියල ගිහින් විලි ලජ්ජා නැතුව ආපහු ආපු මේ "කොලස් ඩටා" කියන දේවල් කවුද අහන්නේ ? (ම)

:       0       0

නිමලා Tuesday, 16 June 2015 12:16 AM

කෝ මෙතන ඉන්න ඕනෑ කෙනෙක් නැහැනේ? (නි)

:       0       0

බටන්ගල Monday, 15 June 2015 11:13 AM

සමස්ත ලංකා විකටයින්ගේ සංගමයට ඩලස් අලහප්පෙරුමද එක්වෙයි. (ම)

:       0       0

රුවන් Monday, 15 June 2015 11:18 AM

මේ ඔය අබය රමයද ඔයාලගේ මැතවරණ කාර්යාලය මහත්තයෝ එතකොට පන්සලේ දායකයනට මොකද වෙන්නේ? (ම)

:       0       0

දසුන් Monday, 15 June 2015 11:19 AM

මහින්ද පෙන්ෂන් යන්න කියන අයට චන්ද්‍රිකා ඊට කලින් පෙන්ෂන් යන්න ඕන බව පේන්න ඕන. දැන් 70ත් පනිනවා මේ මාසෙදි (ම)

:       0       0

කැටවල Tuesday, 16 June 2015 12:52 AM

අපේ චන්ද්‍රිකා මැතිණියට ජයවේවා! (නි)

:       0       0

බණ්ඩා Monday, 15 June 2015 11:26 AM

ඔයාල දේශපාලන සරණාගතයෝ ...ඔයගොල්ලට අබ සරණයි (ම)

:       0       0

සමන්ති Tuesday, 16 June 2015 12:54 AM

වාසු ,දිනේෂ්, ගම්මන්පිල යන අයගේ පක්ෂ තුන අනුන්ට කඩේ නොයා පක්ෂය ශක්තිමත් කරගත්තා නම් හොඳයි නේද? අඩුම වශයෙන් දිනේෂ් යටතේ එක සන්ධානගතවීමක්වත් කරගත්තොත් හොඳයි නේද? (නි)

:       0       0

මේනක Tuesday, 16 June 2015 12:55 AM

මේ කාටවත් ස්වාධීනව ගොඩඒමක් නැහැ. ලාහට ගෙම්බන් එකතු කරන්න වගේ කවුරුහරි එකතු කරගෙන මහින්ද මහතාගේ නම කියා කියා එල්ලෙන්න වැල් සොයනවා. (නි)

:       0       0

දුලාරා Monday, 15 June 2015 11:31 AM

අපි එදත් රැවටුන අදත් රැවටෙනවා හෙටත් රැවටෙනවා. (අ)

:       0       0

යසිරු Tuesday, 16 June 2015 12:59 AM

තමන් මොන වැරැද්ද කළත් ඒවා කවදාහරි හිත යට පැසවනවා. (නි)

:       0       0

එශාන් Tuesday, 16 June 2015 01:04 AM

මෙතන ඉන්නේ මහා ලොකුවට සමාජවාදී දර්ශනය කර පින්නාගෙන හිටපු ඇත්තන්. හැබැයි ඔක්කොගෙම ළමයින් ඉගෙනගන්නේ නැතහොත් ඉගෙනගත්තේ ඇමෙරිකාවේ. (නි)

:       0       0

ජයනාත් Monday, 15 June 2015 11:41 AM

අදහස් දාන මිතුරනේ, මෙයයි නියම තත්වය රටේ. (නි)

:       0       0

උමේෂ් Tuesday, 16 June 2015 01:07 AM

මේගොල්ලන් තමන්ගේ ආසනය රැක ගන්නවත් මොනවද කරන්නේ කියල උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ. කටවල් විතරයි. වැඩ නැහැ. සමාජවාදය රෙද්ද පල්ලෙන් බේරෙනවා. මහින්ද ගේ නම කිව්වේ නැතිනම් මේගොල්ලන්ට මාධ්‍ය හමුවක වෙන කතා කරන්න දෙයක් නැහැ. ඒ මනුස්සයාගේ බෙල්ලේ එල්ලිලා තමයි මේ ඊළඟ පාර ගොඩ යන්න හදන්නේ. මෙහෙමත් දේශපාලකයෝ. (නදී)

