IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පකිස්තානයෙන් කොස්ලන්දට ආධාර

කොස්ලන්ද මීරිය බැද්ද වතු යායේ නාය යෑමට හසුවු පවුල් වලට  සහන සැලසීම සඳහා  පකිස්තාන රජයෙන්  ප්‍රධානය කළ   ඛෙහෙත් ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය  භාන්ඩ තොගයක් රැගත් පකිස්තාන් ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානය  අද සවස  කටුනායක  ගුවන් හමුදා යාත්‍රාංගනයෙන් දිවයිනට පැමිණියේය.

නාය යාමෙන් විපතට පත් වුවන්ට ඛෙදා දීමට සඳහා ගුවනින් ගෙන ආ ප්‍රථම  විදේශ ආදාර තොගය මෙය වෙයි.

 කිලෝවට් 5 දාරිතාවයෙන්  යුතු  ජෙනරේටර් 10 යක්, විශාල ප්‍රමාණයේ ටෙන්ට් රෙදි 150 ක් සහ  කිලෝග්‍රෑම් 700 ක් බර ඛෙහෙත් ද්‍රව්‍ය එහි විය.

 දිවයිනට ගෙන එනු ලැබු  එම භාණ්ඩ තොගය ගුවන් හමුදා යාත්‍රාංගනයේදී   ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස්  මේජර් ජනරාල් කාසිම් කිව්රෙස්සි මහතා විසින්   ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය  මාණ්ඩලික ප්‍රධානී  මේජර් ජනරලා් මහින්ද අඹන්පොළ මහතාට නිල වශයෙන්   බාර දුන්නේය.

මෙම  අවස්ථාවට ශ්‍රී ලංකා සහ මාල දිවයින් ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජිල් ඉර්ෂාඩ් ඛාන් මහතා ඇතුළු පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යංශයේ,  ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිළධාරීහු රැසක් සහභාගී වුහ.

 

 

DSCF1278

1 2  4 7 12 13 14 DSCF1296 DSCF1315 DSCF1318  DSCF1338 DSCF1341 DSCF1349 DSCF1350 DSCF1370 DSCF1371  DSCF1383

DSCF1300   



අදහස් (0)

පකිස්තානයෙන් කොස්ලන්දට ආධාර

අශෝක Wednesday, 05 November 2014 02:10 AM

අපේ සුභාෂිණී නෝනා කිවුව කතාවත් අපි සිතිය යුතු කාලයක් තමා දැන් (නි)

:       0       0

ටිරාන් Wednesday, 05 November 2014 02:21 AM

සමහර අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා (නි)

:       0       0

ජයන්ත Wednesday, 05 November 2014 02:28 AM

ඇත්තටම හොද වැඩක්.(හේ)

:       0       0

ලක්මාල් Wednesday, 05 November 2014 02:44 AM

පකිස්තාන් හොද වැඩක්.. සුරන්ජිත් කියපු ඔක්කොම හරි.. ඔව්න් අපිට හැමදාම අත හිත දුන්න.. අපිට මුළු ලෝකෙම එකතු වෙලා ගහද්දි අපිට උදව් කලේ ඔබ.. ස්තුති පකිස්තාන්... චීනෙන් මොකුත් නැ වගේ (අ)

:       0       0

ප්‍රභාත් Wednesday, 05 November 2014 02:46 AM

සුනාමි කාලේ වගේ වේවි ද ? හොටෙල් කීයක්නම් ගොඩ ගියද සුනාමියෙන්. ඒ අයනම් අයෙත් සුනාමියක් එනවනම් කැමති.(අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 05 November 2014 08:45 AM

හුසේන් - තුවාන්, සමහරු අදහස් ලියන්නේ පුවතට අදාළ දේවල් නොවේ. තමන්ට සිතන දේවල්. මිනිසුන් හැටියට කළගුණ සළකා බහුතර පාඨකයින් ලියා තිබෙන අදහස් පමණක් කියවන්න. අනුන්ට ගරු කරන්න අන්‍යාගමට ගරුකරන්න අපි කාටත් කියලා දෙන්න බැහැනේ. එය අදහස් ලියන අයම දැනගන්න ඕනෑ. (නි)

:       0       0

ජයනි Wednesday, 05 November 2014 08:55 AM

ලැබුන උදව් අගය කරනවා.(හේ)

