IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පක්ෂ ලකුණ මහින්දයි : බැසිල්ගෙන් අලුත් ගහට වතුර

මහින්ද රාජපක්ෂ මහතා අප පක්ෂයේ සලකුණ බවත් මේ පක්ෂය ජනතාව තුළින් හැදෙන අතර එය අලුතින් සෑදිය යුතු නැති බවත් හැදෙන ගසට තමන් ජලය ටිකක් දමන බවත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (25) බදුල්ලේදී පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත සංසදයේ නව ජාතික බලවේගය ගොඩනැගීමේ විශේෂ සාකච්ඡාව බදුල්ලේ පැවැති අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ ඔහු එසේ කීවේය.

‘අපි මේ රටේ අවශ්‍යතාවය ඉටුකරමින් යන්නේ. අනුරාධපුරෙන් පටන්ගෙන අපි පුත්තලම, මහනුවර, රත්නපුර, අද බදුල්ලට ආවා. හෙට අනිද්දා ගාල්ලට යනවා. මට විරුද්ධව හැමදාම නොයෙක් දේවල් කියනවා. අධිකරණයේ නඩු ඇති නිසා ඒ ගැන කථා කරන්නේ නෑ. වැඩි විස්තර දැනගන්න පත්තර බලන්න. පරණ පත්තර නොවේ අලුත් පත්තර බලන්න.‘ යැයි ද රාජපක්ෂ මහතා කීය.

web20161025_140716_resized



අදහස් (0)

පක්ෂ ලකුණ මහින්දයි : බැසිල්ගෙන් අලුත් ගහට වතුර

නන්ද Tuesday, 25 October 2016 05:04 PM

අනේ කියන තැනකට වඳින්නම්. ඔබතුමා ඇමරිකාවට ගිහින් එහෙ ඕනෑ එකක් කරගන්න. ශ්‍රී.ල.නි.ප. ය දෙකට තුනට කඩන්න තමයි තමුන්නාන්සේ හදන්නේ. තමුන්නාන්සේ ඒ පක්ෂයට හෝ අපේ රටට හෝ කිසිම ආදරයක් තියන කෙනෙක් නොවෙයි කියලා රටේ ජනතාව හොඳට තේරුම් අරගනයි ඉන්නේ. (නි)

:       0       0

රංගන ප්‍රභාත් Wednesday, 26 October 2016 07:26 AM

හොදට හැදුනු ගහේ මුල් කපලා දැන් වතුර දැම්මට අයේ පැල වෙන්නේ නැ. (අ)

:       0       0

වින්සන්ට් Tuesday, 25 October 2016 08:29 PM

ලැජ්ජාවක් නැතුව ජනතාව ඉදිරියට එන එකයි පුදුමේ. වටකරගෙන ඉන්න අය ගැන ඊටත් වඩා ලැජ්ජා වියයුතුය. (නි)

:       0       0

පී. ඉලංගරත්න Tuesday, 25 October 2016 09:40 PM

මහින්ද දිනන්න ඕනෑ නම් බැසිල් දේශපාලනයෙන් සමුගන්න. ඔයාලා තමයි මහින්ද මහත්තයව විනාශ කළේ. (නි)

:       0       0

වසන්ජය Tuesday, 25 October 2016 09:49 PM

රටටම එපාවුණ මේ අය ඈත් කරලා තියන්න මහින්ද මහතා උනන්දු නොවෙන හැටි? (නි)

:       0       0

නිමල් මඩවල Tuesday, 25 October 2016 10:32 PM

මෙයාලා නුවරඑළියේ පැත්තේ මහා ගහක් මුල තමා හිටියේ. නමුත් එය අකාලයේ මියගිය නිසා මෙයාලට යන එන මං නැතිවුණා විතරක් නොව ඒ හෙවණ දුන් මහා වෘක්ෂයට කළගුණ නොසළකපු මිනිසුන් අතර එක අයෙකුත් වුණා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 25 October 2016 11:11 PM

මෙයාලා ගත්තොත් අලුත් පක්ෂයත් කපෝති තමයි (නි)

:       0       0

මොහාන් Wednesday, 26 October 2016 12:23 AM

අනේ මොකටද ඉතින් මගේ කට! (නි)

:       0       0

පෙරේරා Wednesday, 26 October 2016 12:27 AM

අපි කොහොමත් පරණ පත්තර බලන්නෙ නැහැ මහත්තයෝ (නි)

:       0       0

ඉන්දික Wednesday, 26 October 2016 01:09 AM

මහින්ද මහත්තයාව ආයෙත් අමාරුවේ දාන්නද හදන්නේ? (නි)

:       0       0

පේදුරු Wednesday, 26 October 2016 01:10 AM

මහින්ද මහත්තයා යන ගමනක් තනියම යන්න. මෙයාලත් එක්ක ගියොත් ඔයාට ඇපත් නැහැ (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 26 October 2016 01:47 AM

ඔව් ඉතින් මහින්ද මහත්තයා නැත්නම් ඔය පක්ෂෙට ඇපත් නැහැ (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 26 October 2016 02:14 AM

මේ නව පක්ෂයට තාම නමක් දාලා නැද්ද? (නි)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 25 October 2016 10:22 AM

