අබ්දුල් රෙහෙමාන් (25/6) සහ සයීඞ් අජ්මල් (22/3) දඟ පන්දු යැවීමෙන් පෑ දස්කම් හමුවේ එංගලන්තයට එරෙහිව අබුඩාබිහිදී (28 දා) පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පාකිස්තාන් පිල ලකුණු 72 ක විශිෂ්ට ජයක් ලැබීය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පාකිස්තානය ජය ලබා සිටියි. එංගලන්තය පරදවා පාකිස්තානය ටෙස්ට් තරගාවලියක් ජය ලබන්නේ වසර 7 කට පසුවය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 145 ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ රෙහ්මාන් සහ අජ්මල්ගේ පන්දු හමුවේ තරගය නිමාවීමට සම්පුර්ණ දිනක් ඉතිරිව තිබියදී ලකුණු 72 කට දැවී ගියහ. එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වසර 110 ක් තරම් අතීතයකට කැඳවාගෙන යාමට මෙම පරාජය හේතුවක්විය. එංගලන්තය ජයග‍්‍රහණය සඳහා ලකුණු 150 කට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට තිබියදී පරාජය ලැබු තෙවැනි අවස්ථාව ලෙස මෙය වාර්තාවේ. වර්ෂ 1902 දී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ඕල්ඞ්ට‍්‍රැෆඞ් හිදී සහ 1978 වසරේදී නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී ලකුණු 150 කට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට තිබියදී වත්මන් ලොව හොඳම ටෙස්ට් කණ්ඩායම පරාජයට පත්ව තිබේ. පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේ වැඩිම ලකුණු ලාභියා වු එංගලන්ත නායක ඇන්ඩෘ ස්ට‍්‍රවුස් (32) ගේ දැවී යාමක් විනිසුරු බිලී බවුඩන් ප‍්‍රතික්‍ෂේප කිරීම නොවන්නට එංගලන්තයට වාර්තාගත පරාජයක් ලැබීමට ඉඩ තිබිණ. පාකිස්තානය පළමු ඉනිම 257 සහ දෙවැනි ඉනිම 214 (අසාර් අලි 68, අසාද් සාෆික් 43, මොන්ටි පනීසාර් 62/6) එංගලන්තය පළමු ඉනිම 327 සහ දෙවැනි ඉනිම 72 (ඇන්ඩෘ ස්ට‍්‍රවුස් 32, සයීඞ් අජ්මල් 22/3, අබ්දුල් රෙහ්මාන් 25/6)
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාකිස්තානය ටෙස්ට් තරගාවලිය ජයගනී