:       0       0

ලක්ප්‍රිය Monday, 15 June 2015 11:44 AM

ඒකට හේතුවක් තිබෙනවා. මොකද සමහරු හැඳුනුම්පතින් ශ්‍රීලනිප වුණාට හදවතින් එජාප නිසා. (නි)

:       0       0

බිමල් Tuesday, 16 June 2015 01:09 AM

චන්ද්‍රිකා නිසා නෙවෙයි ඔය එහෙන් මෙහෙන් බෙල්ල දාල ආපු මොල්ලියේ මොලය පිහිටපු සමාජවාදී ඔටුවෝ රිංගලා තමයි කුඩාරම කඩන් වැටුනේ ගිය ජනවාරි 8 වෙනිදා. (නදී)

:       0       0

චතුරි Monday, 15 June 2015 11:57 AM

පක්ෂය දෙකඩ කරන්නේ මහින්දව ඔඩොක්කුවේ තියාගෙන විකට කතාකියන පිවිතුරු යහපාලලා වගේ අයයි. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 15 June 2015 11:59 AM

තවත් පිරිසකගේ අ‍ඳෝනාවක් (නි)

:       0       0

ශිරන්ති Monday, 15 June 2015 12:05 PM

ශිලනිපය ගැන කතා කරන්නේ පිට පක්ෂ වල අයනේ .මේ අය අනිවාර්යෙන්ම පරාද වෙනවා (බ)

:       0       0

රංග Tuesday, 16 June 2015 01:41 AM

මහින්ද භාරදුන්න අමාත්‍යංශයේ වැඩ ටිකවත් හරියට කළාද? (නි)

:       0       0

සරසි Tuesday, 16 June 2015 01:46 AM

නිරුවත් කතා කියලා කාන්තාවකට අපහාස කරන්න අදාළ පුද්ගලයාට උසිගැන්වීම ලැබුනේ කොහෙන්ද කියලා අපි දන්නවා. ඒ විතරක් නෙමෙයි. එකතරා හැමෝම දන්නා කට හොඳ නැති නවක නිළියක් තරුණ දේශපාලකයෙකුගේ හයිය ඔලුවට අරගෙන ප්‍රසිද්ධ වේදිකාවේ චන්ද්‍රිකා මැතිණියට අපහාස කළා. අදටත් චන්ද්‍රිකා ඒ කාන්තාවට ඕනෑතරම් කට හොල්ලන්න දීලා ඒ නිළියගේ පවුල් පසුබිම ගැන අනුකම්පා කරන පාටයි. (නි)

:       0       0

වික්‍රම Tuesday, 16 June 2015 01:50 AM

කොහොමහරි අන්තිමේදී චන්ද්‍රිකා මැතිණිය තමයි අන්තිමේදී වීරයා (නි)

:       0       0

ජනක Tuesday, 16 June 2015 01:51 AM

බළල්ලු ලවා කොස් ඇට බාවන්නේ කවුද කියලා පසුව දැනගන්න ඇති. (නි)

:       0       0

සාමා Tuesday, 16 June 2015 01:52 AM

යහපාල , ඔහේට නම් ලැජ්ජාවක් නැති මිනිහෙක්. ඕවට තමා කියන්නේ හොරු සමග හෙළුවෙන් කියලා. (නි)

:       0       0

ගමගේ Monday, 15 June 2015 12:20 PM

අපිට න්ම පෙනෙන විදියට ශ්‍රීලනිපය රැකගන්න හදන්නෙ පිට ඉන්න දිනේෂ්, වාසු, ගම්මන්පිල වගේ කට්ටිය. මෙයාලට තියෙන කැක්කුම මොකක්ද කියලා තේරෙනවා නේද ?? (නි)

