IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ගුටි කෙළ ගනිති

(ආරියරත්න රණබාහු)

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවිය.

ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ හා ආණ්ඩු පක්ෂයේ එස්.එම්.මරික්කාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ අතර ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් බවට පත්විය.

ගැටුම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතාට ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.

මේ අතර විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය.



අදහස් (70)

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ගුටි කෙළ ගනිති

SUMUDU Wednesday, 10 January 2018 06:51 AM

ජේ වී පී අය ඕකට මැදිහත් උනාද ? මම මේ දවස්වල ඒ අය ගැන හරි පැහැදීමෙන් ඉන්නේ .ඔවුන් මේකට නැත්තම් තවත් පැහැදෙනවා .

:       1006       3652

පිටිගල මිලානෝ Wednesday, 10 January 2018 07:02 AM

පොහොට්ටු කාරයෝ රටම කනවා.

:       40153       21801

LapayaWednesday, 10 January 2018 07:09 AM

පොහොට්ටුකාරයෝ නිසා තමයි මෙහෙම හරි රට රැකිලා තියෙන්නේ.

:       5743       9225

lakmalWednesday, 10 January 2018 08:05 AM

අද දිනයේ මෙම සැසිවාරය කැදවනු ලැබ ඇත්තේද බැදුම්කර වාර්තාව ගැන විවාද කිරීම සදහා අගමැතිවරයා විසින් කරනු ලැබූ විශේෂ ඉල්ලීමක් මතයි. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත්තේ බැදුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට අද දිනයේ ඉදිරිපත් කිරීමටත් එය ඉදිරිපත් වූ පසු විවාදය පැවැත්වෙන දිනය තීරණය කිරීමටත්ය. වාර්තාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව කතානායක කරු ජයසුරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

:       517       69

sahanWednesday, 10 January 2018 09:47 AM

පොහොට්ටු කාරයෝ රට රකිනවා නෙමෙයි. රට කනවා. හොර පවුල රකිනවා. ඒ අය තවම පහුගිය දස අවුරුද්ද පුරා රටේ සම්පත් හූරගෙන කෑවා...

:       2535       1908

රජින්දWednesday, 10 January 2018 07:10 AM

මේ මිස්ටර් පිටිගල, ඔබතුමා ඔය ඉන්න දීපංකරේකට වෙලාම ඉන්න. මොකද රට ගැන දැනගන්න මේ රටේ පය ගහන්න එපැයි.

:       1719       3557

MuhaWednesday, 10 January 2018 08:35 AM

2008 සිට 2015 දක්වා නිකුත්කරපු බැඳුම්කර වලින් 90% පමණ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඍජුවම පුද්ගලයන් හට ලබා දී ඇතිබවත් එම වංචා ගැන සොයා බැලීමට කොමිසම නිර්දේශ කර ඇතිබව ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇතිබව අගමැතිතුමා පර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන විට එකබද්ධයේ පොරවල් භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ දඟලන්නේ දේශප්‍රේමයටද?

:       3346       4137

sudarmanWednesday, 10 January 2018 08:37 AM

එ්කාබද්දේ ඉන්න අය ගැන අපි හොඳට දන්නවා. රට කන්නේ ඒ අය තමයි. පිස්සෝ වගේ හැසිරෙන්නේ...

:       2465       2134

එර්දිWednesday, 10 January 2018 08:58 AM

රජින්ද අපි කොයි දීපංකරේ හිටියත් ලංකාවෙ සිදුවිම් දිහා ඇහෑ ගහගෙන ඉන්නෙ. මොකද අපි ලෝකේ රටවල වහල්ලු වගෙ වැඩ කරල එවන විනිමය තමා ලංකාවෙ පලවෙනි ආදායම. මේ මන්ත්‍රිවරු ඇමතිවරු ඡන්දෙන් පත්කරල එවන්නෙ රටට වැඩ කරන්න මිසක් පොරකන්න නෙවෙයිනෙ.

:       233       465

sahanWednesday, 10 January 2018 09:50 AM

ඔව්, ඔව් පිටිගල ඔයා රටම ඉන්න. මෙහෙ ඉන්න ඕන රජින්ද්‍රලා වගේ අය විතරයි. එතකොට පුළුවන්නේ රට වනසන්න..

