IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පක්ෂ කැඩු මහින්ද කුණු බක්කියට යනවා

‘‘ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ හැම දේශපාලන පක්ෂයක්ම කැඩුවා ,එක්සත් ජාතික පක්ෂයත් කඩන්න උත්සහ ගත්තා. මේ විදියට යන  මහින්ද රාජපක්ෂ මහත්තයගේ දේශපාලනය ඡනතාව ප්‍රතික්ෂේප කර අන්තිමට නවතින්නේ කුණුබක්කියේ‘‘ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා කඩුගන්නාව ඩෝසන් කුළුන අසලදී කිවේය.

ඔහු මුස්ලිම් කොන්ග්‍රසය,හෙළ උරුමය කඩන්න බොහෝ උත්සාහ ගත්ත සමහර උත්සාහ සාර්ථක වුනා හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායමට අද ඒ කරුමයට මුහුණ දිලා.  අන්තිමට ජනතාව ප්‍රතික්ෂේප කලා.

මේ ළගදි විමල් විරවංස මහත්ත‍යගේ ගෙදර ලමයෙක් කරදරයක් වී ජිවිතයක් අහිමි වුණා. මේ වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවක් තිබිලා එක්සත් ජාතික පක්ෂේ ප්‍රාදේශිය සභා පළාත් සභා මන්ත්‍රිවරයෙකුගේ හෝ ගෙදරක මෙහෙම ප්‍රශ්නයක් වුනානම් අද ඒ මන්ත්‍රිවරයට මොන වගේ තාඩන පීඩනයකට  මුහුණ දෙන්න වෙයිද? මේ රට ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍ය තුමත් නීතියට ඇඟිලි ගහන්නේ නෑ.



අදහස් (0)

පක්ෂ කැඩු මහින්ද කුණු බක්කියට යනවා

අල්විස් Sunday, 27 November 2016 10:23 PM

පැන්ෂන් ගිය අය කොහොමත් කුණු බක්කියට තමයි (නි)

:       0       0

පිරිස් Sunday, 27 November 2016 10:25 PM

කුණුබක්කිය ගඳනොගස්සා විනාශ කරන්නකෝ (නි)

:       0       0

සවනත් Sunday, 27 November 2016 10:36 PM

ඔබතුමාගේ පක්ෂය කඩාගෙන ගියේ කවුද. ඒ නිසා තමුන්ගේ ඇහේ තිබෙන ලොකු කුණුගොඩ පෙනෙන්නේ නැතුව වෙන්න ඇති අනුන්ගේ කුණු හොයන්නේ (නි)

:       0       0

පරාක්‍රම Sunday, 27 November 2016 11:38 PM

ඔබතුමන්ලා තමයි අද කුණු බක්කියේ. ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි (නි)

:       0       0

සිසිර Sunday, 27 November 2016 11:45 PM

කවුද මේ? අපි ජීවිතයට අහපු නැති කෙනෙක්. මොනවාහරි කියලා කැපීපෙනෙන්න හදන කෙනෙක් වගේ කියලයි හිතෙන්නේ. (නි)

:       0       0

සුනිල් විජේසේන Monday, 28 November 2016 09:03 AM

කුණු බක්කියේ සිට කතා කරයි (බ)

:       0       0

සත්‍යා Monday, 28 November 2016 12:26 AM

මන්ත්‍රීතුමා කියන දෙය පැහැදිලි නැහැ. මහින්දගේ කාලේදී විමල් වීරවංශගේ ගෙදරදී ඔය මරණය වුණා නම් වෙන්නේ සත්‍යය එහෙම පිටින්ම වසන් කරලා මුළු ගෙදරට විතරක් නොවෙයි මුළු පවුලටම ආණ්ඩුවේ සල්ලි වලින්ම "සුදු හුණු" ගානවා. නමුත් මන්ත්‍රීතුමා කියන විදියේ කරදරයකට ඔය එක් කෙනෙක්වත් පත්වෙන්නේ නැහැ. (නි)

:       0       0

සමන්ත Monday, 28 November 2016 12:54 AM

අතකොටා වගේ වැඩකාරයෝ ටික හිරේ දැම්මාට මහින්ද වෙනුවෙන් ඕනෑතරම් හොර ඡන්ද දාන්න වුණත් කොල්ලෝ තාම මේ රටේ ඉන්නවා. (නි)

:       0       0

සුසිල් Monday, 28 November 2016 01:37 AM

මට නම් හිතෙන්නෙ විමල් අනිත් අයට කළ අපහාස ආපසු කැරකෙනවා කියලයි. (නි)