:       0       0

ඉන්දික Wednesday, 05 November 2014 03:04 AM

අමතක කරන්න එපා, අපේ අවසන් සටන් ඉවර වෙනකන් පකිස්ථාන රජය මාසෙට ආයුධ නැව් 3ක් එව්වා. ඉන්දියාව සතපහක උදව්වක් කරේ නැහැ, මේ සම්බන්දකම් රාජ්‍ය වශයෙන් හොඳට තියාගන්න. අපිට හැමදේටම උදව් කල රටක්.(අ)

:       0       0

සමන් Wednesday, 05 November 2014 03:10 AM

අමිල ,චීන ආධාර අපිට නියම වෙලාවට ලැබුනා,එ්ක ලොකු දෙයක් චීනය රුසියාව වගේ රටවල් වලට අපි ස්තුති වෙන්න ඕනේ කාලයක් අපිව කොන් කරන්න හදන කොට එයාල තමා අපිත් එක්ක හිටියේ . (අ)

:       0       0

කිලිෆර්ඩ් Wednesday, 05 November 2014 01:52 PM

ජාති බේද ප්‍රශ්න ගැන නොසලකන්න හැමෝම මනුස්සයෝ ඔතනදි මරුනේ අසරණ වුනේ දෙමල ජාතිකයෝ එත් අපි වගේම මිනිස්සු අපේ රටට වෙලා තියෙන්නේ මේ ප්‍රශ්න නිසා කවමදාකවත් මනුස්සකම කියන දේ ඇති කර ගන්න බැරි වෙන එක විතරයි අපිත් මැරෙනවා දුකට පත් වෙනවා කෙනෙක් උදව් කරන විට අගය කරන්න අනවශ්‍ය ප්‍රශ්න මතු නොකර පකිස්ථාන ජාතියට අපි ස්තුති වන්ත වෙන්න ඕනා මේ වගේ සත් ක්‍රියාවකට අපට උදව් කලාට .(හේ)

:       0       0

කමල් Tuesday, 04 November 2014 01:46 PM

මේක අගය කරන්න ඕන. අපි වෙනුවෙන් අනේ අපොයි කියාගෙන අසල්වැසියෙක් විදියට උදව අරගෙන දුවගෙන ආවානේ. (ර)

:       0       0

දම්මික Tuesday, 04 November 2014 01:58 PM

මේ ආධාර ඒ විදියටම ජනතාවට ලැබෙනවා නම් හොදයි.(හේ)

:       0       0

ඕෂධ Tuesday, 04 November 2014 02:09 PM

සහයෝගිතාව ගැන සතුටුයි.(හේ)

:       0       0

දනුක Tuesday, 04 November 2014 02:25 PM

වඳ බෙහෙත් නෙමෙයි නේද.? (ර)

:       0       0

අසේල Tuesday, 04 November 2014 02:45 PM

මේ ප්‍රතිලාභ ජනතාවට අද හෙටම දෙනවානම් හොදයි.(හේ)

:       0       0

ඉසුරන්දි Wednesday, 05 November 2014 04:27 AM

අපිට කොහොමත් අත හිත දෙන්න ඉන්නේ අපේ අසල්වැසි රටවල් තමයි.විසේසයෙන් චීනය රුසියාව වැනි රටවල් ඇතුළු අනිකුත් ආසියාතික රටවලිනුත් ඕනෑම ආපදාවකදී අපිට පිහිට වෙන්න ඕනෑම වෙලාවක බැදී ඉන්නවා(අ)

:       0       0

කෝසල Tuesday, 04 November 2014 03:05 PM

අැත්තටම අගය කළ යුතු දෙයක්.මෙමගින් රටවල් අතර සහයෝගිතාව වර්ධනය වෙනවා.(හේ)

:       0       0

ජෙසිකා - සයිප්‍රස් Tuesday, 04 November 2014 03:44 PM

අයි මේ තරම් ආදරයක් .(හේ)

:       0       0

චමල් Wednesday, 05 November 2014 04:59 AM

අසල්වැසියෝ ඕනේ තමයි. එත් මේ අසල්වැසිය නම් එච්චර ලං කර ගන්න හොඳ නැහැ. ලංකාව සහ මැදපෙරදිග විතරයි මෙයාලගෙන් ආනයනය කරන්නේ මොකද මේගොල්ලෝ කුඩු සමග ත්‍රස්තවාදය බෙදා හරින නිසා.(හේ)