:       1229       237

Sathyayaa Wednesday, 10 January 2018 01:32 PM

ඔබ කතා කරන්නේ රජෙක් (රජින්ද) වගේ වුණත් ආකල්පය දිළින්දෙකුගේ වගේ. පිටරට ඉන්න දෙමළ ඩයස්පෝරාවේ අය අපේ රටට විරුද්ධව ලොව පුරා සාවද්‍ය ප්‍රචාර ගෙනියනවිට නිහඬව සිටි ඔබලා වැන්නවුන් රට වෙනුවෙන් අනුපමේය මෙහෙයක් කළ විදෙස්ගත සිංහලයින් රට වෙනුවෙන් කතා කරන කොට ඔබලාගේ මළ පනිනවා. ඒ මොකද?

:       458       613

uddikaWednesday, 10 January 2018 07:39 AM

දින 100 සංවර්ධනය මරු නේද?

:       11       378

surangaWednesday, 10 January 2018 07:41 AM

මේ අලි ටික නම් මහ බැංකුව හොරා කනවා.

:       5       774

HemanthaWednesday, 10 January 2018 08:21 AM

පොහොට්ටු කාරයෝ රටකනවා කියන කතාව හරියට හරි, ඒ අයට ඕන මොන විදියෙන් හරි බලයට එන්න.

:       1879       1543

kamalWednesday, 10 January 2018 08:38 AM

පොහොට්ටු, අලි, බුලත් ඔක්කොම කලේ රට කාපු එක තමයි...

:       60       527

MuhanWednesday, 10 January 2018 08:39 AM

මෙන්න බොලේ දෙදාස් ගාණක් බලපු පුවතට පහළොස්දාස් ගානක් කොමෙන්ට් කරලා...

:       104       217

SanathWednesday, 10 January 2018 11:10 AM

9000ක් බලපු මේ පුවතට 13250ක් අකමැත්ත ප්‍රකාශ කළේ කොහොමද​?

:       68       213

samaWednesday, 10 January 2018 01:19 PM

ඔයාටත් මහ බැංකුව කොල්ල කාපු සල්ලි වලින් කොටසක් දුන්නද?

:       57       108

janatha anura Wednesday, 10 January 2018 03:15 PM

හුරේ..... හොරු මරාගන්නවා. අනෙක් අය කොමෙන්ට් දානවා. කඩේ යනවා. අපේ බඩට දැනෙන්න යාම කලේ බැසිල්, රවී මහත්තුරු පමණි....

:       7       54

abaranThursday, 11 January 2018 01:11 AM

මං ඒත් බැලුවා මේ දෙගොල්ලෝ මෙච්චර පරක්කු උනේ ඇයි කියල ගුටි ඇන ගන්ට...

:       0       4

Prabath Wednesday, 10 January 2018 07:19 AM

මේ රටේ මහජනතාව යහපාලනයෙන් දිගටම ඉල්ලුවේ පොහොට්ටුවේ ඉන්න හොරු ටික වහාම නඩු අහල ඇතුලට දාන්න කියල. කොහෙද යහපාලනය හදපු දවසේ ඉදන් මේගොල්ලෝ අනාගෙන අඩුව තියාගෙන අත පුච්ච ගන්නවා. යන්නේ කොහෙද මල්ලේ පොල්.

:       934       949

manoj Wednesday, 10 January 2018 07:29 AM

කව්රු වෙනුවෙන්ද ඉතින් මෙයාලා මෙච්චර දුක් විඳින්නේ. අපිට සේවයක් කරන්නනේ ආවේ...

:       0       8

wimal nissanke Wednesday, 10 January 2018 07:30 AM

මෙවැනි සිදුවීම් පිළිකුල් සහගතව හෙළාදකින අතර වසර 22ක් හමුදා සේවයේ යෙදුණු මට නම් දැනෙන්නේ අපේ රටේ දරුවන්ගේ අනාගතයයි. ජනාධිපතිතුමනි ඔබ මීට පිළිතුරු දෙන්න.... වැරදිකරුවන් ඉවත් කරන්න. හැමදාම මෙහෙම ගියොත්... මේවා බල බලා ඉන්න පුළුවන්ද කඩුව බිම හිටවලා පිස්සු නටන කට්ටිය එ්කේ ඉන්දවලා ඕක ඇතුලේ 50ක් ඉතුරු කරගන්න. ඔබ රටට පියෙක් වගේ... ඔබ‍ට හිතවත් එක නායකයෙක් සමග මේ යන්න ඔබතුමා දන්නවනේ ඒ කව්ද කියලා.. ඔබට ජය..තෙරුවන් සරණයි!!!