:       0       0

සමිත Monday, 15 June 2015 12:25 PM

මෙයාලා ඇත්ත බොරුව කරන්නේ මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා හිතලා. අර මහින්ද මහත්තයට නිදහසේ පිනක් දහමක් කරගෙන ඉන්න දීලා මේ අය ඒ මනුස්සයාට ඉන්න දෙනවා නම් ඉවරනේ. අවුරුදු 2 කට කලින් මැතිවරණයට ඒ මනුස්සයා උසිගන්නලා ගෙදර යවලා දැන් සමහරු ඔහුට මුවාවෙලා ආයෙත් පාර්ලිමේන්තු යන්නයි හදන්නේ (නි)

:       0       0

ජානකි Tuesday, 16 June 2015 02:12 AM

මේ මාධ්‍ය සාකච්චාවට යහපාල මහත්තයාත් ගිහිල්ලා වාඩි වුනානම් හොඳයි. දේශපාලන අතරමන් වුවන්ගේ සංගමයේ මාසික මාධ්‍ය හමුව නේ (නදී)

:       0       0

ගුනේ Tuesday, 16 June 2015 02:23 AM

කොහොමත් දේශපාලනයට උදව් කරගන්න කියලා කට හොඳ නැති පිරිමි ටිකක් සහ විලිසන්ගයක් නැති නිලි බවලතුන් කිට්ටු කර ගැනීම මොන දේශපාලකයාටත් අවාසියක් . (නදී)

:       0       0

මේනක විජේසුරිය Monday, 15 June 2015 12:37 PM

මෙතන ඡන්දයෙන් පත්වුණ අය කීදෙනක් ඉන්නවද? (නි)

:       0       0

ඩයස් Monday, 15 June 2015 12:46 PM

බල තණ්හාව සහ ධන තණ්හාව නිසා විනාශය සිදු වූ බව දැන්වත් පිළිගන්න. ඔය නුසුදුස්සන් එළවලා දැම්මොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්ති වලින් ගොඩගත හැකියි. මෛත්‍රී පාලනය ගොඩනඟමු, ජය නියතයි. (නි)

:       0       0

දිලිප් Tuesday, 16 June 2015 02:39 AM

මධ්‍යස්තව බලන කෙනෙකුට නම් පෙනෙන්නේ ඔය කියන චෝදනාව අදාළ කරන්න පුළුවන් ඔතන රැස් වෙලා ඉන්න ඔක්කොටම කියලයි. ඒ බව මෙතන පලකරලා තියෙන කඩේ නොයන නිර්පාක්ෂික බොහෝ අදහස් වලිනුත් ගම්‍ය වෙනවා. (නදී)

:       0       0

නිලාන් - කටාර් Monday, 15 June 2015 01:01 PM

නිදහස් පක්ෂය දෙකට කැඩුනාට මොකද රට දෙකඩ නොවී. මෙහෙම ගියොත් එක්සත් ශ්‍රී ලංකාව කොටස් කිහිපයකට බෙදෙයි ළඟදීම. (නි)

:       0       0

බද්‍රානි Monday, 15 June 2015 01:04 PM

එතකොට හිටපු නායකයා කටයුතු කරන්නේ පක්ෂය එකතු කරන්නද? අනේ යන්න මහත්වරුනේ යන්න. එදා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අත ඉස්සුවේ ජනතාව ගැන හිතලද? රටේ බුද්ධිමත් ඡන්දදායකයින්ට පින්සිද්ධ වෙන්න යන්තම් ඒ ඒකාධිපති වියරුව පරාජය කළා. මේ ගොල්ලෝ හිතන තරම් මේ රටේ ජනතාව මෝඩ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු එතුමාට සහයෝගය ලබාදී අපේ රට බේරාගත් දේශපාලකයින්ට ජයවේවා!!! (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 01:15 PM

බද්‍රානි කොහෙන්ද පාත් වුනේ..ඔය කියන මහ තැනත් එදා ඔය කියන එකට අත ඉස්සුවනේ..අනෙක යහපාලානේ කට්ටියට නාග විහාරේ කරන දේශපාලනේ හොදයි..අභයාරාමය නරකයි..මොකද ඒ දෙකේ නිකාය දෙකක්ද තියෙන්නේ..(බ)