ඒ කියන්නේ මෙයාල අලුත් පත්තරයක් පටන් ගන්න වගේ හදන්නේ (බ)

:       0       0

නිසාන් Tuesday, 25 October 2016 10:33 AM

ඔබතුමා වගේ අය එල්ලුනේ නැත්නම් අදත් මහින්ද මහත්තයා නිවැරදි කෙනෙක් (බ)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 25 October 2016 10:46 AM

මේ සටනට ඔබ තුමා නාවොත් ජය නියතයි (බ)

:       0       0

ජගත් Tuesday, 25 October 2016 11:18 AM

කොහොමත් පරණ පත්තරවල ඔයාගෙ වැඩ තිබ්බේ නැහැ. අපි ඒවා දැක්කෙ අලුත් පත්තරවල විතරයි. මහින්ද මහත්තයාට යුද්දෙ ඉවරකළ නිසා තාමත් ගෞරවයක් තිබුනද ඔබ වැනි අයකුට කිසිම ගෞරවයක් නැත. (බ)

:       0       0

හර්ෂ Wednesday, 26 October 2016 03:59 AM

මෙයා ඉන්නකන් මහින්දට දිනන්න බැහැ (නි)

:       0       0

සිසිල් Wednesday, 26 October 2016 04:03 AM

ඡන්ද ලකුණට හෙන්ඩුව තමයි හොඳම ලකුණ කියලා මම නම් හිතන්නේ (නි)

:       0       0

අශිකා Tuesday, 25 October 2016 01:07 PM

මේ වගේ රැලක් උත්තරීතර පාර්ලිමේන්තුට යැව්වනේ අපේ හාමුදුරුවනේ? මේක මොන උගතෙක්ද? මොනවා දන්නවටද?අනේ මගේ අහිංසක රට කොච්චර අසරණද? (බ)

:       0       0

ධම්ම Tuesday, 25 October 2016 01:10 PM

නියමයි, අයියා පක්ෂයේ සලකුණයි. (බ)

:       0       0

චතුරි Tuesday, 25 October 2016 01:31 PM

ගහට වතුර. දමන්නේ බලාගෙන ගහේ මුල කුණු වෙලා අකුණු. වැදිලා තව සමහරු කිරෙන් නාවයි බලාගෙන ගහේ අලුතෙන් අතු ආවද. පරණ දල්ල. බාගෙට මැරිලා විදේශයෙන්. හරි උපදෙස් ගන්න. ගහ බේර ගන්න පරණ. පත්තර. වල ඔය ගහේ මහා අතුවල. රෙකොඩ්ස් තියෙන්නේ. ඒවා. අපිට තවම මතකයි අලුත් අතුඅවට ගහ. ගැන ජනතාව හොඳට. දන්නවා. මල්වානේ ගියේ. නැතිද . (අ)

:       0       0

කුමාරි Wednesday, 26 October 2016 05:48 AM

ඔය කිව්ව කතාවටත් මහින්දගෙන් කීයක්හරි ඉල්ලුවද දන්නේ නැහැ. (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Tuesday, 25 October 2016 02:10 PM

වංචා දූෂණ වැළක් තියාගෙන සමාජය ඉදිරිපිටට ඒමට හැකියාව ඇත්තේ බුද්ධියෙන් තොර වූ රැවටෙන අහිංසක සමාජයක් රටේ වෙසෙන හෙයින් බැව් මගේ අදහසයි. (අ)

:       0       0

නාමල් Tuesday, 25 October 2016 02:29 PM

මේවගේ කම්බ හොරු පාර්ලිමේන්තුවට නොගෙන ඒමට සියලු ජනතාව පෙළ ගැස්විය යුතු වෙනවා .නැතිනම් රටට මහා විනාසයක් (අ)

:       0       0

අබ්දුල්ල Tuesday, 25 October 2016 02:47 PM

ඉස්සෙලම ගහන්න ඕන මේ අය වටේ ඉන්න මේ කටු සෙට් එකට බලපල්ලකො මේ කටත් ඇරගෙන ගිලින්නම බලාගෙන ඉන්න එකෙක්. මේ අයට හොඳට ගිලල ගිලල පුරුදු වුණේ (අ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 26 October 2016 06:28 AM

මෙය මුල්වෙනවා කියන්නේ ,මහින්ද ජනාධිපතිතුමා නිකන්ම පරාදයි (අ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 25 October 2016 04:03 PM

බැසිල් මල්ලි, අයියා හොඳට දළු දාල,මල් පල ගැන්වෙන ගහක් වෙන්න කියල වතුර දැම්මට කමක් නැහැ. ඒ වුනාට පසුගිය ඡන්දෙන් එයා දෙපාරක් පරාජය වුනේ ඔබලා වගේ රංචු ගහවටේම මුත්‍රා කරපු නිසයි !!!!! (බ)

:       0       0

පද්මිණී Tuesday, 25 October 2016 04:08 PM

වතුර දාලා පණ ගන්වන්න සැවොම එකතු වෙන්න. මල්වානෙන් ගෙනාපු පැනීම පැණි රඹුටන් ගහ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 79 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 108 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 129 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 515 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 806 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 252 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site