:       73       116

nalin Wednesday, 10 January 2018 07:50 AM

පොහොට්ටුවට නම් මොකුත් කියන්න එපා. ඒකේ ඉන්නේ පොහොට්ටු ටිකක්.

:       50       4

sachith Wednesday, 10 January 2018 07:54 AM

විකට මන්දිරේ විකටයෝ තවත් නාට්‍යක් කරලා. දැන් ඉතින් අපේ බුද්ධිමත් ජන්දදායකයන්ට තියෙන්නේ හිනා වේවි මේවා බල බල හෙට තෙල්, හාල්, පොල් නැව් එනකම් බලන ඉන්න තමයි.

:       0       218

asad Wednesday, 10 January 2018 07:55 AM

මට මේ දේශපාලුවන් ගැන වෛරයක් නැහැ මේ වගේ අය පත් කරන ජනතාව ගැන තරහක් තියෙන්නේ.

:       0       226

ලුම්බිණි Wednesday, 10 January 2018 08:02 AM

අගමැතිවරයාටවත් කතා කරන්න ඉඩ නොදෙන පාර්ලිමේන්තුවක් තිබෙන රටක අපි ඉන්නේ.

:       134       14

ROHAN DAYADARA paris Wednesday, 10 January 2018 08:15 AM

මේක දැන් දඩාවතේ යන සුනඛයෝ ලගින තිප්පොලකටත් වඩා හිරිකිත.... රටට වැරදි පුරවා ආදර්ශ සපයන අම්බලමක හැසිරීම් රටාවක් ජනතාව දකී... අනේ අපි සර්වබල ඡන්දෙ දුන්නේ මෙයාලටද? යන්න ජනතාවට ඒත්තු ගිහින් අවසන්.... අම්මා, තාත්තා, කලත් වැරැද්ද වැරද්දමයි... සීලාචාර සමාජයක් විසඳාගන්න ක්‍රම කීපයක් තිබේ. මේ අනුගමනය කරන්නේ බුද්ධිමත් ජන සමාජයකට අනුමත කළහැකි ක්‍රමවේදයක්ද...? බුද්ධිමත් ඡන්දදායකයිනි, තීන්දුව ඔබට බාරයි. තරාතිරම... පාට, පක්ෂ, ජාති, ආගම්, කුල ...නො සලකා... කතිරෙන් තීන්දු කරන්න. මව්බිම රටේ අනාගත පරපුර වෙනුවෙන්... ඔබේ වටිනා කතිරෙන් සියල්ලට විසඳුම් අපි දෙමු..අපි දෙමු.. අපි දෙමු.. මගේ අපේ රටට දළදා හිමි සරණයි.!!!

:       3       19

godfrey Wednesday, 10 January 2018 08:23 AM

ඔය සත්වෝද්‍යානයෙන් රටට වැඩක් නැතිවා සේම, ඔය උද්‍යානයට ඇතුළු වුණුගමන්, සිංහයන්ට, කොටියන්ට දැනෙන මහා බඩගින්නට මුළු රටම වනසා මහා මස්කුට්ටි (සල්ලි) ගිල දමා රටම විනාශ කරනවා දකින්නට හැර, වෙන දෙයක් ඔබට දකින්නට තිබේද?... නැවතත් කැරට් ගිල්ලන කාලය ඒ අයට උදාවී ඇත.

:       6       223

maaraya Wednesday, 10 January 2018 08:36 AM

අන්තිමට දුක මහජනයාට හොරු අයින් කරලා ගත්ත තව සෙට් එකක් .... ඒ අයත් කොකා පෙන්නනවා. ඒ අයත් කරලා තියෙනවා... අපිත් එ්ක නිසා කරනවා කිය කියා. අපේ හරක් අායෙත් ඡන්දෙ දෙනවා. රතු මල්ලිලා මේ පාර බලන් ඉන්නේ වටෙන් හැලෙන ඒවා ගොඩ දාගන්න. මිනිසුන්ට තාම මතකයි.