:       0       0

සිරි Monday, 15 June 2015 01:21 PM

රුවන්, ඔබ හරි. ඕක පන්සලක්ද? දේශපාලන කාර්යාලක්ද? (නි)

:       0       0

උපුල් Monday, 15 June 2015 01:20 PM

මහින්ද පන්සල් යයි. ඔහු පන්සල් එන විට එහි රැස්වන ජනතාව බුදු මැදුරු, බෝ රුක් අසල සිට විසිල් ගසති. ජය ඝෝෂා කරති. ජනතාව හඬවයි.මේ අතර, ඔහුගේ පහනින් එළිය බලන්නට පොරකන ඔහුගේ ගෝලබාලයෝ ඔහු ඉදිරියට දමාගෙන දේශපාලන ගමනකට පිඹුරුපත් සකසති. ඉදිරි ඡන්දයකදී මහින්ද අගමැති කර ජනවාරි 8දාට පෙර පැවති දූෂිත ක‍්‍රමය ස්ථාපිත කර ගන්නට ඔවුහු උත්සාහ කරති.මේ මහින්ද කලබලය නිසා ජනවාරි 8දා නිර්මාණය කරන ලද වෙනස දැන් දැඩි අභියෝගයකට ලක් වී තිබේ. ප්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමටත්, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමටත් ආණ්ඩුව පසුගිය මාස කීපය තුළ සැළකිය යුතු වැඩකොටසක් කළ බව අප පිළිගත යුතුය (නි)

:       0       0

දිල්ප් වික්‍රමරත්න Tuesday, 16 June 2015 03:40 AM

සරසි ඔයා ඔයා ඔය කියන අනුකම්පාවෙ රඟ පෞද්ගලිකවම දැන ගන්න ඕනේ නම් "රූකාන්ත , චන්ද්‍රලේකා යුවල හරි අනෝජා වීරසිංහ " මැතිනිය හම්බුනොත් කියලා දෙයි. තමුන්ලා මැරිලා ඉපදුනාට හැමෝම එහෙම නැහැ. මෙතන මේ චන්ද්‍රිකාට පක්ෂව අදහස් දාන්නේ යු.එන්.පී කට්ටිය වෙන්නම ඕනේ. පුලුවන්නම් චන්ද්‍රිකා මැතිනියගේ ගමට ගිහිල්ලා මේ අපේ අම්මා තාත්තා හදපු පක්ෂය ඡන්දය දෙන්න කියලා ඉල්ලලා බලන්නකෝ. (නදී)

:       0       0

නලීන් Monday, 15 June 2015 01:47 PM

තවමත් මේ බල්ටි ගහපු කට්ටිය ඉස්සරහින් තියාගෙනනේ පක්ෂය ගැන කතා කරන්නේ. (නි)

:       0       0

තුෂාර Monday, 15 June 2015 01:53 PM

මේ වගේ කට්ටිය හින්දාම තමයි මහින්ද පැරදුනේ. දැන් ගෙදර ඉන්න ටිකත් පුළුවන් නම් නැති කරන්න. (නි)

:       0       0

සුදේෂ් Tuesday, 16 June 2015 03:45 AM

ඔබතුමාලා එකතුවෙලා මේ කරන්නේ ජාතික තටයුත්තක්. ඒ ගැන ඔබලාට සුබ පතනවා. ඔබලාගේ ගමන සාර්ථක වීම නිසැකයි. ඔහොම යං. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 01:54 PM

බද්‍රානි, කොහෙන්ද පාත්වුණේ? ඔය කියන සමහරුත් එදා ඔය කියන එකට අත ඉස්සුවනේ.. (නි)

:       0       0

රකිත් Tuesday, 16 June 2015 03:45 AM

මෙතන වැඩි හරියක් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් නෙමෙයිනේ. එතකොට ඒ අයට මොකක්ද තියෙන රුදාව? (නදී)

:       0       0

සමන්ති Monday, 15 June 2015 01:56 PM

මහජන එක්සත් පෙරමුණට නායකයෙක් නැත්ද? ඡන්දය ගැන කතා කළයුත්තේ ඡන්දයෙන් පත්විය හැකි අයයි (නි)

