IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


පක්ෂ රැසක් අභයාරාමයට

(යොහාන් භාසුර)

ගුරු - විදුහල් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකිරීම සඳහා ගුරු - විදුහල් වැටුප් විෂමතාට එරෙහි ජාතික එකමුතුවේ සංවිධානයෙන් නාරාහේන්පිට අභයාරාමයේදී අද (6) පස්වරුවේ පැවැති සර්ව පාක්‍ෂික සමුළුවට ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.

එම සමුළුවට සහභාගී වූ ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ නියෝජිතයෝ ගුරු අරගලයට සහාය පළ කළහ.

මෙම සමුළුවට සමඟි ජනබලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු සහභාගි වීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ සහ විජේදාස රාජපක්‍ෂ, සමඟි ජනබලවේයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු කථා නායක, සාධාරණ සමාජයක් සංවිධානයේ සභාපති කරූ ජයසූරිය, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ජාතික හෙළ උරුමයේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නීතිඥා ගුණරත්න වන්නිනායක මහත්වරු සහභාගි වූහ.

ගුරු - විදුහල් වැටුප් විෂමතාට එරෙහි ජාතික එකමුතුව නියෝජනය කරන ගුරු සංගම් 13 ක් නියෝජනය කරමින් නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මෙම සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගී වූ සියලුම දේශපාලඥායින් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් පැවසුවේ ගුරු - විදුහල්පති වැටුප් අරගලයට සහයෝගය දක්වන බවත්ය.

එහිදී අදහස් දැක්වූ ගුරු සංගම් නියෝජිතයන් පැවසුවේ ගුරුවරායට සහ විදුහල්පතිවරයාට නිසිතැන ලබාදෙන ලෙසත් ‘සුබෝධනී’ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් නැවත නැවතත් ඉල්ලා සිටින බවත්ය.

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නායකහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සර්ව පාක්‍ෂික සමුළුව ගුරු - විදුහල් වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ සංවිධානය කළහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (21)

පක්ෂ රැසක් අභයාරාමයට

සිරිබිරිස් Wednesday, 06 October 2021 06:44 PM

අනේ මන්දන්නේ නෑ

:       0       0

siri Wednesday, 06 October 2021 07:03 PM

අනේ හැබෑට මෙතරම් පුජනීය ස්ථානයකදී බණ පදයක් අහන්න වාසනාවක් අපට නැති හැටි.

:       0       5

කල්පනා Wednesday, 06 October 2021 07:18 PM

ලංකාව පිරිහෙමින් තියෙන්නෙ ජනතාව පුද්ගලික වාසි තකා විවිධ පක්ෂ වලට බෙදී සිටීම නිසාය. මේ වනවිට ලියාපදිංචි පක්ෂ සියයක් හෝ ආසන්න ගණනක් ඇත. මේ නිසා දැන්වත් පක්ෂ භේද අතහැර එක්වෙන්න. එක්වෙලා මේ රට ආරක්ෂා කරගෙන සංවර්ධනය කරන්න

:       0       5

damith Wednesday, 06 October 2021 07:35 PM

අභයාරාමය කියන්නේ දේශපාලන කාර්යාලයක්ද

:       0       4

Lelwala Wednesday, 06 October 2021 07:39 PM

2015 යහපාලනයක් ගෙනැල්ල මුලු රටම කෑවා. මේ සැරෙ කරන්න යන රංගනය මහ ජනතාව ඉතා ඕනැකමින් බලා සිටියි. මහජනතාව රැවට්ටුව හොදටම ඇති.

:       5       3

SL Wednesday, 06 October 2021 09:41 PM

හිටපු අධ්‍යාපන ඇමැතිත් ඉන්නේ , මොකද දන්නේ නැහැ ඒ දවස්වල විසඳන්න බැරි වුනේ .දේශපාලනයයි ,අධ්‍යාපනයයි ගෑවුනේ ජවිපෙ අන්තරේ පටන්ගත්තු දා ඉඳල .එතනින් එහාට ලංකාවේ අධ්‍යාපනය ඉවරයි . අපිට පස්සේ ආපු රටවල් අධ්‍යාපනයෙන් රටේ දලදේශීය නිෂ්පාදනයට වටිනාකමක් දෙද්දී.... අපි තවම පාරේ..උද්ගෝෂණ.

:       5       3

ගමේ එකාලා Wednesday, 06 October 2021 09:50 PM

අබයාරාමය කියන එකත් වෙනස් කරන්ඩ වෙයි වගේ? බැලුවොත් දේසපාලුවෝ ?

:       0       4

gamunu Wednesday, 06 October 2021 10:29 PM

ගුරු - විදුහල් වැටුප් විෂමතාව කතා කිරීමට පෙර සියලු විදුහල්පතිවරු සහ ගුරුවරු සේවයට වාර්තා කරන්න

:       5       3

Chandima Thursday, 07 October 2021 06:12 AM

අර මංගල සමරවීර සජිත්ගේ සහයට ගිහින් ඒ වේදිකාවේ ඉඳන් හාමුදුරු වරුන්ට බැන්නා වගේ වැඩකටද මේ ලෑස්ති වෙන්නේ ?

:       4       2

gunarathna Thursday, 07 October 2021 06:37 AM

නිකන් අධ්‍යාපනය ලබපු ගුරුවරු දැන් උගන්නවට වැඩිපුර සල්ලි ඉල්ලා උද්ඝෝෂණය කරනවා .දරුවෝ ඉන්න ගුරු පියවරු මේ ගැන හිතුවොත් නරකද ?