:       65       171

Kalyana Jayawardena Wednesday, 10 January 2018 08:42 AM

තවත් කෙනෙකුට පහර දෙනවා ගහ ගන්නවා කියන්නේ ඉතාමත් පහත් ගණයේ වනචාරි ක්‍රියාවන්. ප්‍රශ්න විසඳගන්න ගහගෙන පුළුවන්ද? මහජනතාව උත්තරීතර පාර්ලිමේන්තුවට යවලා තියෙන්නෙ මේ වගේ වනචාරීන් පිරිසක්ද?

:       58       76

klana Wednesday, 10 January 2018 08:42 AM

මෙදා හොරුන් එලවා ජනතා විමුක්ති පෙරමුණට වැඩි බලයක් දෙමුද?

:       270       807

sanjeeva Wednesday, 10 January 2018 08:44 AM

අද මම පත්තරේ මරණ දැන්වීම්වල දැක්කා අපේ හිටපු සෞඛ්‍ය ඇමති කෙනෙක් වශයෙන් කටයුතු කරපු දොස්තර රන්ජිත් අතපත්තු මැතිතුමා අභාවප්‍රාප්ත වෙලා.. කෝටියකින් හොයාගන්න බැරි උතුම් වටිනා මිනිසෙක්.. ගුණගරුක මහත්මයෙක්...අවංක අහිංසක පුද්ගලයෙක්.. එතුමාගේ දේහය තියෙන්නේ බොරැල්ලේ මල් ශාලාවක.... අද දවසේ ඉන්න දේශපාලකයෝ වගේ ලොකු ලොකු මන්දිර හදාගත්තා නම් එතුමාට මල් ශාලාවක දේහය තියන්න ඕනේ නැතිව තිබුණා.. එවැනි උතුම් පුද්ගලයින් එවැනි ශ්‍රේෂ්ඨ යුග පුරුෂයින් අපි අයෙමත් කවදා දකීද? එතුමාට නිවන් සැප පතමි.

:       154       111

Rohana Wednesday, 10 January 2018 08:44 AM

පාර්ලිමේන්තුවේ හැසිරෙන්න දන්නේ නැත්නම් එලවන්න. මේ අයද ගමට කරන්නම්, රටට කරන්නම් කියලා එන්නේ... ජනතාවගේ මුදලින් යැපෙන හොරුටික එළවමු. විනය ගරුක සමාජයක් බිහිකරන්න ජවිපෙට බලය දෙමු.

:       12       541

Dr Saman Liyange Wednesday, 10 January 2018 08:49 AM

ජනතාවගේ මුදල් කෝටි ගණනින් වංචා සහගත ලෙස පැහැරගැනීමට විරුද්ධව මින් පසු උද්ඝෝෂණය කලයුත්තේ පාර්ලිමේන්තුවේ නොව මහජනයා සමග වීදී බැස ජනතාවගේ මුදල් නැවත අයකරගැනීම වෙනුවෙනි. අගමැතිවරයා තවදුරටත් වංචාවකින් ආරක්ෂා නොකර ජනතාවගේ මුදල් වෙනුවෙන් ජනාධිපතිවරයා කටයුතු කළ යුතුවේ. දුප්පත් ජනතාවට හාල් පොල් 100ට කවා ජනපතිට හා අගමැතිට හා ඔහුගේ ආණ්ඩුවේ පිරිසට ජනතාවගේ මුදලින් රටට කිසිඳු වැඩක් නොකර තව දුරටත් සුර සැප විඳිමට ඉඩ දෙනවද?

:       8       14

amarasiriWednesday, 10 January 2018 08:52 PM

කතාවේ විදිහටනම් dr වෙන්න බැහැ.

:       0       0

siri Wednesday, 10 January 2018 09:11 AM

පිටිගල, ඇත්තටම ඔයා මිලානෝවලද ඉන්නේ? මම මෙල්බර්න් වල ඉන්නේ. එ්ත් ඇස්, කන් පියාගෙන ඉන්න බැරි හින්දයි මම මේවා බලන්නේ. මට පේන විදියට නම් ඔයා ඔහෙටම වෙලා හිටියොත් තමයි හොඳ...