:       0       0

පෙරේරා Monday, 15 June 2015 01:56 PM

සම්පුර්ණ ඇත්ත කතාවක්. තරහ, ක්‍රෝධය මේවා මහජනතාව වන අපිට පේනවා. (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 02:06 PM

සිරි මහත්තයෝ,කෝට්ටේ නාග විහාරය පන්සලක් නම් අභයාරාමයත් පන්සලක්.නාග විහාරය දේශපාලන කාර්යාලයක් නම් අභයරාමයත් එහෙම එකක්... (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 02:06 PM

බද්‍රානි, අනේ යන්න බද්‍රානි යන්න..ගිහින් කුස්සියේ වැඩක් බලාගන්න.ඔයයි මායි දන්නා දේශපාලනය..! (නි)

:       0       0

රවී Monday, 15 June 2015 02:08 PM

පිවිතුරු යහපාල උන්නාන්සේ හිතන්නේ මේක එයාගේ පාඨක තීරය කියලා. (නි)

:       0       0

බද්‍රානි Monday, 15 June 2015 02:23 PM

පිවිතුරු යහපාල මහත්තයෝ, ඵලක් නැති දේවල් කර කර ඉන්න මට වෙලාවක් නැහැ. (නි)

:       0       0

බද්‍රානි Monday, 15 June 2015 02:45 PM

ඔයාටයි මටයි මොන කතාද යහපාල? (නි)

:       0       0

හසිත් Monday, 15 June 2015 02:47 PM

පිවිතුරුත් ගිහින් ලොන්ඩරියේ වැඩක් බලාගත්තා නම් මොකද? (නි)

:       0       0

ගිහාන් Monday, 15 June 2015 02:50 PM

මෙතන බවලතුන්ට කුස්සියට යන්න කියන්නේ සමහර ලොක්කන්ගේ ආර්යාවන් ජිවිතේට කුස්සියක් දැකලා නැතුව ඇති. (නි)

:       0       0

සඳුන් Tuesday, 16 June 2015 04:49 AM

ජේ ආර් ගේ උදාහරණය වැඩියෙන්ම අදාල වෙන්නේ මහින්දට බව මුට අමතකවෙලා (ම)

:       0       0

යෝනක Monday, 15 June 2015 02:53 PM

මඩ ප්‍රචාර නම් ඉතින් එමටයි (නි)

:       0       0

මලික් Monday, 15 June 2015 02:54 PM

කුස්සියේ වැඩක් බලාගන්න යවන්න ඕනෑ කට්ටිය තමයි කාන්තා සංවිධාන හදාගෙන දැන් වගඋත්තර බඳින්න වෙහෙසෙන්නේ. (නි)

:       0       0

දුල්මි Monday, 15 June 2015 02:58 PM

මෙතන කාන්තාවක් වචනයක් ලිව්වොත් යහපාලට කුස්සිය මතක් වෙනවා. කැමති ඇති කුස්සියේම ඉන්න තරමට. (නි)

:       0       0

බද්‍රානි Monday, 15 June 2015 03:06 PM

අපේ රටට හෙන ගැහිලා තියෙන්නේ දේශපාලකයින්ට පන්දම් අල්ලන මේ වගේ අය නිසයි (බ)

:       0       0

ශිවා Monday, 15 June 2015 03:09 PM

නිරුවතින් පාරේ ඇවිද්දවිය යුතුයි කියූ අයත් එක්ක වුවද එකට එකතුවී ජනවාරි 8 වෙනකම් හිටිය අයම නේද මෙහෙම කියන්නෙ? සමිත හා තු‍ෂාරගෙ අදහසට එකග වෙන්ඩ පුලුවන්....(බ)

:       0       0

අනෝමා Monday, 15 June 2015 03:11 PM

බද්‍රානි නෙවෙයි ඔන්න ඔය යහපාලට මල් මල් ඒප්‍රන් එක අන්දලා එවන්න කුස්සියට. අපි බලා ගන්නම් ඉතිරි ටික. (බ)