:       0       0

සුභාෂණී Tuesday, 04 November 2014 04:03 PM

කල්පනාවෙන් අධාර සමඟ කුඩු අරගෙන එන්න පුළුවන්. (ර)

:       0       0

ප්‍රියංක Wednesday, 05 November 2014 05:02 AM

පාකිස්තානයට අපගේ ආචාරය !!! (නි)

:       0       0

සරත් Wednesday, 05 November 2014 05:04 AM

අමිල, හැමදෙයක් දෙසම ජාතිවාදී ඇසින් බලන්න එපා (නි)

:       0       0

කුමාර් Tuesday, 04 November 2014 04:19 PM

කෝ ඉන්දියාව? මේ වතුවල ඉන්න සෙනග ඉන්දියානු සම්භවයකින් පැවෙතෙන ලංකාවේ සෙනග. ජයලලිතාට කරුනානිදිට නින්දගිහින් වගෙ. (දී)

:       0       0

නිරෝධ Wednesday, 05 November 2014 05:22 AM

ආපදාවට ලක් වූ ජනතාවට ලොකු සහනයක් වෙයි. මේකෙන් 100% ක්ම ඔවුන්ට ලැබුනොත් හොඳයි. බෙදිලා යනකොට ගෙනා ප්‍රමාණයෙන් බාගයක් ලැබෙයිද දන්නෙත් නැහැ. (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Tuesday, 04 November 2014 05:20 PM

අපේ හදවතින් සියලු පකිස්තාන් ජනතාවට ස්තුතියි! ඔබ රට ඇතුළේ ප්‍රශ්න රැසක් තියෙද්දී අපිට හැමදාම ඔබ අතදුන්නා. ජාත්‍යන්තරය අපිව දණගස්සන්න හදන වෙලාවෙත් ඔබ අප වෙනුවෙන් නැගිට්ටා. එය සැමදා අප හදවත් තුළ රැවුදෙනවා. ඔබ සැමට හැකි ඉක්මනින් සාමය උදාවේවා කියා පතමි! (නි)

:       0       0

හුසේන් Wednesday, 05 November 2014 06:38 AM

මේ වගේ දේවල් අගය කරන්න පුළුවන් වෙන්නේ මානව හිතවාදීන්ට විතරයි. අපි කොයිතරම් නම් සමගියෙන්, සහයෝගයෙන් හිටියද? මගේ ලේ වරක් මම සිංහල මනුස්සයෙකුට පරිත්‍යාග කළා. ඒත් දැන්? කුහක දේශපාලනයක මහත! රටට ගිය කලක්! (නි)

:       0       0

තුවාන් Wednesday, 05 November 2014 06:55 AM

මෙතනත් ජාති බේද? අනේ අප්පේ! (නි)

:       0       0

සීල ද සිල්වා Tuesday, 04 November 2014 07:08 PM

රට ඇතුළේ මිනිස්සු කරන මුදල් ආධාර නවත්වන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

අශෝක Tuesday, 04 November 2014 11:17 PM

සුනාමිය කාලයේ ලැබුන ආධාර පිළිබඳවත් අපිට තවම මතකයි (නි)

:       0       0

විජේදාස Tuesday, 04 November 2014 11:39 PM

දෙරට අතර සහයෝගීතාවය මෙයින් වර්ධනය වේවි (නි)

:       0       0

වෙනුර රොෂාන් Wednesday, 05 November 2014 12:44 PM

බඩු ටික හොඳට පරීක්‍ෂා කරලා ගත්තොත් තමා හොඳ. (ර)

:       0       0

කමල් හසන් Wednesday, 05 November 2014 12:05 AM

මෙන්න නියම යාළුවො (නි)

:       0       0

මලික් Wednesday, 05 November 2014 10:14 PM

අපේ අය කොච්චර බැන්නත් මුලින්ම උදව් කරන්නේ එයාලා තමයි..... (නි)

:       0       0

අමිල Wednesday, 05 November 2014 01:00 AM

චීන ආධාර නැද්ද අපිට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 6 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 77 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 125 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 146 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 148 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 63 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site