:       2       401

පිටිගල මිලානෝ Wednesday, 10 January 2018 11:42 PM

නැහැ මම සමහර කාලවල ඉන්නේ මෙල්බන්වල. ඔයත් ඔහෙටම වෙලා ඉන්න.පොහොට්ටුව පිපෙනල්කල්.

:       9       0

යටි සිත කියවන්න Wednesday, 10 January 2018 09:18 AM

ජනපති වාර්තාව සතියකින් දෙනවලු. අද දින පාර්ලිමේන්තු වියදම කීයද? සතියකින් දෙන්නේ වර්ෂන් 2 ද ?. ජනපතිගේ එයාර් ලංකා කොමිෂන් කෝ? කල් මැරීම කපටි මොලේ. රඟපෑම් මගින්, ජනපති සහ පෙර සිටි රජතුමා එකිනෙකාව ආරක්ෂා කරයි. හොරු රැලක්. ජවිපය යනු වර්ජකයෝය. (සයිට, පෙට්‍රල්, දුම්රිය). අපගේ ඡන්දය දීමට කවුරුත් නැත. සමහරවිට එජාපයට අවාසිවන ලෙස ලබන මස 10 ට පෙර ජනපති වාර්තාව එලියට දමනු ඇත. දැන්ම එලියට දැමුවොත් එජාපයට වාසි වනු ඇත. ලබන මස 10ට පෙර අගමැති එළවීම ජනපතිගේ යටි සිතේ අරමුණද?

:       0       6

sumedha Wednesday, 10 January 2018 09:24 AM

තමන්ට හොරා කන්න තිබූ දේපල වෙන අය පැහැර ගත්ත නිසා දැක්වූ විරෝධයකි...

:       137       155

ලක්ස 62 ගොනාට ඇන්දවීම Wednesday, 10 January 2018 09:27 AM

ලක්ෂ 62 ගොනාට ඇන්දවීම ජනපති විසින් කරනු ඇත. ජනපතිගේ අරමුණ එජනිස අගමැති කෙනෙකු දැමීමය. මේ මස 20 වනවිට වාර්තාව දමා, 27 වන විට රනිල් අස් කර, පෙබරවාරි මුල් සතියේ නව අගමැති ලෙස චමල්, පෙබරවාරි 10 ඡන්දයට පෙර පත් කරනු ඇත.

:       164       214

hinaWednesday, 10 January 2018 12:34 PM

28 වන දින මම හීනෙන් නැගිටිමි

:       21       10

rama Wednesday, 10 January 2018 09:33 AM

ගැටුම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතාට ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. බලාගෙන ගියාම උදේට කාල නැතුව අවිල්ලා තියෙන්නේ බදු ගණන් නිසා...

:       66       230

jayasri Wednesday, 10 January 2018 09:36 AM

එ්කාබද්ධයේ හිටියේ නැත්තම් ආණඩුව මුළු මහබැංකුවම කොල්ල කනවා...

:       554       1244

kapWednesday, 10 January 2018 10:29 AM

දැන් ඈත්තටම පාර්ලිමේන්තුවට පත් වුණාට පස්සෙ රටට, පළාතට වැඩක් කරන්න ඕනේ ආණ්ඩුවේ අය විතරද? ආණ්ඩුවෙන් පහසුකම්, පඩි ගන්න විපක්ෂයේ සෙට් එකට රටට, ගමට සේවයක් කරන්න ඕනේ නැද්ද? හැමදාම මාධ්‍ය ෂෝ, උද්ඝෝෂණ, වර්ජන, තර්ජන කර කර රට කනවා.

:       115       67

sanath Wednesday, 10 January 2018 10:28 AM

ඕවා දැන් කියලා වැඩක් නෑ. ඒ වැරදි වලට දඬුවම් කරන්න තමා අළුත් ආණ්ඩුවක් පත් කළේ. රාජපක්‍ෂලත් එක්ක ඩීල් ගහලා ඒවා යටපත් කළා. දැන් විකාර කියවනවා.