:       11       3

Raveendra Thursday, 07 October 2021 06:58 AM

මෙහි සිටින කිසිදු දේශපාලුවෙක් තමන් බලයේ සිටි කාල වකවානුවෙත් මෙම ගැටලුව තිබු බවක් සදහන් නොකර සිටීම අරුමයකි. එමගින් එක් දෙයක් ස්ථිරය. "අපි හරකුන්" බලයේ සිටියා නම් මෙවැනි ගැටළු නැති බවත් දැන් බලයේ ඉන්න "හරකුන්ට" වැඩ බැරි බවත් පෙන්වීමටය. මෙම අදහස් මෙම සමුළුවට සහබාගිවු "සියලුම හරකුන්ට" පුද්ගලිකව කියවීමට හැකි වේවා.......! ! ! "මෙවන් වංක දේශපාලුවන් අපගේ මාතෘබුමියෙන් සදහටම මකබෑ වේවා......"

:       3       9

Raveendra Thursday, 07 October 2021 07:07 AM

මෙම සමුළුවට සහබාගිවු සියලුම දේශපාලුවන්ට අප මෙසේ කීමට කැමැත්තෙමු. තමන් දියවනාව පට්ටියට යන පළමු අවස්ථාවේදීම පහත සදහන් යෝජනාව ඉතා ඉක්මනින් සම්මතකර නීතිගත කර ආයතන සංග්‍රහයට ඉක්මනින්ම ඇතුලත් කිරීමට කටයුතු සලස්වන ලෙසය. එම යෝජනවා මෙසේය. "ඕනෑම රජයේ සේවකයකුට ඕනෑම අවස්ථාවක වැඩවර්ජන කිරීමේ අයිතියක් සම්පුර්ණයෙන් ඇති නමුත් වැඩවර්ජන කරන කරන කාලවලට අදාළ කිසිදු වැටුපකට, දිමනාවකට රජයේ සේවකයන්ට කිසිදු අයිතිවාසි කමක් නැති බැවින් එසේ ගෙවීම් නොකරන බවට." මෙමගින් රටේ දියුණුව අදාළ කරන අනවශ්‍ය වැඩවර්ජන සියල්ලටම පිළිතුරු ලැබෙනු බව නියතය. තමන් උපන් රටේ දියුණුවට අකමැති දේශපාලුවන් මෙම යෝජනාවට එක හෙලා විරුද්ධ වනු නියතය. මෙම අදහස් දියවනාව පට්ටියේ හරකුන් 226 දෙනාටම කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකිවේව...... අපගේ මාතෘභූමියට යහපතක්ම වේවා..........

:       7       6

p.d goonawardena Thursday, 07 October 2021 09:04 AM

සහරාන්ට කෝල් එකක් දෙන්න හොදම වෙලාව​...

:       1       0

ලමය Thursday, 07 October 2021 09:15 AM

හොදයි උදව් ගත්තට සටනට , හැබැයි ඔය සෙට් එකම තමයි මේ රට මෙි හොර කල්ලියට බාර දෙන්න හුගක් දර දිය ඇද්දෙ.

:       2       6

කිරි පුතා Thursday, 07 October 2021 09:53 AM

තමන් බලයේ ඉන්න කාලෙ දැක්කෙවත් නැති ප්‍රශ්නයකට හිත උණුවෙලා දෙකොනින් ගලන්න අරගෙන. මේ හැම කෙනෙක්ම කරන්නෙ පෞද්ගලික දේශපාලනයක් . කට්ටියටම හොඳ කොනක් අහුවෙලා. රටම කාබාසිනියා කරලා දාන්න තමයි දත නියවන්නෙ

:       2       4

kamal Thursday, 07 October 2021 09:59 AM

මේ පින්තුරේ බැලුවහම රට බල්ලට ගියේ ඇයි කියලා හොඳින්ම පේනවා

:       1       3

BamunuarachchiFriday, 08 October 2021 08:22 AM

මටනම් පින්තුරේ බලන්න ඕනේ නැහැ ඔබේ කමෙන්ට් කියෙව්වාම තේරුනා රට බල්ලට ගිහින් කියලා.

:       0       1

Bamunuarachchi Thursday, 07 October 2021 10:32 AM

මොකද අභයාරාමයේද කෙරුමා ඉන්නේ?

:       3       9

Lelwala Thursday, 07 October 2021 02:22 PM

හෙද නෝන ට කරන්න බැරි දෙයක් නැහැ කියල රජයට පෙන්වන්වන්න හදන්නෙ.. දානෙ කාලා පන්සලට වෙලා ඉන්නෙ නැතිව..

:       0       5

ගමේ එකාලා Thursday, 07 October 2021 05:04 PM

අබයාරාමයත් දැන් ප්‍රශ්න විසදන තැනක් වෙලා

:       0       2

ශිරෝමාලා ටීචර් Friday, 08 October 2021 04:52 PM

මට පොඩි මතකයක් තියෙනවා හරියටම මතක නැහැ... කලකට පෙර ගුරු වැටුප් ගැටලු විසඳන්න විශාල මුදලක් පළාත් සභා වලට එවා තිබුණා කියලා නමුත් බලධාරින් ඒවාට සැලකිලිමත් නොවූ නිසා මුදල් ආපසු ගොස් ඇත්නම් ඒකට වගකිවයුතු අය සොයා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2134 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 408 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 700 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1061 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 184 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 652 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site