:       0       0

මරියසෙල් නිල්මිණි Tuesday, 16 June 2015 05:14 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න කාටවත් බැහැ . පක්ෂය දාල කවුරු ගියත් නිදහස් පාක්ෂිකයෝ පක්ෂය දාල යන්නේ නැහැ. (ම)

:       0       0

පියුමි රශ්මිකා Monday, 15 June 2015 03:25 PM

ඇත්ත කතාව, මහින්ද නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නෑ (බ)

:       0       0

තිළිණ Tuesday, 16 June 2015 05:14 AM

මගේ දෙමව්පියෝ හොඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්. මෙතන අදහස් දල තියෙන අය වගේ වෙනත් පක්ෂයක් හිතේ තියාගෙන ශ්‍රී ලංකා එක ගැන කතා කරන අය වගේ නෙමෙයි.පක්ෂය පවා දීල අපහු බලෙන් පක්ෂේ සභාපති ගත්තට මිනිස්සුන්ගේ හදවත් ගන්න බැහැ.(ම)

:       0       0

ලක්සිරි Monday, 15 June 2015 03:30 PM

කට්ටියගේ මුහුණු දිහා බැලුවම කියන්න පුළුවන් එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්නවා කියල. ඒ වගේම මේ පිවිතුරු පාල කියන හාදයත් එල්ලෙන්න මුකුත් නැතිව අද බද්‍රනිගේ චිත්තේ එල්ලිලානේ. (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 03:38 PM

කට්ටියගෙන් පෙනෙන්නේ මහින්ද මහත්තයට තියෙන බය.මහින්ද මහත්තය පැරදුනාම සියල්ල හරි අප්පච්චිව වල දැම්ම කියල හිතපු නොට්ටිගේ පුත්තුත් පුළුවන් තරම් මඩ ගහල මිනිස්සුන්ට එපාම කරවල අප්පච්චිට පාන්ෂකුලේ දෙන්න බලාගෙන හිටපු යු අන් පි එන් ජි ඕ නඩේත් දැන් රෑට නිදා ගන්නේ නැතිලු අප්පච්චිව හීනෙන් පේන හින්ද.පව් කියල හිතෙනවා කට්ටිය ගැන..හිතේ අමාරුවට තීරු පිරෙව්වට දැන් වැඩක් නැහැ..අප්පච්චි එනවා..ලග ලගම එනවා..ඒක වලක්වන්න සක්කරයටවත් දැන් බැහැ..(බ)

:       0       0

චතුර Wednesday, 17 June 2015 09:17 AM

සහතික ඇත්ත (ම)

:       0       0

කුමාර Monday, 15 June 2015 03:50 PM

පක්ෂය නෙවේ රටත් කන්න ලෑස්ති වෙලා ඉන්නේ මගේ අලුත් ටීම් එකකට. රට ඉවරයි (බ)

:       0       0

දම්මික Tuesday, 16 June 2015 05:52 AM

අපේ පක්ෂයේ බොහෝ දුරට අගමැති අපේක්ෂක වීමට නියමිත සිරිපාල මහත්තයත් සමග අපි සියලු දෙනා අත්වැල් බැඳ ගත යුතුයි. අපි බෙදුනත් එ්කේ වාසිය එජාපයටයි. සියලු බලවේගත් ,නිදහස් පාක්ෂිකයනුත් සිරිපාල මහතාත් සමග සිටියොත් නිදහස් පක්ෂයේ ජය ඒකාන්තයි. (ස)

:       0       0

පුෂ්පකුමාර Monday, 15 June 2015 03:55 PM

අර කියන ගොන් කතා අහල මෙතන එකෙක් හොඳටම චුන් වෙලා. (බ)

:       0       0

කාමලික කරුණාතිලක Monday, 15 June 2015 03:58 PM

කතාව ඇත්ත (බ)

:       0       0

සුරනිමල Tuesday, 16 June 2015 05:53 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට කුඩු කාරයෝ මැරයෝ හොරු පත් කෙරුවේ කවුද ? (ස)

:       0       0

පිවිතුරු යහපාල Monday, 15 June 2015 04:03 PM

අනෝමාට පවුල් අවුලක්ද මේ පිට පිරිමි කුස්සියට දා ගන්න හදන්නේ..(බ)