:       190       368

p.d goonawardena Wednesday, 10 January 2018 10:54 AM

එ්කාබද්ධයේ හිටියේ නැත්තම් ආණඩුව මුළු මහබැංකුවම කොල්ල කනවා...

:       915       923

BanadaraWednesday, 10 January 2018 11:13 AM

ඒක නිවැරැදි වෙන්න ඕන ජ​.වි.පෙ. නොහිටින්න මුළු මහබැංකුවම හොරා කනවා කියලා...

:       1098       1210

BandaraWednesday, 10 January 2018 11:29 AM

ඒක නිවරැදි වෙන්න ඕනේ ජ​.වි.පෙ. නොහිටින්න.... මුළු මහබැංකුවම හොරා කනවා කියලා. ජ​.වි.පෙ. කෑ ගහන​ නිසා මෙහෙම හරි රට රැකිලා තියෙනවා.

:       219       554

anuraWednesday, 10 January 2018 03:20 PM

එ්කත් නිවැරැදි වෙන්න ඕනෑ... ජවිපෙ නොහිටින්න අලියාගේ හොඬ‍ෙත් නැහැ

:       139       196

Bandara Wednesday, 10 January 2018 10:59 AM

මේ දෙගොල්ලම හොරු කියලා අපේ රටේ මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ ඇයි? හැමදාම රැවටෙනවා. වෙනසක් කරන්න හිතන්න දැන්වත්.

:       1       221

Banadara Wednesday, 10 January 2018 11:19 AM

ඒක නිවැරැදි වෙන්න ඕනෙ ජ​.වි.පෙ කෑ ගහන​ නිසා මෙහෙම හරි රට රැකිලා තියෙනවා කියලා.

:       219       416

rocky Wednesday, 10 January 2018 11:22 AM

රටේ ඉන්න ලොකුම හොරු රැල පොහොට්ටුවෝ. ඒ අයට ඕනෑ කරලා තියෙන්නේ කොහොම හරි බලවත් වෙලා චෝදනා වලින් නිදහස් වෙන්න. දැන් බොරුවට මෝඩ මිනිස්සුන්ව අවුස්සනවා ආණ්ඩුවට විරුද්ධව. මේ ආණ්ඩුව පණ නැති එකක් බව ඇත්ත. මේ ගොල්ලන්ට ඉස්සෙල්ලම තිබුනේ ලොකුම හොරු කීප දෙනෙකුට දඬුවම් කරන්න. මහා පොහොට්ටුවාගේ සිට පටන් ගත්තා නම් මේ සෙල්ලම් දාන්න එන්නේ නැහැ. මහා සංඝයා වහන්සේලාත් දැන් එක පැත්තකට බෙදිලා. කට්ටියක් පොහොට්ටුවේ, තවත් කට්ටියක් මෛත්‍රී ළඟ . තවත් පිරිසක් යු .එන.පී. එකේ !අනිච්චන් !!! ධර්මද්වීපෙටයි, සංඝරත්නලාටයි ගිය කල! මේ කාලේ බුදුහාමුදුරුවෝ හිටියා නම් උන්වහන්සේ වෙනත් ආගමකට යන්නත් තිබුණා! මේ ඔක්කොම හොරු බව මෝඩ ඡන්ද දාසලාට තේරෙන්නේ නැත්තේ පෙර කරපු අකුසල පල දීලා වෙන්න ඇති....

:       455       659

raheem Wednesday, 10 January 2018 11:22 AM

මේක පාර්ලිමේන්තුවද? නැතිනම් මාලු කඩයක්ද?

:       0       10

ranjith Wednesday, 10 January 2018 11:23 AM

පාර්ලිමේන්තුවට හරක් යවපුවාම වෙන දේවල්... දැන්වත් වැදගත් අය යවන්න බලමු...

:       10       151

Sathyayaa Wednesday, 10 January 2018 01:35 PM

රන්ජිත්! ඔබ හිතනවාද වැදගත් මිනිහෙක් ඔතනට යාවි කියා. එහෙමනම් මානසික රෝගයකින් පෙළෙන අයෙක් වෙන්න ඕනේ.