:       0       0

නීල් Monday, 28 November 2016 02:38 AM

මම දන්න විදියට නම් ඒ කාලේ මහින්දගෙන් වැඩියෙන්ම වැඩ කරගත්තේ විපක්ෂයේ හිටපු කට්ටිය (නි)

:       0       0

සිසිර Monday, 28 November 2016 02:51 AM

මෙයත් ඉක්මනටම කුණු බක්කියකට යන කෙනෙක් වගේ පේනවා. (නි)

:       0       0

පාලිත Monday, 28 November 2016 02:52 AM

පරිස්සමෙන් ඉන්න. ඔයාට කුණු කූඩේ හරි ඉන්න රටක් තියෙන්නේ එතුමා නිසා. (නි)

:       0       0

දහම් Sunday, 27 November 2016 12:52 PM

මේ කොහේ ඉඳලද කාලෙකට පස්සේ. ආයිත් ඡන්දයක් තිබ්බොත් ඔහෙලට නම් අැපත් නැහැ. එ්ක මතක තියාගත්තොත් හොඳයි. (නි)

:       0       0

දිනේෂා Sunday, 27 November 2016 01:05 PM

මෙයාලා මේ කටින්ද මන්දා කතාකරන්නේ? (නි)

:       0       0

ඉන්දික Sunday, 27 November 2016 01:45 PM

කවුද කුණු බක්කියට යවන්නේ කියලා ජනතාව තමයි තීරණය කරයි. (හේ)

:       0       0

සමන් Sunday, 27 November 2016 01:52 PM

ඒජපෙ නම් මහින්ද කැඩුවේ නෑ. (හේ)

:       0       0

ජනක Sunday, 27 November 2016 02:29 PM

කුණු බක්කියේ ඉන්නේ කවුද කියලා රටේ මිනිස්සු දන්නවා (නි)

:       0       0

ලුසේනා Sunday, 27 November 2016 04:26 PM

අහසින් වැටුණු මිනිසුන් අතර පොළවේ පයගසා සිටින මිනිසුන්ද සිටින බව වටහාගන්න (නි)

:       0       0

පහන් Sunday, 27 November 2016 04:51 PM

ජනතාව එතුමා ප්‍රතික්ෂේප කර නැහැ. එතුමා රටට සාමය ලබාදුන් වීරයෙක් (නි)

:       0       0

ජනහිත Sunday, 27 November 2016 05:18 PM

මෙයා ඉපදිලා නැහැ, නැත්නම් යලි ඉපදිලා. මොකද ශ්‍රීලනිපය මෑතකදී හා අතීතයේදී කැඩුවේ කවුද කියලා හොඳට හොයලා බැලුවා නම් හොඳයි නේද. ආත්මය රැක ගන්න බොරු කියන එකෙන් වැළකුනොත් තවත් හොඳයි. (නි)

:       0       0

සෙන්දනායක Sunday, 27 November 2016 05:29 PM

මහින්ද මහත්තයාගේ මල්පොහොට්ටුව එහෙම ලේසියෙන් පරවෙන්නේ නැහැ (නි)

:       0       0

සෙනෙවි Sunday, 27 November 2016 05:33 PM

දේශපාලන කුණු බක්කිය ගැන කියන්නේ අත්දැකීමෙන් වෙන්න ඇති (නි)

:       0       0

චානි Sunday, 27 November 2016 06:24 PM

ඔවුන් දැනටමත් ඉන්නේ කුණු බක්කියේ තමයි. (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 27 November 2016 06:44 PM

කුණු බක්කියට යැවුවේ ජනවාරි 8. දැන් ඉන්නේ සමූපකාර කුණු බක්කියේ. (නි)

:       0       0

ඇසල Monday, 28 November 2016 07:30 AM

මොන වීර කමක් කලත් අනා ගත්තාට පස්සේ ??? (ම)

:       0       0

නිමල් Sunday, 27 November 2016 07:59 PM

අනේද කියන්නේ.....? පොඩ්ඩක් ඉන්නකෝ. මිනිස්සු එ්ක බලාගනීවී (නි)

:       0       0

ලක්ෂි Sunday, 27 November 2016 09:47 PM

කවුද මේ මයන්ත දිසානායක කියන්නේ? මොනවද ඔහු රට වෙනුවෙන් කරලා තියෙන්නෙ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1779 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1340 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 376 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 509 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 231 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 150 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40017 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site