:       0       0

ප්‍රියනාත් Monday, 15 June 2015 04:12 PM

යහපාල ගොයියෝ ඔබේ අප්පච්චි කළ දේවල් වලට රටේ ජනතාව නම් එතුමාට පාන්ශුකුලේ දීලත් ඉවරයි. පහුගිය කාලේ අප්පච්චි කල දේවල් වල හැටියට මිනිස්සුන්ට මතක් වෙද්දීත් බය හිතෙන එක සාධාරණයි. ඕනෑම නම් ඉතින්, දවල්ට අභයාරාමේ ඉතුරු වෙන දන් ටිකක් වළඳලා, රෑට බණ මඩුවේ අප්පච්චිවත් තුරුල් කරගෙන නිදා ගන්න. (බ)

:       0       0

මාලන් Monday, 15 June 2015 04:16 PM

මොකද මඩේ එරිල ඉන්න මේ කට්ටිය කෑ ගහන්නේ බේරගන්න කියලද? කට්ටිය ඔය මඩේම ඉන්න ඔබලාට සුදුසුම තැන ඔතන තමයි.(බ)

:       0       0

දුමින්ද Tuesday, 16 June 2015 05:59 AM

ඔන්න බොලේ කැරකෙනවලු පක්ෂ කඩන චන්ද්‍රිකාව. (ස)

:       0       0

විකුම් රංගන Monday, 15 June 2015 04:26 PM

පින්තූර ටික දකිද්දී ඒත් මම හිතුවේ වෙන විදියකට (නි)

:       0       0

කණිෂ්ක Monday, 15 June 2015 04:28 PM

දැන් එතකොට එයාද හැමදේටම මුල? (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 16 June 2015 06:00 AM

ප්‍රියනාත් මහත්තයට වැරදිලා..බෙදුම් වාදීන්ට ආගම් වාදීන්ට අනෙක විධි කප්පන් දෙන්න පොරොන්දු වෙලා අන්තර්ජාලය පුර සංවිධානාත්මකව මඩ වපුරලා තරුණ කොල්ලෝ කෙල්ලෝ රවට්ටලා යන්තම් වැඩිපුර චන්ද ලක්ෂ හතරක් ගැට ගහ ගත්ත පලියට කොහොමද මහත්තයෝ තනි පිරිසිදු ලක්ෂ 58ක් මිනිස්සුන්ගේ විශේෂයෙන් සිංහල බහුතරයේ කැමැත්ත ලැබූ එතුමාට පාන්සුකුලේ දුන්න කියන්නේ..පහුගිය කාලේ මතක් වෙනකොට බය හිතෙනවා තමයි.. ඒ මරබිය මිනිස්සුන්ගෙන් නැතිකලේනම් එතුමා.ඔබ තුමාගේ ඔය යහපාලනය නෙමෙයි..අනෙක දිලිප් මහත්තයෝ..මෙතන කොහෙද මධ්‍යස්ත අදහස්.යහපාලනයට පක්ෂ සහ විපක්ෂ මත මිසක්.මේ තීරුවේ ශ්‍රී ලංකා එක ගැන කිඹුල් කදුළු හෙලන ඔක්කොම පට්ට යු එන් පි කාරයෝ..අපි නොදන්නා යහපාලනේ දේශපාලනය. (ස)

:       0       0

යශෝද් Monday, 15 June 2015 04:43 PM

ඔය කවුරු මොනවා කිවුවත් මහින්ද මහතා වටා ඇති ජන බලවේගය නැතිකරන්න බැහැ (නි)

:       0       0

රටවිරුවා Tuesday, 16 June 2015 06:32 AM

අගේ වෛරය තමා හැම දේටම මුල. (ස)

:       0       0

සරත් Tuesday, 16 June 2015 06:32 AM

යහපාලනය නෙමේ පච පාලනය. (ස)

:       0       0

පී.එස් කෙටකවෙල Monday, 15 June 2015 05:17 PM

චන්ද්‍රිකා මැඩම් කරපු දෙයක් නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 57 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1111 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 203 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 436 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 356 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 604 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36774 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24299 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site