:       0       7

kaniya Wednesday, 10 January 2018 11:29 AM

ඇත්තටම ජ​.වි.පෙ. නොහිටින්න මුළු මහබැංකුවම හොරා කනවාම තමයි.

:       243       255

prakaash Wednesday, 10 January 2018 11:34 AM

මේ නඩේට කඩේ යන අයට රටට මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. ලෝකේ වෙන රටක ඔය වගේ වංචාවක් වුනානම් අගමැති, ඇමැතිලා අයින් වෙනවා. මේ අයගේ යහපාලනෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයත් නැහැ.

:       19       1313

Ananda Wednesday, 10 January 2018 12:09 PM

හිතා ගන්න බැරි පුදුම දේ මෙච්චර වැරදි, හොරකම්, මගඩි, මහජන මුදල් මහදවල් කොල්ල කනවා මදිවට ජනතාවට සමච්චල් කරද්දීත් අපේ ජනතාව තාමත් ප්‍රධාන පක්ෂ දෙකට කඩේ යන එක. මෙම ගැතිකමෙන් පිට ගියොත් යන්නේ ජාතිවාදී, ආගම්වාදී අදහස් ඇති පක්ෂ වලට පමණයි. අපේ මිනිස්සුන්ට ඇයි බැරි වෙනසක් (ගිය වර කළා වගේ නෙමෙයි) ගැන හිතන්න. අනාගත පරපුරටත් මේ මගෝඩියෝ පාලනය (ගසා කන) කරන රටක ජීවත් වෙන්න වෙනවා නේද?

:       50       206

Sathyayaa Wednesday, 10 January 2018 02:02 PM

ඉස්සර කියමනක් තිබුණා "කොළඹ තියෙන ඔක්කොම කුණු බේරේ වැවට" කියා. ඒ කාලේ පාර්ලිමේන්තුව තිබුණේ බේරේ වැව සමීපයේ. ඒ වුණාට දැන් තරම් කුණු බේරේටවත් පාර්ලිමේන්තුව තුළටවත් ගලා නාවේ උගත්, බුද්ධිමත් ශීලාචාර පවුල් වලින් ආ අයගෙන් මැතිසබය ඔපවත් වූ නිසයි. කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ සිදුවුණා. බේරේ ශුද්ධ කරන්න අත ගහපු මැති ඇමතිවරු දැක්කේ නැහැ. ඔවුන්ගේ දෑත්වල තැවරී තිබුන දුගඳ හමන කුණු. වැඩේ තවත් නරක අතට හැරුනේ රටේ ඉන්න එපා කරපුම රොත්ත ඒ කියන්නේ පාතාල නායකයොයි, කුඩු රජවරුයි, බුකි කාරයොයි, කොමිස් කාක්කොයි එකී නොකී අපරාධකාරයින්ගේ ලැගුම් හලක් ලෙස දියවන්නා අම්බලම පාවිච්චියට ගත්තාට පසුවයි. මට නම් දැන් හිතෙන්නේ ජනතාව තමන්ට දරන්න බැරි බරක් දරාගෙන මේ උන්මත්තකයින් රැල නඩත්තු කරන්නේ ඒ මුදලට අඩු වශයෙන් විසූක දස්සන ටිකක් හරි නරඹන්න පුළුවන් නිසා යයි කියා.

:       0       64

Rohana Wednesday, 10 January 2018 02:16 PM

අද දින පාර්ලිමේන්තුවේ අගමැතිතුමාගේ හැසිරීම තනතුරට සුදුසු නැත. වියපත් පළපුරුදු නායකයෙක් හැසුරුනේ මෝඩයෙක් වගේ. ලැජ්ජයි !!!

:       1       376

Sathyayaa Saturday, 13 January 2018 07:19 AM

වියපත් නායකයෙක් නොවෙයි... කඩදාසි මල්වල පැණි හොයන බඹරෙක්ද කොහෙද?

:       0       0

swadeena Wednesday, 10 January 2018 03:18 PM

හරි දුකයි වගේ ලුම්බිණි කඩේ යනවා වගේ... පොල් ගේන්න කොල්ලුපිටියේ පොල් නැහැලු..

:       1       32

ranjith Wednesday, 10 January 2018 03:42 PM

මේ ඡන්දෙදි මේ පාර්ලිමේන්තු ඉන්න අයගේ පන්දම්කාරයෝ එක්කෙනෙකුටවත් ඡන්දෙ දෙන්න හොද නෑ. අපේ ගමේ ඡන්දෙ ඉල්ලලා ඉන්නවනම් හොද මිනිහෙක් එයාට ඡන්දෙ දෙන එක තමයි හොද

:       1       18

ජයතුංග Wednesday, 10 January 2018 04:07 PM

කොහොමත් ගැටුම අවසානයේ ඒකාබද්ධ විපක්ෂය ජය ගත්තා. ජය. අපේ සුභ පැතුම්.

:       55       12

Padmapriya Wednesday, 10 January 2018 07:50 PM

මීහරක් පාර්ලිමේන්තුවට යැවුවම මේක තමි වෙන්නේ.

:       0       0

indunil priyantha Thursday, 11 January 2018 03:04 AM

මන් හිතන්නේ මේ වගේ අයට ඡන්දෙ දෙන අපි මෝඩයෝ, එකම විකල්පය ජවිපෙ තමයි.

:       0       0

widesikaya Thursday, 11 January 2018 03:27 AM

නූගතුන් වැදගත් තැන්වලට ගියාම වෙන දේවල් තමයි මේ දකින්න තියෙන්නේ. ටයි කෝට් දමල ඉංග්‍රීසි කතා කලාට විතරක් මදි සිෂ්ටව හැසිරෙන්නත් දැන ගන්න ඕන. හොරකම් කරලා එය නිවැරදි කරන්න තව කතා කරන්නත් එනවා. මම අවුරුදු දහ අටක් ඇමෙරිකාවේ ඉන්නවා මේ කාලය තුලත් ඉතිහාසේවත් නැහැ ඔය විදිහට හැසිරුණු දේශ පාලකයෝ. අනෙක හිගන්නො දේශපාලනයට ඇවිත් ඇත්තෙත් නැහැ. මෙහෙ දේශපාලනය කරන්නේ තම නම්බුකාරකම රැක ගන්න මිසක හම්බ කරන්න නොවෙයි. මහා බැංකුව කාල, ජනතාව පැදුරෙනුත් බිමට දාල තව එනවා සුද්දවන්තය වෙන්නත්. රටට ගිය කලක්.

:       0       4

Nandaka Thursday, 11 January 2018 03:58 AM

රනිල් හොරා - මහින්දත් හොරා .... මෛත්‍රී ......! අපි බලන් ඉන්නේ යුද්ධය ඉවර කරපු රටට බිලියන ගණනක වංචාසහගත රුසියන් යුධ නැවයි .... ආමඩ් කාර් යුධ ගුවන්යානා ටික එනකන් තමයි ..... යකෝ ගෙන්නකෝ කෝච්චි 10ක් 15 ක් පොල් පටවලා වගේ යන අසරණ මිනිස්සු ටික දිහා බලලවත් ...

:       0       0

pradeep Thursday, 11 January 2018 05:31 AM

අනේ අපි මහජනයා විදිහට හැමදාම කැරට් කනවා , බුරුවො වගේ පච ගෝනි පිටේ එල්ලගෙන හතිදනවා ....පොහොට්ටු, අලි, සීනු මොකා ආවත් මේ රට ගොඩගන්නවා බොරු . ගොඩගන්න බැරිතරමට හිටපු උන්, ඉන්න උන් කාල ඉවරයි දැන් හදන්නේ ඒවා වමාරලා ඉතිරි ටිකත් එක්ක ආයිත් කන්න. ලෝක වාර්තා වලට අනුව ලංකාව දුෂිත රටවල් වලින් 4 වෙනි තැනට ඇවිත් තියෙන්නේ. ඕක පලවෙනි තැනට ගේනකම් මුන්ට නින්ද යන්නේ නැ.... අපිට හරියන්නේ හමුදා පාලනයක්, නැතිනම් රාජාණ්ඩුවක්, නැතිනම් එල් ටී ටී පාලනයක්, මේ හැම එකකින්ම නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා කියලයි මට හිතෙන්නේ .

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 144 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1070 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3771 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1000 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1459 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1142 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2038 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site